ආරක්ෂක ලේකම් ලෙස තමා එදා ගත් තීරණ අද වැරදි යැයි කියමින් තමාට නඩු පැවරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට අද (23) පැමිණි අවස්ථාවේදීය.
තමා ගත් තීරණ වලින් රටට කිසිඳු අවැඩක් සිදුනොවූ බවද ගෝඨාභය රාජපක්ෂ පැවසුවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත තමයි. සියළු දේ රටට අවැඩක් නොවුණාට තමන්ට වැඩක් වුණා තමයි. ඉතින් කාටත් මොකෝ? (නි)
මෙතුමාගෙන් රටට කිසිම අවැඩක් සිදුවුණේ නැහැ මම දන්න හැටියට (නි)
රටට කිසිදු අවැඩක් සිදුනොවුණා අපේ පවුලම පරම පරා 7 නොව 700 ක් ගොඩවුණ.(අ)
වැරදි කර ඇත්නම් කවදත් වැරදිය. ආරක්ෂක ලේකම් කියා වැරදි කළ නොහැකිය කාලය එයට බලනොපායි (අ)
නඩු දාන්නේ රජය නෙවෙයි පොලිසිය. එදා ගත්තු තීරණ සියල්ලටම නෙවෙයි වංචා, සොරකම් සහ මිනීමැරුම් කර ඇත්නම් ඒවාටයි නඩු දාන්නේ. කරලා නැත්නම් බය නැතුව ඉන්න මේ අපි වගේ. (අ)
බලය ලැබුන පලියට කෘර විදියට මිනිසුන්ට දඩුවම් දුන්නේ ,මහින්ද ඒ දිහා නොබැලුවට ලෝකයේ අනිත් රටවල් බලන් ඉන්නේ ,උසාවියෙන් පමණයි මිනිසාට දඩුවම් කරන්න පුළුවන් ,අයියල ,මල්ලිලා නිතිය නැති විදියට ක්‍රියා කෙරුවේ ඕනෑම මිනිසෙක් වැරදි කරනවා ඒකයි නීති හදල තියෙන්නේ තමන්ට රැකියාවක් ඒබාරදුන්නේ ,දැන් ඒ කරපු වැරදිවලට දඩුවම් විදින්න ඕන ,,දැන් රටේ නිතිය කිසිම ලොක්කෙකුට වෙනස් කරන්න බැහැ වටිනා. ජිවිත කියක් විනාශ කෙරුවාද .. හාමුදුරුවන්ට කියල මොනවා කරන්නද , . උසවිදීයෙදි. මුනදෙන්න (අ)
ගරු ගෝටාභය රාජපක්ස මැති තුමනි කවුරු කෙසේ කීවත් ඔබ සහ මහින්ද රාජපක්ස මැතිදුන් එදා එඩිතරව ගත් තීරන නිසා තමා අද ලක් වැසි ජනතාව වන අපි හිතේ බයක් සැකක් නැතිව වහනේක හෝ පයින් ගමනක් යන්නෙ. බඩ ගෝස්තර වාදීන් ඔවුන්ගේ බඩ වඩා ගැනීමටත් ඔවුන්ගේ පැවැත්මටත් මොනව කීවත් මොනව කරන්න මාන බැලුවත් ස්වභාවධර්මයා විසින් ඔබලා ආරක්ෂා කරනු ඇත. එය එසේ නූණොත් මේ සියල්ල මායාවක් වනු ඇත.
