IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


උප ඇමැති තෙවරප්පෙරුම ටිකට් කපාගෙන පොලිසි යයි

මව්පියන් පිරිසක් සමග මීගහතැන්න ප්‍රාථමිකයට බලෙන් ඇතුළුවී දරුවන් 10 දෙනකු බලහත්කාරයෙන් ඇතුළු කළැයි කියන සිද්ධීය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පොලිසියට බාරවීම සඳහා මීගහතැන්න බලා යමින් සිටි බව පොලිස් ආරංචි කියයි.

ඔහු මේ පියවර ගෙන ඇත්තේ එම පාසලට බලෙන් ඇතුළුවී යැයි කියන කාන්තාවන් 9 දෙනකු මීගහතැන්න පොලිසියෙන් අද අත්අඩංගුවට ගැනීමත් සමගය.

සුදුසුකම් නොලැබූ බව කියන මෙම දරුවන් බලයෙන් පාසලට ඇතුළු කිරීමට මුල්වූ බව කියන තෙවරප්පෙරුම විදුහල්පතිටද පහරදී සියදිවි නසාගැනීමේ රඟපෑමක යෙදුණු බව කියති. ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

විදුහල්පතිවරු හා ගුරුවරු සිය ගණනක් පෙරදින මතුගම අධ්‍යාපන කාර්යාලය අසල උද්ඝෝෂණයක් කරමින් කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි.

තමා පොලිසියට බාරවන බව තෙවරප්පෙරුම මහතා කියයි. මීගහතැන්න පාසලට තමාත් මවුපියනුත් බලෙන් ඇතුළු නොවූ බව ඔහු කියයි.

‘අපි එහේ යද්දී පොලිසියේ ඕඅයිසී මහත්තයාත් හිටියා. බලෙන් එහි ගියේ නෑ. දරුවන් පාසලට ඇතුළු කරගත්තේ විදුහල්පතිගේ කැමැත්තෙන්. අද මම පොලිසියට බාර වෙනවා. දොස්තරලා එපා කිව්වත් බලෙන් ටිකට් කපාගෙන යනවා.‘



අදහස් (0)

උප ඇමැති තෙවරප්පෙරුම ටිකට් කපාගෙන පොලිසි යයි

රොෂාන් Tuesday, 05 July 2016 10:18 AM

මේක නිකන් අලුත්ම සටන්කාමි චිත්‍රපටියක්ද වගේ.(හේ)

:       0       0

උදාර Tuesday, 05 July 2016 10:40 AM

කවරුන් කුමක් කිවත් තමන් කළ දේ ගැන වගකිමක් හා වගවිමක් ඇති මිනිහෙක් (බ)

:       0       0

මනෝජ් Tuesday, 05 July 2016 10:39 AM

ඔන්න ඕක තමයි යහපාලනය කියන්නේ. හැම කෙනෙක්ම තමන්ගේ සීමාවන් දැන සිටින්න ඕනි. (බ)

:       0       0

පුෂ්පා Tuesday, 05 July 2016 12:01 PM

උදාර, ඔයාගේ නමට ගැලපෙන ඒවා ලියන්න. මේ විදිහට ඇමති මට්ටමේ අය හිතන්න, ක්‍රියා කරන්න ගියොත් සිංගප්පුරුව කෙසේ වෙතත් නොදිවුණු ගල් යුගයේ රටක් වෙනවා. මේ ක්‍රමයට රටක ආර්ථික සමාජ සහ සංස්කෘතිකව රටක් වර්ධනය කරන්න බැහැ. (බ)

:       0       0

උපාලි Tuesday, 05 July 2016 12:22 PM

උදාර අහල තියෙනවද අර ගිනි ගොඩ ළඟටම කඩාගෙන බිඳගෙන ගිහින් නැවතුන ගිනි නිවන රථය ගැන. බලා හිටපු අය මුව නොසැහෙන්න ඒ රථයේ රියදුරුට ප්‍රසංශා කළා. හරියට ඔබ වගේම. හැබැයි, ගිනි රථය එතෙන්ට කඩා ගෙන බිඳගෙන ගියේ බ්රේක් නැතිවීම නිසයි. (බ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 05 July 2016 11:15 PM

උදාර, දෙවියෝ අඩිය තියන්න බය තැන්වල මෝඩයෝ කරණම් ගහනවා කියන්නේ ඕවට. මේවට සමහරු කියන්නේ බොරු සෝබන කියලා (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 05 July 2016 11:13 PM

මිත්‍රවරුනි, උදාර අහලා නැති දේ බොහෝ තිබෙනවා වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 101 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 367 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 221 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 520 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 390 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1153 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site