IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එක වගේ දෙන්නෙක් - නිලංග සමග ශිවන්ත

2016-12-26-ent-37

මේක දැක්කම රිදෙන අයට රිදෙන්න පුළුවන්. එහෙම රිදව ගන්න එපා

නිලංග ද සිල්වා


මම කරන නිර්මාණ විදින්න බැරි නම්, එදාට මම මියුසික් නවත්තනවා

ශිවන්ත ප්‍රනාන්දු


 

 

2016-12-26-ent-38සංගීත කණ්ඩායම් දෙකක සහ එකම ක්ෂත්‍රයක ඔවුන් කටයුතු කරන අතර, ගායකයන් ලෙසද ඔවුහු කටයුතු කරති. "මේරියන්ස්" සංගීත කණ්ඩායමේ සිටින ඔහු ශිවන්ත ප්‍රනාන්දුය. ඔහු සමග මේ කතාබහට අප සමග එක්වූයේ වසර ගණනක් "සනිධප" සංගීත කණ්ඩායමේ නියාමන ගායකයෙකු ලෙස කටයුතු කළ නිලංගද සිල්වාය. මේ වනවිට "ස්පීඩ් නමි එකෝස්ට්ක්" සංගීත කණ්ඩායමේ නායකයා ලෙස ඔහු කටයුතු කරයි. මෙවර "එකවගේ දෙන්නෙක්" එක්වන්නේ ඔවුන් දෙදෙනාය. මේ කතාබහ ඔවුන් සමගය.

 

වර්තමාන කණ්ඩායම් සංගීතය ගැන ඔබේ අදහස?

නිලංග

ශිවන්ත වගේ කෙනෙක් එක්ක මේ කතාබහට එක්වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉස්සර ඉඳන් එකෝස්ටික් සංගීතයට කැමත්තක් තිබුණා. අපේ තිබුණු ආර්ථක මට්ටමයි, රටේ තත්ත්වයයි එක්ක අපිට සිද්ධ වුණා ඉලෙක්ට්‍රික් සංගීතය වැලද ගන්න. මම %සනිධප^ සංගීත කණ්ඩායමේ කාලයක් හිටියා. දැන් දැන් එකෝස්ටික් සංගීතයේ රස සහ ගුණාත්වය වැලඳ ගන්න උත්සහ කරමින් ඉන්නවා. චොකා බයිලා වාදනය කරමින් සිටි සංගීත කණ්ඩායම් පවා අද ඒ තත්ත්වයට එන්න උත්සහ කරමින් ඉන්නවා. අතීතය එක්ක ගත්තම වර්තමානය ගොඩක් හොඳ තත්ත්වයකට පැමිණ තිබෙනවා. සමහර අය එකෝස්ටික් සංගීතය කරනවා කියලා ඩ්‍රම් සෙට් එකක් දාගෙන ගිටාර් එකක් ගත්තට එකෝස්ටික් වෙන්නෙ නැහැ. හැබැයි දැන් එකෝස්ටික් සංගීතයට ලොකු ඉඩක් ලැබිලා තිබෙනවා.

 

ශිවන්ත

කණ්ඩායම් සංගීතයේ ඉතිහාසය ගත්තත් මුලින්ම එකෝස්ටික් සංගීතයෙන් පටන්ගත්තේ. කැලැරන්ස් විජේවර්ධන මහත්තයා එහෙම ක්ෂේත්‍රයට ආවෙත් එහෙම තමයි. එන්ටටේට්මන්ට්වලට ඉඩක් වෙන්වෙන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගත් පසුවයි. සංගීතයට යොමුවෙන්න ඉඩ නොලැබෙනකොට ඊට ගෙවන මුදල පවා අඩුකිරීමට මිනිසුන්ට සිදුවෙනවා. සංගීතඥයන්ටත් සිදුවෙන්නේ සංගීතයේ ගුණත්මකත්වය අඩුකරන්න. එකෝස්ටික් ඩ්‍රම් සෙට් එකක් එක්ක එහෙම යන එක ටිකක් අමාරු වැඩක්. ඉස්සර මම සංගීත ප්‍රසංග බලන්න යනවා. ඉලෙක්ට්‍රොනික් කණ්ඩායම් කරන මියුසිකල් බලන්න ගියා. ඒත් ඒවා ඉතාම පහත මට්ටමක තිබුණෙත් නැහැ.

