2011 වසරේ ලෝක කුසලාන දිනා ගැනීමේ එංගලන්ත සිහිනය සුන්නත්ධූලි කරමින් අවසාන පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට ප‍්‍රංශ කණ්ඩායම අද (8 වැනිදා) සමත් විය.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්කිහිදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ප‍්‍රංශ පිල තරගය ජය ගත්තේ ලකුණු 19 - 12 ක් ලෙසිනි. ඒ අනුව ප‍්‍රංශ පිල එළඹෙන 15 වැනිදා, වේල්ස් කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිතය.
තරගයේ ආරම්භයේ සිට ම මැනවින් තරගයට අවතීර්ණ වූ ප‍්‍රංශ කී‍්‍රඩකයෝ පළමු අර්ධය නිමා කළේ 16 - 0 ක් ලෙසිනි. එහිදී වින්සන්ට් ක්ලාක්, මැක්සිමි මෙඩාර්ඩ් සහ දිමිති‍්‍ර යැක්විල් දඩුවම් පහර තුනක් සාර්ථක කර ගැනීමට සමත් වූහ.
55 වැනි මිනිත්තුවේදී බෙන් ෆෝඩන් ලබා දුන් ආරම්භයත් සමගින් ජොනී විල්කින්සන් සහ මාර්ක් කියුටෝ එංගලන්ත පිල වෙනුවෙන් කි‍්‍රයාත්මක වුව ද අවසාන ප‍්‍රතිඵලයේ වෙනසක් කිරිමට ඒ කිසිවකුට හැකි වූයේ නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd