මොරටු උසාවියට යමින් සිටියදී අත් පා හා ගෙලෙහි බරපතල කැපුම් තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බවත් ඔහුගේ වම් අතේ කැපී වෙන්වුණු ඇඟිලි බද්ධ කිරීමේ සැත්කම මීට සුළු මොහොතකට පෙර විශේෂඥ ශල්‍ය වෛද්‍ය යසස් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් ආරම්භ කරනු ලැබූ බව රෝහල් ආරංචි පවසයි.
ප්‍රදීප් නමැති එම පුද්ගලයාගේ අත්පාවල දරුණු කැපුම් තුවාල ඇති බවත් මන්නයක් වැනි ආයුධයකින් ඒවා කැපී ඇති බව පෙනෙතියි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ කියන්නේ ඒවා පිළිපදින අය නොවෙයිනේ, එ්කයි මෙහෙම වෙලා තියෙන්නේ රටට. (බ)
වසන්ත, මුලින්ම ඔයාගේ කුහක හිත හදා ගත්තොත් නරකද. මොකද මගේ අදහස් වල කිසිම තැනක වෙනත් කිසිම වෘත්තියක් පහත් කරල හෝ නොවැදගත් කියන අදහසින් අදහස් පල කරල නැහැ. එහෙම දෙයක් ලියල තියෙනවනම් ඒක මට පෙන්නල දෙන්න. අනෙක ඔයාල වගේ අය තමා සැඟවුනු න්‍යායන් තියාගෙන හිතේ කුහක මානසිකත්වයකින් කතා කරන්නෙ. (බ)
නිමල් ලලිත හරි. මමත් එකඟ වෙනවා (නි)
අදහස් දාන වැඩි කොටසකගෙ කුහක සිත් හොඳට පේනවා. වැඩිපුරම බනින්නෙ දොස්තරලට. පාර මැද්දෙ ඇඟිලි කපන මදාවියන්ට වඩා දොස්තරලා නරකයි. පපුව ශුද්ධ කරගත්තොත් හොඳයි. (නි)
වැරදි කරන එක් කෙනෙක් එල්ලුවා නම් ඔය සෙල්ලම් නතරවෙනවා (නි)
රිශාන්, ඇතැම් උත්සව වලදී සියදහස් ගණනින් සතුන්ගේ බෙලි කැපෙද්දී ඒ සතුන්ට වේදනාවක් දැනෙන්නේ නැද්ද? මෙතන අත් පා කපා ඇත්තේ විරසකයක් නිසා. නමුත් බෙලි කැපෙන සතුන් කර තිබෙන වරද කුමක්ද? දැන් කියන්න එපා බෞද්ධයනුත් මස් කනවා කියලා. බුදු දහමේ හිංසාව අනුමත කරලා නැහැ. (නි)
වැරදිකාරයන් බන්ධනාගාර ගතවෙන්නේ ඉස්සරනේ. දැන් බන්ධනාගාර ගත වෙන්නේ විරයන්නේ. අනික ඉතින් මේ සිංහලේ, සිංහයකුගේ ලේ ටිකක් දැක්කා කියලා කට්ටිය ඔච්චර කලබල වෙන්න එපා. සිංහයන් ලේ වලට බය නැහැ කවදාවත්, අපි සිංහ ලේ!!! (අ)
රේඛා, ඔබ දොස්තරලව විතරක් නොවයි, සියලු දෙනාවම ආරක්ෂා කළ යුතුයි. ඉංජිනේරුවන්, වෙනත් වෘතිකයන් මෙන්ම නිදහස් අධ්‍යාපනය ලැබුවාවූ වඩු කාර්මික, මේසන් වැනි අනිකුත් අයවලුනුත් අපේ සමාජයටම දායක වන්නන් ආරක්ෂා කළ යුතයි. ඔබ කියන ඔය දොස්තරලා නිදහස් අධ්‍යාපනය ලැබුවායින් පසුව අහිංසක ලෙඩ්ඩුන්ව කොපමණ බිල්ලට අරන් තියනවද?. තමුන්ගේ පෞද්ගලික උවමනා වන් ඉස්ඨ කර ගන්න අර අහිංසක ලාංකික දුප්පත් ජනතාවම නොවෙයිද පලිහකට යොදා ගත්තේ? දොස්තරුවරුන් විතරක් නොවෙයි අපි සැවොම නිදහස් අධ්‍යපනය ලබපු අය. දොස්වරුන් වගේම හැම වෘතිකයකු ගේම වගකීමක් වෙනවා තමන් ගේ රටට සහ ජනතාවට තම අධ්‍යපනයෙන් ලබා ගත්ත වූ දැනුම හරියාකාරව සහ ප්‍රෝඩාවකින් තොරව ජාතියට දායක කරවන්න. අරෝග්යශාලවකදී දොස්තරලා කරන්නෙත්, ඉංජිනේරුවරයෙක් තම ආයතනයේදී කරන්නෙත්, වඩු කාර්මිකයෙක්, මේසන් කෙනෙක් තම වැඩ බිමේදී කරනෙත් තම රැකියාවට අයත් වූ වගකියුතු වූ කොටස. ඔහුට ඒ වෙනුවෙන් මුදලක් හෝ දීමනාවක් ලැබෙනවා. දොස්තර කෙනෙක් වගේම හැම වෘතිකයෙක්ම කරන්නේ ජාතියට විශිෂ්ඨ වූ සේවාවක්. අපි සැවොම දන්නවා දොස්තරවරුන්ට