සත්‍ය ජය ගනී . ඒ ගැන කිසිම සැකයක් නැහැ . ජනතාව එය දනී. (අ)
එදා රජයේ දේපොළ හොරකම් කෙරුවේ නැත්නම් අදත් ඔබ ආරක්ෂක ලේකම් (අ)
එදා ඕවා සොයන්න ගිය අය ඒ කාලේම පරලොව... අද අලුත් ආණ්ඩුව නිසා එදා ඒවා එළියට ගෙනෙනවා ජනතාවට දැකගන්න..... (නි)
මේ ශ්‍රී ලාංකීය වීරයන්! (නි)
මොනවා වුණත් ඒ මිනිස්සු නිසා අද බය නැතුව පාරේ යනවා. එදා මායිම් ගම්මාන වල, බස් වල, දුම්රිය වල පිපිරුණු බෝම්බ අද කට්ටියට අමතකවෙලා. (නි)
ලංකාවේ ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්න බව ජාත්‍යන්තරය දන්නේ ඔබතුමාගේ කාලයේ පමණයි (නි)
අචිර, ඔබ මෙතුමාට එහෙම චෝදනා කරන්න තියන කරුණු මොනවාද? ලංකාවේ නීතිය අනුව මේ වනතෙක් මෙරට උසාවියකින් මෙතුමාව වැරදිකරුවෙක් කරලා තියනවද? නිකන් පදනමක් නැතුව රටට සේවයක් කළ කෙනෙකුට මඩ ගහන්න එපා. (නි)
අදහස් පළකරනකොට ටිකක් හිතලා ලියන්න මේ කව්ද මොනවද කළේ කියලා. පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා (නි)
ඔබ අවංක, නිර්භීත, වගකීමකින් විශාල කණ්ඩායමක් එක්කර ගතහැකි නායකත්වයක් ඇති පුද්ගලයෙක්. නිවැරදි දැකීමකින් දේශයේ අභිමානත්වය රැකගත් පුද්ගලයෙක්. ඔබ දේශය රැකගත්තා මෙන් දේශයද ඔබ රකිනු ඇත. දේශයට ඔබේ නායකත්වය අවැසි යුගයක් උදාවී ඇත. චිරං ජයතු! (නි)
අචිර, ඔබ අවීචියට යනවාමයි. කිසිම් සැකයක් නැහැ. කෙළෙහිගුණ නොදත් ඔබ වැනි අයගෙන් අපට වැඩක් නැහැ (නි)
අචිර, අනුන්ට හොරු, හොරු කියලා බලයට ඇවිල්ලා, මහා දවාලේ බිලියන ගණන් හොරකම් කරමින්, තවමත් අනුන්ට හොරා හොරා කියමින් කෑගහන හොරු ඉන්න මේ රටේ, මෙතුමා හොරකම් කළා කියන ඔබත් වැටෙන්නේ ඒ හොරු හොරු කියලා බෙරිහන් දෙන ගොඩටමය. මෙතුමා හොරකම් කළා නම් ඒවා අධිකරණ ක්‍රියාමාර්ගයකින් ඔප්පු කළයුතුය. ඔබ දන්නවා නම් මෙතුමා හොරකම් කළ පොදු දේපල ගැන හෝඩුවාවක්, කරුණාකර එෆ් සි අයි ඩී එකට පැමිණිලි කරන්න (නි)
වංචා කර නැත්නම් මොකට බය වෙනවද? (නි)
මැතිඳුනි, කවුරු කෙසේ කිවුවත් ජනතාවගේ සිත් තුළින් ඔබ සදා නොමැකේ.(කුහකයෝ කිහිප දෙනෙක්ගේ හැර) ඔබට තෙරුවන් සරණයි !!!!! (නි)
ආරක්ෂක ලේකම් කියා ලංකාවේ නැති තනතුරක් හොයාගත්තේත් මෙතුමලාමනේ. නියම තනතුර ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය කියන එක නේද? (නි)
ඔබතුමා කරපු හොඳ දේවල් අගය කරනවා වාගේම යම් යම් නරක දේවලුත් සිදුවුණා නම් ඒවායේ විපාකත් බාරගැනීමට ඔබතුමා අවංක වියයුතුයි (නි)
