විශ්ව විද්‍යාල ලේඛකාධිකාරීගේ නියෝග නොතකා සබරගමු සරසවි පරිශ්‍රයේ රැඳී සිටින සිසුනට වහා ඉන් ඉවත් වන ලෙස බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අද නියෝග කළේය.
මහේස්ත්‍රාත් එම නියෝගය කළේ බලංගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ සිසුන් සත්‍යග්‍රහ කරන අට්ටාලය ඇත්තේ විශ්වවිද්‍යාල භූමියේ නම් උසාවි නියෝගය අනුව ඉන් ඉවත් විය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා පහසුවෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් දුරදිග ගෙනයන්නේ පාලකයෝද? සිසුන්ද? (නි)
ඉගෙනගන්න තිබෙන කාලයේ වර්ජන කරන්න ගොස් සියල්ලන්ම ඉතා ඉක්මනින් අවසානයේ විනාශය ළඟාකර ගනීවි (නි)
සබරගමු පළාත හරිම ලස්සන පලාතක්. ඒත් මේ ළමයි දෙමව්පියන්ගේ හිත් රිදවනවා. මේ වර්ජන වලට යන්නේ බොහොම දුප්පත් ළමයි. (නදී)
පතිරණ මහත්තයෝ..මම ඔය බස් එකේ හිටියනම් දෙන්නට දෙනවා කලිසම් කමිස ගලෝල බස් එකෙන් බැහැල දුවන්න..අතින් පයින් නෙමෙයි.. පොඩි ප්‍රශ්න දෙක තුනකින්..ගමගේ මහත්තය මට අවශ්‍ය දේ ඒ විදියටම කියල තියෙනවා..ඔබ තුමාට ස්තුතියි..(අ)
මේ සිසු අරගල පසුපස ඉන්න ප්‍රධානියාගේ කථාව අද පල වෙලා තියනවා. ඒවා බලලා වත් මේ සිසුවෝ යමක් තේරුම් ගත්තොත් හොඳයි. එයාලා අනිත් අය බිලි දීලා පිට රටට වෙලා පවුල් පන්සල් වෙලා එක එක නම් වලින් පෙනී සිටිමින් සැප විඳිනවා. අපේ දරුවෝ රවට්ටා ගෙන ඩයස්පෝරාවෙන් හම්බ කරනවා. ළමයිනේ රට පාවලා දෙන දේශපාලන කුමන්ත්‍රණ කාරීන්ගේ ගැට වලට අහුවෙලා ඊලම් වාදීන්ට රට බෙදන්න වක්‍රව සහය දෙන්න එපා. සුළු පිරිසක් තමන්ගේ බඩගොස්තර වාදී අරමුණු ඉටු කරගන්න ඔයාලව ඉත්තො කරගෙන. ඔයාලව වීරයො විධියට පිටස්තරය දකින්නෙ නැහැ. ඔයාලව අන්දලා තියෙන්නෙ. හුඟ කාලෙකින් බිල්ලක් නැතුව මෙයාලා පිස්සු වැටිලා ඉන්නේ. (නදී)
මම බදුල්ලේ ඉදන් කොළඹ එනකොට කොල්ලෝ දෙන්නෙක් දැක්කා බස් එකට ගොඩ වෙලා මහලොකු දේශනයක් තිබ්බා. නමුත් ඒකේ අවසානය මොකක්ද කියලාවත් ඒ අය දන්න් නැහැ. කියන දෙය මටනම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ. (නදී)
ජ වී පෙ තියනකන් මේ නිදහස් අධ්‍යාපනයට කන කොකා තමා. ඒකටම හරි යන්ඩ අපේ අැමතියාත් තල්ලුවක් දෙනවා. මරු ඩබල.(අ)
