(නිමල කොඩිතුවක්කු)

ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රළු වාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අභිලාස ප්‍රකාශ කිරීම් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, ආයතන 05 ක් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම කැඳවීම් සිදු කර තිබේ. ඒ අනුව, එකී යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව M/s Master Hellie's Engineering Consultants (Pvt) Ltd. ໖໑ ໑໖໖ ໑໒໖ රුපියල් මිලියන 52.44ක මුදලක් (එකතු කළ අගය මත බදු රහිත) සහ විදේශීය සංරචකය ලෙස ඇමෙරිකානු ඩොලර් 122,859 ක මුදලක් ඇතුළත් වන පරිදි රුපියල් මිලියන 91.21 ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත ) එකී උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.