හරි දේ කවදත් හරි තමයි (නි)
එදා කරපු හොඳ හොඳයි නායකතුමනි. (නි)
එදා රජයේ දේපොළ සහ ජීවිත විනාශවන්න දී යුද්ධය ඇදගෙන ගියා නම් ඔබත් අචිර වගේ ගුණමකුවන් අතර වීරයෙක් (නි)
ඔබ යුද්ධය වෙනුවෙන් කරපු දේවල් වැරදි කියලා කවුරුවත් කියන්නේ නැහැ නේද? කියන්නේ යුද්ධය හරහා සිදුකරලා තියෙන මහා වංචා වැරදි කියලා තමා. ඔබ නිවැරදි නම් උසාවිය ඒ බව තීන්දු කරාවි. මොකද ඔබලාගේ කාලේ වගේ දැන් නඩු තීන්දු දෙන්නේ රටේ පාලකයා නොවෙන නිසා. ඒ නිසා බයනොවී නඩුවලට මුහුණ දෙන්න. වැරදි කළා නම් එ් දේවල් වලට දඬුවම් විඳින්නත් බලාගෙන ඉන්න. (නි)
වැරදි නොකළා නම් ඔබට යහපාලනෙන් නඩු ඇසුවත් බයවෙන්නේ මොකටද? (නි)
ඔබතුමාගේ වැඩ අතිදක්ෂයි. හැබැයි අනික් අයගේ වැඩ ගැන නම් අපිට පැහැදීමක් නැහැ. (නි)
ක්‍රියාන්විත රාජකාරි සම්බන්ධව ඔබතුමාට කිසිවෙකු නඩු දමයි කියා අප හිතන්නේ නැහැ. එහෙත් රටේ නීතියට පිටින් යම් ක්‍රියාවන් කර ඇත්නම් රටේ නීතිය අනුව ක්‍රියා කරයි. (නි)
ඔබ වැනි අවංක පුද්ගලයෙක් රටේ අනාගතය බාරගන්නේ නම් මේ යන අගාධයෙන් රට ගොඩගත හැකිවේවි. (නි)
ඔබ යුද්ධය දිනීමට ගත් තීරණ වරදක් නොවේ. ගරිල්ලා සටන් නීත්‍යානුකූලව ජයගත නොහැක. (නි)
මොනවා කිවුවත් දැන් නාමය කෙළෙසාගෙන ඉවරයි. එය නිවැරදි කරන්න බැහැ (නි)
1977 පසු බිහිවූ හැම පාලනයකින්ම ලොකු වැරදි සිදුවී තිබෙනවා. ඒ සියල්ල අමතක කර, යහපාලනයෙන් පැමිණි මහබැංකු කෙරුවාව ගැන කිසිවක් නැහැ. නියම යහපාලනය! (නි)
ඇයි වැරදි කරලා නැත්නම් බයවෙන්නේ? (නි)
බමුණුආරච්චි, ඔබ පටළාගන්න එපා. (නි)
මේක මැණික් යට ගිහින් ගොමරිටි උඩ ආ යුගයක්! (නි)
මිනිසුනේ, වැරදි කළා නම් දඬුවම් විඳිය යුතුමයි. නමුත් ගැටළුව යහපාලනය පැත්තට ගියවිට ඒ සියල්ල අමතකවීමයි. කෙසේවෙතත් ඔබතුමන් කළ සේවය විශිෂ්ටයි. ඔබට නිදුක් නීරෝගී තිරජීවනය පතමි. (නි)
සාමා, මෙතුමාට වැරදි වැඩ කළා කියලා චෝදනා කරලා තියෙන්නෙ කවුද කියලා ටිකක් හිතලා බලන්නකො. (නි)
ඔබ කළ සේවය ගැන විවාදයක් නැහැ. එ්ත් ඔබ කළ බොහෝ වැරදි පහුගිය රජය පෙරළෙන්න බලපෑවා. (නි)
මෙහි අදහස් පළකරන සමහරු පාට කණ්ණාඩි දමාගෙන අවලාද නඟනවා. මෙතුමා අවංක දක්ෂ රට වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටුකළ නිලධාරියෙක්. මොන නඩු දැම්මත් මෙතුමාව වට්ටන්න ලැබෙන්නේ නැහැ (නි)
ඔබ නිවැරදි වූ නිසයි අද රට මෙහෙම නිදහස් වුණේ (නි)
