IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


එදා අපට බැනපු අය අද අපේ දේවල් කොපිකරනවා

සම්මාන උළෙල දෙකකදී එකවර හොඳම සම්මානයට පාත‍්‍රවීම නළුවකු හෝ නිළියක ලබන විශාල භාග්‍යයකි. පසුගියදා පැවැති රයිගම් ටෙලි සම්මාන උළලේදී හොඳම නිළිය වූ හිමාලි සිරිවර්ධන මෑතකදී පැවැත්වූ සිග්නීස් සම්මාන උළලේදී ද හොඳම නිළිය සම්මානය ලබමින් ඒ භාග්‍යයට හිමිකම් කීවාය. එලෙසින් සිග්නීස් උළලේදීද ඇය සම්මාන ලැබුවේ සමන්කුමාර ලියනගේ ස්වර්ණවාහිනිය වෙනුවෙන් කළ සඳගිරිපව්ව ටෙලිනාට්‍යයේ රඟපෑම වෙනුවෙනි. සම්මාන ද්විත්වයකින් හොඳම නිළිය වූ හිමාලි කෞෂල්‍යා සිරිවර්ධන සමග අපි අද සැඳැල්ල කතාබහට එක්වෙමු. හිමාලි  හොඳම නිළිය සම්මාන දෙකක්ම ලැබීම ගැන හිතන්නෙ කොහොමද? එක අතකට ඒක විශේෂිත සිදුවීමක්. මම මුලින්ම රඟපෑවේ සමන් කුමාර ලියනගේ මහතා අධ්‍යක්‍ෂණය කළ සඳගලතැන්න නාටයයේ සඳා ලෙසයි. එහි රඟපැම වෙනුවෙන් සම්මාන කීපයක්ම ලැබුවා. ඉන්පසුව දෙවන වරට රඟපෑවේ සමන්කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කළ ස්වර්ණවාහිනියේ විකාශය වූ මේ ”සඳගල තැන්න” නාට්‍යයේ චරිතයයි. එහි මද්දුමී (කමලා) කියන චරිතයට තමයි මේ සම්මානය ලැබුනේ. මීට පෙර රයිගම් උළලේදීත් මේ චරිතයට තමයි හොඳම නිළිය වුණේ.   ඔබ කලා අංශයට එන්නේ නර්තන ශිල්පිණියක ලෙසයි. ඉන්පසුව නිළියක ලෙස දස්කම් පෙන්වන්න පටන් ගත්තා. මේ අංශ දෙක ඔබට දැනෙන්නේ කොහොමද? මුලින්ම ආවේ නර්තන ශිල්පිණියක ලෙස. ඉන්පසුව වෙළඳ දැන්වීම් වලට පෙනී හිටියා. පසුව රඟපාන්නත් ලැබුණා. මම හිතන්නේ ඒ සියල්ලට මුල මම නර්තන ශිල්පිණියක ලෙස කටයුතු කිරීම කියලයි.   නර්තන ශිල්පිණියක ලෙස ඔබ තරුණ පරපුර අතර වැඩි ආකර්ශනයක් ලබා ගැනීමට හේතු වූ විශේෂිත දේවල් මොනවාද? මම නර්තනය වෙතින් ක්‍ෂේත‍්‍රයට එන විට බටහිර සම්ප‍්‍රදායට හුරු නර්තන කණ්ඩායම් ප‍්‍රාසාංගික අංශයට එතරම් යොමුව තිබුණේ නැහැ. අපට ඒ හිඩැසට තැනක් ලැබුනු අතර අපි වෙනස් රිද්මයන් අනුගමනය කිරීමත් ඒ ආකර්ෂණයට ඉවහල් වුණා. ඒ වෙනස වගේම අපේ විලාසිතා පවා බලපාන්න ඇති. මොකද මම නිතරම බැලූවේ ලැබෙන මුදලට වඩා අපෙන් ලබා දෙන දායකත්වය ගැනයි. ඒ නිසා ඒ සියල්ල වෙනුවෙන් වැඩිපුර වියදම් කළා. ලාභ නොබලා වැඬේ හරියට කරන්නත් අදටත් අපි කැප වෙනවා. සාර්ථකත්වයට හේතු ඒවා වෙන්න ඇති.   සාර්ථකත්වය කෙසේ වෙතත්. ඔබගේ සෙන්සේෂන් නර්තන කණ්ඩායම ගැන ප‍්‍රවීනයින් අතර ලොකු විවේචන තියෙනවා නේද? විශේෂයෙන්ම සාම්ප‍්‍රදායික නර්තනයේ රිද්මය රකින අය ඔබට විවේචන එල්ල කරනවා නේද? බටහිර නර්තන ආරයට නැතිව අපි ක්ක්‍ෂේත‍්‍රයට ආපු නිසා තමයි මේ විවේචන. නමුත් මම විශ්වාස කරන්නේ අද අපට බැනපු අයට අද අප අනුගමනය කරන තරමට පත්වෙලා. විශේෂයෙන්ම අපේ නර්තනයේදී භාවිතා කළ විලාසිතා ආදිය අද ඒ අයම භාවිතා කරනවා. ඇත්තටම විවේචන අවශ්‍යයි. එයින් ගන්න යමක් තියෙනවා. ඒත් එදා ඒ විවේචන වලදී මම ගත යුතු දේ විතරයි ගත්තෙ. කොහොම වුණත් ආ දින සිට අපට රැඳී සිටීමේ ගුණය රැකුණේ අප තුල යමක් තිබූ නිසා වෙන්න ඇති. මොකද මේ ක්‍ෂේත‍්‍රයේ බොහෝ විට ආ සැණකින් නැතිව යනවා. අපට එහෙම වුණේ නැහැ. අපි අපට හිතෙන හරි දේ මිස වැරැදි දේ කළේ නැහැ. යම්කිසි පදනමක් ඉලක්කයක් ඇතිව ආවෙ. අපි හරි කියලා හිතනදේ සමහර අය වැරදි කියලා හිතන්න පුළුවනි.   සමහරු නර්තනය ලෙස දකින්නේ ඒ රටට උරුම සම්ප‍්‍රදාය රැකගත් පැතිකඩක් ලෙසයි. තවත් සමහරු හිතන්නේ භාවාත්මක ප‍්‍රකාශනයක් කියලයි. නමුත් ඔබ කණ්ඩායම ඇඳුම සහ වඩා නිරාවරණය වූ රටා නිසා ආකර්ශනයට නතු වූ කන්ඩායමක්ද? ඔබ කොහොමද එය දකින්නේ? නර්තනය ඔබ කොහොමද දකින්නෙ? ඔය කියන නර්තන ක‍්‍රම බොහෝමයක් අපි කරනවා. එහිදී තැනට සහ මාතෘකාවට අදාලව අපි විලාසිතා යොදා ගන්නවා. උදාහරණයකට අපි පිහිනුම් තටාකයට අඳින ඇඳුම දිහා බලමු. එය එතැනට මිස අනිත් තැන් වලට ගැලපෙන්නේ නැහැ. මෙන්න මේ ගැලපීම අපි නිවැරදිව කළා. උඩරට හෝ එය ආශ‍්‍රිත නර්තනයේදී ඊට ගැලපෙන දේ තෝරා ගත්තා. ඊට අමතරව මුළු සිරුරම ආවරණය වන පරිදි විලාසිතා ගලපා ගත්තා. අපි නිතරම එක තැන විකාශය වුණේ නැහැ. නැවුම් වෙනසක් ඒ මගින් ගෙනාවා.   ”නර්තනය” කියන දේ ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද? කිසියම් රිද්මයානුකූල බවක් වෙතින් අපි ප‍්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. සමහර වෙලාවකට අපි ප‍්‍රාසාංගික - ප‍්‍රසංග වලදී ඔය කියන භාව ප‍්‍රකාශන ප‍්‍රකාශ කිරීම් කළ නොහැකියි. සිංදු වලට නැටුවත් අපි ඒ සිංදුවට ගැලපෙන තේමාවකට තමයි නිර්මාණය ඉදිරිපත් කරන්නෙ. සිංදුවට නටනවා කියන චෝදනාව ආවොත්, අද වන විට හැමෝම වාගේ නටන්නේ සිංදුවට තමයි. එහෙම නොකරන අය සිටින්නේ අල්පයක් විතරයි. කොහොම වුණත් එය කාටවත් හානියක් නොවන පරිදි කළොත්, එයයි වැදගත් වන්නේ. භාවාත්මක ප‍්‍රකාශනයට වඩා ප‍්‍රසාංගයකදී වැදගත් වන්නේ වින්දනීය ආස්වාදයයි. අපේ කණ්ඩායමේ දහ දෙනාට අමතරව මා යටතේ පුහුණුව ලබන අය කණ්ඩායමට බඳවා ගන්නවා.   නර්තය ගැන ඔබ එසේ කීවාට අද වැඩි දෙනා කතා වන්නේ ඔබගේ රංගනය ගැන නේද? ඔබට කොහොමද එය  හැෙඟන්නේ? වඩා දක්‍ෂ නර්තනයටද? රංගනයටද? ආරම්භය නර්තන ශිල්පිණියක් නිසා මගේ මුල එතැන. ඒ නිසා නර්තනයට වැඩි කැමැත්තක් තියෙනවා. ඒත් රංගනයටත් ඒ හා සමානවම කැමතියි. මේ දෙකම මම කරන්නේ කැපවීමෙන් සහ මහන්සියෙන්.   ඒ කැපවීම කරන්න ඔබට පුද්ගලිකව නිදහස ලැබෙනවාද? ඇත්තටම මගේ ගෙදර අය සහ මහත්තයාගෙන් ලැබුණු සහයෝගය නොතිබෙන්න මෙච්චර සාර්ථක වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ. නිතරම තනියට මගේ අක්කා මා එක්ක හිටියා.   හිමාලි ඔබ කොහොම කෙනෙක්ද? තරමක් කාර්යබහුල කෙනෙක්. වෙලාවකට හරි සරලයි. ඒ වගේම සංවේදියි කියලත් හිතෙනවා. නර්තනයේදී අවශ්‍ය දේ මගේ කණ්ඩායම වෙතින් උපරිමයෙන් ලබා දීම අරමුණයි.


