IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘ඌවේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වෙනවා‘

ඌව පළාත් සභාවෙන් ලැබුණු ජයග්‍රහණයත් සමඟ උතුරු පළාත හැර සියලුම පළාත් සභාවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

‘සන්ධානයට කවදත් ඉහළ ඡන්ද ප්‍රතිශත ලැබෙන ගම්පහ, කළුතර, කුරුණෑගල, කෑගල්ල වැනි දිස්ත්‍රික්කවල ලැබුණු ඡන්ද ප්‍රමාණ හා සමාන ඡන්ද ප්‍රමාණයක් මොණරාගලින් ලබාගෙන අපේ ඡන්ද පදනම රැක ගන්න හැකි වුණා.

මේ ලැබුණු ප්‍රතිඵලය ගැන අපි සෑහීමකට පත් වෙනවා. ඒ වගේම දැන් පළාත් සභා මැතිවරණ සියල්ල අවසන්. නැවත පළාත් සභා මැතිවරණයක් එන්නේ වසර හතරකින් පමණ පසුවයි. තව ජාතික මැතිවරණයක් ඉදිරියෙදි එන්න තිබෙනවා.

ඌව පළාත් සභා මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ ජයග්‍රහණය කරන්න අපට හැකි වුණේ ජනාධිපතිතුමාගේ නායකත්වය නිසයි.‘



අදහස් (0)

‘ඌවේ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් වෙනවා‘

චානක. Tuesday, 23 September 2014 07:18 AM

අවංකවමද මෙහෙම කියන්නේ? (නි)

:       0       0

සැමුවෙල් Tuesday, 23 September 2014 07:18 AM

අපිට විපක්ෂයේත් ඉතිහාසය මතකයි. ඒ වුණාට මේ අයට එච්චර හොඳට චණ්ඩිකම් දාන්න බැරි බව පේනවා. පරදින්නේ නැතුව මෙහෙමහරි වුණා කියලා ඉතින් සෑහීමකට පත්වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (නි)

:       0       0

සීලා Monday, 22 September 2014 06:05 PM

පුළුවන් හැමදේම කරලා, මොනවා කියන්නද. අපි නොදන්නවැයි? (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 22 September 2014 06:24 PM

ඔයා ඔහොම කියන්නේ නැතුව අඩන්න බෑනේ. බාල පෙට්‍රල් ගෙනල්ල ලංකාවේ වාහන කැඩුන දවසෙත් ඔය වාගේ බණක් තමයි කිව්වේ. (නදී)

:       0       0

සඳුනි Tuesday, 23 September 2014 08:14 AM

ඇයි ඔබතුමාට කියන්න බැරිද ප්‍රාදේශීය දේශපාලකයන් සහ බොහෝ කැබිනට් ඇමතිවරුන් ජනතාවට තිත්තවී ඇති බව? මතක තියාගන්න මේ ජයග්‍රහණය ලැබුනේ ජනාධිපති තුමාගේ ආකර්ෂණය නිසා බව. (ස)

:       0       0

සිරිමල් Monday, 22 September 2014 08:18 PM

ළඟදී පැවති බස්නාහිර දකුණට සාපේක්ෂව ගියවර වැඩිම ප්‍රතිශතයකින් දිනූ ඌව පළාත් සබාව රජයේ ඡන්දවල පැහැදිලි විශාල කඩාවැටීමක් තිබෙනවා. මෙය නොසළකා හැරීම රජය එන ජනාධිපතිවරනයට තමුන්ගේ වළ තමුන්ම කපාගැනීමක් වනු ඇත. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 September 2014 08:33 PM

රජයේ ජයග්‍රහණය ගැන එක සිතින් සතුටු වෙමි. ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් ලබා ගැනීමට තවත් ඇමතිවරුන් කීප පොළක් පත්කරන මෙන් රජයෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මේ වෙනුවෙන් දරන්නට වන වියදම අති විශාල වුවත් එය දැරීමට අපි සුදානම් බවත් එයට විරුද්ධවීමට තරම් කුහක නොවන බවත් සතුටින් දන්වා සිටිමු. (නි)

:       0       0

කුසල් Monday, 22 September 2014 11:24 PM

ජනප්‍රියත්වය අඩුවෙලා කියලා කුඩා ළමයෙකුට වුණත් තේරෙනවා මහත්තයෝ. අනික තමයි ආණ්ඩුවට මොන පළාතෙන් වුණත් ඡන්ද ලැබෙන්නේ ජනාධිපතිතුමා නිසයි. ගොඩක් ඇමතිවරු දැන් ජනතාව ප්‍රතික්ෂේප කරන බව මේ ඡන්දෙන් පෙනෙනවා. (නි)

:       0       0

සරාම් Tuesday, 23 September 2014 08:45 AM

සැහීමකට පත් වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? කොහොම උනත් සුසිල් කියන්නේ බොහොම නිහතමානී දේශ පාලනය කරන්නෙක් කියල මට හිතෙනවා. (ස)

