එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා නායකත්ව මණ්ඩලයෙන් අද (22) ඉල්ලා අස් විය.
අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසුරිය මහතා වෙත ඉදිරිපත් කළේය.
පිටකෝට්ටේ සිරි කොත පක්ෂ මුලස්ථානයේදී අද (22) සවස 4 ට පැවැත්වෙන රැස්වීමේදී මෙම ලිපිය ගැන අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර දේශපාලනය කළත් යු. එන්.පී එකට තවමත් පොදු සතුරා හඳුනාගන්න බැරිවෙලයි තියෙන්නේ. (නි)
මෙයාලට මහජනජාව වෙනුවෙන් එකතුවෙන්න බැරි මොකද? මහජනතාවට අවශ්‍ය මේ වැටිලා ඉන්න වළෙන් ගොඩවෙන්න (නි)
අනේ පව් නේද? (නදී)
ලංකා, දැනට ජනාධිපතුතුමා තරම් ජනප්‍රිය කෙනෙක් දේශපාලන වේදිකාවල නැති බව මම අවිවාදයෙන් පිලිගන්නවා. නමුත් මෙතන ප්‍රශ්නයකට තිබෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගෙන් පටන්ගත්තම අැමතිලා දක්වා සිටින සන්ධාන දේශපාලකයෝ කරන අකටයුතු කම් දිනපතාම මාධ්‍ය තුලින් දකින්නට අසන්නට ලැබෙනවා. ඔවුන් දිනපතාම ටිකෙන් ටික එතුමාගේ ප්‍රතිරූපය විනාස කරනවා. ඔවුන්ව මැඩ පැවැත්වීමට ජනාධිපති තුමා සහ සන්ධානයේ ප්‍රධාන දේශපාලකයන් අසමත්ව ඇත. මෙම තත්වය දිගින් දිගටම පැවත් වුනොත් තව අවුරුද්දක් දෙකක් යනකොට ජනාධිපතිතුමාව පැරද්දවිම සුළු දෙයකි. අමතක කරන්න එපා 70 දශකයේ අ ගභාගයේ යු.එන්.පී එකට පාර්ලිමේන්තුවේ 5/6 බලයක් තිබුණා. නමුත් එම සියල්ල 90 දශකයේ මුල් භාගයේදී විනාශ විය. (නදී)
හරින් මනාප යම් ප්‍රමාණයක් ගත්තනම් ඒකට ඉරිසියා කරන්නේ සන්ධානේ අය නෙමෙයි. යු.අැන්.පී අයම තමයි. ඡන්දෙන් පස්සේ දවසේ ඉදල හරින්ට කටුව ගහන්නේ කොහොමද කිය කිය කට්ටිය එකතු වෙලා ප්ලැන් ගහනවා ඇති මෙලහකට. කාටවත් නැගිටින්න ඉඩක් දෙන්නේ නැහැ. නමක් හදා ගන්න ඉඩක් දෙන්නේ නැහැ. නමක් හැදෙන බව පෙනුනොත් ඉවරයි. (නදී)
ඇත්තටම පිස්සුද (නදී)
ලංකා, මේක ශ්‍රී ලංකාව. ඔය එක්කෙනෙකුටවත් බැහැ සදාකල් ඔය පුටුවල ඉන්න. ඡන්ද දායකයින්ගේ කතිරේ බලෙන් ඔය කවුරුත් විසි වෙනවා. හිතන්න හොඳ නැහැ, මේ රටේ ඉන්නේ ගොන් රැලක් කියලා. අවුරුද්දෙන් අවුරුද්ද උගතුන් සමාජයට එකතුවෙනවා. එම තරුණ ඡන්ද රු: 2500 ට සාරියට හෑන්ඩ් ෆෝන් එකට රවටා ගන්න බැරිවේවි. එදාට ඔවුන් ගන්න තීරණයට අලගු තියන්නයි බැරි වෙන්නේ. (නදී)
බණ්ඩා, අචිනි ,මමත් ඔබ දෙපලගේ අදහසට එකගයි (නදී)
ලංකා ඔයාට මොලේ නැති බව ඔයාගේ ගෙදර අයනම් දන්නවා ඇති හැබැයි එක ලෝකෙට සමාජෙට පෙන්වන්න හදන්න එපා. (අ)
