ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු බව කියන ලිපියක් අනුව පේරාදෙණිය සරසවි සේවකයනට සහන මිලට ත්‍රීරෝද රථ ලබා දීම සඳහා රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදල් එකතු කර නාඳුනන මිනිහකුගේ පෞද්ගලික ගිණුමකට බැර කිරීමේ සිද්ධියක් ගැන පරීක්ෂණයට රහස් පොලිසිය කැඳවා ඇත.
උපකුලපතිට ලැබුණු ලිපියක් අනුව එක් සේවකයකුගෙන් රුපියල් 25000 ගණනේ එකතු කිරීම සරසවි ලේඛකාධිකාරී ආරියරත්න පුංචිහේවා මහතාට පවරා ඇත.
කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මුදල් එකතු කර ගිනුමක තැන්මපත් කර ඇති බවත් පොලිස් ආරංචි කියයි.
ජනපති කාර්යාලයෙන් බව කියන ලිපිය චමින්ද කුමාරසිංහ නම් පුද්ගලයකු විසින් උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට යවන ලදැයි දැගන්නට ඇත.
උපකුලපතිගෙන් මේ ගැන විමසීමට ගත් උත්සාහය අසාර්තක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩින් එන ලියුම් වලට විශ්ව විද්‍යාල වලට ළමයින් ගන්නවා කියන එකේ මේක මොකද්ද? (නදී)
හේමාල් වැරදියි. ඔය විශ්ව විද්‍යාලවල බොහෝවිට දැනුම තිබෙන පරිපාලන නිලධාරීන්ව පැත්තකට කරලයි තියෙන්නෙ. කීපදෙනෙක් එයාලට ඕනෑ විදිහට තීරන ගන්නවා. දේශපාලනය විශ්ව විද්‍යාලය තුළට ඒමේ ප්‍රතිඵලය තමයි ඔය. (නි)
උගත් කමට වඩා බුද්දිමත් කම වටිනවා. සියළුම උගතුන් බුද්දිමතුන් නෙමෙයි. රටේ වැඩිහරියක් ඉන්නේ බුද්දිමතුන්. හැබැයි උගතුන් නෙමෙයි.(හේ)
මෙතන ඉන්නේ බහුතර දේශපාලන පත්වීම් ගත්තු උදවිය. මොළයක් හෝ වැඩක් කරන්න සුදුසුකමක් කියල දෙයක් නැහැ. ලිපිය අතට ලැබුන ගමන් සම්මාදමේ යනවා වගේ සල්ලි එකතු කරන්න වටේ යන්න ඇති. මේ සල්ලි පුද්ගලික ගිණුමකට යවන්න කියන්නේ ඇයි කියල හිතන්න බුද්ධියක් තියේවිද ? (ස)
ලිපිය දැක්කම බයවෙන්න ඇති.(හේ)
බැංකුවක ගිණුමක් නම් මේ ගිණුම අයිති කෙනා ගේ විස්තර අනිවාර්යයෙන්ම බැංකුව ළඟ තියෙන්න ඕනේ නේ. (හේ)
ගුරුන්ටත් අකුරු වරදී කියා කියෙන්නේ මෙහෙම දේ වුණාම තමයි.(හේ)
අපොයි...මෙතුමා කැම්පස් ගිහින් උපාධිගත්ත කෙනෙක් බවක් පෙන්නේ නම් නැහැ.(දිල්)
උප කුලපතිත් දිරච්ච ලණු කනවා නම් පාරවල් වල කෑහගහන ළමයි කාලා ඇත්තේ මොනවාද මන්දා? (නි)
හේමාල්, ඔබ කියන ඉහළ සිට පහළට ප්‍රායෝගික අත්දැකීම් නැහැ කියන එක අනුමත කරන්න අමාරුයි. මේක ලොක්කන්ගේ වැරැද්දක්. (නි)
