ඌව පළාත් සභා ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
බුත්තල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ මොනරාගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක විජේසිංහ හේරත් මුදියන්සේලාගේ ධර්මසේනගේ බුත්තල කතරගම පාරේ පිහිටි කාර්යාලයයට අද අලුයම එල්ලවූ ප්‍රහාරයකින් කාර්යාලයය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මොණරාගල දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යනුකූල හා නීත්‍යනුකූල නොවන කාර්යාල දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් තිබුණ ද එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වන බව කැෆේ සංවිධානය පවසයි.
ගරාජ් අංක සහ අංක තහඩු රහිත වාහනවලින් පැමිණි කණ්ඩායම් මොරණරාගල ප්‍රහාර එල්ල කරන බව විපක්ෂයේ අපේක්ෂකයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය අගාධයටම ගොස් තිබෙන අවස්ථාවක් මේක!!! (නි)
අපිට තියෙන ආදරේටනේ ඔයතරම් මහන්සි වෙන්නේ මනාප ටික ගන්න. (නි)
මම මේ පක්ෂ බේදයක් නැතුව කියන්නේ, අද අනෙක් පක්ෂයක් බලයේ හිටියත් මේකම නේද වෙන්නේ? (නි)
මොනවා උනත් මේ තියෙන ආණ්ඩුව හොදයි (නදී)
ඌවේ සියලුම දෙනා ඡන්දය දැමුවොත් මැරයන් පරාජය කළහැකියි. (නි)
දෙවියන්ටත් වංචා කරන සමහර අයගෙන් ජනතාවට සාධාරණය බලාපොරොත්තු වියහැකිද? (නි)
අපේ බන්දුල පෙරේරා සද්දයක් නැත්තේ එතුමත් ඌවට ගිහින්වද්ද? (නි)
මානව හිමිකම් කොමිසමට මේ වගේ දේවලුත් වාර්තා වෙනවා ඇති (නි)
මට මතක්වෙනවා 1980 කාලය... (නි)
අනේ ඉතින් ජනතාවට පුළුවන් තරම් හොඳින් සේවය කරන්නනේ මේ මහන්සි වෙන්නේ. පොලු මුගුරු පාවිච්චි කරලා ඒ මහත්වරුන්ගේ සියුමැලි අත් රිදෙනවත් ඇති. පව්. (නි)
ඔය සංවිධාන වලින් වැඩක් තිබේද? මොකක්ද ලැබුණ ප්‍රතිඵලය? (නි)
මම ඉන්නේ පිටරට. අපේ රට ගැනයි අපේ මිනිස්සු ගැනයි මට පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)
මේවා පෙනි පෙනී තවත් ඡන්දෙත් දෙමුකෝ (නි)
ඔය කියන උදවිය කාටද පක්ෂ කියල ජනතාව දන්නවා. (නි)
සාධාරණ සාමකාමී විදිහට මැතිවරණයක් තියන්න බැරිනම් මැකෝ මහත්තයෝ, ඇයි තවත් බල බලා ඉන්නේ? ජීවිත කිහිපයක් නිකරුනේ විනාශ වෙන්න පෙර මැතිවරණය අවලංගු කරලා දාන්න. (නි)
දේශපාලනය කරන්න හෘද සාක්ෂිය අවශ්‍ය නැති බව නම් පැහැදිලියි. (නි)
බලය තිබෙනතුරු චණ්ඩිකම් කරාවි. මෙතන ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? (නි)
පත්වෙන්න කලින් මෙච්චරම මැරවැඩ කරනවා නම් පත්වුණාට පස්සේ කොච්චර මැරවැඩ කරයිද? (නි)
පිරිවර හැඳිනගෙන, මේ ලෙස විපත දෙන සුරිඳුනි කතරගම, ඔබේ නෙත් හෙලනු මැන (නි)
අවංකව ජනතා සේවය කරන්න මේ වගේ මැර වැඩ කරලා බලයට එන්න ඕනෑද? ඌව ජනතාවනි, මේ ගැන දෙවරක් හිතා බලන්න (නි)
බලනකොට මේක මැර ඡන්ද ව්‍යාපාරයක් මිසක් නිදහස් ඡන්ද ව්‍යාපාරයක් නෙමෙයිනේ.ඡන්දෙන් පත්වෙන උදවියත් මැර බලයෙන් මිස ජනතා කැමැත්තෙන් පත්වෙන උදවිය නෙමෙයි වගේ. (නි)
සමහර අය හිතාගෙන ඉන්නේ තමන්ගේ ඔලුවට උඩින් කපුටෙකුටවත් ඉගිලෙන්න බැහැ කියලයි (නි)
හිනාත් යනවා මේවා දකිනකොට (නි)
මේවා දකිනකොට අනේ අපොයි කියලා හිතෙනවා. (නි)
ඔහොමද ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද කරන්නේ? (නි)
මේ වගේ අයට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? (නි)
තවත් දෙමුකෝ ඡන්දෙත් ඉතින්... (නි)
මේවා කරන අයට කවදාහෝ මේවා පළදෙයි (නි)
අපි මැරයන් පත්කරවන ඡන්දය වර්ජනය කරමු. (නි)
මොකද මේ මැරබලය ඔච්චරටම යොදවන්නේ? (නි)
කොහොමහරි දිනන්න ඕනෑ (නි)
ජන මතයට ගරු කරන්න තරම් බුද්ධියක් නැති මිනිස්සු දේශපාලනයට පැමිණිවිට වෙන වින්නැහිය තමයි මේ. (නි)