බලහත්කාරයෙන් ලංකාවෙන් පිටුවහල් කැරුණු තමා, අවස්ථාවක් ලද වහාම ලංකාවට ඒමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, ලංකාවේ ඉපදුණු තමාගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය අහිමිවීමට හේතුවක් නැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයිතියක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන මුදලිගේ නොයෙල් හෙවත් කුමාර් ගුණරත්නම් මහතා කියයි.
කැනඩාවේ සිට ඔහු එලෙස කීවේ ලංකාදීප එසැණ සමඟ ස්කයිප් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය හිමි ගුණරත්නම් ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී පිරිසක් විසින් පැහැරගෙන ගියැයි චෝදනා එල්ල වූ අතර 2012 අප්‍රේල් 10 වැනි දා අලුයම දෙමටගොඩ දමා ගොස් සිටිය දී හමුවීමෙන් පසු එදින පෙරවරු 7.40ට ඔහු පිටුවහල් කැරිණි. වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටීමේ වරදට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දඩ ද නියම විය.
ඊට පෙර (2012 ජනවාරි 02 වැනි දා) ඔහුගේ බිරිය වෛද්‍ය චම්පා සෝමරත්න සහ ඇගේ දරු දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඕස්ට්‍රේලියාව බලා පිටව යද්දී පොලිස් භාරයට ගත් අතර පැය 10කට පසු නිදහස් කැරිණි.
ඔහු පේ‍්‍රමකුමාර් ගුණරත්නම්, මුදලිගේ නොයෙල්, දස්කොන් වන්නිආරච්චි සහ දයාලාල් රත්නායක යන නම්වලින් ද හැදින්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා 2012 අප්‍රේල් 10 වැනි දා ‘එසැණට’ පැවසීය.
1965 නොවැමිබර් 18 වැනිදා කෑගල්ලේදී උපන් පේ‍්‍රමකුමාර ගුණරත්නමි කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන් සහ පින්නවල මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා ඇති මොහුගේ සහෝදරයා 1988 වසරේ රජයේ ආරක්ෂක හමුදා විසින් ඝාතනය කැරිණි.
පසුව ගුණරත්නම් ද අධ්‍යාපනය අත හැර දැමීය. සිංහල වෛද්‍යවරියක වූ චමිපා සෝමරත්න මහත්මිය සමග විවාහ වූ ඔහු නොයෙල් මුදලිගේ යන නමින් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගෙන ඇත.
ලංකාවෙන් පිටුවහල් කිරීමට හේතුව, ලබන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම, ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය, වමේ දේශපාලනය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති, පෙරටුගාමී පක්ෂයේ ඡන්ද පදනම සහ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ගැන ද ගුණරත්නම් මහතා අදහස් දැක්වීය.
කුමාර් ගුණරත්නම් සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ දරුවෝ පිටරට දනවාදය ,මෙහෙ අහිංසක දරුවෝ අමාරුවේ දන්නා එනවා . (අ)
මෙතුමලා රට පැනගත්තට ,කොච්චර අම්මල ගම්වල මැරුණු දරුවෝ නැතුව දුක්වෙනවද (අ)
පළාතේ එන්න දෙන්න එපා ..ආවොත් අඩු කඩනවා . (අ)
පැන්නෙත් පිටරට. බැන්දෙත් පිටරටින් , දැන් ඉන්නෙත් පිටරට. ඉතිරි ටිකත් එහෙටම වෙලා කර ගත්තා නම් නරකද .(අ)
මෙතුමාගේ පක්ෂය විශ්ව විද්‍යාලේ අපේ යාළුවන්ට මාර වද දෙන්නේ ,මානව හිමිකම් ගැන කතා කරාට (අ)
මෙන්න තවත් නාටකයක්.(හේ)
රටට විනාශ කරන කාටවත් ඉඩ දෙන්න එපා.(හේ)
අනේ අනේ ? (නදී)
ආයිත් අවොත් තට්ටේ කෙස් හිටවල එලවනවා මොලේ පෑදෙන්න කියලා. රටේ උසස් අධ්‍යාපනය විනාස කරන අහිංසක නොදරුවන් අතකොලු කරගෙන විනාස කරපු. එන්.ජී.ඕ ඩොලර් වලින් යැපෙන මුන් හොදයි ඒ ඉන්න රටවලටම. අපිට එපා එපා එපා. (නදී)
උපන් රටට වින කලාම ඔහොම වෙනවා. ඉස්සෙල්ලම පුරුදු වෙන්න තමන්ගේ උපන් රටට ආදරය කරන්න. කැනඩාවේම ඉන්න. අපේ රට විනාශ කරන්න හිතන්න වත් එපා. (නදී)
මේ වගේ අය ලංකාවට අාපු ගමන් අර පරණ අවි බෝම්බ හොයන්න අනිවාර්යන්ම අරගෙන යන්න ඕනේ (නදී)
අාවොත් අඩු කඩනවා (නදී)
මෙයාට පිස්සු. ලංකාවේ ළමයි අන්දවාගෙන එයාලගේ ජීවිත විනාස කරනවා. එයට එ්තරම් උවමනා නම් රට හදන්න, කරුණාකරලා රටේ ජීවනාලිය වන ලමයීට ඉගෙන ගන්න දීල ඕන තරම් දේවල් කල හැකිනේ. (නදී)
89 දී බෝට්ටුවෙන් පැන්නේ කොහොමද කියල හොයල බැලුවානම් විමුක්තිකාමියගේ පටි රෝල්. පවුලේ ඡායාරූපය ආයේ දකින්න ආසයි..කවුරු හරි පින්වතෙක් එ්ක තොගේට මුද්‍රණය කරලා සරසවි සිසුන් අතරේ බෙදලා දැම්මා නම් එ්ක ලොකු පිනක් . (නදී)
වමේ දේශපාලනය ගැන කතාකරන්නේ ධනවාදී රටක රැකවරණ යටතේ ඉඳගෙන. මේවා තමයි බයිලා කියන්නේ. මේ අයගේ එකම බලාපොරොත්තුව ලංකාවට වින කැටීමයි. ධනවාදී රටවල් කරන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවා ගැනීමයි. අර සෝමවංශ අමරසිංහ මහත්තයවත් රැක ගත්තේ එංගලන්තෙන්. ධනවාදීන් හොඳට දන්නවා මේ වගේ අයගෙන් වැඩ ගන්න. ශ්‍රී ලංකික අපි මේ දේ තේරුම් ගනිමු. මොන රජයට උනත් විරුද්ධ වෙලා අධාපනය ඇතුළු සියලුම දේ කඩාකප්පල් කිරීම තමයි මේ ගොල්ලන්න්ට ධනවාදීන් විසින් පවරලා තියෙන රාජකාරිය. (නදී)
ලංකාව අපකීර්තියට පත් කරමින් විදේශ ගතවී සරානාගත විසා ලබා ධනවාදයට සේවයට කරමින් , ලංකාවේ නියම නමත් වෙනස් කර බොරු නම් වලින් පෙනිසිටිමින් තවමත් ලංකාවට අවලාද නගින මොවුන් , කිසි දිනක මෙම රටට වද්දා නොගත යුතුය. ලංකාවේ විප්ලව උනාට ඕස් ට්‍රේලියාවේ ධනවාදී ජිවිත , දෙබිඩි ජිවිත සහ දෙබිඩි කතා , මේවාට රැවටෙන කොටසක් තවමත් ලංකාවේ සිටිනවා (නදී)
මොහුගේ පළමු නමින් පේනවා මොහු සිංහලයකු නොවන වගත් , එමනිසාම වන්නට පුළුවන් , ලංකාව නැති කරන්න හදන්නේ (නදී)
තවත් දරුවන් කී දෙනෙක් බිල්ලට ගන්නද, බිල්ලට දෙන්නද එන්න හදන්නේ ....එහෙම නැත්නම් සහෝදරයාගේ වන්දිය ජීවිත ගණනකින් ගන්නද සැරසෙන්නේ...... (නදී)
දැන් ලංකාවට අමුතු භූත දෝෂයක් හැදිලා නේද ..? ඔක්කම රට පැනපු භුතයෝන්ට දැන් තමයි උපන් ගම මතක් වෙලා තියෙන්නේ ..? (නදී)
පින් අයිතිවෙයි. ආපහු මේ රටේ කැරැල්ලක් ඇති කරන්න එන්න එපා. ඔයා කැන්ගරු දේශයේ ඉන්න විදියටම ඉන්න (නදී)
වෙන රටක පුරවැසිභාවය ගත්තම ඉපදුනු රටේ පුරවැසි භාවය ඉබේටම අහිමි වෙනවා මහත්තයෝ. (නදී)
කව්ද මේකට වියදම් කරන්නේ ? (නදී)
89 දී බෝට්ටුවෙන් පැන්නේ කොහොමද කියල හොයල බැලුවා නම් විමුක්තිකාමියගේ පටි රෝල්. පවුලේ ඡායාරුපය ආයේ දකින්න ආසයි. (නදී)
අනේ මේ උන්නැහේ ,ගිය දිහාවකට වෙලා අපට පව් නොදී ඉන්නවකෝ. ඕස්ට්‍රේලියාවත් කන්න එපා හොඳේ. (නදී)
