අද පස්වරු 4.00 ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අවසන් වන විට අද දිනයේ පමණක් බදුල්ල හා මොණරාගල මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිදුවීම් 91ක් වාර්තා වූ බව මැතිවරණ නිරීක්ෂණ ජාලය කියයි. ප්‍රචණ්ඩ ක්‍රියා 10ක්, නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු 38ක්, ඡන්ද දායකයන්ට බලපෑම් කිරීම් 35ක් ද ඒ අතර වන බව මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නීතීඥ චමින්ද ගුණසේකර මහතා කියයි.
කැෆේ සංවිධානය කියනුයේ මැතිවරණ පැමිණිලි 77ක් තම සංවිධානයට ලැබුණු බවයි. ඒ අතර අහසට වෙඩි තැබීම් ඇතුළු ගිනි අවි භාවිත කිරීමේ සිද්ධි තුනක් ද වන බව එම සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිරීක්ෂණ කණ්ඩායම් වල වගකීම මැතිවරණ නීති උල්ලංඝනය උනා කියා කියා තෙපර බාන එක විතරද? හැම මැතිවරණයකදීම ඕක කියලා කියලා දැන් එ්ක විහිළුවක් වෙලා. වැරදි කරුවන්ට දඬුවමක් දුන්න කියල හෙම මම නම් අහලවත් නැහැ. සංඛ්‍යා ලේඛන නම් ඕන තරම්. (නදී)
වැරදිකාරයින්ට දඩුවම් කරන්නේ කොහොමද? උන් අපේ මිනිස්සුනේ. අනික මේක ප්‍රජාතන්ත්‍රවාදයනේ (නදී)
මොන බොරුද? ඡන්ද බාරව ඉන්න රජයේ නිලධාරියෙක් කියලා තිබුනේ ඡන්දය බොහොම සාමකාමීයි කියලා (නි)