 

නිලංග

එක දෙයක් කියන්න ඕන, ඉස්සර "සන්ෆවර්" සංගීත කණ්ඩායම තමයි ප්‍රසංග වේදිකාවේ ලොකු දෙයක් කළේ. කැසට්පට වුණත් එහෙමයි. අලුතින් බිහිවෙන හැම කණ්ඩායමකම වගේ අදහස තිබුණේ "සන්ෆවර්" සංගීත කණ්ඩායම වගේ වාදනය කරන් නැතුව ඉදිරියට එන්න බැහැ කියලා. "සනිධප" කණ්ඩායමේ හිටපු කීප දෙනෙක්ගෙම අදහස තිබුණෙත් එහෙම. මෙහෙමයි, මම ශිවන්ත වගේ වෙන්න ගියොත් එහෙම නැත්තම් ශිවන්ත මං වගේ වෙන්න ගියොත් ඒ පුද්ගලයගෙන් එහාට ගමනක් නැහැ. අපි අපේ දෙයක් හදාගන්න උත්සහ කළ යුතුයි.

 

ශිවන්ත

දැන් කණ්ඩායම් සංගීතයේ හොඳ පැත්තට යොමුවීමක් දකිනවා. එකෝස්ටික් සංගීතයක් නැවත මිනිසුන්ට ශ්‍රවනය කරන්න ලැබීම හොඳ දෙයක්. කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේදී මානව ගනුදෙනු සිදුවන ආකාරය ගැන තෘප්තිමත්ද?

 

නිලංග

ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. මගේ ස්පීඩ් සංගීත කණ්ඩායම පටන් ගද්දිත් මම මූලිකත්වය දුන්නේ මනුෂ්‍යත්වයට. අපේ කෙනෙක් දියුණුවෙනව නම් සතුටු වෙන්න ඕන. ඒත් අද ගොඩක් සංගීත කණ්ඩායම්වල ඒ දේ නැහැ. කකුලෙන් අදින, නැති තැන විවේචනය කරන, කේළාම් කියන තත්ත්වයක් තමයි අද තියෙන්නේ.

 

ශිවන්ත

නිලංග අයියා කිව්ව කතාව හරි. ඕන කෙනෙක්ගෙ හිතේ ඉරිසියාව තියනවා. ඒක තේරුම් ගත යුතුයි. නැත්නම් මානව සම්බන්ධතාවලට ප්‍රශ්නයක් වෙනවා. "මේරියන්ස්" සහෝදර කැලක්සේ ඉන්නවා. එහෙම දේවල් කණ්ඩායමට අදාළ නැති මේරියන්ස් කම්පැණි එකෙන් සිංදුව තිබෙනවා. කණ්ඩායම තුළ කටයුතු කරමින් ඉන්න කොට බාහිර ප්‍රසංග ලැබෙනවා. එය ප්‍රතික්ෂේප කිරීමක් සිදුවෙන්නෙත් නැහැ.

 

එවැනි අවස්ථාවල කළමානාකරණය සිදුකර ගැනීම?

නිලංග

එවිට ගොඩක් අයට ඉරිසියාව ඇතිවෙනවා. ඒ අවස්ථාව සින්දු තිබුණා කියලා ලැබෙන්නෙත් නැහැ. නීතිඥයෙක්, ජනාධිපති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් වෙන්න හරි හැමදේටම දක්ෂකමට වඩා වාසනාව තියෙන්න ඕන. ඒ වාසනා ගුණය හැමෝටම නැහැ. ඒ වාසනාවන්තයට අවස්ථාව ලැබෙන්න ඕන. ඕනම කෙනෙක්ට එන වාසනාවට පයින්ගහන්න, කකුලෙන් අදින්න හොඳ නැහැ. මම %සනිධප^ සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙන්න කවදාවත් හිතපු නැති කෙනෙක්. මම ඒ කණ්ඩායමට ගොඩක් කැප කිරීම් කළා. ඒක අපේ සංගීත කණ්ඩායම නෙමෙයි, ඒක මගේ සංගීත කණ්ඩායම. ඉන්නම බැරි තැන තමයි අයින් වුණේ.

 

නිලංග අයියා කියන්නේ වාසනාව එක්ක මේ හැමදේම තීරණය වෙනවා කියලා?

ශිවන්ත

ඒක පැහැදිලියි. අපේ රටේ ජනප්‍රිය වෙලා ඉන්න ගායකයෝ බලන්න. ටැලන්ට් එකට වඩා වාසනාව තියෙන්නේ. දක්ෂතාව මත කලාකරුවාව රසිකයන් වැලඳ ගන්නවානම්, ටෙලි නාට්‍යය, චිත්‍රපට වගේම ගීතයත් මීට වඩා ඉහළ තැනක තියෙයි. අද වාසනාවට තැන තියන නිසා තමයි සිල්ලර සංගීතයක්, සිල්ලර චිත්‍රපට, සිල්ලර ටෙලි නාට්‍යය බිහිවෙලා තියෙන්නේ. අත්තිවාරම තියෙන්නේ යට, ඒකයි අද වෙලා තියෙන්නේ.

