IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එකිනෙකාට ආදරය කරන ජීවිත හරිම සුන්දරයි

2016-12-24-ent-14

”අචලා අලස්” නමැති සුරූපි ටෙලි රංගන ශිල්පිනිය අද රංගනයෙන් අපට හමු නොවේ. නමුත් ඇය ගැන මතකය අවදි කිරීමට එදා විකාශනය වූ මිහිකතගේ දරුවෝ, ඇල්ල ළඟ වලව්ව, ඉදිකඩ අස්න, පහන් වැට වැනි ටෙලි නිර්මාණ හොඳටම ප‍්‍රමාණවත්ය.

2016-12-24-ent-15ටෙලිනාට්‍ය සෑහෙන ප‍්‍රමාණයක රඟපා නොතිබුණද අචලා අලස් යනු තමාගේ අනන්‍යතාවය රූපවාහිනී තිරය මත හෙටටද සිත්තම් කළ රංගන හැඩකාරියකි. අද ඇයගේ දියණිය ජිත්මි විවාහ දිවියට ඇතුළත්ව සිටින්නීය. පුතු සංදේව් උසස් අධ්‍යාපනයට සූදානම් වෙමින් සිටින්නේය. එදාටත් වඩා රූ සපුවෙන් සුන්දර වූ මේ ලස්සන අම්මා අචලා අලස් මවක, බිරිඳක, ගෘහණියක ලෙස අද වැඩිපුර දායකත්වය ලබා දෙමින් සිටින්නීය.

ඇය සමඟ සුන්දර කතාබහකට එක්වීමේ අරමුණ ඇතිව නාවල පිහිටි ඇයගේ නිවස වෙත පසුගිය දිනෙක අපි ගොඩවීමු. අද දින සැමරෙන අසිරිමත් නත්තල වෙනුවෙන් ඇය නිවෙස හැඩ වැඩ කරමින් සිටියාය. ඊට සහාය වීම සඳහා ඇයගේ දියණියද පැමිණ සිටියාය.

”ජිත්මි විවාහ වුණාට පස්සේ පදිංචිව සිටින්නෙ වෙනමමයි. හැබැයි අපි සිටින මේ පළාත ආසන්නයේමයි.” අචලා කතාවට මුල පිරුවේ එලෙසිනි. ඇය සමග දිගටම කතාවේ යෙදීමට පෙර අපි ජිත්මි සමග ටිකක් කතා කළෙමු.

 

ජිත්මි ඔබ මොනවද කරන්නේ?

අපේ තාත්තා බිහිකළ ව්‍යාපාර සමූහයේ සමූහ අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරනවා. ඒ අතර මම මගේ උපාධියෙ අන්තිම හරිය වෙනුවෙන් සූදානම් වෙනවා.

 

කොහොමද විවාහ ජීවිතය?

සුන්දරයි. විවාහ දිවියට ඇතුළත්ව වසර තුනක් විතර වෙනවා. මගේ සැමියා නීතිඥවරයෙක්.

 

ඇයි ඔබගේ මේ සුන්දර අම්මා දැන් රඟනොපාන්නෙ?

අම්මා කොහොමටත් මුල් තැන දුන්නෙ පවුලට. මේ දිනවල නම් මල්ලිගෙ විභාගය ළඟ නිසා වැඩිපුර දායකත්වය ලබාදෙන්නෙ මල්ලිගෙ වැඩවලටයි.

 

අම්මා රඟපෑ නාට්‍ය නරඹලා තියෙනවද?

ඔව්. අන්තිමටම ”සාගරය පරදා” නාට්‍යය නැරඹුවා.

 

අම්මගෙ රඟපෑම් ගැන ඔබ හිතන්නෙ කොහොමද?

අම්මා ”අඬන” චරිතය ඉතා හොඳට රඟපාලා තියෙනවා.

 

ගෙදරදි ඇය කොහොම චරිතයක්ද?

අම්මා එයාගෙ සැමියාට ඒ වගේම අපිට බොහෝම ආදරය කරන කෙනෙක්. ඇත්තටම අම්මගෙ චරිතවත් බව නිසා අපට හරිම ආඩම්බරයි. හරි ආදර්ශවත් චරිතයක්.

ඊළඟට අපි අචලා අලස් සමග කතාබහ පටන් ගනිමු.