 

හිමාලි ගැන කෙටියෙන්

සම්පූර්ණ නම - හිමාලි කෞෂල්‍යා සිරිවර්ධන ලග්නය - මකර උස - අඩි 5යි අඟල් 5යි පාසල- O.L.V කන්‍යාරාමය පවුලේ විස්තර - අම්මා, තාත්තා, අක්කා, අයියා සැමියා- ෂෙනාස් පෙරේරා (හිරු ටී.වී.)
විලාසිතා - නිකොලා ඌරුලගමගේ

සටහන/ඡායාරූප  -  සඳුන් ගමගේ

 



අදහස් (0)

එදා අපට බැනපු අය අද අපේ දේවල් කොපිකරනවා

රුක්ෂලා Thursday, 04 October 2012 07:10 AM

අක්කේ, සදගලතැන්නේ මම ආසම චරිතයක් තමයි සදා. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 01 October 2012 01:24 PM

සුභ පැතුම් (ස)

:       0       0

කෝසල Tuesday, 02 October 2012 02:50 PM

ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

ඉන්දික Tuesday, 02 October 2012 10:54 AM

ඇත්තටම ඔබගේ රගපෑම ලස්සනයි. (නි)

:       0       0

මධූ Monday, 01 October 2012 01:55 PM

ඔබ ලස්සනයි...ජය වේවා (ස)

:       0       0

ඩොන් Friday, 05 October 2012 07:51 PM

මුකුත්ම නැතුවාට වැඩිය තියෙන සුළු දේත් වටිනවා කියනවානේ. (නි)

:       0       0

මානෙල් Sunday, 14 October 2012 02:22 PM

හරිම නරකයි. (නි)

:       0       0

නිරාන් Monday, 01 October 2012 02:07 PM

මෙයා බැදලද ???? (ස)

:       0       0

සුදේෂ් Tuesday, 02 October 2012 03:47 PM

මේ ගලබඩ මොකද මේ පම්පෝරි ගහන්නේ? (නි)

:       0       0

චන්දි Monday, 01 October 2012 02:15 PM

සඳගල තැන්නේ රගපෑම් නම් අති විශිෂ්ටයි. (නි)

:       0       0

අන්ජු Monday, 01 October 2012 02:31 PM

ඔයා හරිම ලස්සනයි......... (ස)

:       0       0

කීර්ති Tuesday, 02 October 2012 11:58 AM

බොරු කියන්න ඕනි නෑනේ .මමනම් මේ තියෙන ඡායාරුප වලට නම් ගොඩක් කැමතියි (ස)

:       0       0

නන්දි Sunday, 14 October 2012 03:43 PM

නැටිල්ල තමයි හොඳ (ස)

:       0       0

චේතනී Monday, 01 October 2012 10:25 AM

ඔබ නර්තන මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද අති සාර්ථකයි. කලා ලොවේ දිගු ගමනක් යෑමට සුභ පැතුම්! (නි)

:       0       0

පනාගොඩ Saturday, 06 October 2012 01:35 PM

මේකප් තට්ටුව හරියට අන්තට්ටුවක් වගේ ‍‍‍....කාට දැම්මත් පේන්නේ ඔය ව‍ගේ (ස)