පසුගිය රජය පෙරලුනේ දෙමළ මුස්ලිම් ඡන්ද නිසා. එ්ක කව්රුත් පිළිගන්න සත්‍යයක්. ඒ එයාලට ඕනෑ දේවල් පසුගිය රජය එක්ක කරගන්න බැරි නිසා. ටිකක් ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කරලා බලන්න. (නි)
බුද්ධ ධර්මයේ නාමයෙන් හාමුදුරුවරු මේ දේශපාලන වැඩවලට හවුල් වෙන්නේ නැතුව හූමිටි තියන්නේ නැතුව ඉන්නවා නම් ඊට වඩා තවත් ශාසනික කටුත්තක් නැහැ (නි)
මෙතුමාට දොස් කියන අය ගැනත් අපිට හිතාගන්න පුලුවන් (නි)
අද මේ අදහස් දාලා කයිවාරු ගහන ගොඩදෙනෙක් කොටි බෝම්බ වලින් පිච්චිලා මෙතුමා නොහිටියා නම්. (නි)
අමන සිංහල මිනිසුන්ට රටට ජාතියට හොඳක් කළාම පෙනෙන්නේ නරකක් විදිහටමයි. එතුමත් දැන් ඉන්න අය වගේ නිදාගෙන හිටියා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
ඇත්තටම ලංකාවේ ආරක්ෂක ලේකම් කෙනෙක් ඉන්නවද? මම දන්නා තරමට ඉන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්. එයත් අනෙක් අමාත්‍යංශ ලේකම් වගේ රජයේ නිලධාරියෙක්. හිතුවක්කාරකම් ගොඩක් කළා. මොනවා වුණත් නගරය පිරිසිදු කිරීම ගැන මම ගොඩක් ස්තුති කරනවා. (නි)
සමහර අදහස් දාන අය පොඩ්ඩක් හිතලා බලන්න. මෙතුමාට කලින් තව කී දෙනෙක් ඔය තනතුරේ හිටියද මොනවද කළේ කියලා. අර මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ පොත කියවලා බලන්න පටු දේශපාලන කණ්ණාඩි අයින් කරලා. අඩුගණනේ දැන් ලංකාවේ මිනිස්සු ඔක්කොම මේ විදියට කොටි බෝම්බ බය නැතුව ඉන්නේ මෙතුමා යුද්ධයට නියම මඟපෙන්වීමක් , නායකත්වයක් දුන් නිසා කියලා අමතක කරන එක ලොකු කුහකකමක් මිනිසුනේ. (නි)
මෙතන ගුණමකු, අවිචාර, අභූත අදහස් කිහිපයක් දකිනවිට තවත් එවැනි අදහස් ඇති සිංහල මිනිසුන්ට සේවයක් නොකළයුතු බවට අදිටන් කර ගතිමි. මතු උපදිනතාක් සිංහලයකු වී නොඉපදේවා! (නි)
ආරක්ෂක ලේකම් ලෙස ඔබ එදා ගත් තීරණ අද වැරදි යැයි කියමින් ඔබට නඩු පැවරීමට වත්මන් රජය කටයුතු කර ඇති ලෙසටම හෙට එන ආණ්ඩුව මහා බැංකු අධිපතිටත් එදා ගත් තීරණ වැරදි යැයි නඩු පැවරීම වැළැක්විය නොහැක. (නි)
ඔබ යුද්ධය නැතිකරන්න කළ සේවයට අපි හැමෝම ගරු කරනවා. එම කළ සේවාවට කවුරුහරි නඩු දානවා නම් අපි විරුද්ධයි. එ්ත් ඔයාට වැරදි වැඩ කරන්න, හොරකම් කරන්න කවුරුත් බලපත්‍ර දීලා නැහැ. වැරදි වැඩ කරන හැමෝටම නීතිය එක වගේ ක්‍රියාත්මක වෙන්න ඕනෑ, කිසිම තරාතිරමක් බලන්නේ නැතුව (නි)
