උද්ධමනය පාලනය කරගනිමින් ලබන වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (14) පැවැසීය.
මේ වසරේ හත්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව කීවේය.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ ද කීය.
“අපේ මූල්‍ය ප්‍රතිපත්තිය බොහෝ කාලයක් ලිහිල් ව පැවැතියා. ඉකුත් අගෝස්තු මාසයේ දී අපි ප්‍රතිපත්ති පොලී ස්ථාවරය දැඩි කළා. පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම වැඩි කිරීම අවශ්‍ය නොවන මුදල් මණ්ඩලය ලෙස අපේ මතය වී තිබෙනවා. ඒ නිසා ප්‍රතිපත්ති පොලී අනුපාතික ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට අප තීරණය කර තිබෙනවා.
ප්‍රතිපත්ති පොලී අනුපාතිකවලට අමතරව වෙනත් මෙවලම් භාවිත කරන්න මහ බැංකුව බලාපොරොත්තු වෙනවා. උද්ධමනය බොහෝ දුරකට පාලනය කරගන්න හැකි වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.
රටේ වර්ධන වේගය 2022 වසරේ දී ඉහළ මට්ටමකට ගෙන යෑමට හැකි වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. නැවත වරක් වර්ධනයට යෑමේ ලෝක ප්‍රවණතාවක් ද පෙන්නුම් කරනවා. ඒත් සමඟම මිල පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ද අපට පෙනී ගොස් තිබෙනවා.
ඛනිජ තෙල්, ගෑස්, කෑම වර්ග, ආහාර බෝග, යනාදියේ මිල වැඩි වීමක් ද අපි දැක්කා. ඒ නිසා ඒවායේ ප්‍රතිවිපාකවලට අපේ රටටත් මුහුණ දීමට සිදුවන ආකාරය අපි දැක්කා.
උද්ධමනය මැදි තනි ඉලක්කයක පවත්වාගෙන යෑම අපේ ඉලක්කය වී තිබෙනවා. පසුගිය කාලයේ දී මිල ගණන් ඉක්මනින් වැඩි වීම නිසා එම ඉලක්කයට ගමන් කිරීම තරමක් දුෂ්කර වී තිබෙනවා. ඒ වුණත් ඉදිරි කාලයේ දී අපි එම ඉලක්කයට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
පොලී අනුපාතය මේ විදියට තබාගෙන යද්දීත් ණය ලබාදීමේ ප්‍රවණතාව දිගින් දිගටම තිබෙන ආකාරය අපිට දැකගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩි වෙනසක් නොකළ යුතුයි යන්න අපේ මතය වී තිබෙනවා.
ඉදිරි කාලයේ දී අපි සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. පොලී අනුපාතය මේ විදියටම තියාගෙන යද්දීත් ණය පිළිබඳ වර්ධනයක් වෙනවා නම් අපි ඒ පිළිබඳව අභ්‍යන්තරව ඉලක්ක සකසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා.
විනිමය අනුපාතය සම්බන්ධයෙන් ද අපි මේ වනවිට අපේ මතය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව විනිමය අනුපාතය නොවෙනස්ව පවත්වාගෙන යෑමට අපි තීරණය කර තිබෙනවා. ඒ අනුව රටේ පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට අපි තීරණය කර තිබෙනවා. ඒ උත්සහාය දිගටම කරගෙන යනවා”.
මුදල් මණ්ඩලයේ තීරණයට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5කත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6කත් බැංකු අනුපාතිකය සියයට 9කත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 4ක අගයකත් පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
උද්ධමනය පාලනය කරගනිමින් ලබන වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (14) පැවැසීය.

(055)
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘උද්ධමනය පාලනය කරගනිමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නවා‘
Dharmatileke Thursday, 14 October 2021 03:47 PM
ඔය පුටුවේ වෙන කෙනෙක් ඉන්නේ එතකොට
සිරිබිරිස් Thursday, 14 October 2021 04:06 PM
අනේ කබිබො . සෞබාගෙ ආණ්ඩුව ආපු දවසේ ඉඳල ආර්ථික වර්ධනය උතුරනවා .
Kumara Thursday, 14 October 2021 04:40 PM
බම්බුව තමා
K Perera Thursday, 14 October 2021 04:52 PM
කොහොමද මෙයා මේ සිහින මවලා පෙන්වන්නේ ,දැන් නම් මේ ගොන්හරක් කියන දේවල් ජනතාව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ
චන්දන Thursday, 14 October 2021 05:00 PM
ඒ් හීනයවත් හැබෑ වේවා !
Soma dubayi Thursday, 14 October 2021 05:21 PM
විශිෂ්ට තීන්දුවක් මැතිතුමනි .අපි ඔබ සමගයි
Royfedricks Thursday, 14 October 2021 05:25 PM
කාගේ ආර්ථිකයද? රාජපක්ෂලාගේද ? එහෙම නැත්තම් 69 ලක්ශයක්වූ නූගත් අසරණයන්ගේද?
Rohana Thursday, 14 October 2021 06:00 PM
බඩුමිල අහස උසට නගීද්දී උද්ධමනය පාලනය කරන්නේ කොහොමද කියා සදහන්ව න්නේ කුමන ආර්ථික විද්‍යා පොතකද?
වර්ණකුලසූරිය Thursday, 14 October 2021 06:21 PM
රටේ ආර්ථික වර්ධනයක් ඇතිවෙන බව ඔබතුමාගේ විශ්වාසයටත් වඩා විශ්වාසයක් තවත් පුද්ගලයන් කොටසකගේ ආර්ථිකය වර්ධනය වෙන බව අපට සිකුරුයි. දැනටමත් වර්ධනයක් ලබා ඇති බවට ජාත්‍යන්තරව කරුණු ඔප්පු වී ඇත.
mp Thursday, 14 October 2021 06:32 PM
මොකද බැරි ඉතින් මිනිස්සුන්ගේ ලේ බොන කොට. දැන් පෞද්ගලික සේවයටත් විශ්‍රාම යෑමේ වයස 60 කරල තියෙන්නේ ඒ මිනිස්සුන්ට ආදරයට නෙවේ, ඒ මිනිසුන්ගේ අර්ථසාධක මුදල්වලට තට්ටු කරන්නයි.
fairoos Thursday, 14 October 2021 06:43 PM
අනේද කියන්නේ ,කෝ අපේ බයියෝ සෙට් එක ?
ShankaFriday, 15 October 2021 11:14 AM
කෝ මේ වහල්කමේ නිර්මාතෘ රවීන්ද්‍ර සහ බමුණු ආරච්චි? දැන් ඇල්ලුවා ඇතිවෙලාද?
Don perera Thursday, 14 October 2021 07:07 PM
මේ ගොනා කියන කතා තාමත් මිනිස්සු පිළිගන්නවද ?
දොලේවත්ත Thursday, 14 October 2021 08:10 PM
තප්පුලන්න එපා සතාව අඳුන ගන්නවා
Rohana Thursday, 14 October 2021 10:50 PM
බඩුමිල අහස උඩට නගිද්දී උද්ධමනය පාලනය කරනවා කියන්නේ කබ්රාල් පමණයි. අපි දන්න ක්‍රමයටනම් බඩුමිල ඉහල යනවා කියන්නේ උද්ධමනයද වැඩිවන බවයි.
පිටිගල මිලානෝ Friday, 15 October 2021 01:17 AM
මට ලියන්න වචන නැහැ... කරුනාකරලා බයියෙක් මෙකට කමෙන්ට් එකක් දාන්නකෝ මාවත් කැපිලා යන විදියට.
විපරමා Friday, 15 October 2021 02:18 AM
කාගේ ආර්තික වර්දන වේගය ගැනද දන්නෙ නැහැ ඔය කියන්නේ ? තමුන් මහ බැංකු ලොක්කා කාලේ ඉස්සර ගහපු බැඳුම්කර ,,ඩීල් ගැනත් දන්නෝ දනිති .නැවත වතාවක් පත්කරන්න ඇත්තේ තවත් ගේමකට වෙන්ඩැ.