උතුරු කැබිල්ලවෙලදී හා බණ්ඩාරවෙල පොලිසියේ දී පහර කෑමට ලක්වූ බව කියන බණ්ඩාරවෙල නගරාධිපති (එක්සත් ජාතික පක්ෂ) චමින්ද විජේසිරි මහතා බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය.
ඔහුගේ නළල තුවාල වී ඇත.
උතුරු කැබිල්ලවෙල දී ඡන්ද පොළට යද්දි එම දෙදෙනා ඇතුළු පිරිසක් තමාට මුලින්ම පහර දුන් බවත්, පැමිණිල්ල කිරීමට පොලිසියට එද්දී පොලිසියේදීත් පහර දුන් බවත් පුරපතිගේ පැමිණිල්ලේ සඳහන් වේ. නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගේ නම් ද ඔහු පොලිසියට ඉදිරිපත් කර ඇත. ඉන් එක් අයකු පුත්තලම දිස්ත්‍රික්කයේ ද, අනෙක් පුද්ගලයා දකුණු පළාත ද නියෝජනය කරති.
පොලිස් ප්‍රකාශකයකු පැවසුවේ සිද්ධිය ගැන පැමිණිල්ලක් ලැබී ඇතත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුලව සොයන්නේ මොකටද අහනවා. එයා ගහපු නිසා නෙවෙයි ගහපු තැනට කඩේ යන නිසා. (අ)
අරුන්දික නම් මොකුත් දන්නේ නැහැ ඕං (නදී)
බන්දුල පෙරේරා ඡන්දෙ වැඩට ගිහින් වගේ (නදී)
චමින්ද ට අතක් උස්සල අයෙත් ඉතින් බණ්ඩාරවෙලින් ඒ පැත්තට ඡන්ද හොයනවා බොරු හොර ඡන්ද දා ගත්තොත් මිසක්. (නදී)
මේ වගේ දේවල් සාදාරනී කරණය කරන ජයලත් ලා වගේ අයට දියයුතු දඩුවම කුමක්ද ? (නදී)
මේක මැතිවරණයක් නෙවෙයි. මැරවරණයක් ! (නදී)
ජයලත් යනු, සියලු දෙනා මෙතන සොයනා අයගේ එක නාමයකි. (නදී)
හරි හරි හැමදාම මේ ගොල්ලෝ දිනන්නේ නෑ...පරදින දාට අපි දෙමු රට දාල දුවන්න (නදී)
බන්දුල ඇති දැන් චන්ද පෙට්ටියක් ළඟ දන ගහගෙන. ගණන් කරන රාජකාරිය එයා වගේ අයට මිසක් අනෙක් අයට භාර දීල හරි යනවද ? (නදී)
බන්දුල සොයන්නේ ගහපු අයට සළු වඩන නිලමේ කම කරන නිසා සෑම්. වෙන කෙන් ගෙඩියකට නෙවෙයි. (අ)
රජය අපහසුතාවයට පත්කරල ඡන්ද වාසිගන්න එයාම ගහගත්ත වෙන්න බැරිද ? (නදී)
බන්දුල පෙරේරා කියන්නේ තමන්ගේ අසුචි තමන්ම වළදන කෙනෙක්, අපගේ රටට පිළිකාවක් වී තිබෙන්නේ මේ වගේ අය ලංකාදීප අප ඔබගේ අපක්ෂපාති සේවය අගයමු. අපේ ශ්‍රී ලංකා යු එන් පි. ජේ. වී .පි. කම් නැත , අපට අවශ්‍ය අපගේ රටයි සැමට බුදුසරණයි . (අ)
ජයලත් මහත්තයෝ, හිඟන්නාගේ තුවාලේ වගේ ඔය බහුබුතම කියවන්න එපා.ඒ ගොල්ලෝ වැරදි කරයි කියලා මේ ගොල්ලත් ඒ වැරදීම කරන එක හරිද ?.පාට කන්නාඩි දෙක දැන්වත් ගලවලා බලන්න.නැත්නම් බන්දුල පෙරේරාගේ ගෙදර යන්න. (අ)
"ඔය දෙන්න අත් අඩංගුවට ගන්න තරම් කොන්ද පන තියෙන පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවද බලමු" කොන්ද පනතිබෙන මිනිස්සු රජයේ රැකියාවලින් අයින්වෙලා බොහොම කල් දැන් ඉන්නේ හෙන්චයියල.(අ)
ගැහිල්ලේ ප්‍රථිපල හෙට ලැබෙයි (අ)
