ශ්රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ යශෝරාව නැංවූ, යශෝරාවය නාට්‍ය මෙන්ම එහි චරිත අදටද ඔබ මතකයේ ඇතුවාට සැක නැත. ඊට එක් උදාහරණයක් ලෙස රත්නාලාලනී ජයකොඩි සඳහන් කළ හැකිය. එදා ඇය එහි රඟපෑවේ ”රංජනි” නම් වූ චරිතයකි. අදටද බොහෝ දෙනාට ඇය ගැන මතකය ඇත්තේ ඒ රංජනී නමිනි.
රත්නා ලාලනී පවුල් සමාගම ගැන කතා කරයි |
මේ ටීචර්ට උගන්වද්දි ළමයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?
”ඒ ප‍්‍රතිචාර නම් හරිම ඉහළයි. ළමයි ගොඩාක් ඒ කටයුතු අගය කරනවා. විෂය නිර්දේශයට ඇතුළත් ”තල මල පිපිලා” නාට්‍යයේ මහේෂිකා නමින් මා රඟපානවා. සමහර දවස්වලට ඒ නාට්‍ය නරඹන්න මම ළමයි ටික එක්කගෙන යනවා. එහෙම ගිහින් නාට්‍ය රඟපාද්දි, සමහර ළමයින්ට හරි පුදුමයි. මේ අපි එක්ක ආව ටීචර් ද රඟපාන්නේ කියලා? එහි මම රඟපාන්නෙ බටහිර තාලයට හුරු චරිතයක්. අසූව දශකයට අයත් ඇඳුම් තමයි එහිදී අඳින්නේ. එවිට ළමුන් මට කියන්නේ ඇයි ටීටර් ඔයිට වැඩිය ඒ චරිතයට ගැලපෙන නව තාලයේ විලාසිතා තියෙනවා නේද කියලයි. ඇත්තටම එයාලගෙ රසවින්දනය හරි ඉහළයි. සියල්ල ගැන හොඳට අවබෝධයක් වගේම අපි නොදකින පැති එයාලා දකිනවා. ඉගෙන ගනිද්දි වුණත් කලා විෂයය ඉගෙන ගන්නෙ හරිම උනන්දුවෙන්. සමහර විට අපි රඟපාන ශිල්පිනියක් නිසා ඒකත් ඊට හේතු වෙන්න ඇති. දෙමාපියන් පවා හරි උනන්දුයි. මගේ අනෙකුත් ගුරු මණ්ඩලය මෙම අංශයට ළමයි යොමු කරමින් මාව නිතර අගයනවා. ඇත්තටම රෝයල් එකේ දරුවන් ඉගෙනීමට දක්‍ෂ වගේම කලා අංශයේ වැඩවලටත් හරි දක්‍ෂයි”. රත්නා තමා උගන්වන පාසල ගැන අභිමානයෙන් කතා කරන්නේ එලෙසිනි. මෙකී කටයුතු සියල්ල වෙනුවෙන් තමාට සැමියා සම්පත්ගෙන් නොමද සහායක් ලැබෙන බවත් ඇය කීවාය. සම්පත් දැන්වීම් අංශයේ නිර්මාණශීලී කටයුතුවලට අමතරව වේදිකා හා සිනමා නිර්මාණ ප‍්‍රදර්ශන කටයුතු සඳහා නිතර විදේශ සංචාරයන්හි නිරත වෙයි.තරුණ වයසේදීම ලොකු පුතෙකුගේ මවක වීම ගැන ඇය හිතන්නේ කොහොමද? ඒ ගැනත් අපි විමසීමු.
ඇත්තටම මේ පුතා උපන්නෙ 95 අවුරුද්දේ. ඊට පෙර 92 දී උපන්න පුතා නැති වුණා. ඇත්තටම මේ පුතා ඉතින් අනෙක් සෑම දෙමාපියන්ටම වගේ අපටත් ලොකු සම්පතක්. පුතා හරි ස්වාධීන චරිතයක්. එයාගෙ ස්ව උත්සාහය මත නැගී සිටින්න ආසයි. රඟපාලා නම් නැහැ. ඒත් සංගීතයට දක්‍ෂයි. සමහර විට කවදා හරි එයා සංගීත අධ්‍යක්‍ෂණ කටයුතු කරාවි කියලා මම හිතනවා. පුතා අඩි 6යි අඟල් 2ක් උසයි. ඒ උස ප‍්‍රයෝජනයට අරගෙන ක‍්‍රීඩා කරාවි කියලත් හිතුවා. ඒත් එයා විභාගයට තමයි ප‍්‍රධානව මුල් තැන දුන්නෙ. එලෙසින් පුතු ගැන සෙනෙහසින් කතා කරන රත්නාගේ වේදිකා නාට්‍ය දිවිය ගැන කතා නොකළොත් ලොකු අඩුවක් වේවි. ඒ නිසා ඒ ගැනත් අපි විමසීමු. ”අබිනයන” කියලා අපි නාට්‍ය උළෙලක් කරන්න සූදානම් වුණත් එය කල් ගියා. ඒත් සුබ සැන්දෑවක්, පුත‍්‍ර සමාගම, මායාදේවි වැනි පැරණි නාට්‍ය නැවත නිර්මාණය වෙනවා. දැන් ඒවාට ලැහැස්ති වෙනවා. ඒ අතරේ අපි කොහොමටත්, නාට්‍ය, ගීත, ජවනිකා ප‍්‍රසංග කරගෙන යනවා. දිද්දෙණිය, රොඞ්නි වර්ණකුල සහ තව කීපදෙනෙක් එකතුව එය කරන්නේ නාට්‍ය, ගීත රසයේ අපූර්වත්වය පේ‍්‍රක්‍ෂකයාට දීම සඳහායි. ගුරුවරියක සහ නාට්‍ය වේදිණියක ලෙස රත්නාගේ ජීවිතය ගෙවෙන්නේ එලෙසිනි. ඒ ගෙවෙන ජීවිතයට සම්පත් ලැබීම ඇය ගත් නිවැරදි තීරණයක් බව ඇය පැවසීය. මේ සියල්ල අතරේ රත්නාගේ පරපුරේ, ගීතා කාන්ති අක්කා, බිමල් ජයකොඩි පුතා, රශීපබා දියණිය ඇතුළු මේ පවුලේ කලා පිරිවර එකතු වී නිර්මාණයක් කළොත් හොඳයි නේද? අවසන අපි ඇයගෙන් විමසීමු. ”ඇත්තටම එහෙම අදහසක් නම් තියෙනවා තමයි. අපේ ගීතා අක්කා, මම, සම්පත්ට අමතරව පබා දුව සහ බිමල් පුතා ඇත්තටම රංගනයට හරි දක්‍ෂයි. ඊට අමතරව බිමල්ගෙ මල්ලි එරන්ද සංගීත නිර්මාණකරුවෙක්. අපේ පොඩි අයියගෙ පුතා රංග අමල්, වේෂ නිරූපන ශිල්පියෙක්. දැන් අපේ පවුලට එක්ව සිටින සුජානි මේනකා දුවත් (බිමල්ගෙ බිරිඳ) හොඳම දරුවෙක්. එයා ගැනත් අපට ආඩම්බරයි. අපි හැමෝම එකතු වෙන්නේ ඉතිං තෙල් ගාන අවුරුද්දට තමයි. එදාට අයියලගෙ ගෙදරට කට්ටියම එනවා. පුංචි සංගීතයකුත් පවත්වනවා. සුජානි සිංදු කියන්න ලැජ්ජයි. ඒත් ඉතිං එදාට අපි එයාවත් කොහොම හරි වැඬේට දායක කරවා ගන්නවා.
ඡායාරූප/සටහන - සඳුන් ගමගේ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගායනය නම් හරිම විශිෂ්ඨයි. රංගනයත් එහෙමයි. මම හරිම කැමති නිලියක්. ඔබට සුභ පතනවා! (නි)
ලක් කලාවට වැදගත් දේවල් දායාද කර යුවලක් (ස)
පබා නාට්‍යයේ සම්පත්ගේ රඟපෑම ඉතා විශ්ෂ්ටයි (ස)
පුතානම් චන්ඩියෙක් වගේ (ස)
සුභපැතුම් ඔබට (දී)
අපි කැමතිම රංගන යුවලක්. ඔබට ජය! (නි)
මේ රටේ සම්පත්. (නි)
මම ඔයාලව දකින්න හරිම ආසාවෙන් හිිටයේ. ඒත් දැන් දකින්න නොලැබෙන එක ගැන දුකයි. (නි)
ඔබට සුභ පතුම් (දී)
මට ඔබේ තරුණ බවේ රහස පවසනවාද? (නි)
ඔවුන්ගේ හඩ ඉතා පැහැදිලියි. ඔවුන්ටම ආවේණික වූ හඩක්. (නි)
නවක නළු නිළියො මේ වගේ අය ආදර්ශයට අරගෙන වැඩ කරනවානම්, නම කැත කරගන්නෙ නැතිව, සාර්ථකව රංගන වෘත්තියත් කරගෙන, පවුල් අවුල් කරගන්නෙ නැතිව ජීවත් වෙන්න තිබුනා. (ත)
ගායනය ඉතාම විශිෂ්ටයි. රංගනයත් එහෙමයි. අපි හරිම කැමති නිළියක්. ඔබටත් පවුලේ අයටත් සුභ පතනවා. (නි)
දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් ..සුබ පැතුම් ! (ස)
ඔයාලා අද නලු නිළියන්ට ආදර්ශයක්. (නි)
ගායනය ඉතාම විශිෂ්ටයි. රංගනයත් එහෙමයි. අපි හරිම කැමති නිළියක්. ඔබටත් පවුලේ අයටත් සුභ පතනවා. (නි)
ගොඩක් ලස්සන පවුලක්, අපි ගොඩක් කැමති නිලියක්. ලස්සන අනාගතයකට සුබ පැතුම්. (නි)
නියමයි..!(නු)
මම ඔබගේ මුලු පවුලටම සුබ පතනවා! (නි)
ඔබට නිදුක් නිරෝගී සුබ නව වසරකට අපෙන් ආසිරි (ස)
ඔබ වැනි දක්ෂ කලාකරුවන් දැන්නම් දකින්නවත් අමාරුයි. (නි)
මම සුභ පතනවා ඔබට (දී)
දකින්නත් ආසයි (දී)
ආඩම්බරයි .. මම සුභපතමි (දී)
ඔබ සසර සුවහස් ටෙලිනාට්‍ය යේ රඟපාන ගුරුවරියගේ චරිතය මම බොහොම අගය කරමි .(ස)
මම ආස කරණ යුවලක් , සුබ පැතුම් (ස)
ඔබ රටට ගෞරවයක් (දී)
ඔබගේ රංගන හැකියාවට ගරු කරමි (දී)
ඔබගේ රංගනය ඉතා විශිෂ්ටයි. සුබ පැතුම් (ස)
ආදර්ශමත් ලස්සන පවුලක්. මගෙන් සුභ පැතුම් (ස)
ඉස්සර ප්‍රවෘත්ති කිව්ව. දැන් පේන්න නැති නිසා ගොඩක් දුකයි . ඒත් අමතක වෙන්නෙනම් නෑ..ඔයාලට සුබ අනාගතයක් (ස)
ඔබ රගපැමට දක්ෂයි ගායනයටත් ඉතා දක්ෂයි සුභ අනාගතයක් ...........(ස)
ඔබ සදා අමරණීයයි (දී)
ගොඩක් ලස්සන පවුලක්, අපි ගොඩක් කැමති නිලියක්. ලස්සන අනාගතයකට සුබ පැතුම් (ස)
වැදගත් නිලියක්. ඇත්තටම සතුටුයි .(ස)
අපි ආස කරන රංගන පවුලක් .සුබ පැතුම් .(ස)
ඔබට මගෙන් සුභපැතුම් (දී)
සුබ පැතුම් !!!! (ස)
ඔබට සුබ පතන්න (ස)
මුළු හදවතින්ම සුභ පතනවා මම ඔබට (දී)
ඔබට අපේ සුභ පැතුම් (දී)
ගජමන් නෝනා නාට්ටියේ ගායනා වන "නෝනගේ අම්බලමට මම එනවා කියන්න එන් කිරි කෝඩුලාට පඩුරක් වෙන්කරන්න" ඒ ගීතය සඳහන් වෙන ස්ථානයක් (අන්තර්ජාලයේ) සඳහන් කරන්නකෝ කවුරු හරි (දී)
මම අසම නිළිය ඔබට දිර්ඝායු .(ස)
ඔබේ පවුල ගැන අපිට ආඩම්බරයි .(ස)