ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කළැයි සැකපිට මාස 14ක් රිමාන්ඩ් භාරයේ සිටි එම නඩුවේ පළමුවැනි හා තෙවැනි විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (24) නියෝග කළේය.
යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන සහ මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ හෙවත් නාදන් එසේ ඇප මත මුදා හැරිණි.
නඩුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි තවත් සැකකරුවන් සිව්දෙනකු සැප්තැම්බර් 19 වැනිදා ඇප මත මුදා හැරුණු අතර නඩුවේ 4 වැනි හා 5 වැනි විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම නොවැම්බර් 8 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීන්දුවක්. මේ විනිසුරුතුමාට මගේ අාචාරය වගේම ඔබ චිරාත් කාලයක් අධිකරණ කටයුතු වල සේවය කරන්න ලැබේවා! (නි)
සමහරු කැමති නැහැනේ මේ අයව කූඩුවේ තියන්න. ඔන්න ඔහේ යන්න අරින්න. ඉතිරි අයවත් නිදහස් කරලා දාන්න. (නි)
අපේ අහවල් මහත්තයාගේ ගෝරනාඩුව වැඩ කරනවා වගේ.
සමහරු කැමති නැති නිසා නෙමෙයි, පවතින නිතිය යටතේ රිමාන්ඩ් කර තබා ගැනීමට තරම් කරුණු නොමැති නිසයි ඔවුන්ව නිදහස් කෙරෙන්නේ. මෙය කළයුතුව තිබුනේ මෙයට වඩා කලින් (බ)