ඔය ඉන්න රටේ සරසවි සිසුන්ව ආදර්ශයට අරගෙන අපේ රටේ අහිංසක දෙමවුපියන්ගේ දරුවන්ට ඉගෙනගන්න සළස්වන්න. (නි)
ඔබතුමා කියන්නේ ඇත්ත (නි)
මේ අය හිතාගෙන ඉන්නේ අපේ රට විනාශ කරන්න එන්න දෙන්න එපා (අ)
1971 තරුණ සංහාරයක් කළා 88, 89 තවත් තරුණ සංහාරක් කළා ඒ සැම අවස්ථාවදීම ජීවිතය බේරගන්න පිටරටවල් වලට පැනගත්ත නායකයා හිරේ අරක්ෂාවෙමින් 1971 විප්ලවයකරා.තරුණ ජීවිත බිලිදීල තමුසෙලා රජ සැප ගතකරලා.දැන් අයෙත් තරුණ ජීවිත් විනාශ කරන්න එනවා මෙහෙට එන්නේ නැතුව ඉන්න තැනක අප්පේ දරුවන්ටයි ඒ දෙමුපියන්ටයි පවු නොදී.(අ)
සිංහල වෙනවා ,දෙමල වෙනවා ගුණරත්නම් මහතා කටුස්ස වගේ මිනිහා, අපි ප්‍රවේසම් වන්න ඕනේ (අ)
එතකොට බැසිල් කියන්නෙ අැමරිකානු පුරවැසියෙක්. එතුමගෙත් ලංකාවෙ පුරවැසිකම නැතිවෙලාද...එතුමට ලංකාවෙ ඡන්දෙ ඉල්ලන්න පුලුවන් නම් මොහුට බැරි මොකද..? (අ)
එන්නකෝ. එනතුරු තමයි අපිත් බලාගෙන ඉන්නේ (නි)
ලංකාවට ඔපමන ආදරය කරන අය මොකද බටහිර රටවල සුරසැප විඳින ගමන්,අහිංසක දුප්පත් ළමයින්, මිනිසුන් රවටමින් ඔවුන් විනාශ කරන්නේ? (නි)
ජීවිතය බේරාගන්න රට පැනීමේ කිසි වරදක් මම නම් දකින්නේ නැහැ. (නි)
මම නම් මොකුත්ම කියන්න කැමති නැහැ මේවට (නි)
ඔර්ජිනල් පෘතුගීසි බයිලා අහලා තිබෙන අපිට, ඕස්ට්‍රේලියන් බයිලා ඇහුවට කිසිම ගතියක් දැනෙන්නේ නැහැ මහත්තයෝ. ලංකාවේ ඉන්න අය අපිට හොඳටම ඇති. (නි)
මම අහලා තියෙන විදියට බැසිල් කියන්නේ ඇමරිකානු පුරවැසියෙක් නෙවෙයි. ඔහුට ඇත්තේ ඇමරිකානු ග්‍රීන් කාඩ් එක පමණයි. කෙසේ හෝ රුවන් ඇහැව්වේ හොද ප්‍රශ්නයක්. මොකද ද්විත්ව පුරවැසිකම් තියෙන අයත් නිලතල වල ඉන්නවා. (නදී)
ලංකාවේ පුරවැසි නැති මෙයාට කොහිද ඡන්දය. තවත් වෙයිරසයක්. අවදානයෙන් ඉන්න. (නදී)
1986 - 1987 කාලේ මට මෙයාගේ පියා හමු උනා. ඔහු ඔහුගේ වැඩිමල් පුතගේ ප්‍රශ්ණයකට උසාවි ඇවිත් තිබුනා. ඔහු කිහිලි කරු දෙකකින් හිටියේ. ඔහු හොඳ ගුරුවරයෙක්. ඔහු ගොඩක් ඇඩුවා. ඔහු දරුවන් ගැන දුක් උනා. දරුවන්ගේ දේශපාලනයට ඔහු උදව් කළේ නැහැ. (නදී)
සමහර ද්විත්ව පුරවැසියෝ ලංකාවේ ඉඳන් දේශපාලනය කරනවා තමයි. ඒක නැහැ කියල කිව්වොත් බොරු. නමුත් මේ වගේ නාඩගම් කාරයන්ගේ දේශපාලනය විහිළුවක්. (නදී)
එයාට ලංකාවේ පුරවැසිභාවය තියෙනවා කියලා කියනවා. ඕස්ට්‍රේලියාවෙත් තියෙනවලු. ඕස්ට්‍රේලියාවේත් තියෙනවා නම්, ද්විත්ව පුරවැසිභාවයත් නැත්නම්, ලංකාවේ කොහොමත් නැහැ නේද? (නි)
මෙතන අදහස් දාන අපි වගේ මිනිසුන් වෙනුවෙන් කතාකරන කුමාර් ලංකාවට එනවට ඇයි අපි මෙතරම් බය ! (නි)
දවල් මිගෙල් - රෑ දනියෙල් වැඩ කරන්න හොඳ නැහැ (නි)
ජවිපෙ දෙකඩ කිරීමට උත්සහ කළ ,ද්‍රෝහිකම් කළ බොහෝ දෙනා වැටුනේ ඉතිහාසයේ කුණු බක්කියටයි. (නි)
මේකෙන් ද්විත්ව පුරවැසි භාවය දෙන්න රජයෙන් ගත් තීරණය නැවතත් වෙනස් වෙයිද දන්නෙ නැහැ. පුළුවන් නම් දේශපාලනය කරන්න කියලා ඇවිල්ලා අනෙක් මිනිසුන්ටත් ලැබෙන්න තිබෙන දේ නැතිකරලා ආපහු යන්න. (නි)
අපි අනන්තවත් මේ තීරයේ දැනුවත් කිරීම් කරලා තිබෙනවා සමහර සරණාගත වීසා ලබා මෙහි සිටින කට්ටියගේ වැඩ ගැන. කෝ කට්ටිය අපිට උපහාස කළා මිසක් ඒවා ගණන්ගත්තේ නැහැනේ. (නි)
මට රූපවතිගේ තර්කය පැහැදිලි නැහැ. ඔබතුමියත් මෙච්චර කල් පිටරට ඉන්න කෙනෙක් විදියට නේද මෙතන ලිවුවේ ? (නි)
හසිත් ඔයාට ඕක දැන්ද තේරුනේ. මට නම් තේරිලා ගොඩාක් කල්. ඒකයි ඔය මනුස්සයට මාව පෙන්නන බැරි. මාව අහුවුනොත් එහෙම ඔය මිනිහා මගේ දත් ගලවයි. (නදී)
උපන් බිමේ අයිතිය නැති කරන්න බෑ ඒ වගේම ඩොලර් වලට උපන් බිමට ද්‍රෝහි වෙන්නත් කාටවත් බලයක් අයිතියක් නෑ.(නදී)
89 දී බෝට්ටු වලින් ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තියෙනවද..? බොරු කියන්න එපා හලෝ....ඒ දවස් වල කොහෙද හොර බෝට්ටු කාරයෝ. බොරුවක් උනත් කියන්න ඕනේ අහු නොවෙන විදියට. (නදී)
තමන්ගේ දරුවන් ධනවාදී රටවල නිදහසේ සැපසේ ඉගෙන ගන්නවා. මෙහෙ මෙයාගේ පක්ෂය කැම්පස්වල ළමයින්ගේ ඉගෙනීම අවුල් කරනවා. මේක වෙන්න ඇති මහලොකු සමාජවාදේ (නදී)
රූපවති නංගියේ, මේ තීරුවේ යන රටාවට පිටින් අදහසක් ප්‍රකාශ කළොත් ඒ කවුරුන් හෝ වේවා කරුනාජිව මහත්තයා හිතන්නේ ඒ මම කියලා. (නි)
ලංකාවට ආවත්, මෙයා එච්චරම ජනප්‍රිය වෙන එකක් නැහැ. හැබැයි, දේශපාලනය අතින් නම් මුහුකුරා ගිය අදහස් ඇති බව පෙනෙනවා. ලංකාවට ඇවිල්ලා මහත්මා දේශපාලනයක් කරනවා නම් එන්න දෙන්නයි තියෙන්නේ. (නි)
මම නම් කැමතියි ඔහුගේ කතා විලාශයට(නි)
මිනිසුන් වෙනුවෙන් කතාකරන කුමාර් ලංකාවට එනවට මම කැමතියි. ඔහු කවර ආකාරයේ පුද්ගලයෙක් උනත්, මිනිසුන් හැටියට අපි ඔහුට ඇහුන්කම් දිය යුතුය. (ස)
ඔබ එන්න . (අ)
බන්දුල පෙරේරා මහත්තයෝ,මම හසිත්ට දීපු පිළිතුරට ඔබතුමා කලබල වුනේ ඇයි...? මම එතන කිසි කෙනෙක්ගේ නමක් සදහන් කරලා නැහැනේ.ඔබතුමා කැමති නම් තොප්පිය දමාගත්තට කමක් නැහැ.(අ)
සල්ලි වලට මේවා කරන්න වෙනවා මෙයාලට.. අරයත් පිස්සු හැදිලා වගේ දුවන්නේ ගෝල බාලයෝ නඩත්තු කරන්න සල්ලි හොයන්නයි.. පවු ගෙවන දාට අපිට දකින්න වෙන්නේ නැහැ.. (අ)
නම් මාරුකරමින් රටවල් වලට මාරුවෙමින් ජීවත්වෙන උදවියට අත්වෙලා තිබෙන තත්වය තේරුම් ගන්න මෙම තීරුව හොඳටම ප්‍රමාණවත්. අපිම තමයි එයාලා ගැන තීරණයක් ගන්න ඕනෑ. මේවා ගැන ජනතාව දැනුවත් කරන මාධ්‍ය වලට ගෞරවය හිමිවිය යුතුයි. (නි)
අනේ එන්න! එන්න! (නි)
මේ මොනවද මෙයා කරන්නේ. ලංකාවට වින කරනවානේ. (ස)
දැන් අර උම්මග්ග ජාතකයේ ප්‍රශ්න වගේ මෙතන තිබෙනවා රූපවතී ප්‍රශ්නය. රූපවතීගේ පිටරට ජීවිතය ගැනයි, බැඳපු විදේශික මහත්තයා ගැනයි, ප්‍රීතිමත් පවුල් ජීවිතය ගැනයි කියපු දේවල් වල හැටියට මට ඔබතුමිය ඉන්නේ පිටරට නම් නෙමෙයි කියලා අද තේරුනා. (නි)
අපිට දැන් තේරෙනවා සමහරු ලංකාවේ ඉඳගෙන පිටරට කට්ටිය වගේ මෙතන ලියනවා. සමහරු පිටරට ඉඳගෙන ලංකාවේ ඉන්නවා වගේ ලියනවා. හානියක් නැහැ. කවුරුත් ලාංකිකයින් නේද ? (නි)
අනේ ඔයා ඔහේටම වෙලා ඉන්න (නි)
අනේ මන්දා මහත්තයෝ ඕවා (නි)
රුපවති ! කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. (අ)
මව් බිමේ අයිතිය තියෙන්නේ මව්බිමට ආදරයක් ඇති අයවලුන්ට. හමුදා කඳවුරැ වලට ගහපු,බිම්බෝම්බ ඇටවුවන්න්ට අයිති අපාය භූමියයි ! (අ)
මගේ රුපවති නංගියාට අභූත චෝදනාවක් එල්ල වෙනවා..ඔයා නිහඩ මොකද? පිස්සන්ට උත්තර දෙන්න අවශ්‍ය නැති වුණත් අනෙක් අය එයාලට පිස්සු කියල දන්නේ නැති නිසා පැහැදිලි කිරීමක් කරන්න..(අ)
