සියයට 25ක පමණ තිබුණු එක්සත් ජාතික පක්ෂ ඡන්ද ප්‍රතිෂතය සියයට 45 පමණ දක්වා ඉහළ දැමීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වන බව එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ‘එසැණ‘ සමඟ කීවේය.
‘මම ඡන්දෙට එද්දි ඉල්ලීමක් කළා පක්ෂායේ නායකයන් එකට එකතු වෙන්න කියා. ඒක සිද්ධ වුණා. මා කිව්වේ එජාප ඡන්ද ප්‍රතිශතය සියයට 40 දක්වා ඉහළ දමණ බව. එය සියයට 45 දක්වා ඉහළ දැමීමට මට හැකි වුණා.
මේ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ලොකු පිම්මක් ඉස්සරහට පැන්නා. ආණ්ඩුවේ දැවැන්තයන් ඉන්න ආසන පරද්දන්න අපට හැකි වුණා. සමහර ආසන අපි පැරදුණේ ඡන්ද දෙතුන් සියයකින්.
අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය සියයට 99ක් ලැබුණා. ජනතාව අපේක්ෂා කළේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැතිවරයෙක්. මට ඇති එකම කනගාටුව තමයි ජනතාව ඒ අපේක්ෂාව ඉටු නොවීම. නමුත් ජය හමුවේ සතුටු වෙනවා වගේම, පරාජය ඉවසා දරා ගන්නත් මට හැකියාව තියෙනවා.
අපි අවංකාව දේශපාලනය කළා. ඒ නිසා තමයි හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ. දැන් ඡන්දෙ ඉවරයි. මා සියලු දෙනාගෙන් ඉල්ලනවා සාමකාමීව ඉන්න කියලා.
මා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යනවාද නැද්ද කියා දැන්ම තීරණයක් ගන්නේ නෑ. මේ පළාත් සභාවේ හොඳ මට්ටමකට අපි අවිත් තියෙනවා. පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ බලය ස්ථාවර මට්ටමක තියන්න තමයි මා උත්සාහ කරන්නේ. මා කෙරෙහි විශ්වාසය තැබූ සියලු දෙනා වෙනුමෙන් මා දේශපාලනය කරනවා. ඉදිරියේ එන ඕන මැතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවත් මට තියෙනවා.
ඒ වගේම තමයි මා ඡන්දයට එද්දි සමහරුන් කිව්වා මට මනාප 50,000ක්වත් ගන්න බැහැ කියලා. මං ඒ අයට කියනවා දැන් හොයලා බලන්න කියා මගේ මනාප ගණන. එජාපය පැරදුණේ නෑ. එජාපය ලොකු ජයග්‍රහණයක් ලැබුවේ. ජවිපෙ ඇතුළු විපක්ෂය හමුවේ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ඕන ඕන දේවල් කරන්න බැරිවේවි. අපේ ශක්තිය වැඩියි.‘
හරීන් ප්‍රනාන්දු මහතා මනාප ඡන්ද එක්ලක්ෂ පනස් දහසක් පමණ ලබාගෙන ඇතැයි මැතිවරණ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුබ පැතුම් හරින් මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පාක්ෂිකයන්ට (නදී)
වයඹ ඡන්දයේද මෙයිට වැඩ් ජයක් යු.එන්.පී P එකට ලබා ගැනීමේ හැකියාව තිබුනා දයාසිරි යු.එන්.පී අපේක්ෂකයා ලෙස ඉදිරිපත් උනා නම්. මොකද ඌවේ සන්දාන අපේක්ෂකයා තරම් වයඹ අනෙක් සන්දාන අපේක්ෂකයෝ බලවත් සහ ජනප්‍රිය වෙලා සිටියේ නැත. (නදී)
