මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේදී මහත් බලාපොරොත්තු රඳවා සිටින එංගලන්ත කණ්ඩායම ස්කොට්ලන්ත පිල සමග අද (1 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයේදී ලකුණු 16 - 12 ක තියුණු ජයක් ලබාගත්තේය. තරගයේ 78 වැනි මිනිත්තුවේදී එතෙක් වාර්තා වූ එකම උත්සාහක දිනුම ලබාගත් කි‍්‍රෂ් ඇෂ්ටන් එංගලන්ත පිල ඉදිරියට ගෙන ගියේය. සුපිරි කී‍්‍රඩක ජොනී විල්කින්සන් ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහර 2ක් සාර්ථක කර ගත් නමුත් දඬුවම් පහර පහක්ම ඔහු වෙතින් ගිලිහී ගියේය.ස්කොට්ලන්තයේ රුවාරිද් ජැක්සන් මෙම තරගයේදී ආබාධයකට ලක්වූවද එහෙත් ඔහු පිටියෙන් නික්මුනේ ස්කොට්ලන්තය වෙනුවෙන් ද`ඩුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් සාර්ථක කර ගැනීමෙන් අනතුරුවය. ස්කොට්ලන්තය වෙනුවෙන් කි‍්‍රස් පැටර්සන් ද ද`ඩුවම් පහර 2ක් සාර්ථක කර ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd