IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


උසස් පෙළ සමතුන්ට ජනපතිගෙන් ඇගැයුම්

(අංජුල මහික වීරරත්න)

අ.පො.ස උ/පෙළ 2021 හා 2022 විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී අද (12) සිදුවිය.

විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන්ට ජනාධිපති ඇගයීම් ප්‍රණාම සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී  සිදු කෙරිණි.

ඒ අනුව 2022 අධ්‍යයන වර්ෂය සඳහා විෂය ධාරාවන් 6ක් ඔස්සේ පෙනී සිට දිවයිනේ පළමු ස්ථාන 10ට තේරී පත්වූ සිසු දරුවන් 60 දෙනාට සහ 2021 අධ්‍යයන වර්ෂයේ විෂයධාරා 6ක් ඔස්සේ පෙනී සිටි දිවයිනේ පළමු ස්ථාන 5 අතරට පත්වූ සිසුන් 30 දෙනා ද ඇතුළුව මුළු සිසු දරුවන් 90 දෙනකු ජනපති අතින් ඇගැයීමට ලක් විය.

උසස් පෙළ විෂය ධාරා හයම ආවරණය වන පරිදි දිවයිනේ  ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා  රුපියල්  50,000ක් බැගින්  මුදල් ත්‍යාග  පිරිණැමුණු අතර, අනෙකුත් ස්ථාන සඳහා රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග මෙහිදී පිරිනැමිණි. 

 



අදහස් (4)

උසස් පෙළ සමතුන්ට ජනපතිගෙන් ඇගැයුම්

සුරංග Tuesday, 12 September 2023 06:00 PM

ශිෂ්‍යත්වය අසමත් දරුවො උසස් පෙළ ඉහලින්ම සමත්වෙනවා ලක්ෂ තුනකින් විශ්ව විද්‍යාල වලට යන්නෙ ඉතාමත් සුලු පිරිසක් තමයි ඒත් ඔය දරුවන්ගේ දක්ෂතා අගයන ගමන්ම උසස් පෙළ අසමත් අය අතර ඔය අයටත් වඩා දක්ෂයෝ ඉන්න පුළුවන් කියලා හිතෙනවා එනිසා ඔවුන්ටත් තමන්ගෙ දක්ෂතා වලින් ප්‍රයෝජනයක් ගැනීමට ක්‍රමයක් හැදුවොත් හොදයි

:       0       0

රාජසේන Tuesday, 12 September 2023 06:05 PM

එක් මැරතන් තරගයකදී ලංකාවෙ කෙනෙක් ජයග්‍රහණය කලේ නැහැ නමුත් ඔය අන්තිමයා ලෙසින් හෝ තරගය අවසන් කලාලු ඉතින් ලෝකයේ දියුණුම රටක් වන ජපානය එතනදී ලොකු ආදර්ශයක් දුන්නා කියලා අහල තියෙනවා නමුත් ඔහුට ලංකාවෙ තැනක් තිබුනෙ නැහැ කියලා අහන්න ලැබුනා

:       0       0

චන්දන Tuesday, 12 September 2023 06:54 PM

අනුන්ගේ ප්‍රතිඵල තමන් ගේ කියල පෙන්නන දකුණේ අග නගරයේ විදුහල්පති කෙනෙකු ත් එතන ඉන්නව .

:       0       1

Nimal Wednesday, 13 September 2023 08:38 AM

මේ ලමඉන්ගෙන් වැඩි දෙනෙක් ඉගෙන ගෙන ඉවර වෙලා රට යයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 483 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 679 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 406 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 357 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1127 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 208 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26024 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 287 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1339 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site