IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


එංගලන්තය අත හැර කොළඹ ආ මේධා

2016-06-10-ent-163

කලකට ඉහතදී මේධා ජයරත්න ගැන වැඩි දෙනා කතාවුණේ රූපවාහිනි නිවේදිකාවක ලෙස ඇය කටයුතු කළ නිසයි. ඉන්පසුව ටෙලිනාට්‍ය රංගනයට එක්වූ ඇය පසුගිය කාලයේදී ජීවත්වුණේ එංගලන්තයේය. නමුත් එංගලන්තය අත්හැර නැවත ලංකාවට පැමිණි මේධා දැන් නැවතත් පේ‍්‍රක්‍ෂකයින් අතරට පැමිණ සිටින්නේ, ‘‘කොළඹ අපි ආවා’’ නාට්‍ය මාලාව සමගයි. මේධා සදැල්ල සමග කොළඹ ඇවිත් මොනවද කියන්නෙ?

 

2016-06-10-ent-166"මේධා" කොහොමද ඉතින්?

මේ විදියට රඟපෑමට එක්වුණේ කොපමණ කාලයකට පසුද? අවුරුදු පහකට විතර පසුව තමයි මේ නැවත රඟපෑමට එක්වුණේ. අවුරුදු දෙකහමාරක්ම ලංකාවෙ හිටියෙ නැහැ. ඒත් නැවත ලංකාවට එනකොට චූටි දු ගොඩාක් පොඩියි. ඒ නිසා තවත් කාලයක් කලාවට එක්නොවී සිටින්න සිදුවුණා. පසුව මගේ සැමියා සුරංග ලක්මාල් අධ්‍යක්‍ෂණය කළ ‘‘කොළඹ අපි ආවා’’ නාට්‍ය මාලාවට එක්වුණේ.

 

එහෙම නැතිව එංගලන්තයේ ඉඳලා ආව නිසා නෙවෙයිද?

පහළ මධ්‍යම පංතියෙ මිනිස්සු ගත්තොත් එයාලා විවිධ පළාත්වල සිට කොළඹ එනවා. විවිධ හේතු නිසයි එහෙම වෙන්නෙ. සමහර විට ඒ විදියට කොළඹ ඇවිල්ලා සැපට දුක් විදිනවා. මෙන්න මේ වගේ කතා තේමාවක් තමයි ‘‘කොළඹ අපි ආවා’’ නාට්‍යයට ඇතුළත් වෙන්නෙ. ස්වාධීන රූපවාහිනියෙන් සතියේ දිනවල රාත‍්‍රී 9 ට ‘‘කොළඹ අපි ආවා’’ කට්ටිය හමුවෙන්න පුළුවනි.

 

ඔබ එහි කවුද?

කොළඹට එන පවුලක දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. මම ඒ පවුලේ දෙවැනියා වන නිසංසලා ලෙස රඟපානවා.

 

මේ විදියට ඔබ රඟපාන්නෙ සැමියා අධ්‍යක්‍ෂණය කරන නාට්‍යවල විතරද?

දැනටත් සංජය නිර්මාල්ගෙ හිරු ඔගඪ. ඔස්සෙ විකාශය වන ‘‘වස්සානේ පේ‍්‍රමය’’ නාට්‍යයේ රඟපානවා. එයාගෙම ‘‘රිදී’’ කියන නාට්‍යයේත්, ජී. නන්දසේන මහතාගේ අලූත් නාට්‍යයකටත් ආරාධනා ලැබ සිටිනවා.

 

දැන් නිවේදනය සඳහා ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

ඇත්තටම හොඳ වැඩසටහනකට ආරාධනාවක් ලැබුණෙ නැහැ. එංගලන්තයේ සිට ආ විගස රූපවාහිනියෙ වැඩසටහන් දෙකක් කළා. නමුත් දිගටම ඒවා කළ නොහැකි වුණේ මගේ අනෙකුත් වැඩ නිසයි.

 

බොහෝ දෙනා එංගලන්තයට යන්නෙ එහේ නතර වී රැුකියා කිරීමටයි. ඒත් ඔබ සහ පවුලේ අය ඇයි එංගලන්තය දාලා ආපසු ආවේ.?