සටනට අණදීපු එක ගැන අපි එතුමාට ගරුකරමු. නමුත් සුදු වෑන්, විවිධ ඝාතන චෝදනා, මිනීමෝරු ගැන මෙතුමා වගකිව යුතුයි (නි)
අචිර, ඔබ අැයි මෙතරම් ඉක්මනට යුද්ධය අමතක කළේ? බෝම්බයක් පිපිරිලා ඔයාගේ අතක් පයක් නැතිව ජිවත්වෙන්න වුණා නම් ඔයාටත් තේරෙයි යුද්ධය අපේ මිනිස්සු කොච්චර බිලිගත්තද කියලා. ඔයා සිංහලයෙක් කියන්නත් ලැජ්ජයි (නි)
ඹබ සේවය සදා අමරණීයයි මේ මවුබිමට (නි)
අචිර, සාක්කි නැතුව කාටවත් චෝදනා කරන්න එපා (නි)
ලක් දෙරණේ වීරයාණෙනි, ඔබට ජය ළඟදීම! (නි)
ඔබතුමාගේ පවුලේ සාමාජිකයන් රටේ ජාතික ධනය සොරකම් නොකළා නම්, ඔබතුමා අදත් ආරක්ෂක ලේකම්. මහින්ද මහත්තයා රටේ නායකයා. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ. මතකනේ ඔබතුමාලගේ කාලේ ෆොන්සේකා මහතා සතෙක් වගේ ඇදගෙන ගිහින් නාවික හමුදා කඳවුරේ සිරකර තැබුවා. චෝදනා ගොනුකළේ පසුවනේ. දැන් එහෙම කරන්නේ නැහැනේ (නි)
අචිර වාගේ කෙළෙහිගුණ නොදත් කුහකයන්, අද මුදල් අමාත්‍යංශයේ සහ මහා බැංකු හොරකම් ගැන දන්නේ නැතුව ඇති. මෙතුමා නොහිටින්න අද ප්‍රභාකරන් යහපාලන රජය යටතේ අගමැති වෙන්නත් තිබුණා (නි)
කව්ද මේ අචිර කියන්නේ? වෙන සක්වළකින් අා මිනිස් සංහතියේ කිසිම ගුණයක් නොදන්නා කෙනෙක් වගෙයි. එහෙම නැත්නම් අර ඇමෙරිකාවේ ගිය නඩයේ කෙනෙක්ද? (නි)
ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයගෙන් පසුව රටේ පැවති යුධමය වාතාවරණයට නොබියව මුහුණදුන් වගේම අවංකවම රාජකාරිය ඉටුකළ එකම නායකයා හැටියට ඔබ ගැන බහුතර ජනතාවගේ ඇත්තේ අපමණ ගෞරවයක්. එහෙත් යුධ ජයග්‍රහණයෙන් පසුව සිදුවූ දේවල් ගැන අපට නම් අවබෝධයක් නැහැ. (නි)
කොහොමත් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවනේ (නි)
මෙයත් දැන් බබා වගේ කතාව. මේකේ අදහස් දාන සමහර අය නම් මෙයාට පණ වුණත් දෙයි වගේ. අනේ මෙහෙම රටක්. (නි)
ඔන්න ඉතින් එයත් "පන්සල් දේශපාලු" කතා කියවන්න පටන් අරගෙන. ඔවැනි කතා අහන්න මිනිස්සු හිටියත්, විශ්වාස කරන්න නම් ඉන්නේ බොහොම ටික දෙනයි (නි)
කිරි කළයක් දොවලා එයට යම් දෙයක් මුසු වුණොත් ඒ කිරි කළෙන් වැඩක් නැහැ වගේ, ඔබ කළ ගොඩක් හොඳ දේවල් නීතියට පිටින් කළ වැඩ නිසා කළ හොඳේ වටිනාකම අඩුවුණා. (නි)
උතුමාණෙනි, යුද බිය ඉවරකළ ඔබ අපට දෙවියෙක්. (නි)
වැරදි කළා නම් සිරබත් කෑ යුතුමයි (නි)