ආණ්ඩුව කඩා වැටීම ඌවෙන් පටන්ගනී. ඉලක්කම් වලින් සන්දානය දිනුවත් සෑබෑ දිනුම විපක්ෂයටයි. ඡන්දය තිබුනේ හරින් හා ජනාදිපතිවරයා අතරයි. යුද්ධය හ ජාතිවාදය මාකට් කර ආණ්ඩුවේ සියලු බල පාවිච්චි කරලත් ඡන්ද ලක්ෂයකට ආසන්නව සන්ධානයට අහිමිවී ඇත. (නදී)
නියමයි හරීන්. (නදී)
හරේන් ඔබට සුභ පැතුම් (නදී)
ඇයි ඔයාට පිස්සුද මොකද දින්නම නේද අප්පුඩි ගහන්න ඕනා. පැරදුනාම නෙවෙයි නේද දයාසිරිගේ ලගින්වත් යන්න බැරිඋනා නේද ? (නදී)
ඔබගේ ජයග්‍රහණයට ඔබගේ කැපවීම සහ සජිත්ගේ ආගමනයත් එකතු වුනා කියල කියන්නම වෙනවා. දැන් නම් අත අරින්න එපා දිගටම ඔය ගැම්ම අරගෙනම යන්න. (නදී)
වෙල්ලස්සේ ජයකෙලි ජය දද බැන්දා හරින්ට පක්ෂයට අපේ සුබපැතුම්. (නදී)
ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වයට උණුසුම් සුබපැතුම් ඔබගේ ඡන්ද දායකයන් මෙතරම් දුරට වැඩිකරගෙන යාම පිලිබදව (නදී)
මේ ආංඩුව සිංහල ඡන්ද වලින් නම් කිසි ලෙසකත් පැරදිලා නැති වගයි මටනම් පේන්නේ (නදී)
වැටුන අලියට ඔක්සිජන් ගහපු හරින් ඇතුළු දේශමාමක උෟවේ ජනතාවට අපගේ ආචාරය ! රෙජීමයේ කාලය අවසන් බව රටට පෙනනා දුන් උෟවේ වීරෝදාර ජනතාව අතර 2500 ට රැවටුන අයත් ඉන්න බවත් දුටුවා. යු.එන්.පී අය දැන් ඉතින් කුලල් කා ගන්නේ නැතිව ඉදිරියට යන්න (නදී)
ජයවේවා හරින්, අපේ ලංකාවේ මිනිස්සුන්ට තවම වාසනාව නෑ. (නදී)
දීපිකා දැන් දයාසිරි ඇටිකෙහෙල් කාපු රිලවා වගේ දැන් එයා කරපු මෝඩකම තේරිලා (නදී)
ඔබගේ අවංක කම කිසිවෙකුට කිළිටි කරන්න ඉඩ නොදෙන්න. වෙනතක සිටියත් අපි ඔබ සමග. ජය අත ළඟ!!!හරීන් (නදී)
මුලින්ම හරින්ට ප්‍රණාමය. විපක්ෂය අවදි කරලා ගත්තේ ඔබතුමයි. (නදී)
යු.ඇන්.පී එක අවදි කළ ඔබට ජයෙන් ජයම වේවා! (නදී)
හරීන්, ඔබේ අවංක භාවය කාටවත් කිළිටි කරන්න දෙන්න එපා. අපි වෙනතක සිටියත් ඔබලා සමගයි.!ඔබ සැවොම එකතු වෙන්න ජය අත ළඟ (නදී)
රනිල් දැන් හරි තීරණේ ගන්න. සජිත් ට තනතුර දෙන්න දක්ෂයින්ව ලන් කරගන්න පක්ෂය ගොඩ නගන්න. (නදී)
සදුනි , ගරු හර්ස ද සිල්වා කියන්නේ බොහොම බුද්දීමතෙක් බවත් ඔහු වැන්නන් හට කොන්ද පන නැහැ කියන්නේ ඇයි කියන හේතුව දන්නේ ඔබ පමණි. හරින්ට ඔබ කියන කොන්ද තිබුනානම් ඔය ලනුව කාවි ද (නදී)
හරීන් ඔබට ජයවේවා! (නදී)
ඔබ තවත් පරිණත විය යුතුයි. තවත් නිහතමානී විය යුතුයි. ඔබ වෙත පැමිණි අය වෙත තවත් ලං විය යුතුයි. එවිට ඔබට ගමනක් ඇත. අහංකාර වුවහොත් ගමන ඉතා කෙටියි. (නදී)
