නොයෙක් අය නොයෙක් කතා පැවසුව ද මේ රටේ ජීවත්වන සෑම පුරවැසියකුගේම ජීවිත සමෘද්ධීමත් කිරීමට හැකි සෑම පහසුකමක්ම ලබා දී රජයේ අපේක්ෂාව බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ජනපති එසේ පැවසුවේ මොනරාගල දිස්ත්‍රික්කයේ දෙමළ ප්‍රජාව සමඟ පසුගියදා මොනරාගල පුස්තකාල ශ්‍රවනාගාරයේ පැවැති විශේෂ රැස්වීමේදීය.
වතුකරයේ දෙමළ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ එකම රාජ්‍ය වත්මන් රජය බවත් වතුකරයේ ,කඳුකරයේ කොතැනක මේවා රටේ සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම රජයේ අරමුණ බව ද පැවසීය.
කිසිදු බේදයකින් තොරව සෑම නිවසකටම විදුලිය ලබා දීමට රජය කටයුතු කළ අතර රටේ ජීවත්වන සියලු ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම රජයේ ඊළඟ ඉලක්කය බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රටේ ජනතාව නොමග යවන විපක්ෂය ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබඳව මෙහිදී අදහස් දැක් වු ජනාධීපතිවරයා ප්‍රකාශ කළේ බොරු ප්‍රචාර නොකර සත්‍ය කථා කර ජනතාව සමඟ වැඩකරන ලෙස තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.
ඇමැතිවරුන් වන ආරුමුගම් තොණ්ඩමන් හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු කීප දෙනෙක්ම මෙහිදී කතා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර සෑහෙන්න බය වෙලා වගෙයි (අ)
විපක්ෂය විතරද බොරු කියන්නේ. දකුණු පළාත් සභා ඡන්දෙදි කීව මතක නැද්ද ලංකාවට තෙල් උනනවා කියල. තාම නම් තෙල් උනන්න පටන් අරන් නෑ වගේ. (අ)
කව්ද බොරු කියන්නේ කියා අපි දන්නවා.රට සිට අලුත්ගමට ඇවිල්ල කිවුව බොරු අපිට මතක තියෙනවා (අ)
ශෂින්ද්‍රගේ කතාවක් ජීවිතේට මම අහල නැහැ. සටන,බලය,වාදපිටිය,, රතුඉර ඔය සෑම වැඩසටහනක්ම නොවරදවා බලනවා (නදී)
අනුර තනිකරම මඩ ගහනවා විතරයි. (නදී)
අනේ මහත්තයෝ කොලොප්පන් නොකර ඉන්න (නදී)
අනේ මේ කියන දේ ඇහැව්වම තනි ඇහැට ඇඩෙනවා. (නදී)
ඔබ රට රටවල යනවා නේද ....එහි තිබෙන චන්ද ඔබ දැක තිබෙනවා නේද ....ඔවුන් එම චන්ද වියාපාරය ගැටුම් වලින් තොරව පවත්වනවා කියාත් දන්නවා නේද.....මේ නයින් බලන විට ඔබ නායකත්වය දෙන ඔබේ රටේ චන්දයකදී මේ වගේ ඉතාම කෘර ලෙස ගහ මරා ගන්න වාතාවරණය සලසා තිබෙන එකට ලජ්ජා විය යුතුයි නේද. (නදී)
ඔක්කොටම ඉස්සෙල්ලා ජනතාවට කියල දෙන්න බොරුව මොකක්ද ඇත්ත මොකක්ද කියලා. එහෙම නැත්නම් මුකුත්ම නොකිය ඉන්න. එතකොට ජනතාව ඉවෙන් තේරුම් ගත්ත සත්‍යයෙන් කටයුතු කරාවි. (නදී)
මෙයාගේ ඇත්ත අහල දැන් එපාවෙලා.. ලජ්ජා නැති කම..(නදී)
යුද්දෙත් දිනුවනේ වෙන මොනවද? නේද? (නදී)
ඔබයි අපගේ ශක්තිය උතුමාණෙනි! (නි)
බොරුවෙන් දිනනන්න බෑ. මේ පාරත් මහින්ද කප් එක ගහනවා (නදී)
විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යෙන්ම ඉවත් කරනවා කියල රට ඉදිරියේ ජවිපෙට දුන්න පොරොන්දුව ඉටු කරලද ඔබ තුමා මේ කතා කරන්නේ (නදී)
සුනිල් වගේ අයට නම් මෙයා නැතුව හුස්ම ගන්නත් බැරිවෙයි. ජපන් අගමැති අාවා ගියා මෙන්න අාස්චර්ය (නදී)
තරඟයේ ඉන්නේ බොරුවෙන් කප් ගහපු අය. ඔය සේරම බොරු කාරයෝ (නදී)