ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර නොවැම්බර් මස 11 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කඩුලූ රකින්නා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා එක්දින පිලේ නිත්‍ය කඩුලූ රකින්නා ලෙස කටයුතු කරන කුමාර් සංගක්කාර පිතිකරුවකු ලෙස ක‍්‍රීඩා කිරීමට නියමිතය. චන්දිමාල් මීට පෙර එක්දින තරගවලට සහභාගි වුවද සංගක්කාර කඩුලූ රකින්නා ලෙස කටයුතු කළේය.
චන්දිමාල් මේ වන විට එක්දින තරග 12 කදී ශතක දෙකක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 348 ක් රැස්කර තිබේ.
එක්දින තරගාවලියට උපුල් තරංග, ශාමින්ද එරංග, සීකුගේ ප‍්‍රසන්න සහ ජීවන් මෙන්ඩිස් යන ක‍්‍රීඩකයන් සිවුදෙනාගෙන් තිදෙනකු ඩුබායි බලා සිටත්ව යෑමට නියමිතය. ටෙස්ට් තරගාවලියෙන් පසුව තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න සහ චානක වෙළගෙදර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද වාර්තා වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd