උදම්මිට සමරේ නම් පුද්ගලයකු වේයන්ගොඩදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
කාරයකින් යද්දී ජිප් රියකින් පැමිණි නාදුනන පිරිසක් මඟ හරස් කර ඔහුට වෙඩි තබා ඇතැයිද, වෙඩි වැදුණු ඔහුගේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය කියයි.
උදම්මිට සමරේ නම් පුද්ගලයකු වේයන්ගොඩදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
කාරයකින් යද්දී ජිප් රියකින් පැමිණි නාදුනන පිරිසක් මඟ හරස් කර ඔහුට වෙඩි තබා ඇතැයිද, වෙඩි වැදුණු ඔහුගේ රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප උපදිනවිට පිරිමියෙක්ද ගැහැණියෙක්ද කියලා වෙන්වුණාට පිරිමිකම හැමෝටම ලැබෙන්නේ නැහැ. යුක්තිය දුටුවිට හඬ නැඟූ මිතුර, නුඹට අජරාමර නිවන් සුව! (නි)
මතු උපදින බවයක් ඇත්නම් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා මල්ලි! (නි)
මොනවා වුණත් අපරාදේ මනුස්ස ජීවිතයක්! (නි)
කර්ම විපාකයෙන් බේරීමට කිසිවෙකුට නොහැක (නි)
අහෝ!! උදම්මිට සමරේ මැතිඳුනි, ඔබතුමාගේ වියෝව අප රටේ ජනතාවගේ ඇසට කඳුලක් නැඟුවා පමණක් නොව දුප්පතාගේ හිතවතා වූ ඔබගේ ජනතා සේවයද සමරමින් උපහාර පවත්වමු. (නි)
අහෝ දුකකි! නිවන් සුව පතමු! (නි)
උදම්මිට සමරේ මැතිඳුන් ඔහුගේ සමාජ සත්කාරය ඉදිරියට ගෙනයාමට අපි අතරේම ඉපදේවා! අමාමහ නිවන් සම්පත්තිය ලැබේවා! (නි)
සමරේ උපාසක මහත්තයාට කරන්න පුළුවන් හොඳම උපහාරය ඔහුගේ පින්කම් වැඩ ඔහු නැතිවුණත් ඉදිරියට ගෙනයන එකයි. (නි)
සතුරෙකුගේ වුවත් කරදරයකදී අපි සතුටු නොවන්නෙමු (නි)
"අවිගත්තෝ අවියෙන්ම නැසෙති" කිවුවේ උදම්මිට සමරේ උපාසක මහත්තයාටද? හැබැයි මෙතන 99% ක්ම ඒ මහතාගේ ගුණයි කියා තිබෙන්නේ. (නි)
නම දැක්කම හිතුනා අසරණ සරණ උපාසක මහත්තයෙක් කියලා. එතුමාට නිවන් සැප ලැබේවා! (නි)
මිනිහෙක් නිකන්ම මැරුම් කන්නේ නැහැ නේද? (නි)
ලංකාවත් දැන් පුංචි චිකාගෝවක් වගෙයිනේ (නි)
සදුන්, සේනක, රොකී, නලින් වගේ මෙයාගේ ගෝලයෝ ටික පිටුව පිරෙන්න ගුණ ගී ගයනවා. නමුත් මේ ප්රදේශයේ ජනතාව දන්නවා මේ පුද්ගලයා දේශපාලන බලය අරන් කළ කී දේවල් (නි)
සමරේ උපාසක මහත්තයා ගැන දන්නෝ දනිති! මේ විදියට හැර මේවට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ (නි)
ඔහුගේ ආත්මයට සැනසීම ලැබේවා! (නි)
මගේ මිතුරාට නිවන් සුව පතමි.....(බ)
එතුමාට දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සැප ලැබේවා! (බ)
"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති " (බ)
සමරේ උපාසක මහත්තයට කරන්න පුළුවන් හොදම උපහාරය ඔහුගේ පින්කම් වැඩ ඔහු නැති වුනත් ඉදිරියට ගෙන යන එකයි. (බ)
උදම්මිට සමරේ අය්යාට මෙහෙම දෙයක් කරගන්න තරම් මිනිස්සු සහාසික වෙන්නේ කොහොමද අප්පා ? මෙතුමා ළගට නැති බැරි කෙනෙක් ගියොත් එතුමා ළග තියෙන ඕනෙම වස්තුවක් ඒ නැති බැරි උදවියට බෙදලා දෙවි. උදම්මිට සමරේ උපාසක මහත්තය කියන්නේ ඉතාම හොද පින්වත් මනුස්සයෙක් (බ)
අනගාරික සමරේ හෙවත් උදම්මිට සමරේ මැතිදුන් ඔහුගේ සමාජ සත්කාරය ඉදිරියට ගෙන යාමට අපි අතරේම ඉපදේවා !! (බ)
මේ මුළු පළාතේම පින්කම් වල ඉස්සරහෙන්ම ඉගෙන කටයුතු කරන අපේ උදම්මිට සමරේ උපාසක මහත්තය නේද? කව්ද දෙවියනේ මේ අපරාදේ කළේ ? (බ)
උදම්මිට සමරේ උපාසක මහත්තය කියන්නේ මම දැකල තියෙන ඉතාමත් සිල්වත් මහත්තයෙක්. කවදාවත් කුරා කූඹියෙකුටවත් වැරද්දක් කරන්නේ නැහැ. ඉතාමත් ආදර්ශමත් චරිතයක්. ජන්දේ ඉල්ලුවානම් පළාතෙන්ම වැඩිම මනාප ගන්න තිබුනා. අද කාලේ යහපත් පුද්ගලයින්ට ආයුෂ අඩුයි. (බ)