රටේ පුරවැසි භාවය ඔය තරම් අගය කරනවා නම් මොකටද රටට ද්‍රෝහී කම් කලේ. (අ)
අදයි අපි දන්නේ රුපවති බන්දුලගේ නංගී කියල. අනේ හොඳයි ! (අ)
මට ආඩම්බරයි අපේ පාඨකයෝ රට ගැන හිතන ආකාරයට. අපි හැමෝම ඉපදුනු රටට ආදරය කරමු. (අ)
සමන්ත මහත්මිය, ඔබ තමයි ඉතා කෙටියෙන්ම ඉතාම ගැලපෙන පැහැදිලි අදහස පලකොට තිබෙන්නේ. දවල් මිගෙල් රෑ දනියෙල් ලා වැහි වැහැලා ඉන්න අපේ රටට, මේ වගේ උල්කාපතත් ඉඳල හිටලා වැටෙනවා. විශේෂයෙන්ම ජාතික තලයේ ඡන්ද තියන කාලවලට. හැබැයි මේ උල්කාපතවල තියෙන්නේ එළියක් නෙමේ මඩ, කොහේ හරි ඉඳල පාත් වෙලා මඩ ටික හලපු ගමන් ආයේ හිටපු තැනටම යනවා.(අ)
මෙයා ඕස්ට්‍රේලියාවේ මේ සෙල්ලන් දාන්න ගියා නම් ඔය ගියා කියන බෝට්ටුවේම දාල ආපහු එවාවි. ඒ රටවල් වල මෙහෙම විහිලු කාරයන්ට තුට්ටු දෙකක් දීමනා විදියට දීල අඬා ගෙන ආපු නිසා තියා ගන්නවා මිසක් සත පහකට ගණන් ගන්නේ නැහැ. . (අ)
මෙතන විවිධ නම් වලින් අදහස් දක්වන පුද්ගලයින් හදුනා ගන්න හරි පහසුයි.1] එයට, තමුන්ට හොද මතක ශක්තියක් තිබේ නම් වඩාත් පහසු වෙනවා. 2] නම වෙනස් වුවාට එකම ආකාරයේ අදහස් ගලාගෙන යාම.3] එක නමකින් අදහසක් ලියා,එය පළවීමට පමා වූ විට වෙනත් නමකින් ඒ අදහසම නැවත ඉදිරිපත් කිරීම යනාදී කරුණු මත.(අ)
බන්දුල අයියාගේ අවසාන අදහස මම අගේ කරනවා.(අ)
හැමෝම මඩ ගැහීමට දක්ෂයිනේ.ඉතින් පිටින් ඇවිල්ලා අඩුපාඩු මඩ ටික හලලා ගියාට ගානක් නැහැ.(අ)
ලංකාවේ හොර පාස්පෝර්ට් කාරයින්ට බටහිර රටවල්වල නඩු නෑ,මුන් ඒගොල්ලන්ගේ ඉත්තෝ .පැත්ත පළාතේ එන්ට දෙන්ට එපා.ආයුධ පෙන්නන්ට එක්ක යන්ට--- (අ)
කුමාර් ගුනරත්නම් ට ඔහොම උනේ මේ සිස්ටම් එකට විරුද්දව අරගල කල නිසා. (නදී)
බන්දුල පෙරේරා මහතාගේ අදහස් අගය කරනවා. (නදී)
අප්පුහාමි සුදු කොඩිය උස්සලා වගෙයි. (අ)
මේ මිනිස්සුන්ට ඕන රජ වෙන්න.රට හදන්න නෙවේ.රජ වුනොත් බලන්න පුළුවන් කෙරුවාව.රටට ඔය තරම් ආදරේනම් බලයට එනකම් ඉන්නේ නැතුව කරන්න පුළුවන් දේ කරන්න ඕන.බලයේ නැති කාලෙට රට වෙන උන්ගේද.රට කන්න හදන යක්කු.ඔය තරම් රටට ආදරේ නම් යුරෝපයට කියන්න පුළුවන්නේ අපේ රටට බොරු චෝදනා කරන්න එපා කියලා.ඉගුරු දීල මිරිස් ගත්ත වගේ තියේවී කරුමෙට හරි බලයට ආවොත්.ඉන්න රටක ඉදල නිදහසේ මැරිලා යන්න අපිට පව් නොදී. (අ)
අනේ රූපවති නගෝ, ඔයා ඔය පිටරටට වෙලා ජාති ආලේ පෙන්නුවාට ඔයාගේ ළම්යි දෙන්නට සිංහල වචනයක් වත් බැහැ. (නදී)
ඔහු දැන් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් බැවින් ඔහු කටයුතු කලයුතු වන්නේ ඕස්ට්‍රේලියානුවෙකු හැටියට. ඖෂ්ට්‍රේලියානු පුරවැසියෙකු බවට පත්වූ විගස ඔහුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වෙනවා. එ්ත් පසුව අවශ්‍ය ලියකියවිලි සමග ඉල්ලුම් පතක් ඉදිරිපත් කිරීමෙන් ද්විත්ව පුරවැසි භාවය ලබාගත් හැකියි. එ්ත් දැනට මා දන්නා පරිදි ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටවා ඇත. කෙසේ වෙතත් උපන් බිමට වින කරන මෙවැන්නන් නැවත අපේ රටට අනවශ්‍යයි. (නදී)
මෙතන කාටවත් අනන්‍ය නම් නැහැ.. මට මගේ නමින් කවුරුන් හෝ අදහස් දැමීම ගැන විරුද්ධ වෙන්න බැහැ.. මොකද තව බන්දුල පෙරේරලා මේ රටේ ඉන්න පුළුවන් නිසා..කෙනෙක්ගේ අදහස් නිහඩ කරන්න කට්ටිය අනුගමනය කරන එක පහත්ම ක්‍රියාමාර්ගයක් තමයි මේ ක්‍රමය..නමුත් එ්ක නතර කරන්න අපිට බැහැ..පුළුවන් එකම දේ ඒ අදහස අපේ නෙමෙයි කියල නිවැරදි කිරීමක් කිරීම පමණයි. වෙනත් නම් වලින් මම මගේ අදහස් අනුමත කරගන්නවා කියල පෙන්නන්නත් කට්ටිය උත්සහ කරනවා..හරියට මොන්ටිසෝරි යන පොඩි ළමයි වගේ..පුදුම ලෝකයක්..කරුනාජිව මහත්තයෝ..ඉන්න රටේ හොද ඉස්පිරිතාලෙකින් ඔය අමාරුවට බේතක් ගන්න,,ඕක ඔඩු දුවන්න කලින්.(අ)
මාගේ මතකයට අනුව ශ්‍රී ලංකාවේ පළමු ත්‍රස්තවාදය බිහි කලේ මෙම කට්ටිය. මා ඒ කාලයේ පාසල් සිසුවෙක්. විරුද්ද අදහස් දරපු සියල්ලන්ට මේ කට්ටිය මරණ තර්ජන කළා. අහිංසක පොලිස් නිලදාරීන්ගේ ජිවිත අහිමි කළා. බස් ගිනි තිබ්බා. බැංකු කඩලා සල්ලි සොරකම් කරා. අහිංසක උපාදි අපේක්ෂකයන් මුල් කොට ජිවිත පුජා කෙරෙව්වා. ලොකු කට්ටිය යුරෝපයට පැන සරනා ගත විසා ගත්තා. තව ලොකු කට්ටිය විප්ලවය පාවා දීල එක එක ආණ්ඩු සමග එක්වී මැති ඇමති කම් අරන් ධනවාදී සුඛෝපභෝගී ජිවිත තවමත් ගත කරනවා. කොටසකට ඒවා ලබා ගන්නට බැරි වුනා. තවමත් අහිංසක විශ්ව විදයාල සිසුන් රවටමින් ඔවුන්ගේ කරපිටින් යනවා. මේ කුමාර් ගුණරත්නම් මේවයේ කොටස් කරුවෙක්. රටට ආදරය කරන අය ඉන්නේ ලංකාවේ එක වේලක් කාගෙන හරි. ගුණරත්නම් මහත්තයෝ රටපාවල දීල විදේශ පුරවැසි භාවය ගත්තා සේ ඔහේටම වෙලා ඉන්න. අපිට මෙහෙ හොඳයි. ආවොත් අර හරකට කරන දෙය තමා ඔහේටත් කරන්න වෙන්නේ (නදී)
සොයුරනේ, මම පිට රට ඉන්නේ රැකියාව සහ මගේ ස්වාමියා දරු පැටවූ සමග. එ්ත් මා මෙහි ආවේ බෝට්ටුවලින් පැනලාවත් රටේ ස්වාදීනත්වයට නිගා කරලාවත් , ජේ ,වී, පී, රැල්ලේ දුවලාවත් නෙවේ. මගේ උගත්කමින් ලැබුණු ඵලයක්. මම තාමත් ශ්‍රී ලාංකික වීර සිංහල ගොවියෙකුගේ එඩිතර සිංහල කාන්තාවක්. මා තාමත් පෙනී සිටින්නේ මගේ දෙමාපියන් හදුන්වපු ඒ සිංහල නමින්. ශ්‍රී ලාංකික ජනරජයේ සිංහල පාස්පෝර්ට් එක, පිටරටවල වාසි බලාගෙන , නම්බු තාන්ත්‍ර වෙනුවෙන් මා කිසි විටක මගේ ලැබුණු සිටිසන් එකවත් ලබා නොගත් කෙනෙක්. ලෝකේ කොහේ ගියත් මා උපන් දේශයට වැදූ මවට පියාට මෙන් ආදරය කරනවා, ගරු කරනවා. එවැනි පුද්ගලයෙකුට නාමික වාග් ප්‍රහාරයක් එල්ල කිරීම මා තරයේම ප්‍රතික්ෂේප කරනවා. (නදී)
සේන සොයුර, ඔයාට ඉතාමත් වැදගත් දෙයක් මා කීවොත් මගේ දරුවෝ සිංහල පාසල් වලට ගොස් ඉගෙන ගත්තා. මා නිවසේ සිට ඔවුන්ට සෑම දිනකම පැයක් දෙකක් , පාඩම් කියෙව්වා. අද මගේ දරුවන් දෙදෙනාම හොදින් සිංහල කතාකරනවා ලියනවා කියවනවා. සිංහල,ඉංග්‍රීසි ,සහ ජෙර්මන්, ග්‍රීක් භාෂා පහක් මම කතාකරනවා. ඒ හොදටම ඇති ලෝකයේ වෙනත් ජාතිකයින්ව අභිබවා අපේ සිංහල දේශයේ කුඩාම කුඩා රටවැසියෙක් වෙලා ඉපිද ලෝකයෙන් අපේ මව් බිමේ නාමය දෑතින් උස්සල අඩියක් ඉහලින් තියන්න. (නදී)
විජේවීර අල්ලන්න ඔත්තුව දුන්නෙත් මෙයා (එතුමාගේ ඩ්‍රය්වර් ගැන). එන්න දෙන්න නම් එපා කීයටවත් (අ)
රූපවතී ඔබවිවාහ වී ඉන්නේ විදේශික සුදු මිනිසෙක් නේද , ඇත්තම කියන්න (අ)
චාන්දනී පරණ කතානේ කියන්නේ.ඕවා අපි දැනගෙන හුගක් කල්(අ).
