IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


උසස් පෙළ සිසුවා වෙඩි තබා ගෙන මැරිලා

(සුරංග රාජනායක)

රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවකු ප⁣⁣තොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බි.ආර්.ජි. කුලසේකර නමැති දහඅට හැවිරිදි සිසුවෙකි.

ඔහු ගණිත අංශයෙන් මහනුවර කිංස්වුඩ්  විද්‍යාලයේ ඉගෙන ගත් අයකි.

මෙම සිසුවා සඟවා තිබූ පියා සතු ගිනිඅවිය සොයා ගෙන සිය කාමරයේ පුටුවක වාඩි වී මෙම වෙඩි තබා ගැනීම සිදුකරගෙන ඇති අතර එයින් හිසේ පසුපසට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මව පියා සේවාවන් සඳහා නිවසින් පිටත්ව ගිය පසු සොයුරා සමග මොහු නිවසේ සිට ඇත. සොහොයුරාද සේවය සඳහා යාමට සුදානම්ව පෙරවරු දහයට පමණ මෙම සිසුවාට කතා කිරීමට කාමරයේ දොර අරින විට මෙම සිද්ධිය දැක ඒ පිළිබඳව ඔහු පොලිසිය වෙත දන්වා තිබේ.

මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව අපොස සා පෙළ සමත් වී තිබේ. නියමිත කාලයට  වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසින.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබේ.

සිසුවා වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී ඇති බවට සැක කරන බවද එසේම විභාගය පිළිබඳව සිතා සිටිමෙන් ඔහු මානසික ආතතිය හා දැඩි පීඩනයට ලක්ව සිටින්නට ඇති බවද පොලිසිය සැක පල කරයි.

ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත් නන්දනි කාන්තිලතා මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දින පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිව තිබුණි.

.



අදහස් (9)

උසස් පෙළ සිසුවා වෙඩි තබා ගෙන මැරිලා

Chinthaka Tuesday, 25 June 2024 03:42 PM

දෙමාපියන් සේවය සදහා ගියාට පපස්සෙ සොහොයුරා සමග නිවසේ හිටියලු සොයුරා සේවය සදහා යන්න බලද්දි මේ සිද්ධිය දැක්කලු ඇත්තටම සොයුරාට ඇසීමේ බලවත් දෝෂයක් තිබුනාද බලන්න කොහොම වුනත් වෙඩි තබා ගත්තාට පස්සෙ කරන්න දෙයක් නැහැ ඒත් වෙඩි සද්දෙ නොඇසුනු බවක් හැගෙනවා නේද

:       8       70

anaWednesday, 26 June 2024 05:48 AM

ඌත් කනේ ඇබ ගහගෙන ඉන්න ඇති.

:       5       7

අරුණ Wednesday, 26 June 2024 09:17 AM

ශ්‍රවණ ආබාධයක් නොවේ, තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණත් ලෝකය පෙරලුනාක් මෙන් කලබලවන ගැහැණු උදවිය සහ ඒ ගති පෙන්වන පිරිමින් හැර සෙසු පිරිමින් වටපිටාවේ ඇසෙන සියලු ශබ්දයන්ට සහ අනිශ්චිත සිදුවීම් වලට වහා ප්‍රතිචා දක්වන්නට යන්නේ නැත

:       6       7

johnWednesday, 26 June 2024 09:40 AM

හැම ඔෆිස් එකක්ම එකම වෙලාවට නෙවේ පටන් ගන්නෙ. අයියා දහයට ඔෆිස් යන්න කලින් බලද්දි දැක්කයි කියන්නෙ. අනික කට ඇතුලට දාල දොරත් වහගෙන වෙඩි තියා ගද්දි එලියට කොහොමත් ලොකු සද්දයක් එන්න විදියක් නෑ

:       7       2

සම්පත් Wednesday, 26 June 2024 06:00 AM

මේ දරැවාගේ අයියා යසස් කුලසේකරත් මගේ පුතාගේ වයසේ කිංස්වුඩ් සිසුවෙක්. ඔහු දැන් පේරාදෙනිය කැම්පස් එකේ ELTU තාවකාලික ඉංග්‍රීසි උපදේශකයෙක් විදිහට වැඩ කරන බව මගේ පුතා කිව්වා. චින්තක කියලා තියෙනවා වගේ ඔහුට මේ අනතුර නෑහුණු එක නම පුදුමයක් තමයි. වෙඩි සද්දයක් නිවස තුළින් නැගෙද්දී ඒක නිවස තුළම හිටිය යසස් පුතාට ඇහුණෙ නැද්ද? මට ඔහු සැක කරන්න නම් කරුණු නෑ. හැබැයි මේ මරණය ඉතා කණගාටුදායක එකක්‍. අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය ගැන අපේ අවධානය මදි වීම මීට හේතුවක් බවයි දරුවො ඉන්න තාත්තා ‌කෙනෙක් විදිහට මට දැනට හිතෙන්නේ.

:       4       14

Abdul Nasar Abdul Jabbar Wednesday, 26 June 2024 07:22 AM

වෙඩි ශබ්දය අයියාට ඇසුනේ නැද්ද? ප්‍රශ්න ගොඩයි

:       2       8

john Wednesday, 26 June 2024 09:47 AM

පියාව සගවා තිබ්බෙ කව්ද කියන එකයි මට තියෙන ගැටලුව

:       1       4

Samsana Wednesday, 26 June 2024 05:33 PM

ළමයෙක් සියදිවි නසාගත්තම අන්තිමට ෆෝන් එක තමයි වැරදිකාරයා වෙන්නෙ. හරිනම් ෆෝන් නිසා සියදිවි නසාගන්න ඕන තරුණ වයසෙදි ස්මාට් ෆෝන් පාවිච්චි කරන්න ගත්ත අපි. දැන් ළමයින්ට උපතේ ඉඳලම ස්මාට් ෆෝන් අමුතු දෙයක් නෙවේ. තමන්ගෙ ජීවිතේ නැති කරගන්න හිතෙන තරමට තනිකමක් අසරණ කමක් ඒ දරුවට තියෙන්න ඇති. පීඩනයක් තියෙන්න ඇති. පවුල ඇතුළෙ තනි වෙන්න ඇති. අන්තිමට ලේසි උත්තරේ තමයි ෆෝන් ඇඩික්ෂන්. දෙමව්පියො දරුවන්ව ඕනවට වඩා තනි කරන්නවත්, විශ්වාස කරන්නවත් හොඳ නෑ. පවු අසරණ ජීවිතේ.

:       0       0

kam Sunday, 30 June 2024 12:42 PM

කටට වෙඩි තියා ගත්තාට පස්සේ සද්දේ ඇහුණත් වැඩක් නම් වෙන එකක් නැහැ. අවුරුද්දක් කලින් උසස් පෙළ කරන්නේ අහවල් එකටද? තමන්ගේ බලාපොරොත්තු දරුවන් පිට පැටවීම හෝ ඔවුන්ට ඉටු කර ගත නොහැකි ආකාරයේ බලාපොරොත්තු ඇති කිරීමේ අවසානය, මෙවැනි ඛේදවාචකයක් විය හැකි බවට දෙමාපියන් දැනුවත් විය යුතුයි. අධ්‍යාපනය, ඉලක්ක, ධනය, රැකියාව යන හැමදේටම වඩා වටින්නේ ඔබ විසින් දරුවාට ලබා දුන් "ජීවිතය" රැක බලා ගැනීම බව මතක තබා ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 118 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 66 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 187 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 384 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 202 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 610 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 496 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site