"මේ කමන්ට් දාල තියෙන අයට අමතකද 1988.1989. ඡන්ද කරපු හැටි හිනෙන් නැගිටලා බය වෙලාද ..ලැජ්ජයි." ඔව් අපි දන්නවා දැන් වාරය අනික් යට යායුතුයි. අපි බලා ඉන්නවා විතරයි. හැබැයි එගොල්ලන්ට ද මේගොල්ල අපිව හූරන් කෑවා. අහිංසක මිනිහෙකුට ගෙයක ප්ලැනක් පස්ස කරගන්න බැහැ පගාව නොදී.වාහන ගෙන්නගන්න ඉඩ දුන්නේ පාවිච්චියට නමුත් දැන් ගේන්න දෙන්නේ කෙලිම විකුණා ගන්න. කාටද ආඩම්බර නේද ජයලත්. (අ)
ජයලත් වගේ අයට උත්තර දෙන්න වෙන්නේ 77 වාගෙ පොලීසියට නිවාඩු දීලා තමා. (අ)
පොලිසියේ කොන්ද කඩලා තියෙන්නේ "18" ගෙනල්ල ඉතින් කොහොමද ඒ මහත්තුරු කොන්ද කෙලින් තියාගෙන වේදකරන්නේ. (අ)
අර ආදිවාසි නයක වගේ හැමෝම පොරෝ කෙටි අරන් චන්දෙ දාන්න යන්නලා. (නදී)
මේ කමන්ට් දාල තියෙන අයට අමතකද 1988.1989. ඡන්ද කරපු හැටි හිනෙන් නැගිටලා බය වෙලාද ..ලැජ්ජයි..(නදී)
ඉසුරන්දි, මිනිස්සු ගහමරා ගන්නවා නෙමෙයි. විරුද්ධ පක්ෂවල දේශපාලනය කිරීමේ අයිතිය අමු අමුවේ නැතිවෙන බවයි පෙනෙන්නේ. (නි)
මේ සේරම වෙන්නේ බලයට තියෙන කෑදරකමට තමයි. (නදී)
ප්‍රසාද් මහත්තයෝ, මම දාන්නේ මගේ අදහස්. මේක සංවාද මණ්ඩපයක්. සාධාරණව අදහස් විවේචනය කරන්න. (නදී)
මෙච්චර කට්ටියක් ඉදලත් නගරාධිපතිවරයා විතරක් ගුටි කෑවේ කොහොමද? (නදී)
උෟවේ ජනතාව මේවගේ ගොන් පාර්ට් කාරයින්ට නියම පිළිතුරක් දුන්නා. (නදී)
මගේ අයියා යාලුවන්ගෙන් ගුටිකාලා ගෙදර ආ දවසක තාත්තා කිවුවේ " ගුටිකන වැඩක් කරන්න ඇති. " කියලයි. (නි)
ලොකු හානියක් වෙලා වගෙයි. (නි)
මේකද අපේ සිංහල බෞද්ධ රටේ සදාචාරය? ශිෂ්ටාචාරය? සංස්කෘතිය? දන්නා කෙනෙක් ඉන්නවා නම් මට පහදාදෙන්න. (නි)
මධුභාෂිනී, ඒ වුණත් මෙතන ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙලාද කියලා හිතාගන්න බැහැනේ. ගුටිකෑවා කියන නගරාධිපතිවරයාගේ වටේ සෙනඟ හිටියට තුවාලය නම් පොඩියි වගේ නේද? (නි)
ප්‍රචණ්ඩ ක්‍රියා අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. (නි)
ඔය දෙන්න ආත් අඩංගුවට ගන්න තරම් කොන්ද පන තියෙන පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවද බලමු. (නදී)
මේ අනුව කාටහරි කියන්න පුලුවන්ද පොලිසිය පවතින්නේ කුමන බලයක් යටතේද කියා? (නි)
මේක සුද්ද කරන්න යන බන්දුල පෙරේරාට බැන්නා කියලා දැන් වැඩක් නැහැ. ඒ කාලේ දැන් පහුවෙලා. (නි)
මේකම ඇති මානව හිමිකම් දක්වා යන්න (නි)
පොලිසිය සැකකාරයින්ට විරුද්ධව කිසිදෙයක් කළේ නැත්නම් අපිට බොහෝ දේවල් සිතාගන්න පුලුවන් (නි)
මතකද ලඟදී හයිවේ එකේදී පොලිසියේ කෙනෙකුටත් ගැහුවා මේ ඇමතිතුමා නේද ඒ (නදී)