අපි අද බය නැතුව පාරේ යන්නේ මෙතුමා වැනි අය ඒ යුද්ධය ජයගැනීමට මහඟු සේවයක් කළ නිසයි. සමහරු කියනවා වගේ බයනැතුව ඉන්න තිබුනා පොලිසිය ස්වාධීන නම්. (නි)
මැතිදුනි, සමහරුන්ගේ ප්‍රකාශිත අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා. කෙසේවෙතත් ඔබතුමා නොහිටින්න තවමත් අපි බයෙන් ජීවත්වෙන්නේ. සමහරු ඉන්නේ මැරිලා ඉපදිලා වගේ. ඒ අපේ රටේ කුහකයින්ගේ හැටි. ඔබතුමා ලස්සන කරපු කොළඹ අද කෝ? ඔන්න යහපාලනය. (නි)
හාමුදුරුවරුන් එක්ක එක හා සමානව වාඩිවෙන එක අද පුරුද්දක් වෙලා. කණගාටුදායකයි. (නි)
පෙර යුද්ධය අවසන් කරන්නට කිසිවෙකුට අවශ්‍යතාවයක් තිබුන බවක් පෙනුනේ නැහැ. යුද්ධය අවසන් වුණේ ප්‍රභාකරන් මරාදැමුව නිසයි. යුද්ධය අවසන් කිරීමේ ස්තුතිය වැඩියෙන්ම හිමිවිය යුත්තේ ගෝඨාභයටයි. (නි)
නාගරික සංවර්ධනය තමන්ගේ යටතට අරන් මොනතරම් ගසාකෑවාද? පවුල් පාලන කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ? (නි)
කවුරු කෑගැහුවත් අපි ඇත්ත දන්නවා (නි)
රටේ බහුතරය නිර්භීත, දේශයට අදරැති නායකත්වය සොයන කාලයයි. ඔබයි අනාගත බලාපොරොත්තුව...! (නි)
එදා වැරදි දේවල් වුණත් දැක්කේ හරි විදියටනේ. මිනිසුන්ටත් එ්ක කොටලා පෙව්වා (නි)
ඔබතුමන්ලාගේ ඒ උදාර මෙහෙය නිසා තමයි ඔය කටින් විතරක් චණ්ඩි අදත් ජීවත්වෙන්නේ. (නි)
කවුරු අවලාද නැගුවත් එතුමා සැළෙන්නේ නැහැ. මරබිය නැතිනිසා ගුණමකුවන්ට අතීතය අමතකවෙලා. එතුමා වැනි අය නොහිටින්න ඔය සමහර නිවට අදහස් පළකළ අය බොහෝවිට යමලෝකේ ගිහිල්ලා ඉන්නත් තිබුනා (නි)
වැරදි නොකළා නම් පන්සල් ගානේ කියන්න දෙයක් නැහැ. එතුමාට නඩුවට මුහුණ දීලා නිවැරදි බව ඔප්පු කරන්න පුලුවන්නේ. හැමෝම මම වරදක් කළේ නැහැ හාමුදුරුවනේ කියලයි පන්සල් වලයි රැස්විම් වලයි කියන්නෙ. (නි)
අයියෝ! අපි තවමත් වානර යුගයකද ඉන්නේ කියලා හිතෙනවා (නි)
ඔබ යුද්ධය දිනීමට ගත් තීරණ වරදක් නොවේ. ගරිල්ලා සටන් නීත්‍යානුකූලව ජයගත නොහැක. ඔබ අපට ජාතික විරයෙක්. අනුන්ගෙන් යැපෙන්න බලාඉන්න අයට ඔබ හොරෙක් (නි)
කොහොම නමුත් තමන් වරදක් කළාද නැද්ද යන්න දන්නේ තමන්ම පමණයි (නි)
මම නීතිගරුක සාමාන්‍ය පුරවැසියෙක්. මෙතුමාට ගරුකළා. මෙතුමා රජ කරපු යුගයේ මොවුන් කෙතරම් බලවත් වුණාද? එදා අපිට නීතියේ පිළිසරණවත් නැතිවුණා. එදා මගේ ඇස් ඇරුනා. ඊට මාස කීපයකට පසු එතුමාගේ පැළැන්තියට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. නැවතත් ඔබතුමාගේ පැළැන්තියට පක්ෂව ඡන්දය පාවිච්චි නොකරමි. (නි)
