IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘‘උස නම් සිකුරීටි මිටිනම් කම්කරු ක්‍රමයෙන් මිදිය යුතුයි‘‘

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

“උස නම් සිකුරීටි මිටිනම් කම්කරු හා තාත්තගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය අවසන් කල යුතුව තිබෙනවා.සාම්ප්‍රදායික දේශපාලන රටාවෙන් මිදී නව දේශපාලන ගමනක් වටා අද මේ රටේ තරුණ තරුණියන් එකතු වී සිටිනවා. ඒ තරුණ ශක්තියෙන් තව මාස හතකට පසු රටට සුභදායි සමාජ පරිවර්ථනයක් හා නව පුනරුදයක් ඇති කරනවා.”යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාතර දී පැවසීය.

“යූත් අපි සෙට් එකම ෆිට් එකේ මාලිමාවට” යන තේමාව මුල් කර ගෙන ජාතික ජන බලවේගය සංවිධානය කල මාතර දිස්ත්‍රික් තරුණ සමුළුවේ දී ඔහු ඒ බව කීය.

එම තරුණ සමුළුව පෙරේදා (17) මාතර නිල්වලා ගගබඩ උද්‍යානයේ දී පැවැත්විණි.

මාතර වෙරල පාරේ සීට තරුණ තරුණියන් පා ගමනකින් එම සමුළුව වෙත පැමිණියේය.ඊට සමගාමිව යතුරුපැදි පෙළපාලියක් ද පැවැත්විණි.

තරුණ සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහත් මෙසේ ද කීය.

“නව දේශපාලන ගමනක් සදහා තරුණ තරුණියන් එකතු කිරීම අද අපි මාතරින් පටන් ගත්තා.අපි හිතනවා ලංකාවේ වැඩිම තරුණ පිබිදීම මෙය බවට පත් වේවි කියලා.අද අපේ රටේ තරුණ කණ්ඩායම් කිහිපයක් සිටිනවා.

එක කණ්ඩායමකට යමක් කමක් තිබෙනවා.යම් වත්කමක් ඇති ඔවුන් ජාත්‍යන්තරය සමග පවා සම්බන්ධකම් පවත්වනවා.ඔවුන් හිතනවා මේ රටට වඩා සුරක්ෂිත රටක් ආරක්ෂිත රටක් ජීවත් වන්න අවශ්‍යයි කියලා.ඒ නිසා ඔවුන් ඕස්ට්‍රේලියාව,නවසීලන්තය,කැනඩාව ආදී යුරෝපීය රටවල් තම අනාගත ගමනේ ඉලක්ක බවට පත් කර ගෙන සිටිනවා.

තව කණ්ඩායමක් ඉන්නවා.රැකියා නෑ.අතේ මිල මුදල් නෑ.අම්මා තාත්තට බරක් වෙලා.තමන්ට තිබෙන සිහින බිද වැටිලා.ගෙයක් දොරක් නෑ.විවාහයක් කර ගන්න විදියක් නෑ.ඒ නිසා ඔවුන් හිතනවා මැද පෙරදිග හෝ කොරියාව,ඊශ්‍රායලය වැනි රටකට පැන ගත්තොත් හොදයි කියලා.ඒ වෙනුවෙන් වෙහෙසෙනවා.



අදහස් (13)

‘‘උස නම් සිකුරීටි මිටිනම් කම්කරු ක්‍රමයෙන් මිදිය යුතුයි‘‘

Surain Monday, 18 March 2024 01:44 PM

කොහොම උනත් අපිට ඔයාලා කරපු විනාශ අමතකත් නැහැ ඔයාලා ගැනත් කිසිම විශ්වාසයක් නැත .අපි මැරී ඉපදුනෙත් නැත