අනේ ! බන්ඩෝ, බණ්ඩාට ප්‍රේමදාස යුගය අමතක වෙලා තියෙන ඉක්මන , තැන තැන මළ මිනී. (අ)
හරින් මනාප යම් ප්‍රමාණයක් ගත්තනම් ඒකට ඉරිසියා කරන්නේ සන්ධානේ අය නෙමෙයි..මේ යු. අැන්. පි. කාරයෝම තමයි..ඡන්දෙන් පස්සේ දවසේ ඉදල හරින්ට කටුව ගහන්නේ කොහොමද කිය කිය කට්ටිය එකතු වෙලා ප්ලෑන ගහනවා ඇති මෙලහකට..කාටවත් නැගිටින්න ඉඩක් දෙන්නේ නැහැ.. නමක් හදා ගන්න ඉඩක් දෙන්නේ නැහැ.. නමක් හැදෙන බව පෙනුනොත් ඌ ඉවරයි..මංගලලා රවිල වගේ අය ඉන්නකම් ආණ්ඩුවට යු. අැන්. පි.ය ගැන බය වෙන්න දෙයක් නැහැ..හරිනුත් හෙට අනිද්දා ආණ්ඩුවෙන්ම නවතීවි.. (අ)
ලංකා, ඔබ හරි. (නි)
රොහාන් තමන්ට මොලේ නැති බව ලෝකයට සමාජයට පෙන්නන්නේ ලංකාද ? රොහාන් ඔයාද ? කියන එක මට ප්‍රශ්ණයක් (නදී)
චන්ද්‍රා, ඒ ගැන කියලා වැඩක් නැහැ. සිංහලයා කියන්නේ හැම දෙයක්ම ඉක්මනින් අමතක කරන කට්ටියක් (නි)
බණ්ඩාට පුළුවන්නේ ඉතින් අචිනිත් එක්ක කොළඹ බලන්න යන්න. (නි)
එක්සත් ජාතික පක්ෂ නායක කම සජිත්ට දීලා නියෝජ්‍ය නායක කම හරින්ට දුන්නා නම් යු එන් පී දිනනවා ෂුවර් . මේක වෙන්නම ඕනේ (නදී)
ලංකා, දේශපාලනය කියන්නේ පුද්ගල වන්දනාවක් නොවෙයි. දෙවෙනි ලෝක යුද්දය ජය ගත්ත වින්ස්ටන්ට් චර්චිල් බ්‍රිතාන්නයේ ඡන්දෙ ඉල්ලලා පැරදුනා. නායකයා පමණක් නොව නායකයා වටේ ඉන්න අයත් සමග තමයි ආණ්ඩුවක් කියන්නේ. (නදී)
මෙම පක්ෂයට ඇති එකම ප්‍රශ්නය එකමුතුකමක් නැතිකමයි (නි)
ජනතාවගේ ප්‍රතිචාරය ලැබිල තියෙන මේ මොහොතේ යන කට්ටියට යන්න දීලා පක්ෂය ඉදිරියට ගෙනියන්න තමයි දැන් තියෙන්නේ .. (දී)
පක්ෂේ නම් මාරු කරගන්න එපා මහත්තයෝ.(දී)
නාලි, වින්ස්ටන්ට් චර්චිල් ගැන බන්දුලගෙන් අහන්න එපා. එයා ඒ ගැන දන්නා දෙයක් නැහැ. ඇහැව්වෙත් අද වෙන්නැති ඒ නම. (නදී)
පත් කරනවා, අස්වෙනවා, විසුරුවනවා, අස්කරනවා, පනිනවා, මෙයාලට වෙන වැඩක් නැහැ. (නදී)
මොකද අායෙත් දෙදරන්නද යන්නේ. කට්ටිය එකට ඉන්න පුලුවන් ටික කාලයයි (නදී)
මොන මණ්ඩලද ? මණ්ඩලේ විසුරුවල දාල නායකයා සජිත් කරලා එන ඡන්දෙට මුහුණ දෙන්න (නදී)
රනිලුත් ඕනේ සජිතුත් ඕනි. නායකකම සජිත් ගත්තොත් පක්ෂය ඔක්කොම එකතුකරන්න බැහැ. ඔක්කොම එකතු උනොත් ආණ්ඩුවට දුවන්න වෙන්නේ. පොදු අපේක්ෂක තමයි හොඳ (නදී)
ඌවෙ ඡන්ද ප්‍රතිපලෙන් පස්සේ මණ්ඩලේ කොහොමත් කචල් වෙන බව අපි කලින් ඉදලම දන්නවා. (නදී)