රුපවති මහත්මිය, ඔබගේ මුලින්ම දමල තියන අදහසේ තියන "බුතයින්ගේ" කතාව නම් සත්‍යයක්. එක අහල සමහරුන්ගේ වල්ග ගිනිගත්තට කලබල වෙන්න ඕන නැහැ. ඔය බහු බුත කොන්ත්‍රාත් කාරයින්ට සළුපිලි අන්දවන්න ලංකාවේ ඕන තරම් කෙරුම්කරයෝ ඉන්නවා. රටේ බුද්ධිමත් ජනතාව නම් ඕවලින් තම්බන්න බැහැ. රුපවති මහත්මියගේ පම්පෝරිය නැතිව අදහස් ලියනවා නම්, අපිට ටිකක් සතුටින් කියවන්න පුළුවන් වෙයි.(අ)
ශ්‍රී ලංකාවේ පොඩි එකාගේ පටන් දියුනුයි දෑන්. මොකාටවත් රවට්ටවන්න බෑ දෑන්. ඒවගේම රටජාතියට ආදරෙයි. දෑන් මර්ග සංවර්ධනය කරන්න හෑම තෑනම ගල් ගොඩවල් දාල තියෙන එකේ....හෙල්මට් එකක් දාගෙන එනවා නම් තමා හොද. ...මොකද ඔය අලුකුත්තේරු වෑඩ පොඩි අයට පවා තේරෙනවනේ...වෑදූ මවටත් උපන් ආදරය කරන්න පුරුදු වුණොත් තමා හොද. (අ)
ගහන්න ...හොඳට හුලන් ගහන්න ...බැලුම උඩයන තුරු හුලන් ගහන්න... (ස).
ඉන්දියාවට එරෙහිව අමෙරිකව හදපු සි අයි ඒ සටන්කරුවා අපේ උන් වීරයෙක් කරගෙන . (ස)
අපේ රටේ දැනට තිබෙන ප්‍රශ්න අපිට හොඳටම ඇති (නි)
තමුන්ට තමුන්ගේම වරුණාව තේරුණු එක හොඳයි. සමහරු මෙතන අනෙකුත් පාඨකයන් නොමඟ යවන්න,තමුන් තමුන්ටම බැනගන්නවා. හැබැයි එකක් මතක තියාගන්න. මෙතන ඉන්න පාඨකයෝ මෝඩයින් නොවන බව. (නි)
රට කන්නද එන්න හදන්නේ මෙයාට නම් එන්න දෙන්න එපා (නදී)
කරුණා ජි මහත්තයෝ, මොන්ටිසෝරියේ ඉදලම ආයෙත් පටන් අරන් ඉස්කෝලේ යන්න. ඔබ තුමාගේ වයසේ තරමට මොලේ වැඩිලා නැහැ. ඕක හරියාවි ආයෙත් ඉස්කෝලේ ගියාම. (නදී)
බන්දුලගේ නියම අදහස.(නදී)
මගේ නම බොහොම බහුලව භාවිත වෙන නමක් නිසා මෙතන දේශපාලන පුවතකට අදහස් ඒ නමින් ලියවුනාට මට කරන්න දෙයක් නැහැ. නමුත් මම ප්‍රතිපත්තියක් විදියට මේවාට ප්‍රතිචාර ලියන්නේ නැහැ. (නදී)
මහත්තයා, ලංකාවේ මිනිස්සු ඔයාව දන්නේ නැහැනේ. ඕස්ට්‍රේලියාවේම ඉතුරු ටිකත් රගපාන්න. (නදී)
රූපවතිගේ අදහස් ඔක්කොම වැල්වටාරම් සහ පවුල පිළිබඳ පම්පෝරිය නිසා යටපත් වෙනවා. බන්දුලගේ අදහස් අනුන්ට කරන ලවක්-දෙවක් නැති බැනිල්ල නිසා යටපත් වෙනවා. තමන්ගේ අදහස අනෙකුත් පාඨක භවතුන්ගේ නිසි අවධානයට යොමුවෙන්න ලියන එක තමන්ගේ වැඩක්. (නි)
බන්දුල පෙරේරාගේ ඔලුව අර ඉස්සාගේ ඔලුගෙඩිය වගේම පිරිලමයි තියෙන්නේ, අපරාදේ කියන්න බැහැ. ඔලුව හොඳට සංවර්ධනය වෙලා කියලා මෝඩ කතා වලින් පෙනෙනවා. (නි)
බන්දුල පෙරේරා, ආම් එකේ ඉන්න කාලෙ කරපුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මය කොයි වෙලාවෙ හෝ ඵල දෙනවා (නදී)
අනේ මන්දා අපිට මොනවා වෙලාද කියලා (නදී)
මෙයා ලංකාවට එන දවසට මම ගිහින් අඩු දෙක කඩනවා. එ්ක ජාතික යුතුකමක්. (නදී)
අඩුම ගානේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයක් ගැන පුංචි බලාපොරොත්තුවක් දැල්වෙනවා (නදී)
මෙතන බොරුවට කෑ ගහන කී දෙනෙක් කුමාර් සහෝදරයා ගැන දන්නවද? ඔහු වගේ උගතුන් තමයි ලංකාවේ දේශපාලනයට අඩු (නදී)
කුමාර ගුනරත්නම් ගමේ සිල්ලර කඩයක් හරි තමන් පුද්ගලිකව රස්සාවක් හරි කරගෙන දනවාදයට යටත්ව හිටියා නම් කිසිම ප්‍රශ්නයක් නැතිව ඉන්න තිබුනා. (නදී)
මේ වගේ අයට ප්‍රචාරය දෙන්නේ ඇයි? (නදී)
අද ලංකාවේ මිනිසුන්ට ඇත්ත සහ සාධාරණය දිරවනවා අඩුයි. අපිට පම්පෝරි ගහන්න හරි අපි අමාරුවෙන් හරි ගස්සා ගත් පවුල් ජීවිතයක් තියෙනවා. ඇත්ත නොකියා කොහොමද මට මගේ දරුවන්ට දොස් කියන්න මෙතන කාටවත් අයිතියක් නැහැ. මට බනින්න වරදක් ඇත්නම් එය පෙන්වලා දෙන්න එවිට මට ඒක හදාගන්න හැකියි. (නදී)
සුනිල් සොයුර, සමාවෙයන් කොල්ලෝ. මෙහෙම ලීවට මම දන්නවා පවුල් වල සතුට සමාදානය ගැන කියවද්දී ටිකක් ඔයාට දිරවන්නේ නැහැ. පසුගිය කාලේ ගේ මැද සාලේ වළක් හෑරුවා කියල පොලිසියෙන් අල්ලන ගියාලු නේද ඔයාව. සොරි ඒ ගැන වෙන කාටවත් මම කියන්නේ නැහැ (නදී)
රූපවති අක්කේ, මේ සභාව තමන්ගේ පම්පෝරි ගහන නයි අරින තැනක් නෙවෙයි. වැදගත් සංවාද මණ්ඩපයක්. මෙතන බොහෝ දෙනා පම්පෝරි වලට කැමති නැහැ. (නදී)
කුමාර් ගුණරත්නම් සහෝදරයා ජිවිත කාලයම සමාජවාදය වෙනුවෙන් වැඩකරපු අද නිර්දන පන්තියට පිඩිත පන්තියට අවශ්‍යකරන ඉතා දුර්ලබ සහෝදරයෙක්. වංචා සහගත ව්‍යාපාර කරන රජයට ගැතිකම් කරන හොරුන් රටින් එනවා යනවා ඒවාට කිසිම ක්‍රියාමාර්ග නැහැ. කව්රුවත් ඒවා ප්‍රස්ණ කරන්නේ නැහැ. කුමාර සහෝදරයා කල එකම වරද පිඩිත පන්තියේ දේශපාලනය කිරිම. කුමාර් සහෝදරයාගේ පැමිණීම පිඩිත පන්තියේ අපේක්ෂාවයි (නදී)
රෟපවති ගේ භාෂාවේ හැටියට නම් ගම්බද වැදගත් ගොවි පවුලක කියල කියන්න බැහැ. කොළඹ වතු වල කට්ටිය නම් ඔයිට සමාන භාෂාවක් පාවිච්චි කරනවා අපි මගතොට යන එන කොට ඇහෙනවා. (නදී)
ගම්බද ගොවි කාන්තාවන් ඉතා නිහතමානි සිරිත් විරිත් දන්නා අයවලුන් ලෙසයි මම අහල තියෙන්නේ. වැදගත් සභාවකදී , පිරිමින්ට උඹ බන් බොලන් යනුවෙන් කිය කියා හැසිරෙන්නේ නැහැ. අනේ මන්දා මම කොළඹ ඉපදුන කෙනෙක් නිසා මම දන්නා තරමද කියලා. (නදී)
රෟපවති භාෂා 5ක් දන්නා පස් භාෂා පරමේශ්වරලු. හැබැයි. ශීලාචාර විදියට සිංහල භාෂාවෙන් සභාවක කතා කරන්න දන්නේ නැහැනේ. සුනිල් ගේ වලක් ගැන අපිට නම් දැනගන්න ඕන නැහැ. (නදී)
රූපවතිගේ කතාව නම් ගමේ වැදගත් ගොවි පවුලක කාන්තාවකගේ වගේ නෙවෙයි. පම්පෝරි ගහන අස්සේ පිරිමින්ට සත්තම දාන්නත් එනවා. අනේ මන්දා (නදී)
බණ්ඩා මෙයාගේ කකුල් දෙක කැඩුවොත් ලේසි වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියානු රජය නිකන් බලන් ඉන්නෙත් නැහැ. මොහු ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් බවත් මතක තියාගන්න. ගියවර එලොව ගිහින් මෙලොව ආවෙත් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් නිසා බවත් තේරුම් ගන්න. (නදී)
රූපවති මටත් හිතෙනවා ඔයාගේ පම්පෝරිය ටිකක් වැඩියි කියලා. මෙතන ලියන අනෙක් කාන්තාවන් කවුරුවත් තම තමන්ගේ උගත්කම් දක්ෂකම් පවුල් තරාතිරම් ගැන සීමාව ඉක්මවා ලියන්නේ නැහැ. (නදී)
රූපවති අක්කේ ගම්බද භාෂාවෙන් " දිරවන්නේ නෑ" කියන්නේ මොකද්ද...? දන්නැති හන්දයි අහන්නේ. (නදී)
තමන්ගේ පුද්ගලික දේවල් පමණට වැඩිය ප්‍රසිද්දියේ කියවන්න ගියාම බවලතුන්ට නැති ප්‍රශ්න ඇති වෙනවා. (නදී)
සිංහල භාෂාවේ අපේ රජ කාලේ වැසියනට කතාකලේ තෝ , තා, යනුවෙන්. ඔයාල පුලුවන් නම් ඒ ගැන තර්ක කරන්න. අපේ ගැමි කම අපිට වටිනවා කොළඹ සිදා දියට වැඩිය සොයුරනේ.
