IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එකම කාරයෙන් අධිවේගේ අනතුරු දෙකයි : පැනගිය වාහනේ අල්ලන්න දැලක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුම අසල දී අයකැමි කුටියට හානි කළැයි කියන මෝටර් රියක් පොලිස් අණ නොතකා නොනවත්වා ගිය බවත් අධිවේගී මාර්ග යතුරු පැදි ධාවන පොලිසිය එම වාහනය කිලෝමීටර් 5ක් පමණ ලුහුබැඳ යද්දී කාරය සහ යතුරුපැදිය ගැටී දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් එක් යතුරුපැදිකරුවකුගේ තත්ත්වය බරපතල බවත් කඩවතින් පිටවී ගිය බව කියන කාරය අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් පොලිසිය කියයි.

DSC07652 DSC07681 vlcsnap-2016-12-18-11h57m37s68



අදහස් (0)

එකම කාරයෙන් අධිවේගේ අනතුරු දෙකයි : පැනගිය වාහනේ අල්ලන්න දැලක්

හුසේන් මොහමඩ් Monday, 19 December 2016 03:56 AM

ඔන්න පොලිසිය ඔලුව පාවිච්චි කරන්නේ නැතුව වැඩ පෙන්නන්න ගිහින් කොරගත්තු දේ. (බ)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 19 December 2016 04:02 AM

මෑතකදී ලොක්කත් වැඩක් පෙන්නුවනේ කැමරා තියාගෙන. ඉතින්, සොක්කන්ටත් යුතුකමක් තියෙනවනේ ලොක්කවගේම යමක් කරන්න. ඕන් කළා (බ)

:       0       0

සිල්වා බර්ලින් Monday, 19 December 2016 04:02 AM

බණ්ඩාරගේ කතාව මමත් අනුමත කරමි , මෙච්චර අනතුරක් කරලත් කරදරයක් නැතුව අධිවේගෙන් පිටවෙලා ගියේ පොලිස්පති තුමාට කවුරු හරි " සර් " කෙනෙක් දුරකතන අැමතුමක්වත් දුන්නද දන්නේ නැහැ , කාර් එක ඇරෙස්ට් කරන්න එපා කියල (බ)

:       0       0

පෙරේරා Sunday, 18 December 2016 09:18 AM

පොලිස් සයිකලේ ටයර් නැට්ටටම ගෙවිලා (බ)

:       0       0

විජිත Monday, 19 December 2016 05:34 AM

මෙච්චර දෙයක් වෙලත් තවම අල්ලලා නැද්ද? (නි)

:       0       0

පහන් Sunday, 18 December 2016 10:26 AM

කව්රු වුනත් හොද වැඩකාරයෙක් (බ)

:       0       0

වසන්ත Monday, 19 December 2016 07:00 AM

මේක අල්ලගන්න නොලැබුනොත් නම් වස ලැජ්ජාව (නි)

:       0       0

ධම්මි Sunday, 18 December 2016 11:45 AM

පොලිසියෙ වෙලත් අනතුරක් වළක්වාගන්න බැරිවුනාද මහ ලොකුවට අනුන්ට නම් කියයි (බ)

:       0       0

කරුණාජීව Monday, 19 December 2016 08:02 AM

ඕස්ට්‍රේලියාවේ මෙවැනි සිදුවීමක් සිදුවුණොත් පොලිසියෙන් ලුහුබැඳීම අත්හැර දමනවා. බොහෝවිට සිදුවන්නේ වාහනයක් හොරකම් කර එය රැගෙන පළායාමයි. එයට හේතුව, පැයට කිලෝමීටර 60 කට ධාවනය කරන මාර්ගයක මේ හොරුන් කිලෝමීටර් 150 ත් 200 අතර වාහනය ධාවනය කරනවා. පොලිසිය එසේ ලුහුබැඳීම අත්හරින්නේ හොරුන්ගේ ජීවිත ආරක්ෂාවත්, පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාවත් ගැන හිතලයි. ඒ වගේම පොලිස් හෙලිකොප්ටරයක් මඟින් මේ සියල්ල වීඩියෝගත කර වාහනය නවත්තපු ස්ථානය ගැන විස්තර අවශ්‍ය නිලධාරීන්ට ලබා දෙනවා. එනිසා හොරුන්ට කිසිම ගැළවීමක් නැහැ. වාහනය නැවැත්වූ පසු බෙල්ලෙන්ම අල්ලාගන්නවා. (නි)

:       0       0

ජයාත් Monday, 19 December 2016 08:12 AM

නොනවත්වා ගියා නම් යාපනේදී වගේ ඔලුවට වෙඩි තිබ්බේ නැත්තේ ඇයි? අනික අර කිව්වා වගේ ගැලනිගමෙන් පැන්නා නම් ඊළඟ නැවතුම කහතුඩුව. එතැනදී නවත්වා ගන්න තිබුනනේ, අඩුගණනේ පාරවත් හරස් කරලා (නි)

:       0       0

කුමාර Sunday, 18 December 2016 04:35 PM

වාහනය පස්සෙන් පන්නන්න අවශ්‍ය නැහැනේ. ඊළඟ පිවිසුමට ඇමතුමක් දෙන්නනේ තිබුණේ (නි)

:       0       0

නිහාල් Sunday, 18 December 2016 09:36 PM

මින් ඉදිරියට මේ වගේ දෙයක් නොවෙන්න සැලසුම් සකස් කළයුතුයි. ගැලනිගමදී වුණා නම් වාහනයට එන්න විනාඩි 20ක් වත් යනවානෙ. අර පෙළපාලි නවත්තන්න තියෙන යකඩ ආවරණ ලෑස්ති කරලා සීසීටීවී වලින් බලලා හරියටම යන එක්සිට් එක බ්ලොක් කරන එක තමයි කළයුතු. (නි)