මෙයාල ශිෂ්‍යයින්ට කරන අසාධාරණ කම් සහ පාවා දීම් කරන්නෙත් මෙහෙමම තමයි. මම අහල තියෙන විදියට කලින් හිටපු උපකුලපති කෙනෙක් විශ්වවිද්‍යාලයට රජයෙන් ලැබෙන අරමුදල් සම්පුර්ණ වියදම් නොකොට හොද නම ලබාගන්න අාපහු රජයටම බාර කලාලු. (අ)
මේ හොර මගඩියට සල්ලි දීල තියෙන්නේ ඇමතිතුමාගේ ගෝලයෝ (අ)
කොහොමත් ඔහේ ඉන්න වැඩිමනක් කට්ටිය පොලවේ පය ගහල ඉන්න උදවිය නොවන වග හුඟක් අය දන්නවා. ප්‍රායෝගික යථාර්තවාදී වින්ඥාය කියන්නේ උගත්කමට නෙමේ... බුද්ධිමත්කමටයි.! (අ)
විශ්ව විද්‍යාල උපකුලපති කර තිබෙන්නේ ගමේ නුගත් කෙනෙක්වත් නොකරන දෙයකි . මෙය පිටුපස කුමක් හෝ දුෂිත වැඩ පිළිවලක් තිබිය හැක. මෙවැනි අය පාලනය කරන ආයතන දෙවියන් වහන්සේ රැකබලා ගනිත්වා (නදී)
දැන් කොහ් බැලුවත් ලොකු තැන්වල අය රැවටෙනවා. ඉතින් කොහොමද රටක් දියණු වෙන්නේ ? (නදී)
ලියුමක් ආ පළියට මෙහෙම වගකීමෙන් තොරව වැඩ කරනවද? (නි)
දැන් කාලෙ උපකුලපති කම ලැබෙන්නේ හොඳම සුදුස්සාට නෙමෙයි, වැඩියෙන්ම දේශපාලන සම්බන්ධකම් තියෙන කෙනෙකුට. (නදී)
මම මේ නිසයි මේ ක්‍රමයම වෙනස් කරනවට කැමති. ඔය නිලය දෙවියන්ටත් වැඩිය බල ගතු වෙලයි තියෙන්නේ. ජයවර්දන මහත්තයා අපේ රටට මෙහෙම විනයක් දෙයි කියල මම හිතුවේ ණෑ. ලොක්කෝ මේ විනය මෙහෙම පිළිගනීවි කියල හිතුවෙත් නැහැ (නදී)
මෙවැනි නිලධාරීන් සිටින තැනක ශිෂ්‍ය ප්‍රශ්න ඇතිවීම ගැන තවත් කවර කතාද? (නි)
අපේ මිනිසුන්ටත් සහන මිලට දෙනවා කිවුවොත් ආයේ මොනව දෙයක්වත් හොයලා බලන්නේ නැහැ (නි)
ඉහළ තැනක වැඩකරන කෙනෙක්ගෙන් උපදෙසක් ආවිට සමහරුන්ට ඉන්න තැනවත් මතක නැහැ. (නි)
අධ්‍යාපනය නඟාසිටුවන සියලු කාරණා පසෙකලා එක් එක් පුද්ගලයන්ට වන්දිභට්ටකම් කරන එක තමා දැන් වැඩිපුර කෙරෙන්නේ. (නි)
ජනාධිපති කාර්යාලයෙන් කිව්වම ඕනෑම කෙනෙක් බයට ඉක්මනින් වැඩ කරනවා. (ස)
දැන් ඉතින් මේ බැරකළ මුදල් නැවත ගන්නත් බැහැ නේද? අපරාදේ සල්ලි! (නි)
රජයේ තැන් වල ලියුම් ගනුදෙනු වල හැටි අපි දන්නවානේ. ඇයි මේක ටිකක් සොයලා බලන්න ඕනෑ කියන දේ මෙතන කාර්ය මණ්ඩලයේ අයට වැටහුනේ නැත්තේ? (නි)
හේමාල්, ඔබ හරියටම හරි (නි)
මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ තැන් වල ඉහලම පරිපාලකයාගේ සිට පහලටම ප්‍රායෝගික බුද්ධියක් තියන කට්ටිය නැති බව අපි දන්නවානේ. (ස)
කිසිම දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතුව නේද වැඩකරලා තියෙන්නේ? (නි)
උපකුලපතිට මේ ගැන විමසා බලන්නවත් තිබුණනේ! (නි)