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි (නදී)
චමින්දගෙ අපි මුලින් තිබුණු ගති ගුණ දැන් නෑ. බණ්ඩාරවෙල නගරය තුළ ප්‍රචන්ඩකරි ලෙස ඡන්දය කරපු අයට පක්ෂ විපක්ෂ වලින් තොරව දඩුවම් දිය යුතුය. චමින්ද කියන්නෙ හොද දේශපාලන ඔලුවක් තියන කෙනෙක්. හෑබෑයි මේ සිදු වීමේදී චමින්ද මහතා 100% හරි කියන්න බෑ. ඔබ තුමාට ඉක්මන් සුවය ලෑබේවා (නදී)
කට්ටිය ගහපු අයව හොයනවාට වඩා හොයන්නේ මාවනේ. අනේ මම නම් මෙයාට ගැහුවේ නැහැ. පව් මේ අහිංසකයා. (නදී)
කට්ටිය දැම්ම කලබල වෙලා වගේ. හදිසි වෙන්න එපා හොද හොද සෙල්ලන් එලි වෙන කොට කියලා කියනවනේ (නදී)
පරදිනවට තියෙන බය නිසා වෙන්න ඇති (නදී)
ඉස්සර මුදා නොගත් ප්‍රදේශ තිබුනේ උතුරේ සහ නැගෙනහිර. දැන් මට පෙනෙන්නේ ට මුළු රටම මුදා නොගත් ප්‍රදේශයක් බවට පරිවර්තනය වෙමින් පවතී. මේ වැනි තත්වයක් රටේ පවතිනවිට අපේ රටට විරුද්ධව මානව හිමිකම් පරීක්ෂණ ආරම්භ කරන එක පුදුමයක් නෙවේ. මේවා අධිරාජ්‍යවාදීන් අපිට විරුද්ධව දමන ලෙඩ නොව අපි විසින්ම හදා ගන්න ලෙඩය (නදී)
මැති ඇමතිවරු පවා නීතිය අතට අරගෙන ක්‍රියා කරනකොට සාමාන්‍ය මහජනතාව කොහොම හැසිරෙයිද? (නදී)
මනුස්සයින් මරාගන්න තමයි දේශය සුරකින්න නෙමෙයි (නදී)
නම් දෙකත් දාන්නකෝ අපිට බලන්න. (නදී)
මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක් (නදී)
මේකද සාදාරන ඡන්දය. දැන් ඉන්නේ කට්ටිය මරු බයෙන්. (නදී)
දකුණු පළාත හා පුත්තලම ඌව පළාතට මේ ඡන්දයට පමණක් යාකර ඇති නිසා මේ වගේ සිදුවීම් විය හැකිය. ඒවා පුදුමයට කරුණු නොවේ. ආතතිය ඇති මිනුසුන් සිටින රටක මේවට විසදුම් නොමැත. (නදී)
මේකද ලංකාවේ සාමකාමී ඡන්දෙ කියන්නේ ? (නදී)
බඩ තඩි එතනෝල් හොරා එකෙක්. අනිත් කෙනා මොකාද? අපි ඉස්සර මැති ඇමතින්ට ගරු කළා. මේ ජරා වැඩ නිසා අපිට මේ අයව එපා වෙලා දැන් තියෙන්නේ. (නදී)
මෙයාට ගහපු පුත්තලම පැත්තේ සහ ගම්පහ පැත්තේ මැර වැඩ වලට ප්‍රසිද්ධ උප ඇමතිලා දෙන්නට ගමේ මිනිස්සු ගහලා එලෙව්වා කියා ආරංචියි. (නදී)
අැයි මේ මිනිස්සු ගහා මරා ගන්නේ. මොනා බෙදාගන්න බැරිවද? (නදී)
දැන් බලමුකෝ පොලිස්පතිගේ සාදාරන පරීක්ෂණය (නදී)
මීට පස්සේ දේශපාලනයට එන්න වෙන්නේ ගුටි කන්න පුළුවන් අයට විතරක් වගේ. (නදී)
භීෂණය වපුරමින් ජන්දය දිනන්න යන්නේ. (නදී)
සත්‍ය වැඩි කල් නොගොස් දිනනවා, එදාට කියන්ඩ එපා අපිට හිරිහැර උනා කියලා. ගැහිල්ල හොඳ වැඩ නෙමේ. සිංහල මිනිසුන්ට ඔහොම කරනවානම් අනිත් යට කොහම කරයිද? (නදී)
නියෝජ්‍ය ඇමැතිවරුගෙන් ගුටි කන්නත් පින් කරන්න ඕනේ (නදී)
