IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


එමිල් රංජන් සහ රංගජීව ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් කළ එමිල් රංජන් ළමාහේවා මහතා සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදී එහි සිටි රැඳවියන් 27 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව මහතා අත්අඩංගුවට ගත් අතර වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ එවකට බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා මහතා අද අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ දෙදෙනාම අසනීප බව කියමින් කොළඹ ජාතික රෝහලත ඇතුළත් වූහ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුවන් සිටි කොළඹ ජාතික රෝහලට ගොස් පරීක්ෂා කළ බලා ලබන 10 වැනි දා තෙක් ඔවුන් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.

සැකකරුවන්  රිමාන්ඩ් කිරීමෙන් පසු ඔවුන් කොළඹ ජාතික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

 (072)



අදහස් (19)

එමිල් රංජන් සහ රංගජීව ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කසුන් Thursday, 29 March 2018 11:55 AM

රටේ ජීවත් වන යුක්ති ගරුක මිනිසුන්ට පිළිලයක් වූ මෙහෙව් අය මොන විදියකින් හෝ තුරන් කිරීම මේ සමාජයට කරපු ලොකු සේවයක්. ඒත් මේ වෙනුවෙන් මේ අයව හිරේ දාල ගත්ත ක්‍රියාමාර්ගය හරි කියල මෙතන අදහස් දැම්මත් ඒ ගැන මම පුදුම වෙන්නේ නැහැ !!

:       1653       6546

emerson Thursday, 29 March 2018 12:02 PM

ඔයාලා දේශපාලුවෝ නොවන නිසා ඒ වරප්‍රසාදය නෑ.

:       9       163

අතුල Thursday, 29 March 2018 12:33 PM

මිනිස්සු වැරදි කරනවා. ඒ මිනිස්සුන්ට උසාවියෙන් දඬුවම් කරන්නේ ඔවුන්ව යහපත් පුරවැසියන් කරලා නැවත සමාජයට එක කරන්නයි. ඒත් මේ වැරදි සොයලා බලලා නිවැරදි කරන්න දාලා ඉන්න, මහජන මුදල් වලින් වැටුප් ලබන රජයේ නිලධාරීන්ම, පුද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන්, ඒ නිරායුධ සිරකරුවන් මරන්න කටයුතු කරනවා නම්, ඔවුන් කොතරම් දීන මිනිසුන්ද? කාගෙන්ද රටේ මහජනතාව "යුක්තිය" බලාපොරොත්තු වෙන්නේ??

:       1855       489

GihanFriday, 30 March 2018 01:08 AM

නිරායුධ? ඇයි ලංකාදීපෙන් දාලා තියෙන පින්තූරයවත් දැක්කේ නැද්ද? ඊයෙද ඉපදුනේ?

:       0       23

සතයපාල Thursday, 29 March 2018 12:37 PM

රාජ්‍ය අනුග්‍රහය සහිතව අපරාධ කල අය හදුනා ගන්න පහසු ක්‍රමය තමයි මේක. අත් අඩංගුවට පත්වුන ගමන් රෝහල් ගත වෙන්නේ වගේම රෝහල් ගත කරන්නේ එවැනි අපරාධකාරයෝ බව මෑත අතිතය නිරික්ෂණය කිරීමේදී පැහැදීලී වෙයී.

:       4749       1321

anton Thursday, 29 March 2018 12:37 PM

බන්ධනාගාරයේ ,පොලිසියේ ඔය කියන උසස් නිළදාරීන් ඇත්තටම අසනීප වලින් පෙලෙන අයද?

:       752       639

Chanak Los sngeles Thursday, 29 March 2018 06:02 PM

බන්ධනාගාර අධිපතිව සිට බන්ධනාගාර ගත වුන කණගාටුවට ඇත්තටම ලෙඩ වෙන්න ඇති ...

:       812       380

Chris Thursday, 29 March 2018 08:57 PM

බන්ධනාගාරය අයිති කොමසාරිස්ට එයාගෙ රෝහල හොද නැතුව ජාතික රෝහලට යනවනම්. අනෙක් අය ගැන මොන කතාද?

:       0       0

janahitha Thursday, 29 March 2018 11:01 PM

මේ යන විදිහට රාජකාරියත් ප්‍රශ්නයක් වේවි. මේ හිර කරන අය හැමෝම 2015 ට ඉස්සරවෙලා කරපු කටයුතු වලට තමයි මේ හිර කරන්නේ. පුදුමය නම්,2015 න් පස්සේ රාජකාරියේ යෙදුන අය හරියටම හරි වීමයි. කවුරුත් වැරදි කරලා නැහැ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල.

:       0       7

janahitha Thursday, 29 March 2018 11:05 PM

අපරාදෙ කියන්න බැහැ, මේ වහලය උඩ නැගල ඉන්න අය නම් හොදම හොඳ ගුණයහපත් මිනිස්සු.