ආරක්ෂක ලේකම් සැටියට ඔබ කළ අගනා සේවය යුද්ධය අවසන් කිරීමට ඔබ කළ අගනා මෙහෙය ඉතා අගය කරමි. ඔබට ගරු කරමි. එහෙත් එය මුවාවෙන් ගසා කෑ, වංචා කරපු රාජ්‍ය මුදල් දේපොළ වාගේ ඒවා පහත්කොට සළකමි. ඔබ පසුගිය රජයට එකතු වනවිට තිබු දේපොළ වලට නෙමෙයි පසු කාලයකට හිමිකම්පාන්නේ. ඔබ පමණක් නොව එසේ කළ සියලු දෙනාම අප පහත්කොට සළකමු (නි)
එදා සුදු වෑන් මෙච්චර ඉක්මණට අමතකවුණාද? (නි)
මෙයා කාලයක් ඇමෙරිකාවේ හැංගිලා හිටිය මල්ලි ජනාදිපති වුණාම අයෙත් ඇවිත් ජ්‍යෙෂ්ඨයන් ඉදිද්දී උඩට ආවා මෙයා කරපු යුද්දයක් නැහැ අහිංසක දුප්පත් ගම්වල අපේ රණවිරුවන් යුද්ද කෙරුවේ මෙයා කොළඹ සීත කාමර වල ඉදන් ලකුණු දාගත්ත (අ)
ඔය පැරිස් වල ඉන්න අල්විස් ලට නොතේරුනාට ලංකාවේ ඉන්න අපිට නම් මෙතුමාගේ වටිනාකම තේරෙනවා. තමන්ට පමණක් කරගත්ත වැඩ ගැන දන්නවනම් නිකන් දොඩවන්නේ නැතුව නඩුවක් දැම්මනම් මොකෝ. (අ)
මැරිලා උපන්නා වගේ කතාකරන සමහර ගුණමකුවන්ගේ අදහස් දැක්කම මේ රටේ ඉන්නත් අප්පිරියයි. දේශපාලන කෝණයෙන් බලා රටට වැඩ කළ මිනිසුන්ට මෙහෙම අපහාස කිරීම පාපයක්. (නි)
ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)
ඇයි ඔබතුමාලා යුද්ධය අවසන්කළේ? (නි)
එක හරි දෙයකින් වැරදි දහසක් නිවැරදි වන්නේ නැත. එක හරි දෙයකට කොටස්කරුවකු වූ පමණින් එහි අයිතිය තමන්ටම සතු කරගැනීමට යාමද හරි නැත. හරි දේ කවදත් හරි වගේම වැරදි දෙයත් කවදත් වැරදීම බව කාටත් පිළිගැනීමට සිදුවේ. (නි)
තමන් නීතියට පටහැනි දෙයක් නොකළා නම් මහනායක හිමිවරුන් බැහැදකිමින් අවලාද නඟන්න අවශ්‍ය නැහැ.රටේ නීතියක් තිබෙන බව දැන් පෙනෙනවානේ. (නි)
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පරාජයේ ප්‍රධාන නියමුවා තමයි මෙතුමා. ෆොන්සේකා මහත්තයාගෙන් පළිගන්න පටන්ගෙන, රට පමණක් නෙමෙයි, බුද්ධ ශාසනයත් අපකීර්තියට පත්කරමින්, මුස්ලිම් ඡන්ද, ක්‍රිස්තියානි ඡන්ද හා බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ ඡන්ද ටික රටම ආදරය කළ මහින්ද මහත්මයාට නැති කළේ මෙතුමා කියලයි මම නම් කියන්නේ. පළිගැනීමේ සංස්කෘතිය රටේ ස්ථාවර ලෙස ස්ථාපිත කළෙත් මෙතුමා තමයි. අපිට හැඟෙන තිත්ත ඇත්ත අපි ලිව්වා (නි)
එදා ගත් තීරණ සියල්ල හරි කියලද කියන්නේ?? (නි)
දැන් නින්දෙන් අවදිවෙලා වගේ කතා කියන්න එපා. (නි)
මේ තුමා රටට හොද සේවයක් කල අභීත රණ වෙරුවෙක් (අ)