බලමුකෝ පොලිසිය මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. කඩේ යන ගොයියත් මේකට ප්‍රතිචාරයක් දායිද කියලා බලමුකෝ. (නදී)
පොලිසිය ඇතුලේ ගැහැව්වට ඒ පොලිසියේ කිසිම කෙනෙක් දකින්න නැතුව ඇති. උෟවේ බාර උප පොලිස්පති තුමා වගේ (නදී)
දැන් බන්දුල පෙරේරා කියාවි අනාධිමත් කාලයේ අසවල් පාලන සමයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ කාලයේත් අංගම් පොර පැවතියා. ඇයි දැන් මේ සුළු සිද්ධි වලට පාලකයන්ට දොස් කියන්නේ කියලා. (නදී)
'මීට පස්සේ දේශපාලනයට එන්න වෙන්නේ ගුටි කන්න පුළුවන් අයට විතරක් වගේ' ඇයි හලෝ බලන් හිටියේ ගහනවකෝ (නදී)
කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් තිබෙන වලු. එ් කාලයට පොලිසියටත් නිවාඩුලු එතකම් ඉවසන්න. (නදී)
දැන් මේ බන්දුල පෙරේරා කියන මහත්මයද ගහල තියෙනේ හැමෝම මේ මනුස්සයව හොයන්නේ (නදී)
බන්දුල පෙරේරා පේන්න නැත්තේ ඉන්ටෙර්කූලර් 2 න් ඡන්දෙට කඩේ ගියාද දන්නේ නැහැ (නදී)
ඔය යකා පාර්ට් දන අය තවම හොඳ කට්ටඩියෙකුගෙන් කාලා නැහැ. හැබැයි ලබන මහා මැතිවරණයේදී නම් කයි වගෙයි (නදී)
පොලිසිය අැතුලේදීත් ගැහුවා නම් තව මොන කතාද. (නදී)
අර බන්දුලට කියන්න දෙයක් නැතුව වෙන්න ඇති. (නදී)
කෝ මේ බන්දුල පෙරේරා...? නැට්ට පල්ලේ අස්සේ ගහගෙන ඇති දැන්. චන්ඩියාගේ සද්දයක්වත් නැහැනේ. (නදී)
දැන් බන්දුල පෙරේරා කියාවි මේවා අනාධිමත් කාලයේ සිට බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ්‍ය සමයේත් තිබුනා සාමාන්‍ය සුළු සිද්ධි කියලා. (නදී)
බදුල්ල පොලිසියේ දී පහර කෑමට ලක්වූ .. අපි බලමු පොලිස් මාද්‍ය ප්‍රකාශකගේ විච්චූර්න පත්‍රිකාව කොහොම ගොතයිද කියලා. (නදී)
මේ අයට නඩු දාන්න පොලිසියත් බයයි වගේ (නදී)
යම් දවසක එජාපයට බලය ලැබුනොත් අනිවාර්යයෙන්ම මිනිස්සු මේවට ප්‍රති උත්තර දෙනවා. ඒ උනාට ඒවා වාර්තා වෙන්නේ සාමාන්‍ය පස්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හැටියට. (නදී)
පිට කොන්දක් නැති පොලිසිය (නදී)
මගේ පාසලේ මිතුරන් දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. චමින්ද නුබට ඉක්මන් සුවය පතනවා. (නදී)
කෝ අපේ බන්දුල පෙරේරා මහත්තයා? එයා නම් කියාවි මැතිවරණය සාදාරනයි කියලා. කොහොමටත් ආණ්ඩුවට වාසි නං ඔච්චර උඩ පනින්නේ නෑ (නදී)
බලයට තියෙන කෑදරකම, රටට ගිය කලක් (නදී)
අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියල දීපු බ්‍රිතාන්‍යයේ ඊයේ තිබ්බ ජනමත විචාරණයේත් කරපු ඡන්ද මගඩි යු ටියුබ් එකේ දැකපු අපිට ලංකාවේ ඔය වගේ සිද්ධි මහලොකු දේවල් නෙවෙයි. (නදී)
එහෙනම් අනිවාර්යෙන් බණ්ඩාරවෙල ආසනේ එ.ජා.ප යට වාසි අැති. (නදී)