සුජිත් හේවාජුලිගේ
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් නොව ඩුබායි පොලිසියෙන් බවත්, ඔහු අත්අඩංගුවට ගත් සැණින් මෙරරට බාර නොදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහු මෙරටට රැගෙන ඒමට අනුමැතිය ලැබී ඇතැයි ද සේනාරත්න මහතා කීවේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.
රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.
‘‘උදයංග වීරතුංග මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වැටලීම කළේ ඒ රටේ පොලිසියයි. රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම දැන් ක්‍රියාත්මකයි. උදයංග වීරතුංග හැංගුන නමුත් අර්ජුන් මහේන්ද්‍රන් හැංගුණේ නැහැ. අර්ජුන්ට විරුද්ධව මූලික වරෙන්තුවක් තිබුණෙත් නැහැ. උදයංග ඇතුළු පිරිස තමන්ගේ ඥාතියා බලයට එනකම් දැන් බලාගෙන ඉන්නවා.‘‘
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තේ ඩුබායි පොලිසියෙන් - ඇමැති රාජිත
Rajith Wednesday, 28 March 2018 12:50 PM
තාමත් ලොකු ටෝක් නවත්තලා නෑ
rama Wednesday, 28 March 2018 12:52 PM
සිතාසි බාර දෙන්න ගියාම අර්ජුන් නැහැ කියන්නේ හැංගිලා නොවේද? එහෙනම් ඉන්න තැන කියන්නකෝ අර්ජුන ?
සඳුන් Wednesday, 28 March 2018 12:53 PM
"උදයංග වීරතුංග හැංගුන නමුත් අර්ජුන් මහේන්ද්‍රන් හැංගුණේ නැහැ." මහදැන මුත්තටයි ගෝලයො රොත්තටයි වැඩිකල් නොගොස් හැංගෙන්න තැන් හොයාගන්න වෙයි වගේ.
sirimal Wednesday, 28 March 2018 01:07 PM
සම කැබිනට් ප්‍රකාශක කරපු ප්‍රකාශ කීයද ඇත්ත වෙලා තියෙන්නේ. මේ ප්‍රකාශයත් එවගේ එකක්ද දන්නේ නැහැ.
පිටිගල මිලානෝ Wednesday, 28 March 2018 01:35 PM
උදයංග වීරතුංගයි අර්ජුන් මහේන්ද්‍රන්වයි කනෙන් ඇදගෙන ඇවිත් රිමාන්ඩ් කර නඩු අහන්න.
Hafeel Wednesday, 28 March 2018 01:59 PM
චතුර පුතාගේ පියා නේද රාජිත. මේක නම් ලොකුම බොරුවක්.
RaveendraWednesday, 28 March 2018 03:32 PM
නැහැ නැහැ මේ ඉන්නේ දියවන්නා ඔයේ ඉන්න ප්‍රධානතම කවටයා... ඒවගේම මේ අර "පිං "පඩි ගන්න "පියා".
Sira Thursday, 29 March 2018 06:30 AM
කතා සේරම රෙකොර්ඩ් කරලා තියාගත්තොත් වමාරවන්න දවසක් එයි.
Uditha Thursday, 29 March 2018 06:56 AM
අනේ ඇමතිතුමෝ, දන්නේ නැද්ද උන දේ? ලංකාවෙන් කට්ට්ටියක් ගිහිල්ල උදයංග ලංකාවට අරන් එන්න යද්දී උදයංගව එහෙන් නිදහස් කරලා අපේ ගිය කට්ටිය අපහු හිස් අතින් ලංකාවට ආවේ...