:       0       3

Chanak Los angeles Friday, 30 March 2018 12:14 AM

මෙම අපරාධය මෙහෙයවපු අය ටිකක් සලිත වෙලා ඇති ...

:       0       0

Ravi Friday, 30 March 2018 02:59 AM

මහින්ද බලයට පත්වූ පසු මේ සියලු දෙනාම එලියට දානවා. ඉවසන්න

:       2       20

අතුලSaturday, 31 March 2018 01:04 PM

ගිහාන් මහත්තයෝ, ඔබතුමා මට ඕක කියන්න එපා. සී.අයි.ඩී. එකටයි ගරු අධිකරණයටයි කියන්න... ඔය කියන පින්තුරේ බලලා තීන්දුව දෙන්න කියලා. පොටෝෂොප් ගැන එහෙම තවම අහල නැහැ වගෙයි. කොහොම වුනත් මහත්තයෝ, 1977 ඉඳලා උසාවියෙන් දෙන මරණ දඬුවම ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙම නැතුව හිර දඬුවම් දීපු අයගේ නම් ලිස්ට් එකක් බලාගෙන ඒ මිනිස්සුන්ව වෙඩි තියලා මරනවා නම්, මොනතරම් තුච්ඡ නීතියක්ද ඒ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.. අපේ රට කොහෙටද මේ ගෙනියන්න හදන්නේ...

:       0       1

padmini Friday, 30 March 2018 04:48 AM

කසුන් කියන නමේ අර්ථයටත් නිගා දෙන අදහසක් පල කිරීම ගැන නිතිය හැමට සමාන විය යුතුයි යන මතය පිලි ගන්න නිදහස් පුරවැසියෙක් වශයෙන් දුක් වෙන අතරම මේ අදහසට එකගව ප්‍රතිචාර දක්වා තිබෙන්නේ කසුන් වගේම දෙතුන් දෙනෙක් හෙවත් ලේ මාපිල්ලු වන බව ජනතාව දන්නා බවත් සදහන් කරමි.

:       29       1

aad Friday, 30 March 2018 05:04 AM

මේ ප්‍රතිචාර දැක්වු සියල්ලෝම කරැණාකර 2012 සිද්ධිය බලා ඉන් පසු තමන්ගේ මත පල කරා නම් මිට වඩා වටිනවා. මේ සිදුවිම වු දවසේදි සිරකරැවන් බන්ධනාගාරයේ ආයුධ ගබඩාව කඩා ඉන් ආයුධ රැගෙන බන්ධනාගාරයේ වහලය මතට නැග එම ආයුධ පිටත සිටි ජනතාවටත් ආරක්ෂක අංශ නිලධාරීන්ටත් පෙන්වමින් සාමාන්‍ය ජනතාවට තර්ජනාත්මක ආකාරයට හැසිරෙන ආකාරය හොදින් දර්ශනය වන රෑප රාමු මාධ්‍ය මගින් දැක ගන්නට ලැබුනා. ඔබ සියල්ල එම රෑප රාමු දුටුවානම් මෙම ප්‍රවෘත්තියේ පලවී තිබෙන ආකාරයට මෙම අත්අඩංගුවට පත්වු නිලධාරීන් දෙදෙනා බන්ධනාගාරයට කඩා වැදුනාද නැද්ද යන්න පැහැදිලි වනු ඇත. එසේම ඒ සිදුවීම දුටු පසු ජනතාවගේ ආරක්ෂා ව වෙනුවෙන් එය මැඩලීම වරදක්ද නැද්ද යන්න ද ⁣ඔබටම තේරෙනු ඇත. මෙම අත්අඩංගුවට පතවු පොලිස් නිලධාරියා රටට සිදු කර ඇති සේවාව පිලිබදවද ටිකක් සොයා බලා ඉන් පසු තම මත ඉදිරිපත් කරන මෙන් කාරැනිකව ඉල්ලමි.

:       7       426

mama RadikalFriday, 30 March 2018 06:06 AM

එහෙම බෑ. මොනවා හරි කරලා අරයා එන එක නවත්තන්න ඕනේ.

:       0       44

Athula kFriday, 30 March 2018 08:01 AM

මුල් පිටුවේ පින්තුරයේම ඒක පේනවනේ. ස්වයංක්‍රීය ගිනි අවියක් උඩට ඔසවන් ඉන්න හැටි.

:       0       46

sarath nanayakkara pitigala Friday, 30 March 2018 05:27 AM

දිට්ට දැම්ම වේදනීය කර්මය.මොඋන්ට ලැබෙනවා.බුද්දාගම සත්‍ය.

:       35       23

Thilina Friday, 30 March 2018 08:06 AM

සියල්ල පැහැදිලියි. යුද්දය කරපු එකත් වැරද්දක් වෙන දවසක් ළඟදීම එනවා. එදාටත් අපේ ගුණමකු මුල අමතක මිනිස්සු ත්‍රස්තවාදීන් මැරුවා කියල සාධාරණය ඉල්ලාවි..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1120 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 445 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 141 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 409 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 736 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 270 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 510 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 290 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site