අනේ මන්ද සමහරු කතා කරන්නේ හරියට මේ සභාවේ ඉන්න කාටවත් යහපත් පවුල් ජීවිතයක් නැති ගානට. එ්කත් එක්තරා අමුතු මානසික තත්වයක් තමයි. (නදී)
ඔව් ඉතින් මටයි දරුවන්ටයි සිංහලවත් හරියට බැහැ කියනකොට මම නැට්ට අකුලාගෙන කික්කි වගේ හිටියානම් ඔයාල සේරටම මාව හොදයි. මම බාෂා 5ක් කතා කරනවා කීවම කාටවත්ම දිරව්වේ නැහැ. ඇත්ත තත්වේ අපේ රටේ ඔන්න ඔහොමයි ලු ...? (නදී)
විදේශිකයකු ඕනෙම රටකට සංචාරකයකු වශයෙන් ගියාම ඔහුට සංචාරය කිරීම හෝ එම රටේ දේශපාලනයට ඇඟිලි ගැසිලි හෝ වක්‍රව හෝ සම්බන්ද උනොත් එම රටේ නීතියෙන් දඬුවම් කරන්න පුළුවන්. පළමුව තමන් ඉන්න රටේ නිතිය වත් දැනගෙන කටයුතු කළානම් ඔවැනි පුරාජේරු කියවන්නේ නැහැ. සමහරුන්ට කුමාර් ගුණරත්නම් වීරයෙක් උගතෙක්. නමුත් ලංකාවේ බහුතරයට ලංකාවට ආදරය දක්වන අයට ඔහු පුස්සෙක් පමණි. මෙහි ඇති ප්‍රතිචාර වලින්ම එය මනාවට පැහැදිලියි (නදී)
මෙම සිස්ටම් එක වෙනස් නොකර මෙහෙමම තියෙන්න ඉඩ දෙන්න. එතකොට කවදාහරි නැතිබැරි එකා නැතිවෙලාම යයි. (නදී)
ඔබ තුමා ඔය රටේ විසා ලබා ගත්තේ රටට විරුද්දව ගතු කියලා. නුමුත් නැවත මේ රටට එන්න හදන්නේ මේ රටේ හොද වාතාවරණයක් තියන නිසා. ඔබ මව් බිමට සැබෑ ආදරේ නම් ඔය දැන් ලබාගෙන තියන ඕස්ට්‍රේලියා විසා එක ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරලා කියන්න ලංකාව දැන් හොඳ රටක් මම මගේ රටට යනවා කියල. ගිහිල්ල පව්ලත් සමග පදිංචි වෙන්න. ඔහේ ඉඳගෙන විකාර කියවන්න එපා. (නදී)
අපි ඔය කවුරු කවුරු ගැනත් හොඳට දන්නවා (නි)
මේ වගේ අය ගැන කියවන එකෙන් වලකිනවා නම් තමයි හොඳ (නදී)
ආදරණීය කුමාර් සහෝදරයා , ඔබට ඉක්මනින්ම ලංකාවට එන්න ලැබේවා! මෙතන බොරුවට කෑගහන කට්ටියට උත්තර ඔහුගේ ක්‍රියාකලාපයෙන්ම දැකගන්න ලැබේවා! (නි)
රට පාවා දී පිටරට පුරවැසිකම් අරගෙන ඡන්දයක් එනකොට විතරක් ශ්‍රී ලාංකික වෙලා. (නදී)
ඉතින් රූපවති, ඔයාගේ භාෂා කුසලතාවයෙන් මෙතන ඉන්න නන්නාඳුනන අපිට ඇති ප්‍රයෝජනය මොකද්ද? ඔයා හිතන්නේ අපි මේ ඔයාට ඊර්ෂ්‍යා කරනවා කියලද? නමුත් මෙතන ප්‍රතිචාර දාන අනෙකුත් කාන්තාවන් ඔහොම තමන්ව මෙතන මාකට් කරන්න දඟලන්නේ නැහැනේ. අපිට නම් ඔයාගේ හැසිරීමේ ලොකු අමුත්තක් පේනවා. කිව්වට තරහ වෙන්න එපා. (නි)
රූපවතී, අපේ කාන්තාවන්ට හැම දෙයක්ම තිබෙනවා. උගත්කම, ලස්සන ළමයින්, ලොකු තැනකින් විවාහයක්... ආදී වශයෙන්. නමුත් තමන් අවශ්‍ය තැනදී නිහතමානි වෙන්න කියාදෙන්නේ තමන්ගේ කුඩා කාලයේ පැවති පවුල් පසුබිමේ ආභාෂය. ඒ නිසා හැකි නම් මීට වඩා නිහතමානි වෙන්න. (නි)
මෙතන ලියන අනෙකුත් කාන්තාවන් අපරාදේ කියන්න බැහැ, තමන්ගේ දැනඋගත්කම් ලොකුකම් ගැන පම්පෝරි නොගහා පුවතට මුල් තැන දීලා ලියනවා. රූපවතිට විතරක් මොකද්දෝ වෙලා. (නි)
ඔබට කැමති දෙයක් කිරීමේ බලට ඇතිමුත් යහපත් දෙයක් කිරීම ඔබගේ වගකීමයි (නි)
අනේ ළමයිනේ ඔය රූපවතී කියල ලියන්නේ පිරිමි පුද්ගලයෙක්!! චරිත උන්නැහේ කාන්තාවන් ගැන ලියනකොට ඒ මනුස්සයට අනිත් කොනෙනුත් හිනා!! (ස)
කුමාර් මහත්තයෝ මම හිතන්නේ ඔය සාකච්චාව ලංකාදීපෙට දුන්න වගේ මේ දාල තියෙන කොමෙන්ට් ටිකත් ඔබතුමා කියවන්න ඇතිය කියල. ලංකාවට ඇවිදින් ඡන්දය ඉල්ලුවත් අන්තිමට ඔයටික තමියි ඔබට උරුම වෙන්නේ, ඒ නිසා ඔය ඉන්න රටකට වෙලා නම්බුකාර විදියට හිටියොත් නරකද? අපිට අපේ තරුණ ජිවිත ටික රැක ගන්න ඕනේ. (ස)
වෙන රටක පුරවැසිභාවය තියෙන කෙනෙකුට ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැක, කතාව එච්චරයි. (ස)
ලක්ෂාන් මෙතන අපි විවිධත්වයකින් නොලීවොත් ඔක්කොම ටික දෙනා ..එකම දේ ලියල ..මේක මෙලොරහක් නැතිවෙනවා ..දැන් බලන්න මේ තීරයේ මට බැණ.. බැණා,ඔයාල ,කී දෙනෙක් එකේ රස වින්දද කියල ඇත්තටම මට ඔයාල මොනවා කියල බැන්නත් මගේ හිත රිදෙන්නේ නැහැ ..මම හරිම ආශ්වාදයකින් ..සතුටින් හිනාවෙවී මේ සති අන්තේ, හරිම උද්යෝගයකින් අපේ පත්තරේ කියෙවුවා ..! අපි ලියන දේ කාටවත් අලාබහානියක් නොවෙනවා නම්..!සිත් තැවුලක් නොවෙනවානම් එපමණයි ..! මගේ ප්‍රතිපතියක් ඇත මා කාගේවත් සිතක් නොරිදවමි අලාබයක් පාඩුවක් නොකරමි මට බැන්නත් ඒ ක මාගේ සිතේ වදයක් නොවන්නේ.. මා ඒ දෙය පසුපස තැවුල් සිතින් නොබලන හෙයින් විය හැක.....!!! (අ)
මොහුට ලංකාවට එන්න තියා ලංකාව දිහා බලන්නවත් චාන්ස් එකක් දෙන්න හොද නැත.මෙවැනි සාකච්ඡාවක්වත් නොදිය යුතුය. මොකද මොහුත් අර ප්‍රබාකරන්, විජේවීර වැනි ලේ පිපාසයෙන් කල් ගෙවන කෙනෙකි. (ස)
ලංකාව පළාතේ එන්න එපා. පරපුටුගාමී ගෝලයෝ ටිකත් එළවලා දාන්නයි තියෙන්නේ . (ස)
දවසේ හොඳම බොරුව "මා කාගේවත් සිතක් නොරිදවමි "(හේ)
පැත්ත පළාතේ ගන්න එපා.(හේ)
ඔහු ඉතා බුද්ධිමත් නායකයෙක්. පැහැදිලිවම ලංකාවේ සමාජවාදය වෙනුවෙන් අවංකවම පෙනී ඉන්න කෙනෙක්. ඕස්ට්‍රේලියාවේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. ඇත්ත සමාජවාදී ජිවිතයක් ගෙවන කෙනෙක්. මම මොහු හොදට දන්නවා. ඉතාමත් ආදර්ශමත් චරිතයක්. දෙමළ බෙදුම්වාදයට කෙලින්ම අභියෝග කරන, පිඩිත ජනතාව ජාතිවාදී වශයෙන් බෙදා වෙන් නොකර ඔවුන් එකමුතු කරන්න ඔහු හුගක් මහන්සි වෙනවා. අවි ආයුධ වෙනුවට මතවාද වලින් තරුණයෝ දැනුවත් කරලා ඔවුන් සමාජවාදී ජීවිතයකට හුරු කරවන්න උත්සහ කරන්නේ. අවංකව හිතන අවංක මිනිහෙක්. මේකේ දාල තියන ගොඩක් බොරු. ඔහු ඉතා විටින උගත් නායකයෙක්. රෝහණ විජේවීර පතපු ලංකාව ඔහු අපට ලබා දෙනවා. ටික කලක් බලා ගෙන ඉන්න. ඔහු ජනතාව විස්වාස කරන මිනිහෙක්. ජන අරගල මත අපිට ගොඩක් ප්‍රතිපල අරගෙන දේවි. අද නිදහස් අධයාපනය වෙනුවෙන් කරන අරගලය හෙට තව පුළුල් කරලා රටට ජයග්‍රහණ ගෙනේවි. (නදී)
චමින්ද ඔබ හොඳටම දැන ගෙනද ඔය දේවල් කියන්නේ. ඔය රටේම ඉන්න මගේ නෑදා කෙනෙක් මට කිව්වේ ඊට හාත්පසින්ම විරුද්ධ කතාවක්. මම මෙතන ඒක ලිව්වේ නැත්තේ මෙතන ඉන්න සමහර කට්ටිය ඕස්ට්‍රේලියාව ගැන නයි අරිනවා. පිස්සු නටලා පුවතේ අදාළ වටිනාකම නැතිවෙන නිසා. (නදී)
