(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 වැදගත් පනත් ඉදිරිපත් කරලා තියෙද්දි දයාවතීලා වගේ  පාර්ලිමේන්තුවේ වල්පල් දොඩවන පිරිසක් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ රටේ වුනේ මොකක්ද කියා අවබෝධයක් නැත්තේ මේ උදවිය කෝමා වෙලා හිටියද දන්නේ නෑ.අපේ රජය බලයට පත් වුණාට පස්සේ ඉතාමත් යහපත් ලෙස විනිවිද භාවයෙන් රටේ මූල්‍ය විනයක් ඇති කර ආර්ථිකය ස්ථාවර කරගන්න සමත් වී තිබෙනවා.ඒ වගේම අපි එක දිගට සියයට පහක ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන්නට සමත් වී තිබෙනවා.ඒ වගේම දශක ගණනාවකට පස්සේ අයවැය අතිරික්තයක් වාර්තා කරන්න සමත් වී තිබෙනවා.සියලු ආර්ථික සාධකවල සාධනීය තත්ත්වයක් වාර්තා කරන්නට අප සමත් වී තිබෙනවා.ඒවා ඔය කියන දයාවතීලට පේන්නෙ නෑ යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.