 

ප්‍රේක්ෂකාගාරය ගැන හිතෙන්නේ මොකක්ද? ප්‍රේක්ෂකයා ඉල්ලන දේ දෙන තැනද ඉන්නේ?

නිලංග

මම ඉලෙක්ට්‍රික් සංගීතයේ ඉඳලා එකෝස්ටික් සංගීතය කරද්දි ඒක මට දැනෙනවා. "සනිධප" සංගීත කණ්ඩායමේ ඉන්න කාලේ හිතුවෙ නටන්න ගහන්න ඕන කියලා. එහෙම නැත්තම් වදින්න ගහන්න ඕන කියන තැන. ඒත් එකෝස්ටික්වලට ඉඩක් ලැබෙනවා. "ඉකිගසා හඬන" වගේ ගීතයක් කිව්වොත් විදිනවා. ඉල්ලුමට වඩා රසය අපි දෙන්න දැනගන්න ඕන. එවිට එය වැලඳ ගන්නවා.

 

ශිවන්ත

අපි රසය ලබාදිය යුතුයි. ඒක කලාකරුවගේ වගකීම. කලාකරුවට හැකියාවක් තිබිය යුතුයි මිනිසුන්ට ඕන දේ නොකර, මිනිසුන්ට ප්‍රයෝජනවත් දේ කිරීමට. රසඥතාවය වැඩි කළ හැක්කේ කලාකරුවට. ලෝකේ ඕනෑම තැනක ඉන්නවා කකුල් දෙකට මියුසික් ඕන අය. පිට්බුල් කියන්නේ ලෝකේ ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ ගීතයක පද බලන්න. හරිම සිල්ලරයි. නටන්න තියෙන්නේ. යුටියුබ් එකේ වීවුස් වැඩියි. මෙවැනි අය ලොව හැමතැනම ඉන්නවා. අපේ රටේ ප්‍රේක්ෂකාගාරයේ ඉහළ රසඥතාවයක් තියන අය ඉන්නවා. ඒ රසඥතාවය දෙන්න කලාකරුවා ක්‍රියාකර යුතුයි. ඒක කලාකරුවගේ වගකීම.

 

ඔබ දෙදෙනා ඒ වගකීම ඉටුකර තිබෙනවාද?

නිලංග මට පහුගිය කාලේ පුරාවටම ඒක කරන්න බැරි වුණා. ඒකම තමයි "සනිධප" කණ්ඩායමෙන් ඉවත්වෙන්න හේතුවත්. "සනිධප" කණ්ඩායමේ අවුරුදු 15ක් හිටියා. මට ගීත කීපයක් කරන්න තිබ්බා? මගේ රසයක් තිබුණා. මම කරන ගීතය කවදාහෝ හොඳ ගීතයක් වෙන්න ඕන කියන තැන මම හිටියා. මට ඉස්සෙල්ලා "සනිධප" එකේ ඩ්‍රම්ස් වාදකයා ගීත කළා. ඒත් මම එහි නියාමන ගායකයා වෙලත් ඉවසන් හිටියේ ඒකයි.

 

ශිවන්ත

මගේ සමාජගතවූ නිර්මාණ අඩුයි. මම ඒ ඇයි කියලා දන්නෙ නැහැ. මම චැනල්වලට සල්ලි දීලා ගීත ප්‍රචාරය කරන්නත් කැමති නැහැ. ශිවන්ත රූපවාහිනියේ නෑ. ඉන්නේ යුටියුබ් එකේ. මට ගීතයකට ඕන වුණේ ඔරිජිනල්ම වාදන භාණ්ඩය ගහන්න, ඒ නිසාම ගීතයකට අනවශ්‍ය වියදමකුත් මම දරනවා. මට ඒක ආපහු ලැබෙන්නෙත් නැහැ. දැනට කළ දේවල් ගැන තෘප්තිමත්.

 

මේ කණ්ඩායම් සංගීතය තුළ ‍කටයුතු කරන ඔබේ ඉදිරි අරමුණ මොකක්ද?

නිලංග

2016-12-26-ent-36මම එකෝස්ටික් සංගීතය තෝර ගත්තේ ගුණාත්මක සංගීතයක් ඉදිරිපත් කිරීමේ අරමුණෙන්. ඒක බැරි වුණොත් මම ආයේ පරණ තැනට එන්නෙ නැහැ. එකෝස්ටික් සංගීත කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමටම ගෙනයන්න බලාපොරොත්තු වෙනවා.

