IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


'උලත් එකයි පිලත් එකයි' හරහා සිනමාවට පිවිසෙන රුක්ෂානා

2016-09-15-ent-11

'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටය හරහා ලාංකේය සිනමාවට පිවිසෙන රුක්ෂානා දිසානායක සමගින් මෙවර "අද" තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. මේ දිනවල සිය පළමු සිනමා රංගනය වෙනුවෙන් උණුසුම් රසික ප්‍රතිචාර අත්විඳින රුක්ෂානා, ඒ පිළිබඳව මේ අයුරින් අප හා පැවසුවාය.

 

කොහොමද මේ දවස්වල කාලය ගෙවෙන්නේ සහ අලුත් තොරතුරු ගැන කිවුවොත්?

2016-09-15-ent-18අලුත් තොරතුරු ගැන කියනවානම්, තව චිත්‍රපටයක රඟපාන්න ආරධනා ලැබුණා. ඊට අමතරව ටෙලි නාට්‍ය තුනක් කරගෙන යනවා.

 

ටෙලිනාට්‍ය තුන මේ දිනවල විකාශනය වෙනවාද?

ඔව්, විකාශනය වෙනවා. ස්වර්ණවාහිනී නාලිකාවේ "මතු සම්බන්ධයි"ටෙලිනාට්‍ය විකාශනය වෙනවා (ක්‍රිස්ටි ශෙල්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ). සිසර ටීවී ඒකේ "ආදරය සුවඳ අරන්" ටෙලිනාට්‍ය (ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ). අයිටීඑන් එකේ, %දඩ කෙළි අරණ^ යන ටෙලිනාට්‍ය යන තුන තමයි විකාශනය වෙන්නේ.

 

මේ දිනවල තිරගත වන ඔබේ පළමු චිත්‍රපටයේ ප්‍රතිචාර සහ අත්දැකීම කොහොමද?

"උලත් එකයි, පිලත් එකයි" කියන්නේ මගේ පළමුවෙනි චිත්‍රපටය. ගොඩක් අත්දැකීම් අඩුකාලේ තමයි, මේ චිත්‍රපටයට කළේ. දැනට අවුරුදු එකහාමාරකට විතර කලින්. ඒක මගේ ජීවිතේ ලොකු පෙරළියක්. එතකොට මම රඟපාලා තිබුණේ එක ටෙලිනාට්‍යයක විතරයි. අත්දැකීම් ගොඩාක් අඩු කාලෙක වුණත්, හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂකතුමා සහ තිර රචක ප්‍රසාද් සමරසිංහ අයියා ගොඩක් උදවු කළා. ඒ උදවුවෙන් මට පුළුවන් උපරිමය මම කළා. තිරගත වෙන්න පටන් ගත්තා විතරනේ. ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

 

මේ චිත්‍රපටයත් එක්තරා වාණිජකරණයට නිෂ්පාදනය කළ චිත්‍රපටයක් නේද?

නිර්මාණය පැත්තෙන් බැලුවහම ඒක වාණිජකරණය කියල කියන්න පුළුවන්. එහෙම නොකිව්වොත් ඒක බොරුවක්. හැබැයි විනෝදාස්වාදයත් උදවු කරගෙන යම්කිසි පෙරළියක් කරන්න පුළුවන් චිත්‍රපටයක් හැටියට මම මේ චිත්‍රපටය දකිනවා.

 

"උලත් එකයි, පිලත් එකයි" චිත්‍රපටයේ ඔබේ චරිතයට මීට වඩා සාධාරණයක් කරන්න තිබුණා නේද?

ඔව්, මටත් 100% සෑහීමකට පත්වෙන්න බැහැ. දැන් දැක්කාම හිතෙනවා ඊට වඩා දෙයක් කරන්න පුළුවන් වුණානම් හොඳයි කියලා. මොකද පළමු චිත්‍රපටය නිසා අත්දැකීම් තිබුණෙත් නැහැනේ.

 

ඒ කියන්නේ දැන ඔබට හිතෙනවාද මීට වඩා දෙයක් ඉදිරියේදී ඔබේ අනෙකුත් චරිත සඳහා කරන්න පුළුවන් කියලා?

ඔව්, ඉස්සරට වඩා දෙයක් දැන් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා.

 

පළමු චිත්‍රපටය සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?

