ඌව පළාත් සභාවේ මංගල රැස්වීම අද (09) ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැත්විණි.
රහස් ඡන්දයෙන් නව සභාපති වුයේ ඡන්ද 19 ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ එම් බුද්ධදාස මහතාය. එජාප අපේක්ෂක උපාලි සමරවීර මහතාට ඡන්ද 13 ක් ලැබිණි.එජාපයේ හරීන් ප්‍රනාන්දු මහතා විපක්ෂ නායකවරයාය.
සන්ධානයේ සාලිය සුමේධ මහතා ඡන්ද 19 ක් ලබා උප සභාපති විය.එජාප අපේක්ෂක ද මු ජයසිංහ බණ්ඩාර මහතාට හිමි වුයේ ඡන්ද 13කි.
ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නව සභාපති හා උප සභාපති මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. සභාව 23 වැනි තෙක් කල් තැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබගෙන් නව වෙනසක් බලාපොරොත්තු වෙනවා (නි)
අනේ ඉතින් අපි සැමටම මේ තුන්සරණේ සරණයි! (නි)
අපිට දැන් දැන් ලැබෙන සහන වලට ඔබතුමාට පින්! (නි)
දැන් ඉතින් අහන්න දෙයක් නැහැ, ඌවට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා සිකුරුයි! (නි)
නව ගමනට අපෙන් සුබ පැතුම්! (නි)
සුබ පැතුම් (අ)
දැන්වත් බදුල්ලට නියං සහනාධාරය (රුපියල් 2500) බෙදාදෙන්න කටයුතු කරන්න (නි)
හරීන් දිනුව කියල කෑ ගැහුවට එයා විපක්ෂ නායක විතරනේ (නදී)
ජ වී පෙ, පලා බබාලට කැමති නැහැනේ. ඡන්දය නොදුන්නේ එ් නිසාය. වැටුප ගන්නත් එපා (නදී)
බදුලු ජනතාවට අපේ ආචාරය, මුළු රටේම ගමන් මග වෙනස් කලේ ඔබයි. සුබ අනාගතයක්. වතු කම්කරුවන්ටත් වැඩි පඩියක් දුන්නොත් හොඳයි. (නදී)
සුබ පැතුම්! (නි)
සුදුවතින් සැරසුණු පිරිසිදු මිනිස්සු! (නි)
ශෂී සහෝදරයට සුබපැතුම් , හරීන් සහෝදරයාටත් සුබපැතුම්. (නදී)
පක්ෂ විපක්ෂ දෙකේම නායකවරු දන්නවා ඔබ දෙදෙනාටම මිනිස්සුන්ගේ ඇති මනාපය කෙතරම්ද කියලා. එනිසා දැන් තරගය ඉවරයි කියල හිතාගෙන දෙපත්තට වෙලා මඩ ගහගන්න කාලය වැය නොකර තැලෙන පෑගෙන මිනිස්සුන්ට හා රටේ දියුණුවට මොනවා හරි නොකලොත් ලැබෙන ප්‍රතිචාරත් අඩු වැඩි වේවි. සුබ අනාගතයක්. (නදී)