:       88       43

සත්‍ය ගවේෂී.Monday, 18 March 2024 02:12 PM

88/89 කාලයේ ජේවීපී කාරයන් කළ කී දෑ අමුතුවෙන් කිවයුතු නැහැ.ඒ නමින් එන්නේ නැතුව වෙනත් නමකින් එන්නේ ඒක වෙන්න ඇති.මොන නමින් ආවත් ජේවීපී ජේවීපී මයි.පූසා සිල් රකින්නේ දඩයමක් ලැබෙන තුරු පමණයි.රටේ අනිත් දේශපාලන පක්ෂ හොඳයි කියනවා නෙමෙයි.ඒවා හොඳ නැතිනම්,ජේවීපී එක එච්චරවත් හොඳ නැහැ. ඔය කියන කයියනායක වරු කෙරුවාවේදී ඔහොම නැහැ.අත්තනායක වලව්වේ මහත්තයා රටේ තරුණයන් ටයර් වල දැවෙද්දී කොහොම සැපද විඳලා තිබුණේ.විස්කි බ්‍රැන්ඩ් බෝතල් කොපමණ හසුවුණාද ? පොඩ්ඩන්ට සමාජවාදී වෙන්න කියනවා.ලොක්කන් ධනවාදී. කක්කුටු න්‍යාය.

:       70       37

dileepa1986Monday, 18 March 2024 02:44 PM

ඔබතුමා‍ගෙන් චූටි ප්‍රශ්නයක් අහන්නද?. කාටද අපි ඡන්දේ දෙන්න ඕන.

:       16       19

HafeelMonday, 18 March 2024 02:24 PM

එතකොට වත්මන් පාලකයෝ කරපු සහ දැනටමත් කරගන යන විනාශය මතක නැහැ නේද? කොහෙන්ද රවී කරුණානායකගෙන්ද මේවා ඉගෙන ගත්තේ?

:       14       32

HanifaMonday, 18 March 2024 06:46 PM

හෆීල් නුඹ 1989 න් පස්සෙ උපන් එකෙක් කියලා පැහැදිලියි එහෙම නැත්නම් ඔහොම කියන්න පුළුවන් කමක් නැහැ. ජෙප්පො කරපු විනාශ දෙවරක්ම අපි දැක්කා. ඊට අඅමතරව රෝහල් ගියාම හැමදාම වර්ජනයක් බෙහෙත් ගන්න බැරුව දුක්විඳ තියෙනවා. ඊළඟ ගුරුවරු වර්ජනය කරවා දරුවන්ට අධ්‍යාපනය අඩාල කර ටියුෂන් යැවීමට කටයුතු කෙරෙව්වා කර්මාන්ත ශාලාවලට වර්ජන ගෙනැවිත් කර්මාන්ත වැසීයාමට කටයුතු කළා... ඒ වේදනා උපරිමයෙන් විද තියෙනවා ඒවායින් තමයි අපි ඉගෙන ගත්තේ. එහෙම නැතුව පංති පහට ගිහිල්ලා දේශනා අහල සමාජයට වයිරයෙන් රැස්වීමෙන් බැහැලා ඇවිල්ලා ගෙදරදි රන්ඩුකරලා නැහැ.. අපි සමාජයට ද්‍රෝහි වෙලා නැහැ...

:       18       9

Muthu Monday, 18 March 2024 02:07 PM

අවු 76 නිල් - කොළ සාපය තමයි රට විනාශ කරේ. අද 65% කන්න නෑ කියලා IMF එකම කියනවා. ආර්ථික ප්‍රශ්න ඇතුළේ මිනිස්සු මිනිස්සු මරා ගන්නවා. ඡන්ද තියන්නේ නෑ. මිනිස්සු අසරණ වෙලා. පාරට බහින්න බෑ. මුළු පවුල් සංස්ථාවම භීතියට පත් වෙලා. සුඩානෙට FDI ගලා එම gdp එකේ ප්‍රතිශතයක් හැටියට 1.7 සැප්තැම්බර් වල 2023 අපේ තියෙන්න යන්තන් 0.7 ඒ කාලේම. ෆැක්ටරි 340 වැහිලා රස්සා ලක්ෂ ගණන් නැති වෙලා. තව කොම්පැනි දහස් ගානක දේපල බැංකුවලට සින්නවෙලා. ව්‍යාපාරික ආර්ථිකය මුළු මනින්ම විනාශ කරලා, ඩොලර් රේට් එකක් දිහා බලා ඉන්න මෝඩ ආණ්ඩුවක්... ආනයන නැතිව කොම්පැනි වෑහෙන රටක ඩොලර් රේට් තියාගෙන මොකටද? මේ ඩොලර් බොම්බේ පිපිරෙන දවසට ලංකාවේ කෑලි හොයන්න බැරි වෙනවා. ඒක අනුර අතට දෙන්න නමයි මේ ගෙනියන්නේ. ලංකාවේ ආර්ථිකේ 2021 සුළු වෙනසක් ඇරුණාම, 2019 ඉඳලා තියෙන්නේ ඍන වර්ධන වේගයක්. අපිට තාම තියෙන්නේ වර්ධනය නොවන ඍන ආර්ථිකයක්. එතකොට මේ ඩොලර් රේට් එක ලස්සන වුණාට සේනා දළඹුවා වගේ අපිව කාගෙන කාගෙන යනවා නේද?