චමින්ද ඉස්සෙල්ලම කියන්නකෝ ඔබ ඉන්නේ ලංකාවේද නැතිනම් ඔස්ට්‍රේලියාවේද ? එහෙම නැතිව ඔබ ඔය කියන දේවල් අපිට එකපාරටම පිළිගන්න බැහැ. ඔබ ලංකාවේ සිටින කෙනෙක් නම් මට තේරෙන හැටියට ඔහුගේ ඒ රටේ ජීවිතය ගැන මෙතරම් විස්තර විශ්වාසයෙන් කියන්න බැහැ. (නදී)
චමින්ද තමාගේ වයස කීයද කියල ලියනවද? එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඉතුරු හරිය. (නදී)
මෙයාට එහෙ දුෂ්කර නම් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය අනිත් මිනිස්සු මොන තත්වයේද ? ඔක්කොටම කන්න බොන්න වත් නැතිවද ? අනේ මෙහෙමත් කතා. (නදී)
මම 1987 උසස් පෙළ සමත් වෙලා නාකි වෙනකන් සරසවියේ තපින්න වුනේ මෙන්න මේ මහත්තය ලගේ වැඩ හින්ද තමයි. චමින්ද ඔබ ඒ කාලයේ සරසවියේ හිටියා නම් මම කියන දේ වැටහේවි. එයාට ඕස්ට්‍රේලියාවේ ලංකාවේ දාපු සෙල්ලන් දාන්න බැහැ. ඒකයි දැන් මේ ආයෙත් ලංකාව ගැන මහා කරුණාව පහල වෙලා තියෙන්නේ. (ස)
රූපවති කතා වස්තුව ඉවර වුනා විතරයි මෙන්න චමින්ද සහෝදරයා වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කරලා. ! ඔය තරම් දේවල් දන්නේ එක්කෝ ඔහු එක්ක ඒ කාලයේ සරසවියේ හිටියා වෙන්න ඕන. නැති නම් දෙන්නම ඉන්නේ සිඩ්නි ඔපෙරා හවුස් එක ඉස්සරහ කුඩාරම් ගහගෙන. (ස)
සමරවිට එයා එහෙ රස්සාවක් නැතුව දුෂ්කර ජිවිතයක් ගෙවනවා ඇති. එයා ට හිතෙනවා ඇති එයාගේ පක්ෂ අය මන්ත්‍රී වරු වෙලා මොන සැප ජිවිතයක් ලංකාවේ ගෙවනවද කියල . මොන දහන් ගැටයක් ගහල හරි ලංකාවට රිංගන්න හදන්නේ ඔය නිසා වෙන්න ඇති . ඔය රටවල් වල හිටිය කියල කව්ද ගණන් ගන්නේ ?ලංකාවෙදිනම් අර පාරවල් වල ඉන්න සරසවි සිසුන් වත් පස්සෙන් යයි . (ස)
ඔය දේශ හිතියිශින්ට බැරිද හොඳ අරමුදලක් හදල අපේ රටේ දුප්පත් මිනිසුන්ට උදව් කරන්ඩ,වකුගඩු සහ පිළිකා රෝගීන් ඉතා අසරණ වෙලා ඉන්නේ. ආණ්ඩුව අපිට කව්වන්නෙත් වස විස. මේ වෙනුවෙන් කතා කරන්නේ රත්න හාමුදුරවො පමණයි.(අ)
කාරුණික දැනුන් දීමක්,:- ඔය චමින්ද කියන හාදය කියන දේවල් කවුරුත් ගණන් ගන්න එපා. මොකද මේ දවස්වල ඔහු මරු කියවනවා.(අ)
මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ..අපි මොහුගේ දේශපාලන කතා හොදට අහනවා, මරු කියවන්න ඕන කම නැත. ඇත්ත කියනකොට කේන්ති ගන්න එපා ..ඕන කෙනෙක් කුමාර් ගැන හොයල බලන්න ..අපි අභියෝග කරනවා ..ඔහු ඉතා උගත් දේශපාලන නායකයෙක්.විනීත මිනිහෙක් ..බොරුවට විකාර කියවන්න එපා ..හොයල බලන්න .. විමල් ට මෙර්වින්ට ඡන්දෙ දෙන උගතුන්ගේ අදහස් අපට එපා. (අ)
මෙතන චමින්දලා දෙතුන් දෙනෙක් අදහස් දක්වනවා.මේ අදහස ලියන චමින්දත් [මම] ඉන්නෙත් පිටරටක තමයි.මම යම් කිසි හරවත් දෙයක් ලියනවා ඇරෙන්න අනිකුත් අයට අපවාද,දෝෂාරෝපණ,ගැරහීම් මගෙන් සිද්ධ වෙන්නේ නැහැ.මම දැන් අවුරුදු 31/2කාලයක් ඉදන් මෙම තීරයට අදහස් දක්වනවා. නමුත් ප්‍රතිපත්තියක් හැටියට මම දේශපාලන පුවත් වලට අදහස් දක්වන්නේ නැහැ.මගේ හිතවත් පාඨක හිතවතුන් දැනුවත් කරන්නයි මෙහෙම ලියන්නේ.(අ)
පෙරටුගාමී පක්ෂයේ කතා වලට හොදින් සවන් දෙන්න. ලංකාවේ වමේ දේශපාලන හිඩැස පුරවන්න තමා ඒ පක්ෂය උත්සහ කරන්නේ. නැතුව තවත් දනපති පක්ෂයක මුක්කුවක් වෙන්න නොවේ. අනික ඔවුන් හොදින් තේරුම් අරන් තියනවා අායෙමත් මේ දේශපාලනය කරන්නේ මේ අදහස් දක්වන ඔලු ගෙඩිවලටම බව. බලන්න කුමාර් සහෝදරයාගේ කතාවෙන් යමක් ඉගෙන ගන ගෙන තර්කයක් ගොඩ නඟනවා වෙනුවට ඔහේ ඔහුට අවලාද නගන එකනේ ගොඩක් අය කලේ. අන්තිමට ඔහු ගැන හොදින්ම දන්නා මාවත් අල්ලාගෙන බනිනවා. එතෙන්ට යන්න එපා. ඔහු කියන දේ අහන්න. ඔය ගොල්ල මොන තරම් කුහකද ? අන්තිමට කුමාර් කොහෙවත්, බනින්නේ චාමින්දට. කරුමෙට හරි අපිට මේ දේශපාලනේ කරන්න වෙන්නෙම ඔන්න ඔය වගේ මිනිස්සු එක්ක. හෙමින් යමු...මොකද අද අපිට බනින අය තමා ඉක්මනට අපි එක්ක එන්නේ. සංවාදය බුද්දීමත් කරමු (නදී)
මට පෙනෙන විදියට චමින්ද පොඩි ළමයෙක් වගේ. පව්. කල් යනකොට තේරුම් ගනීවි (නි)
චාමින්ද, ඔයා පිදුරු කාලා රසයි කියලා කිව්වාට වෙන කවුරුත් කන්නේ නැහැ.මේ රටේ මිනිස්සු අද නිදහසේ බෝම්බ බියකින් තොරව පාරේ යනවා. සල්ලි වලට කාටවත් කඩේ යන්න නරකයි.මේ රටට ආදරය කරන මිනිසුන් මේ රටේ ඉන්නා බව අමතක කරන්න එපා. (නි)
මට මතකයි මෙයා මෙයාවම පැහැර ගත්ත. ඒ ජනප්‍රිය වීම සඳහා. ගුණරත්නම් මහත්තයෝ කොහොමත් ඔයාව මිනිස්සුන්ට අප්පිරියයි. ඔයා දැන් නටන්න යන්නේ අලුත් නැටුමක් බව මුළු ලංකාවේම ඉන්න ජනයා සමග මුළු ව්ශ්ව විද්‍යාල ශිෂය ප්‍රජාවම දන්නවා. ඔයාට ඡන්දය ඉල්ලන්න අවස්ථාව උදාකරල දෙයි. ඒ අනිකුත් විපක්ෂ අපේක්ෂකයන්ගේ ඡන්ද කැඩීමට. නමුත් තමන්ට ලැබෙන්නේ තමාගේ ඡන්දය පමණයි. එයත් අවලංගු ඡන්දයක් වෙනවාමයි. (නදී)
සමහර ප්‍රතිචාර දැක්කම ඉල ඇදෙනවා..මෙයා ඕස්ට්‍රේලියාවේ දුක් විදිනවලු..බලන්නකෝ අන්තර්ජාලේ මොහුගේ පවුලේ පින්තුර ටික..සැප බේරෙනවා..අනිත් නායකයෝ බල්ලෝ බළල්ලු වගේ මහ මග වදකාගාර වල දස වධ විදලා ආරක්ෂක අංශ අතින් ජිවිත අහිමි කර ගනිද්දී ආරක්ෂක අංශ වලට හසු වුනු මොහු ජීවිතය ගලවාගෙන රාජ්‍ය අනුග්‍රහයෙන් බෝට්ටුවලින් පැන ගත්තේ කොහොමද? නින්දිතම පාවාදීම්වල ප්‍රතිපල තමයි ඒ..සියලු සත්‍ය හොදින්ම දන්නේ එවකට ත්‍රිකුණාමලය බාරව හිටපු සරත් පොන්සේකා මහත්තයා. 88/89 දී ත්‍රිකුණාමලය දිශාවේ ජනතා විමුක්ති පෙරමුනු ක්‍රියාකාරකම් අතුගාල දාන්න සරත් පොන්සේකා මහත්තයට සහ රජයට දීපු උදව් වල ප්‍රතිපල තමයි ඔය මනුස්සයාගේ ඔස්ට්‍රේලියා පුරවැසිකම. ජනතා විමුක්ති පෙරමුණේ ඒ දවස්වල හිටපු සැබෑ නායකයන් දන්නවා මොහු ගැන. මොහුගේ ඉතිහාසගත පාවාදීම ගැන. (නදී)
බන්දුල බොරු කියන්න එපා මහත්තයෝ. මෙයා ඕස්ට්‍රලියාවට ආවේ බිරිදගේ උපාධිය නිසා මිසක් බෝට්ටුවක නොවේ. අනික මෙයා පාවල දෙන්නෙක් නම් 2012 වෙන කම් ජ .වී. පෙ. නායකයෙක් හැටියට තියා ගන්න ජේ.වී.පෙ. එකේ ඉන්නේ මයිනෝ ද .? අපි ඔස්ට්‍රලියාවේ ඉන්න නිසා ඇත්ත දකිනවා. නොදන්නා දේ ලියලා ලංකාවේ මිනිස්සු නොමග යවන්න එපා. ලංකාවේ තරුණයන්ට ආයුද වෙනුවට මතවාද වලින් දේසපාලන ජයග්‍රහණ ලබා ගන්න මග පෙන්වන මෙවැනි මිනිස්සු අගය කරන්න. බොරු පතුරන්න එපා (නදී)
