ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව මසක් රිමාන්ඩ් භාරයේ සිටි යුද හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් සිව්දෙනෙක් එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (19) නියෝග කළේය.
එමෙන්ම ඇප ලබාදුන් සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් හා සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.
ලුතිනන් චාමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන් සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, මාණ්ඩලික සැරයන් අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවී සහ සැරයන් දංගහගමරාළලාගේ තරංග ප්‍රසාද් ගමගේ ඇප ලැබූවෝ වෙති.
සෙසු සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නොහොත් නාදන්, සාජන් මේජර් වඩුගෙදර විනී ප්‍රියන්ත ඩිලංජන් උපසේන නොහොත් සුරේෂ්, කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි රිමාන්ඩ් භාරයේ පසුවෙති.
ඔවුන් සම්බන්ධයෙන් ඇප සලකා බැලීම ඔක්තෝබර් 24 වැනිදා සහ නොවැම්බර් 8 වැනිදා අවිස්සාවේල්ල මහාධිකරණයේදී සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම මිනිස්සු! ඇපදුන් එකට සන්තෝෂවෙන ලස්සන? (නි)
දුමින්දට කැමති බහුතරයකුත් ඉන්න රටේ මේ මිනී මරුවන්ට කැමති මිනිස්සුත් ඉන්නවා. (ම)
පිටිගල මිලානෝ මට පේන හැටියට ඔයා ප්‍රභාකරන්ගේ අවතාරෙද කොහෙද. (බ)
සමහරුන්ගේ අදහස් දැක්කහම ඇත්තටම දුකයි (නි)
දුමින්දත් ඇප ලැබිලා එලියෙ හිටියෙ කාලයක්. ඒ වුණත් ඔය ලස්සනට ඇතුළට ගියේ. වැරදි කරලා කවදාවත් බේරෙන්න බැහැ. (නි)
මේ වගේ විනිසුරන් රටට සම්පතක්. නාවික බුද්ධි නිලධාරින්වත් නිදහස් කරන්න. (නි)
දැන් ගොඩක් දෙනෙකුට අමතකයි එදා ජීවිත පරදුවට තබා යුද්ධ කළේ කවුද කියලා (නි)
උසාවියෙන් උසාවියට වෙනස්වන යහපාලන නීතියක් ඇද්දැයි වෙලාවකට සිතෙනවා (නි)
මෙය සිදුකිරිමට සහභාගි වූ සියලුම දෙනාට මෙහි වන්දිය ගෙවන්නට සිදුවෙනු අැත. බුදුදහමේ සත්‍යය එයයි. (නි)
අපරාධ කරන අයට හුරේ දාන ජාතියක් ලොවේ සිටීද? මට හිතාගන්න බැහැ. මේ තරම් මිනිස්සු අපරාධ වලට පෙළඹෙන්නේ ඇයි? (නි)
‘සිංහල සිත‘ කියන්නේ අපරාධ කිරීමට බලයක් තියෙනවා කියන එකද? දහම්, එ්ක වහල් හිතක සිතුවිල්ලක් මිස නිවහල් සිංහල සිතක සිතුවිල්ලක් නෙමෙයි. (නි)
මෙවන් යුගයක අතිවිශිෂ්ට එඩිතර තීන්දුවක්. ඔබතුමාට ජාතියේ ප්‍රණාමය! (නි)
මේ මිනීමැරුමට අණ දුන්න කෙනාව අල්ලන්නේ කවදාද? (බ)
මේ වගේ විනිසුරුවරු රටට සම්පතක්! (නි)
විනිසුරුතුමාට අපේ උත්තමාචාරය. (රේ)
අති විශිෂ්ට තීන්දුවක් (රේ)
මෙතැන මිනී මැරුමක් ගැන කියැවෙන්නේ නැහැ. අතුරුදන්වූ ත්‍රස්තවාදීන් ආදීන් සෙවීමට දැන් කාර්යාලයක් තියෙනවා. එකෙන් මේ ගැන හොයලා බලයි. (අ)
එඩිතර තීන්දුවක් ! ජාතියට පන දුන්නු මේ විරුවන්ට නිදහස ලැබීම සතුටක් ! විනිසුරු තුමනි ඔබ තුමාට මගේ ආචාරය ! (හේ)
විනිසුරු තුමනි ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය ! (හේ)
විනිසුරු තුමනි ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය ! (බ)
අනෙක් අයටත් ඇප දෙන්න මොනවත් සාක්කි නෑනේ මෙයාලට විරුද්ධව (බ)
මේ මහා අධිකරණ විනිසුරු තුමාට මගේ ප්‍රසාදය !! (බ)
යාන්තම් ටිකක් හරි සිංහල හිතට සැනසීමක්. අනෙක් අයටත් මේ වගේම සාධාරණය ඉටු වේවා.(බ)