:       6       30

AmuthuTuesday, 19 March 2024 08:09 AM

මුතු ඇත්තටම මොළයක් කියලා එකක් ඇත්තේම නැද්ද? තිබේ නම් ඔහෝම කියන්නේ නැහැ. මොකද ජෙප්පෝ 1971 අප්‍රේල් 05 දිනයේ වැල්ලවාය පොලිසියට පහරදීම කරලා ආරම්භ කළ දණින් වැටී ජීවත්වෙනවාට වඩා දෙපයින් නැගී සිට මියයාම යහපත් කියලා පටන්ගත් අරගලය අවසන් වුනේ රටේ ඒකාලේ තිබුණු සම්පත් රාශියක් විනාශ කිරීමෙන් පස්සේ තමයි. සමහරක් අය තමන්ට පාසලේ හොඳ නමක් නැති නිසා පාසල් කාර්‍යාලවලට ගිනි තැබුවා. තේ කර්මාන්ත ශාලාවලට ගිනි තබා විනාශ කළා එහෙම කළ විනාශ කොපමණද කියන්න බැහැ. ඊළඟට 87-89 කාලයේ 71 කැරැල්ල පරදා මහා සම්පත් විනාශයක් කළා. ඉන් පස්සෙ එදා සිටම කර්මාන්ත වැසීයාමට මාර්ග සැලසුවා. රෝගීන් අපහසුතාවට පත්වීමට හැමදාම සේවා වර්ජන කළා. දරුවන්ට අධ්‍යාපනය අඩාල වීමට කටයුතු යෙදුවා තමන්ට කියලා පවුලක් නැති දරුවෙක් මල්ලෙක් නැති අයට ඒවා ගැන හැඟීමක් නැහැ. ඒක නිසා ලොකුවට කන්න අලුත් කට්ටියක් පත්කරනවා කියලා දැඟලිල්ලක් තියෙනවා. අන්තිමේ කියාවි ගෝඨාභය මොවුන්ට වඩා හොඳයි කියලා...

:       0       0

ගමේ එකාලා Monday, 18 March 2024 03:33 PM

උඩින්ම කොමෙන්ට්ස් දාලා ඉන්න උදවියට , 88,89 විතරමයි කියන්ඩ තියෙන්නේ . ඊට පස්සේ බලයට ආපු දුශිත දේසපාලුවෝ කරපු විනාසේ පේන්නේ නැතුව ඇති . සුදුවෑන් ගාතන අතුරුදන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි.රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කරලා අධිරණය පවා දේශපාලණීකරණය කෙරුවා .කොම්පියුටර් ජිල්මාට් ,පාස්කු ප්‍රහාරය මතින් ජනතාවම අන්දලා දූෂිත පවුල් පාලකයෝ බලය ගත්තා..අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ධ කරලා ,රටම බංකොලොත් කෙරුවා ..මොලේ උඩ ඉන්න වහලුන්ට ,බයියන්ට නම් මොකෝ?

:       16       42

සරත් Tuesday, 19 March 2024 12:42 PM

කියන්න තියෙන්නෙ දැනට උන් කරපු අපරාධ ගැන විතරයි. උන් බලයට ආවේ නැහැනෙ, බලය තියෙද්දි කරපු ඒවා කියන්න. බලය නැතුව මෙයාල කරපු අපරාධ මෙහෙම නම් බලය ලැබුනොත් කොහොමට හිටියිද?. බලන්නකො කවුරු හරි මෙයාලට විරුද්ධව කතා කලොත් මොකද වෙන්නේ? තව මොනවද.

