IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


උපයෝගීතාවේ බෙන්ස් එකට කෝප් කමිටුවෙන් දෝස්මුරයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා බෙන්ස් වර්ගයේ මෝටර් රථයක්  රුපියල් තුන්ලක්ෂ හැත්තෑ  පන් දහසක මාසික කුලියකට  මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ලබා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවිය.

ඒ අනුව මෙම මෝටර් රථය වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට වැඩි මුදලක් පසුගිය  2022 මැයි 31 දක්වා ‍නීති විරෝධීව ගෙවා ඇති බව රජයේ විගණකාධිපතිවරයා කෝප් කමිටුව හමුවේ පැවසීය.

මේ අතර ඉන්ධන ලීටරයක් රුපියල් 250 ක මුදලකට ලබා දිය හැකි බවට හිටපු සභාපතිවරයා කළ ප්‍රකාශයද අසත්‍යයක් බව  ඔහු සඳහන් කළේය.

සමස්ත ජනතාව නොමග යවමින් හිටපු සභාපතිවරයා කළ එම  ප්‍රකාශය අසත්‍ය බවට ජනතාවට  ප්‍රසිද්ධ නිවේදනයකින්  සති දෙකක්  ඇතුළතදී  දැනුම්දෙන ලෙසට  කමිටුව නිලධාරින්ට නියෝග කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 6 වැනිදා රැස්විය.

 



අදහස් (6)

උපයෝගීතාවේ බෙන්ස් එකට කෝප් කමිටුවෙන් දෝස්මුරයක්

Rata Perata Sunday, 10 September 2023 12:24 PM

හිටපු සභාපති ත් මෙ වගෙ එහෙයියෙක් උනානම් කිසිම ප්‍රශ්නයක් නෑ. අඩුගානෙ එ මනුස්සය ජනතාව පැත්තෙන් බැලුව. මෙයා ඇවිල්ල ගොට්ට අල්ලල වැජබෙන්න වගේ හදන්නෙ. මෙ එක කාර් එකට මෙච්චර කතා කරනව. හිටපු ජනපතිල වාහන 500 ක් පවිච්චිකලා කියනව, ඒවට කිසි කතාවක් නෑ. පිස්සො රජකරන සුන්දර රටක් මෙක.

:       0       1

Perakum Sunday, 10 September 2023 12:30 PM

ඔය කියන කොමිටිවලින් මෙච්චර කාලෙකට මොනවාද කරලා තියෙන්නේ? කාලය සහ මහජන මුදල් නාස්ති නොකර යන තැනක යනවලාකෝ…!

:       0       1

Nimal Sunday, 10 September 2023 12:52 PM

මෙයා සුදනා වගේ සිටිමින්, අනෙක් අයට චෝදනා එල්ල කරමින් කර තිබෙන වැඩ නම් අතිශය දූෂිතයි. එළවලාම දෙමු.... ඒක බොහෝම හොඳයි. වාහන කුලිය වශයෙන් මුදල් ගෙවා තිබෙන්නේ රේඛනය නොකළ මුදල් චෙක්පත් මගින්... මෙවැනි මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම වෙනුවෙන් ගනු ලබන පියවර කවරේද?

:       0       0

Mh Mohan Sunday, 10 September 2023 01:10 PM

මේවා නිවුස් විතරයි දඬුවම් කෝ...?

:       0       0

Nimal Sunday, 10 September 2023 01:18 PM

දැන් ලංකාවේ ඉන්න ලොකුම හොර බොරු කාරයින්...!

:       0       0

pj Monday, 11 September 2023 05:36 AM

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා කරන ප්‍රකාශද අනාගතයේදී මෙවැනි තත්වයකට පත්වන බවක් පෙනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 0 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 204 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


කරුත් මැතිවරණ සටනෙන් ඉවත්වෙයි
2024 ඔක්තෝබර් මස 13 5035 0

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන


වැස්ස බස්නාහිර පාසල් කීපයක් වහයි
2024 ඔක්තෝබර් මස 13 4190 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 6814 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 947 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26119 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 339 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 423 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1367 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site