IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


එතෙර පුරුද්දට මෙතෙරදී ගිනි අවියක් ඉනේ ගහගෙන ගිහින් අමාරුවේ

(කේ බුද්ධික කුමාරසිරි)

බලපත‍්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සගවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි

සුදු පැහැති මෝටර් රථයකින් පැමිනි හැඩිදැඩි පුද්ගලයකු ඉනෙහි ගිනිඅවියක් ද තබාගෙන පාදුක්ක නගරයේ සැරිසරන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පාදුක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් ගොස් අදාල පුද්ගලයා පරීක්ෂා කිරීමේදී සැකකරුගේ ඉනෙහි තිබූ වායු පිස්තෝලය හමු වූ බවද පොලිසිය පවසයි

අදාල සැකකරු නිවසීලන්තයේ සිට මාස දෙකකට පෙර දී මෙරටට පැමිණ ඇති බවත් එම රටේදී මිලදී ගත් වායු පිස්තෝලය මෙරටට රැගෙන ආ බව පොලිසියට කියා ඇත.

වායු පිස්තෝලයක් ලග තබා ගැනිම නවසීලන්තයේ වරදක් නොවන එය රැගෙන පාදුක්ක නගරයේ භාණ්ඩ මිලදී ගැනීම සදහා පැමිණ බවත් සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී සැකකරු පොලිසියට කියා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පාදුක්ක මීපේ ප‍්‍රදේහයේ පදිංචි කරුවකු වන අතර සැකකරුගේ බිරිය නීතිඥවරියක බවද පොලිසිය පවසයි

 

 



අදහස් (11)

එතෙර පුරුද්දට මෙතෙරදී ගිනි අවියක් ඉනේ ගහගෙන ගිහින් අමාරුවේ

යෝගා Sunday, 12 December 2021 05:28 PM

මෝඩයා පොරක් වගේ රඟන්න ගිහින්. මාසෙකට විතර ඇතුළට දාන්න බැරිද?

:       3       44

Claud Eri Sunday, 12 December 2021 07:56 PM

සාමාන්‍යයෙන් එයාට පිස්තෝලයක් තියාගන්න බැහැ. ඒ වගේම බලපත්‍රයක් නැහැ. බිරිඳ නීතිඥවරියක් නිසා අත්අඩංගුවට ගෙන නැහැ. තව කෙනෙකුට මෙහෙම උනොත් පොලිසිය වහා අත්අඩංගුවට ගන්නවා.

:       2       27

Don Monday, 13 December 2021 12:00 AM

පාදුක්ක කියන්නේ නවසීලන්තේ නගරයක් ද

:       0       0

sisira Monday, 13 December 2021 01:03 AM

පිටරටක සිට ආ කෙනෙක් නිසා කට්ටිය ඇරියස් පිට කරනවා ????

:       0       0

sarath perth Monday, 13 December 2021 08:03 AM

මෙයාගේ නවසීලන්ත කතාව බොරුවක්... හොඳින්ම දන්න නිසයි කියන්නේ පොලීසියත් මොඩයාට අන්දලා...

:       0       0

Bamunuarachchi Monday, 13 December 2021 08:10 AM

මෝඩ කවුබෝයි කෙනෙක් එන්න ඇත්තේ බුරුවෙක් පිටේ සැලුන් කියලා බෝඩ් එක දැකලා බාර් එකක් කියලා හිතලා බාබර් සාප්පුවකට රිංගන්න ඇති.

:       0       2

අසංග Monday, 13 December 2021 08:53 AM

මෙයා වැඩ්ඩා වෙන්න ගිහින්. නවසීලන්තයෙ වායු තුවක්කු ඉනෙ ගහගෙන යන්න බැහැ. නමුත් බලපත්‍ර අවශ්‍ය නැහැ. භාවිතා කරන්න පුළුවන් තමුන්ගෙ පෞද්ගලික ඉඩමක පමණයි. පොදු ස්ථාන වල තහනම්.

:       0       0

Hafeel Monday, 13 December 2021 09:00 AM

ගුවන් තොටුපළෙන් කොහොමද පිට වුනේ? රේගු නිලධාරීන් කොහේද හිටියේ...?

:       0       0

bamunuarachchiMonday, 13 December 2021 08:25 PM

මෝඩ කතා කියන්න එපා ලංකාවේ වායු රයිෆල් වායු පිස්ටල් සල්ලිවලට ගන්න පුලුවන්.

:       0       0

ලුම්බිණි Monday, 13 December 2021 09:20 AM

වායු පිස්තෝලයක් ළඟ තබාගැනීම නවසීලන්තයේ වරදක් නොවන නමුත් ඒ සඳහා බලපත්‍රයක් තිබිය යුතුයි...

:       0       0

Ruby Monday, 13 December 2021 09:39 AM

ඔය ලංකාවට ඇවිත් බොරුවට රගනවා. එහෙදි ඕවා කරන්නේ නැහැ. කන්න වෙන බව දන්නවා.මමත් ඉන්නේ නිව් සීලන්ඩ් වල තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 248 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 195 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 276 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 912 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 841 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 890 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 423 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site