හරීන් ඒ පලාතට කිසිම වැඩක් කලේ නැතුව ඡන්ද ලැබුනේ, ආණ්ඩුවේ නාස්තිය සහ අධික බඩුමිල නිසා ජනතාව දැක්වූ කලකිරීම වෙනුවෙන් දුන් ඡන්ද වලින් යුඑන්පි එකේ හොදක් හිතාගන දුන් ඡන්ද ලෙස කියන්න බැහැ. කවුරුත් එකයි. (නදී)
නිමල් ඔය ආචාර්ය පට්ටම් ගහගෙන එන හැම කෙනාම බුද්ධිමත් කියල හිතන්න එපා. පහු ගිය කාලේ හර්ෂගේ තෝම්බුව දෙකකේ නැද්ද නැත් නම් හොඳට හොයල බලන්න. අනික උගත් කම සහ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවා කියන්නේ දෙකක්. දැන් බලන්න ඔය උගත් මහත්තුරු කී දෙනෙක් කොන්ද නමාගෙන ආණ්ඩුවට වැඩ කරනවද කියලා (නදී)
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දුරයට සුදුස්සා ඔබයි (නදී)
ජනතාවගේ හදවතේ මහ ඇමති ඔබ තමයි හරීන් (නදී)
පහුගිය කාලේ දෙන්නටම අමුතු විදිහේ චෝදනා තිබුනා. දැන් ඉතින් ඉවරයිනේ (නදී)
අර නායකත්වය ඉල්ලන කණ්ඩායම් හැගීමක් නොමැති කෙනෙක් ලං කර නොගත්ත නම් මීට වඩා ප්‍රති ඵල ලැබෙන්න තිබුන නේද ? (ස)
සමහරුන්ට තියෙන ලොකුම ප්‍රශ්ණය පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය. එහෙම එකක් අවශ්‍ය තමන්ට සේවයක් කරගන්න මිසක් මහජනයාට සේවයක් කරන්න නෙමෙයිනේ. හරින් ඔබට ස්තුතියි. ඔබ අප ගැන පක්ෂය ගැන සිතුවාට (නදී)
ගස් නැති රටේ තුත්තිරි පලෙත් ගහක් ලු. (ස)
ලූලො නැති වලේ කණයා පණ්ඩිතයලු. බදුල්ලට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉල්ලුවා නම් මොකද වෙන්නෙ?ඔය මනාප ගාන වටින්නෙ යු එන් පි අයට විතරයි නේද?පැරදුන පක්‍ෂයක පාක්‍ෂිකයන්ගෙ මනාප අරගෙන මම මහ ඇමතිලු.ඔළුව අප්සෙට් වෙලාද මන්දා? (ස)
උදය මහතාණනි , මෝඩයන් සමග වාද කිරීමෙන් වලකින්න කියලා අපට උගන්නලා තියනවා. මොකද ?ඔහුට බුද්ධිය පහල වෙන තුරු , ඒ තාක් ඔහු කරන්නේ අනුන්ගේ කුණු හෝදන එකනේ , (ස)
. හරින් ඔබට ජය මෙච්චාර රාජ්‍ය බලය ආණ්ඩු පවුල් බලය තිබෙද්දි ඔබ දිනුව ආකාරය ගැන සතුටුයි. අනිත් පැත්තන් ඉල්ලපු අය ලැජ්ජා වෙන්න ඕනේ. මේ ජනතාව ඉදිරි මැතිවරණ පැමිණි විට පෙන්වයි හොඳට. ඌවේ ජනතාවට ජය වේවා. (ස)
නිශාන්තගේ අදහස, බන්දුල පෙරේරාට නියමෙට ඔබිනවා. (නි)
හරීන් ඔබතුමා පැරදුනේ නැ දිනුම් අපිත් පක්ෂය වෙනුවෙන් 97 ගුටිකාපු අය නමුත් අපි කාටවත්ම කවදාවත් හිරිහැර කෙරුවෙත් නැ කරන්නෙත් නැ අපිට ඕන u n p ආණ්ඩුවක් ඉක්මනට (අ)