රටේ තවමත් ප්‍රභාකරන්ට වඳින කොටසක් ඉන්නවා. එහෙව් රටක දේශපාලන නඩු වැටීම පුදුමයක් ද? (අ)
යහපාලනය කියාගෙන කරන මහාපරිමාණ හොකන් කතාවත් නොපෙනෙන එකයි පුදුම (අ)
රවී, ජනපති වුණාට පස්සෙ තව ගොඩක් දේවල් වුණා, ඔයා දන්නෙ නැති වුණාට. ෆොන්සේකා හමුදාපති වුණා, මෙතුමා හා ජනපති නිවැරදි තීරණ ගත්තා, යුද්ධය ඉවර කරන සැළසුම් හැදුනා, විදේශ බලපෑම් පිළිගත්තෙ නැහැ. මේ සියලු දෙනා එක්වෙලා යුද්ධය ඉවර කළා. ඊටපස්සෙ රට දියුණු කරන්න පටන්ගත්තා. ඒවට අද හිරේ යනවා. (නි)
අනුරාධ, මම පටළවාගන්නේ නැත. මම දන්නවා වැඩි තක්සේරුව දිය යුත්තේ රට රැකදුන් වීරයින්ටද නැත්නම් රට දෙකට තුනෙට කඩන්න යන අයටද කියලා. (නි)
එදා රටේ අය මිස්ටර් ප්‍රභාකරන්, ප්‍රභාකරන් මැතිතුමා කියකොට සමහරු කොහෙද දන්නෙ නැහැ හිටියේ? (නි)
එදා ගත් තීරණ සියල්ල හරි කියලද කියන්නේ? ඔව් රට වෙනුවෙන් ගත් තීරණ හරියටම හරි. හොඳම තීරණය ගත්තේ ප්‍රභාකරන් ඒ ද්‍රවිඩ ජනතාවට 2005 දී ඡන්දය පාවිච්චි කරන්න ඉඩ නොදීමයි. එදා ද්‍රවිඩයින් ඡන්දය පාවිච්චි කළා නම් අද රට කෑලි දෙකක්. ප්‍රභාකරන් එහෙනම් අවුරුදු 10 රට පාලනය කරනවා. (නි)
වැරදි කළේ නැත්නම් පන්සල් ගානේ ගිහින් ඕවා හාමුදුරුවන්ට කියන්න ඕනෑ නැහැ (නි)
මේ යහපාලනය බහුතර ජනතාවට හොඳටම එපාවෙලා. ඒක ආණ්ඩුවේ ලොක්කෝත් දන්නවා. එ්කනේ ඡන්ද තියන්න බය. (නි)
එ්ක තමයි කියන්නේ කළකම් පලදේ කියලා. (හේ)
කෙළෙහිගුණ දන්නේ නැති පිරිසක් අපේ සිංහලයෝ (හේ)
අපිට නිදහසේ ඉන්න සැළැස්වූ මෙතුමන්ලාට ඒ නිදහස භුක්ති විදිමින්ම අවලාද නඟනවුන්ගේ ගුණමකු බව සහ අතීතය අමතකවෙන අමන ගතිය සමහරුන්ගෙන් පෙනේ. එහෙත් වැඩි දෙනා සත්‍ය දනිති. (නි)
සටන මෙහෙයවා සතුරා විනාශ කර ඉන්පසු රටේ සංවර්ධනයට දායකවෙමින් මුළු රටම පිරිසිදුකර කළ සේවයට අපගෙන් මෙතුමාට වියයුත්තේ ස්තුති කිරීම පමණි. මෙතුමා මෙහෙයපු වැවු, දිය පිරිසිදු කිරීම අද එලසම වෙනවද. ඇසින් බලාගන්න. යහපාලනය යටතේ පොලිතින්, ප්ලස්ටික් බෝතල් වරින් පිරුණු ප්‍රදේශ පමණක් රටේ ඇවිදිනකොට බලාගත හැකිය. ගුණමකුවක් කිහිප දෙනෙක් මෙහි අදහස් දැම්මාට ගුණවත් මිනිසුන්ගේ මතක සත්‍ය වසන් කළනොහැක. (නි)
මේවා ගැන කතාකරලා තේරුමක් නැහැ (නි)
මෙතන අදහස් දාන සමහර කට්ටිය යුද්ධ කාලේ කොහේ හිටියද දන්නෙ නැහැ (නි)
මහත්තයෝ, එදා හොඳ නැහැ කියපු අය ගැන එදාම තීරණ ගත්තා නේද ? (නි)