:       0       0

ඉන්දික Monday, 18 March 2024 04:32 PM

දැන් අනුර මහත්තයා රනිල්ට රාජපක්ෂලාට මොකුත් කියන්නේ නැහැ නේද? සජිත් හැමෝටම අභියෝගය කියලා පිළිගත්තා වගේ සතුටුයි. දැන් ඔක්කෝම එකතුවෙලා සජබයට ගහන්නේ. වැඩක් නැහැ දැන් ප්‍රමාදයි..!

:       16       6

ranjith Monday, 18 March 2024 05:45 PM

එක එක මනුස්සයාට මඩගහන එක පැත්තක තියලා තමන්ගේ වැඩපිළිවෙළ ගැන කියලා වෙන පක්ෂ වලට මෙතෙක් ඡන්දෙ දුන්නු අයගේ හිත දිනාගන්න. නොඑසේ වෙනත් පක්ෂවලට එම නායකයන්ට මඩගහන ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනය අනුව ඡන්දෙ දිනාගන්න බැරි බව මතක තියාගන්න.

:       4       10

nanda Monday, 18 March 2024 06:18 PM

මිනිස්සු දැන් බුද්ධිමත් හොඳ වැඩපිළිවෙළක් ගැන සෑහීමකට පත්වුණොත් ධන්දෙ දේවි. නැතිව මඩගහලා නම් ඡන්දෙ ගන්න බැරිවෙයි.

:       0       18

මුහන්දිරම් Tuesday, 19 March 2024 12:04 PM

උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු ක්‍රමය තමයි රැකියා විසදීමට තිබුණු එකම මාර්ගය වුනේ ඒත් විදේශ වලින් ලංකාවට ලැබුණු කර්මාන්ත ශාලා රාශියක් රැකියා උත්පාදනය කලා ඒත් ජෙප්පන්ගෙ වෘත්තීය සමිති ඒවාට රිංගලා ඒවා වැසීයාමට සැලස්සුවා රැකියා දීමට අවස්ථාව නැතිවුණා ඒත් ප්‍රේමදාස ජනාධිපති කාලයේ ඇගලුම් කම්හල් ඇතිකර ලක්ෂ ගණනක් තරුණ පිරිසට රැකියා අවස්ථා ඇතිකලා.වත්මන් ජනාධිපති කර්මාන්ත ඇමතිවරයා ලෙසට කර්මාන්තපුර ඇතිකර රැකියා සම්පාදනය කලා.සිරිල් මැතිව් කර්මාන්ත ඇමති හැටියට නිෂ්පාදන ආර්ථිකය නොහදා ත්‍රීවීලර් ගෙන්වා රැකියා ලැබෙන්න සැලසුවාට පස්සෙ පත්වූ රජය කලේම උන්ගේ දේශපාලන අතවැසියන්ට සේවයේ අවශ්‍යතාව නැතුවත් රජයේ රැකියා ලබාදී පුටු රත්කිරීමට සැලැස්වීම පමණයි ඔය අතරේ ව්‍යාපාරික ප්‍රජාවට කර්මාන්ත ආරම්භ කිරීම එපාවෙන්න අනාගතයේ රටේ රජකමට කෙළහැලූ පිරිස් බාධා සිදුකළා.මේ වනවිට රටේ කර්මාන්ත දහස් ගණනක් වැසීගොස් අවසන්.ඒනිසා බ්‍රෝ අනුන් කියපු එකකම එල්ලලා නොසිට වාර්ෂිකව අධ්‍යාපනය අවසන් වෙලා සමාජගත වෙන පිරිසට ලැබූ අධ්‍යාපනයට අනුව සුදුසු රැකියා අවස්ථා උත්පාදනය කරන වැඩපිළිවෙළක් හදන්න කියලා මතක් කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 457 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 50 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 372 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 471 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 685 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 980 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site