බණ්ඩා, "සජිත්" කියන්නේ එජාප යේ ප්‍රශ්න වලට "හේතුව " මිසක් "විසඳුම " නොවේ. (නදී)
අලුත්ම ප්‍රස්ණ ඇතිකරන්නන් දෙදෙනා නායකයට අවනත විය යුතුයි. එසේ නොමැති නම් කරුණාවෙන් කලින් සජිත් මහතා අයින් වෙලා හිටියා වගේ අයින් විය යුතුයි. නැතහොත් පක්ෂයට ආදරය කරන ජනතාව ලබන ඡන්දයේදී ඔබ දෙදෙනාට නියම පිළිතුරු දෙයි (නදී)
දැන් ඉතින් රජයට ට කිට්ටු උනා නම් අන්තිම කාලෙවත් ජොලියේ ඉන්න පුළුවන් නේද (නදී)
මගෙ දෙවියනේ. ඡන්දෙ ඉවර උනේ ඊයේ නේද. අපේ පක්ෂයට මොකද මේ වෙන්නේ. (නදී)
පටන් ගත්තා විතරයි. තව ටිකක් ඉවසලා ඉන්න. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්. (නදී)
පක්ෂේ තුල එකඟත්වයක් ඇතිකරගන්න බැරුව හැමදාම කඹ ඇදිල්ලක්. අනේ දෙවියනේ එහෙව් පක්ෂයක් නේද අපේ රටට සංවර්ධනය ගෙනාවා කියන්නේ. ? මේ බව රටේ මිනිස්සු හොඳින් තේරුම් අරගෙන ඉන්න නිසා තමයි කිසිම මැතිවරණයකදී චාන්ස් එකක් දෙන්නේ නැතුව වට්ටන්නේ. (නදී)
ඡන්දෙ ඉවර උන ගමන් ආය යූ.එන්.පී එකට බබා හම්බවෙනවා කියල රටේ මිනිස්සු දන්නවා. එකමුතු නොවී කොහොමද මේ අය රටේ මිනිස්සු හෙම්බත්වෙලා විඳවන මේ විඳවිල්ලට මිනිස්සුන්ට ගැලවෙන්න උදවු කරන්නේ (නදී)
පක්ෂයටත් රටටත් වැඩ දායක තීරණයක්, සුභපැතුම්. (නදී)
එක නායකයයි, එක උප නායකයයි ඕනා. සියලුම තනතුරු වෙනස්කොට එකාවන්ව මැතිවරණයකට මුහුණ දෙමු. හොඳ දක්ෂ තරුණ ජාතික සංවිදායක කෙනෙකුත් අවශයි. සෑම මැතිවරණ දිස්ත්‍රික්යකටම ජව සම්පන්නව වැඩ කල හැකි තරුණ සංවිදායකයින් කීප දෙනෙක් පත් කරන්ඩ (නදී)
අපේ ජනාධිපතිතුමාට අලගු තියන්නවත් කෙනෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියෙන් හොයාගන්න බැරි නිසා තමයි මේ කලකොලොප්පන් ඔක්කොම. මේ තත්වය අපේ රටේ තව අවුරුදු විස්සක්වත් තියෙනවා. සජිත්ලට අපේ ජනාධිපති තුමා එක්ක හැරෙන්නවත් පුලුවන්ද.? (නදී)
බණ්ඩා, ඔබේ අදහසට මමත් එකඟයි (නදී)
ලංකාගේ කතාව ඇත්ත (නි)
ඔන්න මණ්ඩලය කචල් වෙලා. හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට තියෙයි වගෙයි. (නි)
කවුරු ගියත් අපි ඉන්නවා හැමදාම (නි)
ගරු මහා ලේකම්තුමනි, මෙවන් තීරණාත්මක අවදියක ඔබතුමා අපට මහමෙරක් බඳුය. එබැවින් මහලේකම් තනතුර හා නායකත්ව මණ්ඩලයේ තනතුර හොබවා පක්ෂය තුළ, සිරිකොත තුළ සාමය, සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යෑම තුළින්, පක්ෂය ජයග්‍රාහී මාවත කරා රැගෙන යනු මැනවි. (නි)
ලංකා කියන නමටත් ලැජ්ජයි (නදී)