ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව උල්ලංඝණය කළොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට දිවුරුම් දී සිටින ජනපතිගේත් මැති ඇමැතින්ගේත් තනතුරු පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන නිසා සියලු පාර්ශ්ව එම තීන්දුව පිළිගෙන ඒ අනුව ක්‍රියා කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
පාර්ලිමේන්තුවේ 2/3ක විකෘති බහුතරයක් ඇතැයි කියා ව්‍යවස්ථාව උල්ලංඝණය කර සමස්ථ රට අරාජික කිරීමට ආණ්ඩුවට ඉඩ දිය නොහැකි යැයි ද ඔහු සැඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ව්‍යවස්ථා ප්‍රකාරව පැවැරී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණකැයි ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයත් එක එක වෙලාවට එක එක අර්ථ නිරූපණය කරන්න බලනවා. එදා පාර්ලිමේන්තුව උත්තරීතර බව කියනවා. පළවෙනිදා අධිකරණයට ආණ්ඩු පෙරලන්න බෑ කියනවා. දෙවෙනිදා උසාවියට එන්න නියෝග දුන්නාම යන්නේ නෑ කියනවා. තුන්වෙනිදා විවාදයට කැමතියි කියනවා. ඊඅද අධිකරණයට ඔළුව නවන්න කියනවා. හෙට මොනවා කියයිද දන්නෙ නැහැ..!(නු)
මොනවාද මේ කියන්නේ (දී)
අපි ඉතින් තව මොනවා කියන්නද?? (නි)
මේ දවස් වල කවුරු කවුරුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හරිම උනන්දුයි. (නි)
ඇති යන්තම්! හැබැයි හෙට එහෙම ආයි වචනේ වෙනස් කරන්න එපා. (නි)
තම නායකතුමා ඊයේ කල ප්‍රකාශයට පටහැනිව ලේකම්තුමා මේ ප්‍රකාශය කර ඇත.ඉතින් මේ අය කොහොමද විශ්වාස කරන්නේ.(නු)
මමත් තිස්ස අත්තනායකගේ අදහසට ගරු කරනවා. පාරිලමේන්තුවේ 2/3 තිබ්බා කියලා... රටේ නීතියට පිටුපාන්න ගියොත් මොකද වෙන්නේ..(නු)
මෙයාලා බලන්නේ මේකෙන්වත් ගොඩ එන්න..!(නු)
මෙයා කියන දේවල් වැරදිත් නැහැ..!(නු)
මෙයාලා මොනවාද මේ කියන්නේ.(නු)
වාසි පැත්තට තමයි ඉතිං..!(නු)
ඒකාලෙත් උනා නේද මේවගේ දේවල්..!(නු)
හෙට ඒ විධියටම කරාවි.(නු)
එක එක්කෙනා එක එක ඒවා කියනවා අපිට විකාරයි වගේ (ස)
එජාපයට මොකද වෙලා තියෙන්නේ.(නු)
අධිකරණයට අපි කවුරුත් යටයි (දී)
මෙයාලට මොකද මේ වෙලා තියෙන්නේ (ස)
ඇයි එතකොට මෙයාලා උසාවියට නොගියෙ? (ස)
ජනතාව බුද්ධිමත් විය යුතුයි..! එතකොටයි රටට සෙතක් වෙන්නෙ..!(නු)
විපක්ෂයත් කාලගුණය වගේ දැං..!(නු)
මමත් කියනවා ඒ කතාවනම් (දී)
විපක්ෂයේ සියළු දෙනාගේම මතය නේද මේ කියන්නේ?(නු)
රජයේ වගකිව යුත්තන් හැගීමට නොව බුද්ධියට මුල්තැන දියයුතු මොහොතකි මෙය.(නු)
මෙක හරියෙට කිකිලිද බිත්තරයඩ මුලින් ආව කියනව වගේ..(නු)
අපිටනම් පිස්සු වගේ (ස)
මේ ජනතා අදහස්ද නියෝජනය වන්නෙ..?(නු)