දේශපාලනය යමිතාක් දුරකට තියන බව ඇත්ත. හැබැයි තරුණ දරැවෝ එඩිතරයි,අවෙිගශීලියි ඒ තාරුණ්‍යයේ හැටි. නැත්නමි ඔය කියන දේශපාලන බලපෑමක් තියනවද නැද්ද කියන එක මැතිවරණයකදි පෙනි යනවා. කොහොම උනත් පරාර්තය වෙනුවෙන් බැහැපු මෙි දරුවන්ට වගකිවයුත්තන් සලකන්නේ මෙි ව්දියටනම් දරුවන් මුලුමහත් සමාජය කරා වෛර කරාවි. නැවතත් 88 -89 කලයට සමාන අත්දැකිමි අපට ලැබෙවි. පුදුමයට කරුණක් වනුයේ වගකිව යුතු වැඩිහිටි පාලකයන් ළමයින්ට නොදෙවිනි හිතවක්කාර අාවෙිගශිලි පිරිසක් වීමය. (ස)
මේ ළමයින්ගේ දෙමව්පියනුත් මේ තත්ත්වයට අනියම් අන්දමින් වගකිව යුතුයි. ඉගෙන ගන්න ඇවිල්ල තමන්ගේ දරුවා මොනවද කරන්නේ කියල හොයල බලන්නේ නැද්ද ? ආ එයා දැන් හරි උගතා ඒ නිසා එයා ගැන බලන්න දෙයක් නැහැ . ඔන්න ඔච්චරයි. (අ)
මේ සරසවියේ ළමයින්ට ඉගෙන ගන්න ඕනෑම නැහැ වගේ. මීට හොඳයි මෙතන ළමා නිවාසයක් සහ පාසලක් තිබුනා නම්. අඩු ගානේ දෙමව්පියන් අහිමි අයට යහපතක් සැලසෙනවා. ඇයි ඉතින් දෙමව්පියන් ඉන්න ළමයින් ගැන වැඩිහිටියන් සොයන බවක් පේන්නේ නැහැ. හැම තිස්සෙම සටනේ. (අ)
ඔව් බන්දුල ඔබ හරි, නිකන් සහ බොහොම පහසුවෙන් ලැබෙන දේවල් කාටවත් කිසිම අගයක් දැනෙන්නේ නැහැ. ඔබ කිව වගේ කාල සීමාවන් නියම කලාම ඇත්තටම ඉගෙන ගන්ට උවමනාවක් තියෙන, යහපත් පවුල් පරිසරයකින් පැවත එන හොඳ දරුවෝ ඔය අනවශ්‍ය දේවල් ඔළුවට දාගන්නේ නැතුව ඉගෙනීමේ කටයුතු වලට සම්පුර්ණය කාලය මිඩංගු කරලා හොඳ උගතෙක් සහ බුද්ධිමතෙක් විධියට සමාජ ගත වේවි. කිසිම චාරයක් නැති ළමයි දෙමවුපියන්ගේ සහ මහජන මුදල් නාස්ති කරමින් සහ වටින දේපල විනාශ කරමින්, අනිත් සාමාන්‍ය ජනතාවගේද සාමකාමී ජිවිතවලට බාධා වෙන විදියට හැසිරෙමින්, කාලය අපතේ යවමින් හැමදාම සත්‍යග්‍රහ සහ අරගල කර කර ඉඳීවි. එමෙන්ම අහිංසක සිසුන්ව ඔවුන්ගේ දැඩි අකමැත්ත මත බලෙන් මේවට සහභාගී කරවන අශිලාචාර සහ ප්‍රචන්ඩකාරී සහ විනයගරුකව නොහැසිරෙන සිසුන්ව වහාම විශ්ව විද්‍යාල වලින් නෙරපා, දැඩි දඬුවන් ලබා දී, ඔවුන්ගේ නම් අසාදු ලේඛන ගත කල යුතුයි හේතුව මෙවැනි දේවල් වලට නැවතීමේ තිත තැබිය යුතු කාලය එළඹ ඇති නිසා. (අ)