වගේ අනිත් වෘතිකයන්ට ක්ෂණිකව ම ජනතාව බිල්ලට ගන්න ක්‍රියා මාර්ගයක් ගන්න බැරි බව. ඔබ කියන ඔය දොස්තර වරුන්ම තමයි තම ළමයින්ව ජනප්‍රිය පාසල් වලට දාගන්නත්, තීරු බදු රහිත වාහන පර්මිට් එක ගන්නත්, තම උසස් වීම සහ දීමනා වැඩිකරගන්නත් අර දුප්පත් ලෙඩ්ඩුන්වම පලිහක් කර ගන වැඩ වර්ජනය කළේ. ඒ නිසා ඔබ සිතන තරම් ඔය දොස්තර වරු අහිංසක නැහැ. එකාදීකාරය ගොඩනැංවූ තරමට තමයි ජනතාව බිල්ලට දෙන්න ලෙහෙසි වන්නේ. කවදා හරි ඔය එකාධිකාරය කඩා වැටෙනවා මොනයම් ක්‍රමයකට හරි දොස්තරවරුන් වැඩි ප්‍රමාණයක් රටට බිහි වෙනදාට. ඒ නිසා රේඛා, මින් ඉදිරියටවත් හැම වෘතිකයෙක්ගෙන්ම වන සේවාව ඔහුගේ හෝ ඇයගේ වගකීම මිස එක් වෘතිකයෙකුම විශිෂ්ඨ යයි යන්නෙන් අර්ථ දක් වන්න යන්න එපා.ඇගයිය යුතුයි යමකු පරාර්ථ කාමි අයවලකු වෙත් නම් මෙන්ම සැගවුණු න්‍යාය පත්‍රයක් නැති තාක්. (අ)
මුළු දවසෙම බන ,පිරිත්. පුරුද්දට හැමදාම විකාශනය වෙනවා සුළු පිරිසක් කැමැත්තෙන්. ඇහුම් කන්දේවි , ඉතින් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද . (අ)
අපේ රටේ සමාජය දිනෙන් දින පිරිහෙනවා .. මිනිසුන් හිරගෙදර ගැන ඇති බිය දිනෙන් දින නැතිවෙනවා .. හිරේට යන අය වීරයන් වෙනවා .. හිරේ සැප වැඩිවෙන බව එළියේ ඉන්න මිනිස්සු හිතනවා ..සිරකරුවන් එලියට ආ සැනින් නැවත ඇතුලට යන ක්‍රමයක් කල්පනා කරනවා .. ඉතින් තව ඉදිරියට මේ වගේ බයානක සිදුවීම් වැඩි නොවුනොත් තමයි පුදුමේ .. බන්දනාගාර ගත වීම ගැන මිනිසුන්ට ඇති බිය නැති වුණොත් සමාජය පිරිහෙන එක සක්කරයාටවත් නවත්වන්න බැහැ. (අ)
දොස්තරලත් ඕන වෙනවාද (අ)
සංසාරේ හැටි, දැන්වත් මේකෙන් මිදිලා යන්න (බ)
පුදුම වනචාරි සමාජයක්ද මේ? මේවට තරාතිරම නොබලා නීතිය නමන්නේ නැතුව ක්‍රියාත්මක කල යුතයි. (ර)
බුදු බණ දෙසුවා නිරන්තරේ ...බුදු බණ ඇසුවා නිරන්තරේ... ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ .... (ර)
තවත් කියනවා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න එපාලු... (ර)
අපේ රට, සමාජය හරි දරුණු වෙලා, මිනිස්සුන්ගේ හදවත්වල කරුණාව, ප්‍රේමය,ඉවසිලිවන්තකම, සත්යවධිකම, නීතිගරුකබව නැත්තටම නැතිවෙලා, හැම මිනිහම බලන්නේ අනුන් පරයා රජවෙන්න, එක හරිම අවාසනාවක්. මෙයට මුළු සමාජයම වගකිවයුතුයි. දෙමව්පියන්ද වැඩිහිටියන්ට ඇහුම්කන් දීමක්වත්, ආගමක් ධහමක්වත් හරි හැටි අදහන්නේ නැති සමාජයක්, නමුත් සමාජ ජලයේ ලොකු අකුරින් මන් මෙහෙමයි, මන් මේ ආගමේ කියලා, මන් කැපුවත් අර ලේ මේ ලේ කියල බෝඩ් ගහගත්ත පුහු වීරයන් විතරයි (හේ)
බුදු බණ ඇසෙයි දවසේ පැය ගණනක්ම .........මිනිසුන් හැසිරෙන්නෙ යම පල්ලන් ලෙසම....... කවදා කොහම සසරෙන් එගොඩට යම්ද? අසනා විටත් හිරිගඩු එයි සියොලගම. (බ)
අම්මේ .... මේවා අහනකොටත් ඇඟ හිරි වැටෙනවා.(බ)
දොස්තරලට බැන්නට අන්තිමේදී ජීවිතේ බේරගන්න ඉන්නෙ ඒ මිනිස්සු තමා. හැබැයි ජීවිතේ බේරුනාට පස්සේ බෙහෙත් ගත්ත මිනිහට ඒ මිනිස්සු වහ කදුරු වෙන එක තමයි ශෝචනීය සිදුවීම.(බ)
මරණ දඬුවම ක්‍රියාත්මක කරමුද ? (බ)
ඔය කුහකයන් ගෙන් බෙහෙත් ගන්න එපා (අ)