 

”අචලා” මොකද හිතෙන්නෙ දුව කියූ ඒ අදහස ගැන?

එයාලට මාව දැනෙන විදිය වෙන්නැති ඒ. කොහොමටත් මම මාව වර්ණනා කරගන්න කැමැති නැහැ. නමුත් එදා ඉඳලම මම පවුලට මුල්තැන දෙමින් ජීවිතය සමබරව ගෙනියන්න උත්සාහ ගත්ත කෙනෙක්. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මුල්තැන දෙන්නෙ පවුලටයි. ඒ නිසා මට බාහිර කටයුතුවල යෙදෙන්න වෙලාවකුත් නැහැ.

 

හොඳ පවුල් ජීවිතයක් ගෙනියන නිසා බාහිර සමාජය සමහර විට ඊර්ෂ්‍යා කරනවත් ඇති නේද?

ඒක මට අදාළ දෙයක් වෙන්නෙ නැහැ. දෙවියන් වහන්සේ මම හොඳින් අදහන කෙනෙක්. මගේ සතුරාටත් ඒ නිසා පේ‍්‍රම කරන්න තරම් මගේ සිත හැදිලා. මේ සියලූ දේ අත්දැකීම් සහ වයස එක්ක ආ හැඟීම් කියායි මට හිතෙන්නෙ.

 

වයස ගැන කතා කළොත් ඔබ එන්න එන්නම තරුණ වන බවයි පෙනෙන්නෙ. මෙච්චර හැඩකාර වීමේ රහස මොකක්ද?

මම මා ගැන හොඳින් බලා ගැනීමයි. ඒ හැර වෙන රහසක් නැහැ. දෙවියන්වහන්සේ මට හොඳ ස්වාමිපුරුෂයෙක්, දරුවන් දෙදෙනෙක්, බෑනා කෙනෙක් දීලා තියෙනවා. කොහොමටත් මම විනයගරුකව කටයුතු කරන්න කැමැති කෙනෙක්. සැමියා විජිත නිර්මාංශ කෙනෙක්. ඒ වගේම මත්පැන් භාවිතයත් නැහැ. අපේ නිවසේ නිදහස් පරිසරයක් නිර්මාණය වී තිබෙනවා. අපි එකිනෙකාට ආදරය වගේම ගරුකර ගන්නවා. ඉතින් ජීවිතය සුන්දරව ගෙවෙනවා.

 

නත්තලට විශේෂයෙන් කරන කියන දේ තියෙනවද?

බොහොම සරලව චාම්ව නත්තල සමරන්න කැමැතිියි. විශේෂයෙන් නත්තල කියලා සංවිධානය වී කරන දේ නැහැ. සතුටින් ජීවිතය ගෙවීම තමයි අරමුණ.

 

ඔබ ලෝකය වටේ යන්නත් ආසා කරන කෙනෙක් නේද?

බොහෝ දුරට ඒකට කැමැතියි. විශේෂයෙන් ආගමික සිද්ධස්ථාන ඇති තැන්වලට යන්න හරිම ආසයි. ඒ නිසා සිතට ගෙන දෙන්නෙ සැහැල්ලූවක්. ප‍්‍රංශයේ ලූඞ්ස්වලට මම හරිම කැමැතියි. එතැනට ගියාම හරිම සැහැල්ලූවක් දැනෙන්නෙ.

 

නැවත රඟපෑමේ අදහසක් නැද්ද?

මම දැන් අම්මා කෙනෙක්නෙ. පුද්ගලිකව මම හිතන විදියට අම්මා කෙනෙක් ළමයින්ගෙ ළමා කාලයේදී ළමයින් එක්ක ඉන්න ඕනෑ. එය එකිනෙකාගෙ විදි, ස්වභාවයන් අනුව වෙනස් විය හැකියි.

 

අද ඔබ ටෙලි තිරයේ දකින්නට නැහැ. ඒ අනුව අද ඔබට ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?

මොකද දැන් රඟපාන්නෙ නැත්තෙ කියලා හුඟක් අය අහනවා.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-12-24-ent-13
2016-12-24-ent-12
2016-12-24-ent-11
2016-12-24-ent-10



අදහස් (0)

එකිනෙකාට ආදරය කරන ජීවිත හරිම සුන්දරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 309 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 926 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 289 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 189 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4561 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site