මට ඉස්සෙල්ල කියන්නකෝ චමින්ද මහත්තයාගේ වයස කියද කියලා..කජු කිරි කොල්ලොත් එක්ක මේ පුද්ගලයා ගැන වාද කරලා වැඩක් නැහැ. ලංකාවේ මිනිස්සු නොමග යවන්න මට බැහැ, ඔයාටත් බැහැ. ඒ මිනිස්සු ඇත්ත දන්නවා. වර්තමාන එෆ් බි පරම්පාරව නොදන්නවා උනාට. මෙයාව අගය කරන්න ඔයාට පිස්සු උනාට අපිට පිස්සු නැහැ. දෙයියනේ කියල ඔහේට වෙලා ඉන්න විදියට දෙන්නම ඉන්න මේ රටේ තරුණ කෙල්ලෝ කොල්ලන්ගේ මර ලතෝනි විලාප ආයෙත් අපිට අහන්න ඉඩකඩ සලස්වන්නේ නැතුව. (නදී)
ප්‍රේමකුමාර් මහත්තයෝ, ඕස්ට්‍රේලියානුවෙක් වගේ හිතන්න පුරුදු වෙන්න. (නි)
මේ ප්‍රතිචාර දැක්කම හිනායනවා. සමහරු පිටරට සිට තමා දන්නා දේ ගැන කියවනවා. අනෙක් අය ලංකාවේ ඉඳලා තමන් දන්නා පණ්ඩිතකම් කියවනවා. ඔය දේශපාලන ගැත්තන්ට පැය 24 ම ඕක ඇරෙන්න වෙන දෙයක් නැහැ. අනෙක් සාමාන්‍ය මිනිසුන්ට මෙතන මැජික් පෙන්වන්න හදන්නේ. අපි දෙගොල්ලන් ගැනම දන්නවා. (නි)
මේ පුවත දැන් දැකල දැකල ඇලජික් වේගෙන එන්නේ. වැඩිම කාලයක් තිබුණු පුවත ලෙස මේක "ලංකා ගිනස් පොතට" යාවි. (නදී)
ඉන්න තැනක හොඳින් ජීවත්වෙන්න (නි)
මෙයා රට කඩන්න එන කොටි නියෝජිතයෙක්. ලංකාවට එන්න ඉඩ දෙන්න එපා. (නදී)
මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ අයගේ දරුවෝ මෙහෙ සැපට හැදෙනවා. ලංකාවේ දුප්පත් අම්මල තාත්තලගේ දරුවෝ මේ අය බයිටි එකට ගන්නවා. (නදී)
අනේ මෙයාගේ මුණ දැකල දැන් ඇති වෙලා (නදී)
කුමාර් සහෝදරයා ආපුවම බලාගන්න ඔහු කව්ද කියලා. සමහර චණ්ඩින්ට ඡන්දෙ දීපු අය මොහු කව්ද කියල දන්නෙත් නැතිව බොරුවට කැගහනවා. මහත්තුරු ඉන්නකෝ ටිකක් ඉවසලා (නදී)
තමන්ගේ සහෝදරයෝ මැරෙද්දි රට පැන්න මෙයාට දැන් තමා වම මතක් වෙලා තියෙන්නේ (නදී)
එන්න එපා මෙහෙ රටේ නම කන අය. සරණාගත විසා අරගෙන යුද්දේ කාලේ කොහෙද ඔයා හිටියේ බබෝ (නදී)
සරණාගතයෝ වගේ යන හැමෝම රට පාවල දීල තමයි යන්නේ..දැන් එනවා රට හදන්න. මේ අයට අපේ රටේ වැලි කැටයක්වත් පාගන්න දෙන්න එපා එපා එපා. (නදී)
උපුල් ඉන්නකෝ දන්නේ නැති දේවල් කියවන්නේ නැතිව. ඔයා එක එක්කෙනාගෙන් ඇහිද ගෙන බොරුවට දන්නේ නැති දේවල් කියවන්නේ නැතිව ඉන්නකෝ. ආ ඔයත් යුද වීරයෙක්ද ? (නදී)
මහත්තයෝ රජිතම් ගුණරත්නම් කියන්නේ වීරයෙක්. ඔව් සැබෑ වීරයෙක්. අදත් අද්‍යාපනය තාමත් පෞද්ගලිකරණය කරන්න බැරි උනේ ඔවුන්ගේ නිර්බිත අරගලය හින්දයි. වෙනුර නිෂ්මි ඔහු වගේ තවත් ජිවිත කියක් පූජා කලාද. (නදී)
මේ චමින්ද යන නමින් බන්දුල පෙරේරා සමග වාදයකට පැටලුනේ කුමාර් ගුණරත්නම් කියා මට 200% විශ්වාසයි. (නදී)
පෙරටුගාමී පක්ෂයේ චාමින්ද මහතාණෙනි, වමේ හිඩැස පුරවන්න උත්සහ කිරීම වම තව තවත් කැබලි වීමක් නොවන්නේද? ධනවාදී පක්ෂ වල මේ කියන හිඩැස් ඇති නොවන අතර මේවිදියට කැබලි වෙන වාමාංශික ව්‍යාපාරය ගැන ජනතාවට ඇත්තේ ලැජ්ජාවකි.වාමාංශික දේසපාලන අදහස් දරන ජනතාවගේ ප්‍රදාන සතුරා මෙම ව්‍යාපාරයේ ක්‍රියාකාරින්ම බවයි මගේ හැගීම. දැනට රජයට සම්බන්ද වී සිටින රතුපාට දේසපාලන පක්ෂවලට නිල්පාටම සාමාජිකත්වය ලබාගෙන තමන්ගේ ආත්මගෞරවය රැකගන්න කියමු.සුළු අඩුපාඩුකම් තිබුනත් දැනට වාමාංශික ව්‍යාපාරයේ ප්‍රබල ක්‍රියාකාරිත්වයක් තුලට ජනතා විමුක්ති පෙරමුණ පැමිණ ඇති බව පෙනී යනවා ඇත.තමන්ගේ මතවාද පමණක් වෙනුවෙන් බෝඩ් ලෑලි වලටපමණක් සිමා කරගෙන ඇති වමේ සියලුම දේසපාලන පක්ෂ,(ධනපති පක්ෂ වලට මුක්කුවක් නොවී) ක්‍රියාකාරී එකමුතුවකට පැමිණීම,වාමාංශික ක්‍රියාකාරීන්ගේ යුතුකම සහ වගකීම විය යුතු නොවන්නේද? (බ)
සල්ලි තිබෙන නිසා පිටරට උපාධියක් ගන්න ගියානම් මොකටද එහෙ පුරවැසිකම? (නි)
මෙවයේ කොමන්ට් වලින් ජනමතය විමසීම විහුලවක්ම තමයි, අනේ අනිච්චං කියල හිතෙනවා. චමින්දගේ අදහස නිවරදියි කියල මමත් කියන්න කැමතියි, එත් චමින්ද කියන විදිය කෙනෙකුට වැරදි වැටහීමකුයි ඇතිවෙන්නෙ? ලංකාවෙ ඉන්න අය හා බැලුවහම ඕස්ට්‍රේලියාවෙ ඉන්න ලාංකිකයො දුක්විඳිනවා කිව්වහම ඒක බොරුවක්නේ, ඒ වුනත් කුමාර පමනක් නෙවි සෝමවංස මහත්තයවත් මහලොකු එන්ගලන්තයෙ ප්‍රංශයෙ ඉන්න කාලෙ සැපජීවිත ගතකරන්න පුලුවන් වුනේ නැහ. ඒවා දන්න මිනිස්සු මේ සමහරුන්ගෙ කොමන්ට්වලට හිනහ වෙනව. දේශපලන විවේචන කිරීම කාටත් අයිතිය තියෙනව, ඒත් ඕනම ලාංකිකයෙකුට නැවත ලංකාවට ඇවිත් දේශපාලනය කිරීමේ අයිතිය තියෙන්න ඕන.ඒක ගෝඨාබය මහත්තයටත් කුමාර මහත්තයටත් දෙන්නටම එකයි. (අ)
කුමාර් ගුණරත්නම් ඔයා නම් බේරුණා.... ඔබව බේරගන්න පා.ම. අජිත් කුමාර රටේ ඉහළම තැන ඇමතුවා කියල අපි දන්නවා.... හැබැයි ලලිත් සහ කුහන් අතුරුදහන් කරපු වෙලාවෙ ඔයා ලංකාවේ හිටියා. ඔයාලගෙ අදහස වුනේ එහෙම කථාකරන්න අවශ්‍ය නැහැ කියල. ඔයාල එහෙම කළා නම් ලලිත් සහ කුහන් අදටත් අපි අතර ඉන්නවා... ඔයාල ප්‍රතිපත්ති රකින්නෙ පල්ලෙහා මිනිස්සු සම්බන්ධයෙන් විතරද? ඔයාගෙ ජීවිතේ විතරද ජීවිතේ..... උන් මිනිස්සු නෙමෙයිද? ජාතික ලයින් එක තාම විශ්වාස කරන ගමන් ජාතිකවාදය, පටු ජාතිකවාදයෙන් ඔත්පල වූ සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගොඩනගන්න වගේ තක්කඩි කතා කියන්නෙ කාව රවට්ටන්නද? (ස)
තව එකක් ඔයා පාවිච්චි කරන නොයෙල් මුදලිගේ කියන නම නිසා ඇත්ත නොයෙල් මුදලිගේට ලංකාවට එන්න විදිහක් නැතිව ඉන්න එක ගැනත් ප්‍රජාතන්ත්‍රවාදීව හිතන්න.....(ස)
ඔන්න දැන්මම කිව්වා. එන්න එපා. එනවා නම් නැවත යන්න හිතාගෙන එන්නත් එපා. ඔයා කැනඩාවට ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න විදියට ඉන්න. ඒවායේ පුරවැසිකම තියෙනවා නම් මොකටද මෙහෙ එන්නේ. (නි)
පොදු වශයෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්න සෑම ලාංකිකයෙක්ම රැකියා සඳහා මහත් වෙසක් දරනවා. විධායක ධුර දරුවත් ලංකාවේ වගේ අතට පයට පහසුකම් නැහැ. දොස්තර කෙනෙක් වුණත් ලෙඩාට පොරවනයක් ගෙනෙන්න සිද්ධ වුණොත් ඒක කරන්න ඕනෑ. සමහරු රාත්‍රියේ උදේ පාන්දර වැඩ කරනවා. විවේකයක් ඇත්තෙම නැතිතරම්. නමුත් හොඳ ජීවන තත්වයක් මහන්සි වුණොත් සැමට තිබෙනවා. ඉතින් මේ පුද්ගලයා විතරක් දුක්විඳිනවා කියලා කියන්න එපා. එහෙ ගියා නම් කාටත් වැඩ කරන්න වෙනවා. (නි)