:       0       0

චමින්ද Tuesday, 02 October 2012 04:58 PM

නටනකොට අපි දැක්ක එක්කෙනාමද මේ? (නි)

:       0       0

දයා සෞදි Sunday, 30 September 2012 05:19 PM

දිවිදෙන වගේම තමයි නපුරු බැල්ම (ස)

:       0       0

දෙනුවන් Monday, 01 October 2012 03:15 PM

ගොඩක් ලස්සනයි අක්කේ (ස)

:       0       0

කියානි Tuesday, 02 October 2012 02:13 AM

කවුරු කොහොම කිවුවත් ඔබ විශිෂ්ටයි. හදවතින්ම මම සුභ පතනවා. (නි)

:       0       0

ලතිකා Sunday, 07 October 2012 10:50 AM

ලස්සනයි. (නි)

:       0       0

චම්මි ඉතාලියෙ සිට Wednesday, 17 October 2012 02:06 AM

අපි ඔබට වඩාත්ම කැමති ඔබ නර්තන ශිල්පිනියක් වීමට වඩා දක්ෂ රන්ගන ශිල්පිනියක් වීම ගැනයි. මොකද කියනවනම් ඔබට ඕනම චරිතයක් ඉතාමත් හොදට නිරූපනය කරන්න හකියාව තියෙනව. ඔබ දක්ෂම නිලියක් කියන එක අද ඔප්පු වෙලා ඉවරයි. ඔබට සුබ අනාගතයක්(නු)

:       0       0

පිටිගල, මිලානෝ Sunday, 30 September 2012 06:38 PM

ඔබ ඉතාමත් පියකරු ල‍ඳකි. ඔබගේ රඟපෑම් ඉතා ඉහළයි. ඔබ රඟපෑ ටෙලි නාට්‍ය සියල්ල අපි නැරඹුවෙමු. ඔබගේ නාට්‍ය කණ්ඩායමට ඉතාලි රූපවාහිනියේ යම් ගමනක් යන්න පුළුවන් වෙයි උත්සාහ කරලා බැලුවොත් . (ස)

:       0       0

කමල් Friday, 05 October 2012 03:15 AM

මේකප් තට්ටුව කාට දැම්මත් ලස්සනයි (ස)

:       0       0

තරුෂ Thursday, 04 October 2012 01:08 PM

අනේ මේ සඳාද ? රංගනය විශිශ්ටයි විලාසිතා අශිෂ්ටයි සොරි ආ!!!!!!! (ස)

:       0       0

සුජිත් Wednesday, 10 October 2012 04:02 PM

සතර පෙරනිමිති වලින් එකක් ද මන්දා මේ ඉන්නේ (ස)

:       0       0

ශාන් Tuesday, 16 October 2012 01:46 PM

හිමාලි තරම් මාව පිස්සුවට්ටපු කෙල්ලෙක් තවත් නැහැ. මම ඔයාට ආදරෙයි හිමාලි (ස)

:       0       0

ෂෙරීෆ් Sunday, 30 September 2012 10:58 PM

අක්කේ, ඔයා ෂිල්පා ශෙට්ටි වගෙයි. (නි)

:       0       0

හිරෝෂිමා Saturday, 13 October 2012 11:00 AM

ගොඩක් ලස්සනයි අක්කේ ඔයා (ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 01 October 2012 12:50 PM

සඳා චරිතයට අපි කැමතියි. ඔයාගේ චරිතයටත් කැමතියි. ඒත් මේ තියෙන ඡායාරුප වලට නම් අපි කැමති නැහැ. (නි)

:       0       0

ගලබඩ Monday, 01 October 2012 07:02 PM

ඔබට තියෙන්නේ පුදුමාකාර ලස්සනක්. අපි ඔබට ඉතාලියේදී දකින්න ආසයි. (නි)

:       0       0

දුමින්ද Monday, 01 October 2012 01:04 PM

සුබ පැතුම් (ස)

:       0       0

ලාල් Monday, 01 October 2012 01:07 PM

ලස්සනයි නංගීයේ....ඔයාලගේ කණ්ඩායමත් එක්කම ඉතාලි එන්නකෝ අපිට නැටුම් සංදර්ශනයක් බලන්න (ස)

:       0       0

තිළිණ Monday, 01 October 2012 12:06 AM

දුරකතන අංකයක් තියෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 59 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 94 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 115 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 496 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 773 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 248 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site