මේ හැමදේකටම මුල ඔය නිදහස් අධ්‍යාපනය.මහජන බදු මුදලින් මෙයාලා ගන්න උපාධියේ හැටියට මිලක් නියම කළා නම් සහ උපාධිය නියමිත කාලයේදී සම්පුර්ණ නොවුණොත් එය දෙගුණ කළා නම්, එසේම ඒ මුදල රැකියාවක් ලද විගස මාස්පතා පඩිපතෙන් කපාගෙන සරසවි අධ්‍යාපනයේ දියුණුවටම යෙදෙව්වා නම් මේ සරසවි පද්ධතියට අරක්ගෙන එය විනාශ කරන එක එක බංකලොත් දේශපාලන පක්ෂවල අතකොලු වලට යන එන මං නැතිවේවි.ඔය උද්ඝෝෂණ වර්ජන නැතිවේවි. කට්ටිය වෙලාවට ඉගෙනගෙන වෙලාවට එළියට බහීවි. (නි)
සේන......සරසවිවල දේශපාලනය කරන්නේ කුලපතිවරුන්ට වඩා දේශපාලන පක්ෂවල අතකොලු වී මොළ සේදීමට ලක්වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන්. නවක වදයේ සිට සරසවි වසාදැමීම දක්වා සියල්ල පිටුපස ඉන්නේ ඔවුන්. මේක කැම්පස්වල ඉගෙනගත් හැමෝම දන්නවා.(නදී)
අධ්‍යාපනය සඳහා රජය වැයකරන මුදල ටිකක් වැඩි කළා නම් මේ ප්‍රශ්න විසඳාන්න පුළුවන්. ඒත් අපිට නයිට් කාර් රේස් තියන එකත් බොහොම වැදගත් (නි)
නඩුකර හාමුදුරුවනේ විශ්ව විද්‍යාලයතුල ඒ හා අනුබද්දිත ආයතනවල දේශපාලන,සමිති සමාගම් පැවැත්වීමත් තහනම් කරන්න.මේ දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට වියදම් කරන්නේ මහජන මුදල්. (අ)
අධ්‍යාපනය අරමුණු කරගත් අනෙකුත් සිසුන්ගේ යහපත වෙනුවෙන් දේශපාලනය අරමුණු කරගත් මේ දඩබ්බර උන්මන්තක සිසුන් හොදින් හෝ නරකින් පාලනය කර මේ ලස්සන සුන්දර සරසවිය හැකි ඉක්මනින් විවෘර්ත කිරීමට බලධාරීන් කටයුතු යෙදිය යුතුයි. විනය විරෝදී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු සිසුන්ගේ ශිෂ්‍ය හාවයන් සදහටම අහෝසි කල යුතුයි. ඒක කරන්න කොන්දක් නැත්නම් මේ සරසවිය ලෝකෙට විහිළුවක් නොකර වසා දමා සිසුන් අනෙකුත් විශ්ව විද්‍යාල වලට අනුයුක්ත කල යුතුයි. නැත්නම් හැමදාමත් මේ සරසවිය මෙහෙම්මම තමයි. (නදී)
මෙතන තියන ප්‍රධාන ප්‍රශ්නය බංකොලොත් දේශපාලන පක්ෂ දෙකක් විශ්ව විද්‍යාල පාලනය කරන්න යන එකයි. (නදී)
මේ විශ්වවිදලයට හොද උපකුලපති කෙනෙක් පත්කරන්න. එතකොට දේශපාලනයෙන් තොර පාලනයක් ගෙනගිය හැකි. බලන්න මහාචාර්ය අලුවිහාරේ ඒකාලේ පේරාදෙණිය පාලනය කරපුහැටි. අහන්නත් ලස්සයි. ඒ කොලිටියෙන් බාගයක්වත් අද ඉන්න පාලකයන්ට තියනවද. (අ)