ඌව පළාත් සභාවට තරග කරන එක්සත් පක්ෂයේම කණ්ඩායම් දෙකක් අතර මොනරාගල නගරයේ පැවැති ගැටුමකදී අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරිය (28) පිහි ඇනුමකට ලක් වී රෝහල්ගත කරනු ලැබීය.
ඔහුගේ අතකට හා උරහිසට තුවාල සිදු වී ඇතැයි පොලීසිය කියයි.
රෝහලේ දී ඔහු සැත්කමකට ලක් කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
J. R. මහත්තය බුදුවේවා කියල හිතෙන්නෙ මේ වෙලාවට. "ඌරගෙ මාළු ඌරගෙ පිටේම තියල කපනව" (අ)
මේ අය මොන තරම් හොඳද. මිනි මරාගෙන පිහි අැනුම් කාගෙන මේපමණ දුක් විදින්නේ අපිට සේවය කරන්න නේද? (නදී)
රටේ ඉහල පෙලේ තානාන්තර දරන අයගේ ඔළුගෙඩි මාරු කරනවට වඩා, සමස්තයක් වශයෙන් මුළු රටේම මිනිසුන්ගේ ඔළුගෙඩි පිරිසිදු කරන වැඩ පිළිවෙලක් දියත් කල යුතුයි. විශේෂයෙන්ම ගංගොඩවිල සෝම හිමියන් කිසියම් වැඩ පිළිවෙලක් අාරම්භ කලත් එය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම ජාතියේ අවාසනාවක්. ඔබ වහසේට හැකිනම් මිනිසුන්ගේ ඔලු හදන්න, එවිට විධායක හෝ කවර බලයක් වුවද අවලංගු කාසියක් බවට පත්වේවි. (ස)
වැරදිලාවත් මෙයාල බලයට ආවොත් කොහොම වෙයිද ? 88/89 කාලයක් ආයේ උදා වෙයිද ? (නදී)
මේ කට්ටිය තමන්ගේම අය සමග යුද්ධ කරන්නේ රට බේරගන්න ද . එදා කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න සටනේදී අවුරුදු තුනක් කොහෙද හැංගිලා හිටියේ. පක්ෂේ ඇතුලෙම සාමය රඳවා ගන්න බැරි අයට රට ලැබුනොත් ..අනේ මන්ද අපිට මොනවා ව්‍ෙවිද කියල..(අ)
මේ ගහ මරාගන යන්න හදන්නේ අපිට සළකන්නනේ? (නි)
දෙදෙනාටම මනාප දෙන්න එපා. (නි)
ගොඩඑන්න කරන සටනේදී වක්‍රව වැඩිවෙන්නේ පක්ෂයේ ඡන්ද. පක්ෂයෙන් වියදමක් නොකර පක්ෂය ගොඩ එන වැඩ පිළිවෙලක් තමයි මෙතන තියෙන්නේ (නි)
මේ වාගේ ගහ මරාගන්නා අය කොහොමද රටේ දියුණුවට වැඩ කරන්නේ?
සැමුවෙල්ගේ නියම වචන ටික. කතාව හරියට හරි (නි)
මේ අය මිනීමරාගන්න හදන්නේ රටටයි ජනතාවටයි සේවයක් කරන්නද, එහෙම නැත්නම් බඩ වඩාගන්නද කියලා ඡන්දය දෙන උදවිය හිතා බැලුවොත් හොඳයි. (නි)
අර කඩේ යන අයට මේවා පෙනෙන්නේ නැතුව ඇති. (නි)
චතුරංග, දිමුතු ,ඕක ඉතින් ....අලුත් දෙයක් නෙවිනේ ...මුලින්ම උඩ ඉඳල හැදෙන්න ඕන දෙයක් ....ලොකු මහත්තයත් ..කැමතී ..අකමැතී ...වගේනේ .....බලයදෙන්න ..හදන්නේ ...පහලට ....අනික ...ඔය පෙනෙන්නේ ......සන්දානයේ ..ජය මාවත මෙදාපාරත් .විවෘත වෙනවා .වගේ....එ්ක උෟවේ ජනතාවගේ ..වාසනාව. (අ)
කරුණාකර මේ පළාත් සහා සහ මනාප ක්‍රමය අහෝසිකර දමන්න. මේක අපේ රටේ ආර්ථිකයට සහ දියුණුවට විශාල බාධකයකි. ආසියාවේ දියුණු රටවල් වන සිංගප්පුරුවේ, ජපානයේ සහ තායිවානයේ මෙවැනි දේවල් නැත (නි)
අවශ්‍ය වෙලාවට යුද්ධයට වචනකින් වත් සහයෝගයක් නොදුන් එයට අපහාස කළ මිනිසුන් ජනතාවගෙන් සමාව ගන්නවා නම් අපි ඔවුන් ඉදිරියේදී හෝ පිළිගන්නවා. නැත්නම් ඉතින් ඉදිරියටත් සොරිම තමා. (අ)
මෙන්න මේක තමයි මේ ඡන්ද ක්‍රමයෙන් අපිට ලැබුණ දායාදය.මේකෙන් විඳවන්නේ කවුද? අහිංසක මිනිස්සු නේද? (නි)
මනාප පොරයේ ප්‍රතිඵල තමා. ඔහොම යමු (නි)
මෙහෙමත් රටක්! මොවුන්ට ඡන්ද දාන අය ගැනත් හිතාගන්න පුලුවන් (නි)
මෝඩ වැඩ කරන්ඩ එපා. හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙලාවක්. තමන්ගේ මිනිස්සු එක්ක ගහගන්නේ නැතුව ගෙයින් ගෙට ගිහිල්ලා කරුණු කියලා ඡන්දෙ වැඩිකරගන්න. (නි)
දැන්මම තම තමන් මරාගන්නකොට බලය ලබාගත්දාට හිතාගන්න පුලුවන් පොදු ජනතාවව සළකන හැටි (නි)
මේ වගේ වෙලාවක අලි අලි කෙළගන්නේ නැතුව ඔක්කොම කට්ටිය එකතුවෙලා හරීන්ට සහයෝගය දෙන්න ඕනෑ වෙලාවක්.මෙහෙම ගියොත් කවදාවත් යූඑන්පී එකට දිනන්න බැරිවෙයි. සියළු දේවල් අමතක කරලා මේ වෙලාවේ යූඑන්පී එක දිනවන්න වැඩ කරන්න. (නි)
චණ්ඩිකම් පෙන්වන්න ගියාම ඔහොම දේවල් වෙනවා. (නි)
රට ජාතිය වෙනුවෙන් ලේ හැලූ විරුවෙක් කියලා කියාවි දේශපාලන වේදිකාවක් උඩ (නි)
පක්ෂය එක වුණාට කමක් නැහැ. කොහොමහරි මනාප වැඩියෙන් ගන්න ඕනෑ. (නි)
ඒකත් නරක නැහැ (නි)