:       0       0

බුද්ධික Sunday, 18 December 2016 10:41 PM

පවු අහිංසක පොලිස් නිලධාරීන්.... අනික මේ අලුත් අවුරුදු කටේ මොකක්ද මේ සිද්ධවුණේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 18 December 2016 10:43 PM

අණ නොතැකුවා නම් ටයර් වලට වෙඩි තියන්න? රවින් ඔය කිවුවේ දවසේ කියමන (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 18 December 2016 10:51 PM

අපේ පොලිසියට වෘත්තීය මට්ටමේ රාජකාරි කරන්න තව කොපමණ කාලයක් ගතවේවිද? පලායන වාහනයක් ලුහුබැඳ යාමට විශේෂ පුහුණුවක් තිබිය යුතුයි. මේ පොලිස් නිලධාරීන් දෙන්නා වාහනය නවත්වන්න අණ දුන්නා නම් සුදානම් වෙන්න ඕනෑ නවත්වන වාහනය සමඟ නොගැටී වේගය පාලනය කර ගන්න. නිසි පුහුණුව නොලැබීම නිසා ජීවිත නැති කරගත් පොලිස් නිලධාරීන් එමටයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුව නොදැන සිටීමත්, එය අපරාධකාරයින් දැනසිටීමත් රටේ ආරක්ෂාවට තර්ජනයක්. (නි)

:       0       0

රුවන් Monday, 19 December 2016 01:20 AM

මම දන්නා තරමට මේ වැරැද්දට පොලීසියට ලුහුබඳින්න අවසර නැහැ. ඔබේ අදහසුත් දැනගන්න කැමතියි (නි)

:       0       0

සිසිර Monday, 19 December 2016 02:36 AM

කවුන්ටරයට ගඩොල් බාග ලබාදුන්නා නම් අවම බලය භාවිතා කරන්නවත් තිබුණා (නි)

:       0       0

රන්ජිත් Monday, 19 December 2016 02:48 AM

මේ පොලිස් නිලධාරීන් කරලා තියෙන්නේ ඉතාමත් අනුවණ ක්‍රියාවක්. අධිවේගී මාර්ගයක වාහන ලුහුබැඳීම එහි ගමන්ගන්නා අනෙකුත් වාහන වලට අනතුරුදායකයි. මෙවැනි සුළු අනතුරකදී කළයුතු වන්නේ පිටවන දොරටු දැනුවත් කර වාහනය නවතාගැනීමයි. (නි)

:       0       0

දහම් Sunday, 18 December 2016 06:47 AM

කඩවතට මෙහා එක පිවිසුමක් අසලදීවත් මේ වාහනය නවත්වන්නට පොලිසියට බැරි වුනේ ඇයි? (බ)

:       0       0

මොහාන් Sunday, 18 December 2016 07:29 AM

ඕක ලුහු බඳින්න දෙයක්ද? සියලුම පිවිසුම් වලට දැනුම් දුන්න නම් ඉවරනේ. කොහෙන් හරි එලියට යන්න ඕන නේ. (බ)

:       0       0

ජයනාත් Sunday, 18 December 2016 07:37 AM

රාජකාරී ඉටුකිරීමට කැපවුන පොලිස් නිලධාරීන්ට වුන අනතුර ගැන කනගාටුවෙමි. කෝ ඔය ඉමහත් ආදායමක් ලබන අධිවේගේ තියෙනවායි කියන සී .සී.ටී.වී.කැමරා ..? ක්ෂණික සන්නිවේදන පහසුකම්..?.පොල්ලක් දාලාවත් ඔය කාර් එක කඩවත පිටවුම් දොරටුවෙන් පැනගන්න එක නවත්වාගන්න බැරිවුනේ ඇයි..? කොතනද ,කාගේද වැරැද්ද .. මේ ලැජ්ජාසහගත අඩුපාඩුවට ? (බ)

:       0       0

චතුෂ කුමාර Sunday, 18 December 2016 07:56 AM

මේ යතුරුපැදි ඉතාම මිල අධිකයි. මෙව්වා පරිස්සමට පාවිච්චි කරන්නේ දන්නේ නැත්තන් අපේ බදු සල්ලි වලින් අරං පොලිසියට දෙන්න එපා. අඩු මිල ඉන්දියන් යතුරු පැදි ලබා දෙන්න. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 19 December 2016 03:33 AM

ෂුවර් එකටම දේසපාලන රැකවරණය සහිත පාතාලයේ කණ්ඩායමක් වෙන්න ඇති. එ්කනේ තාම හොයාගන්න බැරිවෙලා තියෙන්නේ. මිනිස්සු එම වාහනේ දුටුවත් නොකියා ඉන්නේ මැරුම් කන්න බැරි නිසයි. අපේ රට විනාශ වෙන්නේ මේ යහපාලනය නිසාමයි. (නි)

:       0       0

රවීන් Sunday, 18 December 2016 08:35 AM

ඔය යන නිලධාරින්ට ආයුධ දීල නැද්ද? අණ නොතැකුවනම් ටයර් වලට වෙඩි තියන්න? හෝම්බෙන්හරි ගිහිල්ල නවතීවි? බල පුළුවන්කාර කම් වලට ඉඩදුන්නොත් රට තව තව අගාධයටම යනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 618 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1019 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site