:       0       0

රාජුන් Tuesday, 23 September 2014 01:55 AM

ඔරුව පෙරලුනාම මේ පැත්ත වඩා හොඳයි කිව්වලු ඉස්සර පණ්ඩිතයෙකුත්. (නදී)

:       0       0

උපාලි Tuesday, 23 September 2014 01:57 AM

සෑහීමකට පත්වෙනවා නම් නොසෑහෙන්න ගහමරාගන්නේ මොකටද? (නි)

:       0       0

සෙන්සාන් Tuesday, 23 September 2014 02:37 AM

ඡන්දය සාධාරනව පැවත්වූවා කියන එකට රජයට බුද්ධිමත් ජනතාව ප්‍රශංසා කරාවි.හැබැයි රජය විසින් දැන් දැන් කරන බොහෝ දේ මහ ජනතාව අනුමත නොකරන බව මේ ඡන්දයෙන් පැහැදිලි වන බව නම් පිළිගන්නම වෙනවා මහත්තයෝ. (නි)

:       0       0

මධුභාෂිනී Tuesday, 23 September 2014 03:36 AM

රජය ඌව ජයගත්තා. එය මොහොතකට පසෙකින් තබමු. ඌව ප්‍රතිපල ගැඹුරින් බැලීමේදී ඇතැම් සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ පරාජයන් සහ මාද්‍ය ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ආසන අහිමිවීම ගැන ස්වයං විවේචනාත්මකව සාකච්ඡා කල යුතුව ඇති වැදගත් කාර්යයක් ලෙසින් මම දකිමි. ඉදිරි මැතිවරණ වලදී මෙවන් පරාජයන් මුලාශ්‍ර වීමට ඉඩ නොතබා ජනතාවගේ පැතුම් හැකිතාක් වැඩි ප්‍රතිශතයකින් ඉටුකර සියලු අංශ ශක්තිමත්දැයි සහතික කොට දැන පියවර තබන ලෙස වගකිව යුත්තන්ට මතක් කර දෙමි. (නදී)

:       0       0

ගිහාන් Tuesday, 23 September 2014 04:14 AM

සන්ධාන ආණ්ඩුව භේද භින්නවීම් වලින් තොරව විධායක ජනාධිපති ක්‍රමය යටතේම නැවත නැවතත් මේ රටේ පාලන බලය ලබා ගෙන මහජතාවට සහන සලසමින් රට කරවිය යුතුය. එහෙත් හිස උදුම්මාගත් මෙලෝ රහක් නැති ඇමතිවරුන් ඉවත් කල යුතුය. (නදී)

:       0       0

පිටිගල Tuesday, 23 September 2014 04:16 AM

සෑහීමකට පත් උනේ නැහැයි කියලා කිව්වත් වැඩක් නැහැනේ. දැන් ජේ.වී.පී. එකත්, අනික් අයත් කියන්නේ එකම නේ,හැමෝම දිණුම්! ජනතාවට පේන විකල්පයක් තවම නැහැ. (නදී)

:       0       0

නාලක Tuesday, 23 September 2014 04:28 AM

හතේ අටේ පන්තියේ පොඩි එකෙකුටත් ගණන් හදා ගන්න පුළුවන් ඡන්ද ප්‍රථිපලයක් කොල්ලනේ මේ පාර තියෙන්නේ. ආණ්ඩු කොරන ඇත්තන්ට විරුද්ධ පක්ෂ ඔක්කොම ඡන්ද එකතු කලාම ඔන්න උත්තරේ. (නදී)

:       0       0

දයන්ති Tuesday, 23 September 2014 12:30 PM

ඇදගෙන ඉන්න ඇදුම ඉරුනම කණපිට හරවල දාගන්නවා වගේ මේ කියමන් (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 23 September 2014 06:50 AM

මට නම් පෙන්නේ ඌව ඡන්දෙන් මේ මහත්තුරු සැහීමකට පත් වෙලා නැති හැඩයි(දිල්)

:       0       0

සමන්ත Tuesday, 23 September 2014 06:54 AM

ලද දෙයින් සතුටු වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද....නේද ?(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 25 September 2014 04:09 AM

මේ බන්දුල පෙරේරා කියන්නේ දියවන්නාවට ආවඩන කෙනෙක්ද මන්ද? නැත් නම් මේ රටට , රටේ ජනතාවට බරක් වෙලා තියෙන ගිනස් වාර්තා තබපු අපේ ඇමති මණ්ඩලේ තවත් වැඩි කරන්න කියයිද?. කඳ බඩ තිබුනටම මදි, බන්දුල, හොඳ බුද්ධියකුත් තියෙන්න ඕනේ මිනිසෙක් වෙන්න. නැත්නම් ඔක්කොම තිරිසන්නු වෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 348 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 176 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 419 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1456 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 375 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 169 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site