අන්තරේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න 2014 පෙබරවාරි 25 වැනිදා යතුරුපැදියකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී තර්ජනය කර පහරදුන් බව කියන ප්‍රභූ ආරක්ෂකයන් ලෙස සේවය කළ නාවික හමුදාවේ හය දෙනකු අද (19) අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
සිද්ධිය වූ දා ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි එම පිරිස තමාට ටී 56 ගිනි අවියක් පෙන්වා ප්‍රභූ වාහනයට ඉඩ දෙන ලෙස තර්ජනය කළ බවත් සිය මුහුණට පහරදුන් බවත් කියමින් උදුල් ප්‍රේමරත්නට පොලිසියට පැමිණිලි කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලානෝ, ප්රභූවරු දකිද්දී නැට්ට බඩ ගහගෙන හැකිලෙන ඔහෙලා වගේ නිවටයෝ ඔය ප්‍රභූ ආරක්ෂකයෝ පාරේ දාන සෙල්ලම් අනුමත කළාට කොන්ද කෙලින් තියන් ජීවත් වෙන ජනතාව ඕවා අනුමත නොකරන බව මතක තියා ගන්න (බ)
හමීඩ්, ලැබෙන හැම නියෝගයක්ම පිළිපැදිය යුතු නෑ. නීත්‍යානුකූල නියෝග විතරයි පිළිපැදිය යුත්තේ (බ)
පිටිගල මිලානෝ . මේ විශ්ව විද්‍යාල සිසුන් සටන් කරන්නේ මතු පරපුරේ අධ්‍යාපනය වෙනුවෙන් කියලා තේරෙන්නේ නැති හැටි . විශ්ව විද්‍යාල සිසුන් හින්ද තමයි නිදහස් අධ්‍යාපනය මේ තරම් වත් රැකිලා තියෙන්නේ . (ර)
හමුදා පුද්ගලයෙක් ක්‍රියාත්මක වෙන්නේ ඔහුට ලබාදෙන නියෝග මත. හරි හෝ වැරදි ඔහු එය කළයුතුයි. ඔවුන් කළේ ඔවුන්ට පැවරුන රාජකාරිය. (නි)
රටේ උගතුන් බිහිවෙන එක ප්‍රමාද කරලා මේ රටට කරපු විනාශයට මට නම් පුදුම තරහක් තියෙන්නේ. (නි)
විකුම්, මතක තියාගන්න. පිටිගල මිලානෝ වගේ අය තමයි බහුතරය. මොවුන්ට ටිකක් බලය දීල බලන්න මොකද වෙන්නේ කියලා. මොවුන් හරි භයානකයි. (නි)
වපුරන තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ (නි)
පුදගලයාගේ චරිතය කුමක් වුණත් එලෙස කිසිවෙකුට පහරදීමට කිසිවෙකුටවත් අයිතියක් නැත (නි)
පිටිගල මිලානෝ, මමත් ඔබ කී දෙයට එකඟයි (නි)
නීතිය අතට ගන්නන්ට හොඳ පාඩම්.(හේ)
පක්ෂ බේදයකින් තොරව ප්‍රභූ ආරක්ෂක වාහන යන්නේ පාරවල් බදු අරගෙන! එක ඉස්සරත් එහෙමයි, දැනුත් එහෙමයි. ඒවාට ඉඩ නොදුන්නොත් වෙන සෙතේ දන්නේ ඒවාට ඉඩ නොදී තමන්ගේ පාඩුවේ ගොස් පරිප්පු කා ඇති උදවියයි. මේවා කරන ප්‍රභූ ආරක්ෂක හමුදා සෙබළුන් තේරුම් ගත යුතුයි ඔවැනි 'ප්‍රභූන්' වෙනුවෙන් තමන්ගේ නම කැත කර නොගැනීමට. (හේ)
මේකා උසාවි නියෝගත් ඒ කාලේ කැඩුවා නේද? (බ)
දැන් පපුවට ගහගනියි රණවිරුවන් හිරේ දානවා කියලා . ඇත්තටම මොවුන් රණවිරුවන් ද නැත්නම් රරණවිරුවන්ට මුවාවී සිටින අයද යන්න ජනතාව හොඳටම දන්නවා (බ)
ගුටි කලා බේරුණා ඇති.(හේ)
වරද කරුවන් නම් දඩුවම් දෙන්න.(හේ)
ලංකාවේ ප්‍රභූ ඉන්නවද? ඒගොල්ලන්ගේ පැටිකිරිය කොහොමද. සමහරුන්ට ඉස්කෝලේ යනකාලේ බයිසිකලයක්වත් තිබුනේ නැහැ නේද ? (බ)
අන්තරේ කලක් හිටපු මේ හාදයාට ගහන්න ඕනේ අකාලේ විශ්ව විද්‍යාල හැරගිය අනාථයන් සහ ඒ අයගේ දෙමව්පියන්. අනිත් අයට බාධා කළාට මෙයා නම් උපාධිය ගොඩ දාගෙන වගේ. දැන් බලන්නේ ඉල්ලලා ගුටි කාගෙන හෝ දේශපාලනය කරන්න අවශ්‍ය ප්‍රසිද්ධිය ලබා ගන්න. මේ අයට රැවටෙන්න එපා. (බ)