ඇත්තටම ඒකෙ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් තමයි මාව තේරුණේ. සුදර්ශි ආයතනයේ තමයි තිබුණේ. මට ඒ ගැන දැනගන්න ලැබිලා මම ගිහින් ස්ක්‍රීන් ටෙස්ට් එකට දායක වුණා. ඊට පස්සේ එදා හවසම මට කතාකරලා කිවුවා මාව තෝරගත්තා කියලා. මම හිතුවෙන් අතුරු චරිතයක් සඳහා මාව තෝරගෙන ඇති කියලා. මම කොහොමවත්ම හිතුවෙ නැහැ මාව ප්‍රධාන චරිතක් සඳහා තෝරගනී කියලා. මොකද ඒ වෙනකොට මාව කවුරුත් රංගන ශිල්පිනියක් විදිහට දැනගෙන හිටියේ නැහැ. මට ප්‍රසාද් අයියා කතා කරලා කිවුවා, මාව ප්‍රධාන චරිතය සඳහා තෝරගෙන තියෙන්නෙ කියලා. ඒක අභියෝගයක් තියෙයි කියලා, හර්ෂ අයියා මට වර්ක්ෂොප් ගොඩාක් කළා. මම ඒ සඳහා උනන්දුවෙන් සහභාගි වුණා. අධ්‍යක්ෂකවරයාට වුවමනා විදිහට චරිතය ගොඩනගා ගන්න හැමතිස්සේම උත්සාහ කළා. ඒ අනුව ඔහුගේ අරමුණ ඉෂ්ට කරන්න මම ගොඩක් මහන්සි වුණා.

 

හර්ෂ උඩකන්ද වැනි නව තරුණ අධ්‍යක්ෂකවරයෙක් යටතේ රංගනයට අවස්ථා ලැබීම ගැන ඔබ හිතන්නේ කොහොමද?

හර්ෂ අයියා අලුත් කෙනෙක් වුණාට, ඔහුගේ දැක්ම හරි නැවුම්. ඒ නැවුම් බවත් එක්ක ඔහු ගොඩාක් දේවල් අධ්‍යයනය කරලා තියෙනවා කියලා මට හිතෙනවා. අනික හරිම සැහැල්ලුවෙන් ගොඩක් පෙෂර් එකක් දෙන්නේ නැතුව මටත් ගොඩාක් උදවු කළා. එයා මට කලාවට ආස කරන්න ඉගැන්වුවා. සැර පරුෂ කරලා තලාපෙලා දාන්න උත්සහ කළා නම්, අපි එතනම මානසිකව වැටෙනවා. අපි දෙයක් කළාම ඒක හොඳට කළා කියලා අගය කරන්න ඕන තැන්වලදී ඒක අගය කළා. ඉතිං ඒක ගොඩාක් වටින එකක් වුණා. ඔහුගේ ආකල්ප නිසා මාව තවතවත් උනන්දු කළා.

 

ක්ෂේත්‍රය තුළ මූලික අඩිතාලම පිළිබඳව මතක් කළොත්?

මුලින්ම මම නිරූපණ ක්ෂේත්‍රයට තමයි ආවේ. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යක් සඳහා අවස්ථාව ලැබුණේ. ගොඩාක් අය බ්‍රයඩල්වලින් තමයි මාව දැන ගත්තේ. මුලින්ම උතුම් පැතුම් ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. කලාවට ලොකු ආසාවක් තිබුණා. අවස්ථාවක් ගන්න අද කාලේ අමාරුයි. විශේෂයෙන්ම අද කාලේ ගොඩක් අය මෙතනට එන්න උත්සාහ කරනවා. ඇත්තටම අද වනවිට ලොකු තරගයක්නෙ තියෙන්නේ. හෙමින් හෙමින් ඉගෙන ගනිමින්, ඒක තව ඉස්සරහට වැඩිදියුණු කරගනිමින් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

අද වනවිට යම් කිසි ගුණාත්මක බවින් පසුබෑමක ගමන් කරන කලාව සඳහා නවකයෙක් විදිහට කලාවට ආදරය කරන්න හිතෙනවාද?

