මහරගම ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට සන්ධානයෙන් විටින් විටින් විට මන්ත්‍රීවරුන් දෙදෙනකු තෝරා යැවූවත් මහරගමට ඔවුන්ගෙන් සේවයක් නොවීයැයි බස්නාහිර පළාත් මහාමාර්ග ඇමති උපාලි කොඩිකාර මහතා පැවසීය. ඔහු එසේ කීවේ මහරගම නව සතිපොළට මුල් ගල් තැබූ උත්සවයේදීය. බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා මහතා ප්‍රධාන ආරාධිතයා විය. නාගරික සංවර්ධන අමාත්‍යංශය රුපියල් අට කෝටියකට ආසන්න මුදලකින් නව සති පොළක් ඉදිකිරීමට යයි.
‘‘මහරගම ජනතාවගේ ඡන්දයෙන් දිනේෂ් ගුණවර්ධන හා අමල් සේනාධිලංකාර මහත්වරුන් පාර්ලිමේන්තු යැව්වා. ඒ දෙන්නාගෙන්ම වැඩක් වුණේ නෑ. අවුරුදු 23 ක් යනතුරු සති පොළ ඉදිකිරීම පමාවුණා” යැයිද කොඩිකාර මහතා කීවේය.
මහරගම සංවර්ධනය තමාගේත් උපාලි කොඩිකාරවන තම සැමියාගේත් දෙවුර මත රැඳී ඇතැයි නගර සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තත්වයෙන් ගත්තත් මට නම් දිනේෂ් ගුණවර්ධන කියන්නෙ බොහොම ඉහළින් ඉන්න දේශපාලකයෙක්. මම මේ කියන්නෙ සාපේක්ෂවයි. (නි)
උපාලි කොඩිකාරට දේශපාලනය ගැන තව ඉගෙනගන්න තියෙන බව නම් කතාවෙන් පේනවා. (නදී)
මුලින් දිනේෂ් ඇමති වෙන්න කලින් වැදගත් දේශපාලකයෙක්.නමුත් දැන් කඩේ යන්නෙක්. (අ)
මහා ජනතාවට සේවය කිරීම ඔය කගේ කාගේත් වගකීමයි. චන්දෙන් පත් කරලා ඔතනට එව්වේ පුටු රත් කර කර ඉන්න නෙමෙයිනේ.තමන්ට කරන්න පුළුවන් මොනාද ඒ දේ කරනවා මිසක යල් පැන ගිය දේවල් හාර අවුස්සන එකෙන් පලක් නැහැනේ. ඒක ඉතින් ජනතාව තේරුම් ගනීවි ඊලග පාර ඡන්දයක් පැවැත්තුවොත් කාටද මනාපේ අමනාපෙ දෙන්න ඕනේ කියල.(අ)
අනුන්ගේ වැරදි කීමට වඩා තමන්ට පුළුවන් දෙය ජනතාව වෙනුවෙන් කරන එකයි වැදගත්. (නි)
මට මතක්වෙනවා ප්‍රංශයේ හිටි 14 වැනි ලුවී රජතුමා කියූ අහංකාර කියමනක්. "රට නම් මමයි". (නි)
ජනතාවගේ වටිනාකම අන්තයටම ගිහිල්ලා. මේ ක්‍රමය ඉක්මනින් අහෝසි කළයුතුයි. (නි)
මම නම් අසා තිබෙන විදිහට දිනේෂ් මහතා හොඳ කෙනෙක් (නි)
ඒ අතින් බලනකොට දිනේෂ්ටයි අමල්ටයි උරහිස් තිබිලම නැතිවගක් තමයි අපිට හිතෙන්නේ. එකම කණ්ඩායමක් පරම්පරා දෙකක් බලයේ ඉන්නකොට ගැටුම් ඇතිවන්නේ විරුද්ධ පක්ෂයත් එක්ක නොවෙයි, තමන්ගේම කට්ටිය අතරේයි. හැබැයි ඡන්ද ප්‍රතිඵල වලට නම් ඔය ගැටුම් කොහොමතත් බලපාන්නේ නැහැ. (නි)
අදටත් ගැමියන් "රොබට් ගුණවර්ධන සහ පිලිප් ගුණවර්ධන" යන මහත්මාවරුන්ට සළකනවා. ඒත් වර්තමානය ගැන නම් කණගාටුයි (නි).
අපි දන්නවා හැරෙනකොට... (නි)
අනෙක් අයට වැරදි කීම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
අනේ අනේ! 8 කෝටියක වෙළඳ සංකීරණය හදන්න අවුරුදු 23ක් ගියා. හැබැයි අපේ රටේ එක ඇමති කෙනෙකුට තීරුබදු රහිත ක්‍රමය යටතේ ලක්ෂ 100 ක මෝටර් රථයක් ගෙන්නුවොත් ලක්ෂ 300ක තීරු බදු රජයට අහිමි වෙනවා. මේ ප්‍රදේශයේ පළාත්, පාර්ලිමේන්තු ආදී ලෙස මේ වරප්‍රසාද සඳහා උරුමකම් කියන අය කීදෙනෙක් ඉන්නවද? අද ජනතාවගේ අවශ්‍යතා වලට කිසිම වටිනාකමක් නැහැ. (නි)
කවුරු කිවුවත් කතාව ඇත්ත තමයි. රට ජාතිය ගැන කතා කළාට ගමේ මඩ වළවල් වැහෙන්නේ නැහැ. (නි)
හරියට අත්තිවාරම් කපලා පසුව මුල් ගල් තියනවා නම් නේද වඩා හොඳ? (නි)
උපාලි හෝමාගම, දිනේෂ් මහරගම. උපාලි ඡන්ද කරන්නේ මහරගම. දිනේශ්ලට යන එන මන් නැහැ. දිනේෂ් හෝමාගමින් වැඩේට බහින්න යන බව අාරංචියි. එ්ක නිසා මේ වගේ දේවල් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (නදී)
අපේ මහත්තයට තරමකට කේන්ති ගිහිල්ලා වගේ. (නදී)
අපි නොදන්න දේවල් (නදී)
එයාලත් මෙහෙම කියනකොට අනෙක් අය මොනවා නොකියයිද? (නි)
තමන්ට පුළුවන් දෙයක් කරනවා මිසක් අනෙක් උදවිය කල නොකළ දේවල් මොනවටද? (නි)