අපේ උණුසුම් සුබපැතුම් හරේන්. ඔයා පැරදුනේ නැහැ. ඔයා කලේ ඌව විතරක් නෙවෙයි වැටිලා හිටපු විපක්ෂයම දිනවපු එක. ඔයාගේ කැපවීම පොදක් වත් අපතේ යන්නේ නැහැ. එ්කේ වටිනාකම ලගදීම මුළු රටටම බලාගන්න පුළුවන්. දැන් හැලියේ ඉන්න කකුළුවෝ ටික පොඩ්ඩක් උඩ පනින්න පටන් අරන්. මුළු ලංකාවම ලගදීම ඔයාගේ කැපවීමට ආචාර කරනවා. ඒ වගේම අර නායකයෝ කියල හිතාගෙන පස්සෙන් ඉදන් කකුලෙන් අදින අය දැන්වත් මුදලාලිලගෙන් අයින් වෙලා මිනිස්සු එක්ක නොහිටියොත් එයාලටත් ඇප නැති වෙනවා.(නදී)
හරීන් අපි හැමදාමත් ඔබ සමගයි (නදී)
ඔබ කැමති උනත් අකමැති උනත් ඔබට පරාජය පිළිගන්න වෙනවා. හේතුව බහුතර ජනතාව ඔබව මෙන්ම ඔබගේ පක්ෂයද ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඡන්දයට පෙර විපක්ෂය අනිත් පක්ෂ සමග එක් වී බලය පිහිට වීමට ඔබ සැලසුම් කලත් පොදු ජනයා එවැන්නකටවත් ඔබට අවසර දී නැහැ. දැන් ඔබට කල හැකිදෙයක් නැහැ. මේ වනවිට ඔබට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවී අවසන්. මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය තෙක් දැන් පළාත් සබාවේ කටයුතු කරන්න. නැවත මෙවැනි ගොන්කම් නොකරන්න. (නදී)
ඉතාම හොඳ ප්‍රතිපලයක්. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා (නදී)
හරින් ප්‍රනාන්දු ඔබට සුබ අනාගතයක් (නදී)
කොහොමත් ඉපදුන ගමන් අපිට ඇවිදින්න බැහැනේ. ඉවසලා ඉමු. ජයග්‍රහණය අත ලගයි. තෙරුවන් සරණයි.(නදී)
කොහොමත් ඉපදුන ගමන් අපිට ඇවිදින බැහෙනේ ඉවසලා ඉමු... ජයග්‍රහණය අත ලගයි ... තෙරුවන් සරණයි. (නදී)
ඌවේ ජනපති ඔබයි (නදී)
ජයවේවා හරීන් ඔබට ! (නදී)
හරීන් ප්‍රනාන්දු මහතා ඔබ කිව්ව දේ කලා.අපිට හරිම සතුටුයි.ඔබ තරඟ කලේ නිමල් දිලාන් ඇමතිවරු සමග.ඔබට ජනජය පක්ෂයට ජයවේවා. (අ)
සහතිකවම ආණ්ඩුවේ විශාල පසුබැසීමක් ඌව මැතිවරණයෙන් පෙන්නුම් කරනව. 73% ප්‍රතිශතය 51% දක්ක්වා අඩුවීම විශාල වෙනසක්. මම හිතන්නෙ එ .ජා .පක්ෂයට ඡන්ද වැඩිවීමට විශාල හේතුවක් උනෙ ජේ වී. පී කළ දේශපාලන විග්‍රාහයන් කියලයි. (අ)
ඔබගේ කැපවීම ඉතා අගයකොට සලකමි (නදී)
එක්සත් ජතික පක්‍ෂය ඉහලට ඔසවා තැබුවේ ඔබේ අාකර්‍ෂනයයි, දේශපාලන කුහකයන්ට මෙය හොඳ පාඩමක්. පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා වීමට සුදුසුම කෙනා ඔබයි. (නදී)
ශක්තිමත් විපක්ෂයක් අප බලාපොරොත්තු වෙනවා. වරප්‍රසාද පතා පිමි නොපනින ලෙසත් විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් අප ඉල්ලා සිටිනවා. (නදී)
ඔබතුමා හරි. සැබවින්ම ආණ්ඩුවේ කෙරුම් කාරයෝ දෙන්නෙක් තමන්ගේම ආසනවලින් ප්‍රතික්ෂේප කරලා. මේකත් අමතක කරන්න එපා. එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ ඔබතුමා දැන් "නිකන්ම පලා බබෙක්" මේ උගුලට ඔබතුමා ඇද දැම්මා නේද කියන සාධාරණ සත්‍යය අපට පිලිගන්නත් වෙලා තිබෙනවා. මොනවා වුනත් බස්නාහිරදී හර්ෂ ද සිල්වාට නොතිබුණු කොන්දක් ඔබ තුමාට තිබීම ගැන නම් ඉතා සතුටුයි. (නදී)