කොහොම වුණත් මම කලාවට ආදරෙයි. විවිධ බලපෑම් එක්ක කලාවේ වැඩකටයුතු කරගෙන යන්න අපහසුතා මේ හැමෝටම තියෙනවා. එක එක අයගේ පෞද්ගලික අරමුණුවලට ඉඩ නොදී ඇත්තටම කලාවට සේවයක් කරනවා කියලා පරමාර්ථයෙන් වැඩ කරන අයත් එක්ක වැඩ කළොත් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඇත්තටම ලොකු නිර්මාණ ශක්තියක් තියෙන පිරිස් අප අතර ඉන්නවා. සමහර තිර පිටපත් දිහා බලපුවාම හිතාගන්න බැරි තත්ත්වයක ඉන්නවා කියලා හිතෙනවා. නමුත් වෙලා තියෙන්නේ, එකිනෙකාගේ මූල්‍යමය පරමාර්ථ මත සහ පෞද්ගලික අභිමතාර්ථයන්වලට ඉඩ දුන්නොත් කලාව කියන ලස්සන දේ කිලිටි වෙනවා කියලයි මම හිතන්නේ. එහෙම නොකර සුදුස්සාට සුදුසු තැන දීලා, හැමතිස්සේම කලාවේ ප්‍රගමනයට යම් දෙයක් කරනවා නම් ගොඩක් දුර යන්න පුළුවන් කියල මම හිතනවා.

 

"රුක්ෂානා" පොඩි කාලේ ඉඳන් තිබුණු සිහිනයක්ද කලාවට එකතු වෙන එක?

මම පොඩිකාලේ ඉඳන්ම කලාවට ආසයි. පාසලේදීත් ජනගායනා, නර්තන විෂය තමයි උසස් පෙළටත් හැදෑරුවේ. මම විශ්වවිද්‍යාලයෙත් හැදෑරුවේ නර්තන විෂය. මගේ හීනය වුණේ නර්තන ගුරුවරියක් වෙන්න. ඒ හීනෙත් සැබෑ වෙයි ඉදිරියේදී. හැබැයි නිළියක් වෙනවා කියන එක පොඩි කාලේ ඉඳන් තිබුණෙ නැහැ. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේදි රංග කලාව කියන දේට ලොකු ඇල්මක් ඇති වුණා. අපිට අවස්ථාවක් ගන්න හරි අමාරුයි. මොකද මගේ පවුල් පසුබිමේවත් මගේ ඥාතියෙක්වත් කලාවට සම්බන්ධවෙලා නැහැ. ඉතිං ඒ නිසා ගොඩාක් අමාරු වුණා, මෙතනට ඇතුළත් වෙන්න. එක දර්ශන වාරයක් පමණ මම ටෙලිනාට්‍ය දහයක විතර කරලා තියෙනවා. එහෙම කරලා තමයි මේ ගමන එන්න පුළුවන් වුණේ. නිල්වලා ආයතනයේ අධ්‍යක්ෂතුමා වන උපුල් ජයසිංහ මහතා මගේ අසල්වාසියෙක්. එතුමා තමයි මට %උතුම් පැතුම්^ ටෙලි නාට්‍ය‘යේ රඟපාන්න අවස්ථාවක් ලබා දුන්නේ. එතනින් තමයි මගේ රංගන කලාවට පාර කැපුණේ. එතන ඉඳන් තමයි හැමදේම පටන් ගත්තෙ.

 

ඉදිරි කටයුතු ගැන කිවුවොත්?

ක්ෂේත්‍රයේ මෙතෙක් රඟපාන්න නොලැබුණු චරිත ලැබෙනවානම් ගොඩක් කැමතියි. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට ලැබෙන පොඩි දේ වුණත් හොඳට අවංකව කරන්න පුළුවන්නම් ඒක තමයි මගේ හීනේ.

 

මතක් කරන්න පිරිසක් ඇති නේද?

විශේෂයෙන්ම මතක් කරන්න ඕන, මගේ ගුරුතුමා වන ලලිත් ප්‍රියන්ත. එතුමා තමයි රංග කලාව පිළිබඳව මට ගුරුහරුකම් දුන්නෙ. ඊට පස්සේ රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක, මිහිරි සිරිතිලක, මගේ පළමුවෙනි චිත්‍රපට අධ්‍යක්ෂක හර්ෂ උඩකන්ද යන මහත්වරුන්ටත් ප්‍රසාද් සමරතුංග අයියාටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඒ අයගේ ගුරු හරුකම් යටතේ තමයි අද මම මෙතන ඉන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චමත් වින්දුල

 

2016-09-15-ent-17
2016-09-15-ent-16
2016-09-15-ent-15
2016-09-15-ent-14
2016-09-15-ent-13
2016-09-15-ent-12



අදහස් (0)

'උලත් එකයි පිලත් එකයි' හරහා සිනමාවට පිවිසෙන රුක්ෂානා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 97 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 293 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 472 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 734 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 602 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1280 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site