එංගලන්තයට ගියේ සැමියාගේ උපාධිය සඳහායි. උපාධි දෙකක් වෙනුවෙන්ම එහිදී සැමියා ඉගෙන ගත්තෙ. ඒ විභාග ඉවර වුණාම ආපසු ලංකාවට එන අදහසින් ගියේ. ඇත්තටම එහිදී රැුකියා වලින් මුදල් ලැබෙන බව ඇත්ත. ඒත් මෙහිදී වගේ ජීවිතය දැනුනෙ නැහැ. හරි හුදෙකලා බවක් දැනුණෙ. පේ‍්‍රක්‍ෂකයින් නැහැ, රසික පිරිස නැහැ, ඒ වගේ දේ නිසා හරි අපහසුවක් දැනුණෙ.

 

දැන් මෙහි ඇවිත් මොනවද කරන්නෙ?

‘‘අවකාශ’’ මීඩියා ආයතනය නමින් මගේ මහත්තයා සහ සඳරුවන් ජයකොඩි සමාගමක් පටන් ගත්තා. මේ නාට්‍ය නිෂ්පාදනය වුණෙත් එම සමාගමෙන්. මටත් සැමියටත් මාධ්‍ය සම්බන්ධව ලංකාවෙ උපාධි තිබෙනවා. මම මගේ උපාධිය ලබාගත්තෙ කැලණි සරසවියෙන්. දැනට මමත් නාට්‍ය නිෂ්පාදනයට දායක වෙනවා.

 

එංගලන්තයේ ගෙවූ කාලයේදී ඇයි කලාවට සම්බන්ධ වෙන්න බැරිවුණේ?

අපේ රට සහ ඒ රට සසඳන්න බැහැ. අපේ රටේදී දේශපාලනයට හෝ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට (විද්‍යුත්* ප‍්‍රවේශ වීමට බොහෝ දුරට සුදුසුකම් අවශ්‍ය නැහැ. අපේ රටේ චැනලයක නිවේදිකාවක වීමට ලස්සන තිබුණොත් බොහෝ දුරට එය ප‍්‍රමාණවත්. ඒත්, ඒ වෘත්තීය පිළිබඳව ඉහළම සුදුසුකම් ඒ රටේදී බලනවා. ඒ වගේම හැකියාව ගැනත් බලනවා.

 

අද ආපසු හැරී බලද්දී ඔබ එදා ලංකාවේ නිරත වූ රූපවාහිනී මාධ්‍ය ගැන කොහොමද හිතන්නෙ?

ඇත්තටම හරිම කනගාටුවක් තියෙන්නෙ. විද්්‍යුත් මාධ්‍යයේ සන්නිවේදනය මිනිස්සුන්ට දනවන්න, දැනෙන්න කෙනෙකුට ලස්සන විතරක් තිබිලා මදි. සිංහල භාෂාව උච්චාරණය හරියට දැන ගන්න ඕනැත් නැහැ. ඉංග‍්‍රීසින් ඔය දැනෙන වචන ටිකත් කිව්වාම ඇති. සමාජය ගැන දැනුමක් අවශ්‍යයත් නැහැ. ඒ නිසා මිනිසුන් අතර මතයක් ගොඩනැගෙන්නේ නැහැ. මේ නිසා ලොකු දෙයක් සමාජයට කළ හැකි විද්්‍යුත් නිවේදන කලාව පිරිහීමට පත්වෙනවා.

 

එංගලන්තයේ සමාජයේ ඔබ දුටු හොඳම දේ සහ ලාංකීය සමාජයේදී දක්නට නැති, අපට ලබා ගත යුතු හොඳම දේ ලෙස දකින්නෙ?

විශේෂයෙන්ම ‘විනය’ නොමැති කමයි. පාරේ තොටේ ගියත්, වෙන කොතැනකදීත් එහෙමයි. මිනිස්සු හැමෝම කළබලකාරීයි. සංයමයක් නැහැ. ඒ විනය, සංයමය සමාජයේ ඇති කළ යුතුයි.

 

සටහන/ඡායාරූප  සඳුන් ගමගේ

 

sandalla

 

2016-06-10-ent-164
2016-06-10-ent-162
2016-06-10-ent-161



අදහස් (0)

එංගලන්තය අත හැර කොළඹ ආ මේධා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 3 0

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1133 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 149 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 143 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 438 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1127 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38767 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site