මෙයා ලංකාවේ දේශපාලනයට සුදුසු වුණත් නුසුදුසු වුණත් මේකට ඔය ඕස්ට්‍රේලියානු පුරවැසිකම් ඈඳාගන්න බැහැ. ඒ මොකද වෙනත් රටවල පුරවැසිකම් සහිත උදවිය රැසක් ලංකාවේ දේශපාලනයේ නිරත නිසා. ඒක එහෙම නෙමෙයි කියලා කඩේ යන අයට පවා කියන්න බැහැ. එම නිසා ඒ කරුණ හැර වෙනත් නුසුදුසුකම් තිබෙනවා නම් ඒක වෙනම කාරණාවක්. (නි)
මේක පත්තරේ තිබුන කාලය හොදටම ඇති. (ස)
චේ ට රටක් නැත . ඔහු මුළු ලෝකයටම ආදරය කල .මුළු මිනිස් සංහතියම වෙනුවෙන් ජීවිතය දුන්න. (ස)
හොඳ නායකයෙක් (දිල්)
මේක දකිනකොට දැන් එපාවෙලා.(හේ)
පිට රටට පැනල ගිහින් එහි රටවැසිකම අරගෙන තමාගේ ලාංකේය රටවැසිකම අත්හැරපු මෝඩයා දැන් කියනවා උපන්බිමේ අයිතිය නැතිකරන්න බැහැකියල. මෙයාට මෙහෙ දේශපාලනේ කරන්නනම් දිත්ව පුරවැසිකම ලබාගත යුතුය. නමුත් මෙහෙට හොරෙන් ඇවිත් පන්නපු නිසා මොහුට එය ලැබෙන්නේ නැත. මේ මෝඩයට අන්තරේ මෝඩ රෑලගේ සරනයි. පවු. (අ)
විල්සෝන් මහත්තයෝ, ජේ.වී.පි කියන්නේ තවත් සුළු ධනේශ්වර පක්ෂයක් මිස වමේ පක්ෂයක් නොවේ. හෙට අනිද්දට බලන්නකෝ කට්ටිය දෙකට බෙදිලා අගේට මුක්කු ගහල මේ ක්‍රමය රකින්න උදව් කරන හැටි. ඒක ඉතිහාසයට ගිය පක්ෂයක්. මාර්කස් කියන විදිහට අභාවයන්ගේ අභාවය. (නදී)
[email protected] සමන් රොහාන් රණසිංහ, සෑම මනුෂ්සයෙකුම ඉපදී මැරෙනකම් ලෝකයේ කොතැනක සිටියත් තම මව් බිමේ අයිතිය අනිවාර්යෙන්ම ඇත.(අ)
ඇත්තටම මේ වගේ නිව්ස් එකක් මෙච්චර දවසක් තියා ගත්තට ලංකාදීපයට උණුසුම් ආචාරය ,,,දැන් නම් හැම සතියෙම ලංකාදීපේ වරද්දන්නෙ නැතිව ගන්නවා..(අ)
මේකේ කොමෙන්ට් ලියන කී දෙනෙක් වෙන රටවලට යන්න උත්සහ කරලා තියෙනවද ? ,පිටරටවල ඉන්න කී දෙනෙක් පුරවැසි භාවය ගන්න මොනතරම් දත කනවද? මේ හැමදෙයක්ම තියෙන ලංකාවෙත් හොදම දේශපාලන සම්බන්දකම් තියෙන තමන්ට හොදින්ම මේ සිස්ටම් එකට අනුගත වෙලා සැපවත් ජිවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක් ගැන නේද මේ මිනිස්සු අපහාස කරන්නේ (නදී)
මේක දකිනකොට දැන් එපාවෙලා. (නදී)
බණ්ඩා චේ නිසා ලෝකයේ තරුණ ජිවිත කියක් නැති උනාද ? (නදී)
අනේ මේ ඔයා ඕස්ට්‍රේලියාවටම වෙලා ඉන්න! (නි)
මම නම් මොහු දැකීමටවත් කැමති නැහැ (නි)
කුමාර් ගුණරත්නම් යනු ලාංකීය දේශපාලනයේ පුරා අවුරුදු 3o කට අධික කාලයක් දුක්විඳින,සකලවිධ පීඩිතයන්ගේ අරගලය වෙනුවෙන් තම ජීවිතය කැපකළ විප්ලවීය වීරයෙකි. (නි)
අපිට ඕවා කියලා වැඩක් නැහැ (නි)
මට නම් මෙයාව අප්‍රසන්නයි (නි)
රට පනින්නේ නැතුව වෙන කොහේ පනින්නද? (නි)
මට නම් මෙයාව දැකලා දැකලම එපාවෙලා (නි)
මට නම් දකිනකොටත් තරහයි (නි)
උදාර, කවුද ඒ අය? මම දන්නා විදියට ලංකාවේ දේශපාලනයේ නිරත සමහරුන්ට ස්ථිර පදිංචිය ඇත. ඉංගිරිසියෙන් පර්මනන්ට් රෙසිඩන්ට් කියා එය කියයි. එය පුරවැසි භාවය නොවේ. පුරවැසි භාවය යනු සිටිසන්සිප් තිබීමයි. මේ දෙක අතර වෙනස හඳුනා ගන්න නීති කතා කිරීමට පෙර. (ර)
යමෙක් වංචාකාරී නොවන්නේ නම්, නම් තුනකින් පෙනී සිටිය යුතුද? මොහු නම් තුනක් පාවිච්චි කරන්නේ ඇයි කියන එක මේකේ මොහු ගැන ආඩම්බරයෙන් ප්‍රතිචාර දාන අය මට කියනවද? (ර)
දැන් ඇති දවස් 13 ක්ම මේ විස්තරේ පත්තරේ පල කලා. ඒ තැනට වෙන මොනවා හරි ලියන්න නැත්නම් හිස් තැනක් වගේ තියන්න මේවා දැකල දැකල අප්පිරියයි. (ර)
දැන් මේක ඇති නේද ? එපා වෙනවා දැකලම. (ර)
සුපුන්, ඇත්තටම ලලිත් සහ කූගන්ට මොකද වුනේ? කුමාර් ගුණරත්නම් බේරගන්න ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය මැදිහත් වුනා නේද? (නදී)
ඉතින් ඉන්දික කොහොමද දන්නේ ඒ අයට තියෙන්නේ ඔය දෙකෙන් මොකක්ද කියලා. ඔයා ඒ ගොල්ලන්ගේ ගෙදර කෙනෙක්ද ? (නදී)
දැන්නම් මෙයාව ඇතිවෙලා. (නි)
මට නම් මෙයාව එපාවෙලයි තියෙන්නේ (නි)
මේ මොනවා කතාකරනවද මහත්තයෝ? (නි)
පැලෙන්න දෙන්න පුළුවන් තැනක්නේ සොයාගෙන තියෙන්නෙ.(නදී)
ඇට්ටි හැලෙන්න දෙන්න පුළුවන් තැනක් කියලා හිතාගත්තට, මෙයා ගැන රටම දන්නවා. (නදී)
රුවන්,ඔබ සාමාන්‍යයෙන් යමෙකුට මොකක්ද තියෙන්නේ කියලා දැනගන්නේ ඔහුගේ හෝ ඇයගේ ගෙදර ගිහිල්ලද? අද ලෝකේ වටේ වෙන දේවල් දැනගන්න ඔබ ඒ රටවලට ගිහිල්ලා බලනවා ඇති නේද? අපි නම් සමහර දේවල් දැනගන්නේ පුවත් කියවලා. (නි)
තමන්ට වෙනත් රටක පුරවැසි බව තියනවා නම් කිසිම දේශපාලකයෙක් ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ. කොහෙන් හරි අනියම් මාර්ගයකින් මිනිස්සු දැන ගත්තොත් ඇරෙන්න. දැන් මෙතනම පේනවානේ තිබෙන විරෝධය. පුවත් වලින් දේශපාලකයන්ගේ ගෙවල් වල තියන ඔක්කොම හෙළි කරනවා හොඳයි නේ. (නදී)
පුද්ගලයන්ගේ පුද්ගලික තොරතුරු වලට වැඩිය පක්ෂය විසින් කරන දේවල් ගැන විශ්වාශ කරන්න. අද වෙනකොට ලංකාවේ දේශපාලනය ඇතුලේ යමක් ඉතාමත්ම විදයාත්මකව පහදලා දෙන්නේ පෙරටුගාමී පක්ෂය විතරනේ. මේ තියන ධනපති ක්‍රමයට විසදුම සමාජවාදය මිස මේකම ශක්තිමත් කරන්න තියන පක්ෂ දෙකට මුක්කු ගහල වැඩක් තියනවද. ඒ නිසා වමේ දේශපාලනය ශක්තිමත් වෙන විදිහට කල්පනා කරන්න. ගොඩක් වැදගත් පුද්ගල සාදක නොව ප්‍රතිපත්ති නිසා මේ සංවාදය එතෙන්ට ගෙනි යන්න (නදී)
මට දැන් නම් එපා වෙලා. (ර)
පත්තරයක් මෙතරම් පිරිහෙන්නේ මොකද, මේ පුවත තියාගන්න සල්ලි ගෙවනවද? (බ)
දැන් නම් අපිට මෙයාව ඇතිවෙලා (නි)
අනේ අපිට මේ පින්තුරය දැකල ඇති වෙලා. වෙන මුණක් නැති නම් බන්දුලගේ මුණ හරි කමක් නැහැ පල කරන්න. මේ පින්තුරය නම් තවත් එපෝ
ලංකාදීප පත්තරේ ගරු කතතෘ මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා මේ පොටෝ එක ඉවත් කරන ලෙස. මේ මුසල මුණ උදේට දැක්කම දවසම මුසලය. (බ)
නමක් නිවැරදිව ලියාගන්න බැරි සමහර අය විද්‍යාත්මක සමාජවාදය ගැන කතා කිරීම කනගාටුදායකය.දැනට වමේ පක්ෂයක් හැටියට ජනතාවගේ ඉහලම ප්‍රතිචාරයක් ලබන ජ.වී. පෙ.සහෝදර පක්ෂයක් වශයෙන් නොසලකා,ධනවාදී,ඉතිහාසයට එක්වෙන අභාවයෙන් අභාවයට ගිය පක්ෂයක් වශයෙන් සලකන අරමුණ කුමක්ද යන්න ජනතාවට තේරුම් ගත හැකිය. දේශපාලන පක්ෂවල අරමුණු ඉටු කර ගැනීමට මිනිස් ඝාතනවලට ඉඩ නොතැබීම ජනතාවගේ වගකීමය.(හේ)