 

ශිවන්ත

මම මියුසික් විඳිනවා. මට රස විඳින්න බැරි කිසිම දෙයක් මම කරන්නේ නැහැ. මම කරන නිර්මාණ විදින්න බැරිනම්, එදාට මම මියුසික් නවත්තනවා. මම විදින දේ තමයි මම ප්‍රේක්ෂකයන්ට දෙන්නේ.

අනාගතයේදී කණ්ඩායම් සංගීතය තුළ කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසකුත් ඉන්නවා.

 

නිලංග

වාදකයෙක් වෙන්න ආසාවක් තියනවා නම්, ආසාව තියන වාදන භාණ්ඩේ ගැන ඉගෙන ගන්න ඕන. යම් තරමකට හෝ ඇහෙන විදිහට පේන විදිහට කරන්නැතුව කරන්න ඕන. "සන්ෆවල්ස්" සංගීතය තුළ ඒ වෙනස තිබුණා. ඒත් එක් තැනකදී මේ හැමදේම වෙනස් වුණා.

 

ශිවන්ත

ඔව් ඒක වෙන පැත්තකට ගියේ. අපේ රටේ අවාසනාවට.

 

නිලංග

දැන් ඉස්සර වගේ නෙමෙයි, යුටියුබ් එකේ පවා ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා.

 

ශිවන්ත

මම දකින්නේ මියුසික් කරන කෙනෙක්ගෙත්, රසඥතාවය වැඩිකරගත යුතුයි. බස්වල අස්සවන සින්දු නෙමෙයි සංගීතය ගැන හොයන්න. ලෝකේ සංගීතය ගැන හොයන්න. එවිට ඊළඟ පරම්පරාවේ රසඥතාවය වැඩිවෙයි. නැත්තම් වෙන්නේ කලාකරුවා දෙන බාල නිර්මාණ තමයි විදින්න වෙන්නේ.

ඒ රසය වැඩිකරගන්න කටයුතු කළ යුතුයි.

 

නිලංග

සමහර අය මෙය වෘත්තිය කරගන්න බලාපොරොත්තුවෙන්නෙ නැහැ. ඔවුන් වුණත් සංගීතය ගුණාත්මක දේවල් කරනවා නම්, එය හොඳ දෙයක් වෙයි. අද ගුණාත්මක සංගීතය අහන්නෙ නැහැ.

ඒ වගේම තව දෙයක් ප්‍රේක්ෂකයාට කිව යුතුයි. කලාකරුවා කියන්නේ හතුරන් නෙමෙයි, ආඩම්බරකාරයොත් නෙමෙයි. මේක මට ආවේණික දෙයක්. පෙනීමෙන් කවුරුත්ම මනින්න එපා. මගෙත්, ශිවාගෙත් ගීත මේ කාලේ ඉන්න වාසනාවන්ත පුද්ගලයන්ගෙ ගීත තරමටම ජනප්‍රිය නැහැ. සල්ලි මත්තෙම යන මාධ්‍යයත් තියනවා. අපෙනුත් ගීතයක් වාදනය කරන්න මුදල් බලාපොරොත්තු වෙනවා නම්, ආධුනිකයෙක්ගෙන් කොතරම් දේවල් බලාපොරොත්තු වෙනවා ඇද්ද? එහෙම වුණාම අලුතින් එන කෙනෙක් ක්ෂේත්‍රයට එන්නේ කොහොමද? අපිව මාධ්‍යයෙන් කොන්කරනවා වෙන්න පුළුවන්.

 

ශිවන්ත

මමත් ඒ මාධ්‍යයේ ප්‍රචාරය ලබාගැනීම ගැන නම් හෙම්බත්වෙලා ඉන්නේ. මම කලින් කිව්වෙ මම ඉන්නේ යුටියුබ් එකේ.

 

නිලංග

මේක දැක්කම රිදෙන අයට රිදෙන්න පුළුවන්. එහෙම රිදව ගන්න එපා. මේ ක්ෂේත්‍රය හොඳ තැනක තියනවා දකින්නයි අපිට ඕන වෙන්නේ.

 

නිදුක් මදුෂික /ජායාරූප තිසර ගංගාදර

 

2016-12-26-ent-35



අදහස් (0)

එක වගේ දෙන්නෙක් - නිලංග සමග ශිවන්ත

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 101 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 326 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 276 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 715 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 87 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 191 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site