මට දැන ගන්න තියෙන විදියට හරීන් මනාප ලක්ෂ 4 කට වඩා අර ගෙන තියෙනවා. ,අපේ හරීන් තමයි මහා ඇමති (නදී)
''පෙරලුන පිට හොදයි'' කියන කතාව මතක් උනා මට. (නදී)
නියමයි ! (නදී)
100% ක් රමේෂ්ගේ අදහසට එකග වෙනවා. හරීන් ඔබ නියම පිරිමියෙක්. ඉදිරියේදී පරිස්සම් වෙන්න ලොකු ගමනක් යන්න තියනවා. කතා කිරීමේදී විරුද්ද පාක්ෂික කුහකයන්ට අවස්ථා නොදෙන්න වග බලාගන්න. ඌව ජනතාවට නැවත නැවත ස්තුති කරන්න අමතක කරන්න එපා. ජයෙන් ජය. (නදී)
පක්ෂය එකතු කරන්න ඔබ දරපු උත්සාහයට අපගේ ප්‍රණාමය. සජිත් මෙයිට වඩා සහයෝගයක් දෙන්න තිබුනා. (නදී)
හරේන් ඔයා කවදාවත්ම රජයට එක්වෙන්න හිතන්නවත් එපා. ඔයාට මුළු රටේම එක්සත් ජාතික පාක්ෂිකයන් ආදරය කරනවා. ඔබතුමා තව ඉදිරියට එක්සත් ජාතික පක්ෂයට මහත් සවියක්. ඔබතුමා හැමදාම ඉන්න ඕනේ දයාසිරි වගේ පනින්න නම් එපා. (නදී)
අපි ඔබ සමග සැමදා ඉන්නවා. ඔබගේ කැපවීම ඉතා අනගි එකකි. (අ)
කොහොමත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී වැඩ පෙන්නනවා එක අනිවාර්යයි හොරු රජකළ කාලය ඉවර වේගන එන්නේ ජනතාවට තේරිලා තියෙන්නේ බොරු සංවර්ධදනය ගැන.(අ)
හරීන් මම ඔබට හදවතින්ම සුබ පතනවා. ඔබේ ඉහත අදහසේ එක දෙයක් සමග මම එකඟ නැහැ. ඇත්තටම "සජිත්" එකතු වුණේ නැහැ. ඔහු කිසි විටෙක අන් අයව අගේ කරන කෙනෙක් නෙවේ. ඔහුගේ ගතිගුණ වෙන කිසිම UNP නායකයෙකුට නැහැ. ඔහු ඉතාමත් ආත්මාර්ථකාමී කෙනෙක්. පක්සයයත් ඔබත් පරිස්සම් වෙන්න ඔහුගෙන්.(අ)
ඔයාගේ කැපවීමට ආචාර කරනවා. ලගදීම අපේ අණ්ඩුවක් අපි හදමු. (අ)
ඔබට සුභ පතමි. එක්සත් ජාතික පක්ෂයේ පෙර ගමන්කරු ඔබයි (නදී)
හරින් ඔබට ජය වේවා. විපක්ෂයක් නැති වෙලා තිබුන යුගයක විපක්ෂයක් ඔබ ඇති කලා. දැන් නායක්වයට තියෙන්නේ මේ අය ඉස්සරහට අරන් ගිහින් පක්ෂය ජයග්‍රහනය කරලා දුෂිත දේශපාලනය අවසන් කරන එක. හරින් ඔබ ඉටුකල කාර්ය්‍යට ගොඩාක් පිං (නදී)
හරින්, ඔබ ඉන්නේ 1970 දී ජේ ආර් හිටපු තත්වයේයි. තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදීම ජයග්‍රහණයේ මාවතයි. (නදී)
විශිෂ්ඨයි, ඇත්තටම සජිත් ආපු එකෙන් ඡන්ද වැඩි උනා. මීට කලින් සම්බන්ද උනා නම් තවත් වැඩි වෙනවා (නදී)
පක්ෂයේ සමහරුන්ගේ ගේම් නැත්නම් මීට වඩා දිනන්න තිබ්බා. (නදී)
ඌවේ සන්ධාන බළ කණු ඇද වැටුණා නොව ඔබ ඇද දැම්මා. ඔබට ජය නියතයි. (නදී)
දයාසිරි ගිය පාරේ නම් යන්න එපා. (නදී)