අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ සිටින තැනකින් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම සම්බන්ධයෙන් වන ප්රතිවිරෝධතා ලබන 28 වැනිදාට පෙර ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (7) නියෝග කළේය.
පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න සහ විනිසුරු එම්.එම්.ඒ.ගෆූර් මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවුණු අතර පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති , හෝමාගම පොලිස් ස්ථානාධිපති , යුදහමුදාපති, යුදහමුදා බුද්ධි අංශ ප්‍රධානියා , නීතිපති ඇතුළු අට දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිවීමේ වරදට වන්දි ගෙවන මෙවන් අය ගැන තියෙන්නේ බලවත් කගාටුවක්. ඇත්තෙන්ම යහ පාලන ඇත්තෝ මේ අය ගැන බැලුවොත් හොදයි (හේ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නැවතත් මේ ප්රශ්නය කරළියට එන හැඩයි (නි)
ඔන්න බළලා මල්ලෙන් එළියට පැනලා... (නි)
යුද සමයේ බොරු ප්‍රචාර ගෙනයාම, රටේ හමුදාවට ප්‍රසිද්ධියේ බොරු චෝදනා එල්ල කිරීම වරදක්. (නි)
අපිට මතකයි ඔය මාධ්‍යවේදියා කරපු වැඩනන් ඒ දවස් වල. (යුද්දය තිබිච්ච දවස් වල) (බ)
එක්නැලිගොඩ නේද? (බ)
හබයාස්කෝපූස් පෙත්සමක් ගේන්නේ නිත්‍යානුකුල නැතිව හිර කරල තියෙන කෙනෙක්ට නිදහස දෙන්න. ඒ වුනාට හමුදා නිලධාරීන් හිර කරලා තියෙන්නේ මෙයාව මැරුව කියලා. (බ)
මෙයා මැරුව කියල නඩුවක් යනවා නේද...(බ)
සනත් ඔයා හරි. දැන් රණවිරුවන්ට නිදහස ඉල්ලන පුඑවන් (හේ)
දැන් කොහෙන් ගේන්නද?(හේ)
මේක මහා විකාරයක් වෙලා දැන්... (ර)
ජගත් ලියනගේ මහත්තයෝ, ඒ දවස්වල කරපු ඒ වැඩ (හොඳ හෝ නරක) අපිට කියලා දෙන්නකෝ, අපිටත් දැනගන්න. (නි)
කරුණාරත්න, පසුගිය කාලේ ඔයා කොහෙද හිටියේ? (නි)