IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


එල්ලේ තෙවරක් ලන්ඩන් යයි

2012 වසරේදී ලන්ඩන් නුවරට එල්ලේ ක්‍රීඩාව හඳුන්වාදුන් හිත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුන්වන වතාවටත් එල්ලේ තරගයක් ලන්ඩන් නුවරදී පවත්වා ඇත.

මෙවර එල්ලේ තරඟයට අමතරව දරු දැරියන් සහ වැඩිහිටියන් සහභාගී කරගත් කඹ ඇදීමේ තරග වටයක්ද පැවැත්විණි.

පුරා දවසක් තිස්සේ පැවැත්වූ මෙම ක්‍රීඩා සැණකෙළිය සංවිධානය කෙරුනේ හිත්රෝ අතුල දස්සන විහාරාධිපති පුජ්‍ය වඳුරඹ කස්සප හිමියන්ගේ සහ විහාරස්ථානයේ සහ පළාතේ තරුණ දායක පිරිසගේ මුලිකත්වයෙනි.

හාර්ලින්ටන් පළාත් සභා මන්ත්‍රිනී කැතරින් ඩන්, පළාත් සභික වෛද්‍ය තානියා මතායස් සහ මන්ජිත් බටාර් සමඟ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිරන්ජන් පතිරත්න ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වුහ.

හවුන්ස්ලෝ ප්‍රදේශය ලන්ඩනයේ විවිධ ජාතින් ජිවත්වන ප්‍රදේශයක් බව සිහිපත්කල පළාත් සභා මන්ත්‍රිනී කැතරින් ඩන් එහි පදිංචිව ඉන්නා සියලුම ජාතීන්ට සහ ආගම් වලට අයත් බොහෝ පිරිසක් සහභාගී වූ මෙවන් ජාතික සැණකෙළියක් සංවිධානය කිරීමෙන් ජාතින් අතර අන්නෝන්‍ය සම්බන්ධතාවය වඩාත් තහවුරු කර ගැනීම සඳහා විශාල සහයෝගයක් ලබාදෙන බව පැවසිය.

ශ්‍රී ලංකාවේ එල්ලේ සංගමය එල්ලේ ක්‍රීඩා භාණ්ඩ සපයා තිබිණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මැලිබන් විස්කෝතු සමාගම, එස්ටරිකා දන්ත වෛද්‍ය ආයතනය සැණකෙළිය සඳහා පුර්ණ දායකත්වය ලබා දුන්හ.

ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ ලන්ඩනයේ රග්බි තරඟ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කරන බණ්ඩාර වෑකඩපොළ එල්ලේ තරඟ සැලසුම් කිරීම සහ සංවිදානය භාරව කටයුතු කල අතර තරඟ විනිශ්චය සඳහා ඔහුට සහාය වුයේ නිව්මාල් පෙරේරාය.

මෙවර එල්ලේ තරඟාවලිය සඳහා කණ්ඩායම් 10 ක් සහභාගිවුහ. ජයග්‍රහණය හිමිකර ගත්තේ " ලන්ඩන් ඊගල්" කණ්ඩායමයි.

වැඩිහිටියන්ගේ කඹ ඇදීමේ තරග විශ්චය කලේ බ්‍රිතාන්‍ය කඹ ඇදීමේ සංවිධානයේ මිඩ්ල්සෙක්ස් පළාතේ උප සභාපති ටෙරන්ස් ස්පොර්ක් විසිනි. එම තරඟය ජය ගත්තේ " බ්ලැක් කොර්ට් සෙකියුරිටි" කණ්ඩායම විසිනි.

DSC_0074_1280x853 DSC_0114_1280x853 IMG_7342_1280x853 IMG_7785_1280x853 IMG_8027_1280x853 IMG_8084_1280x853



අදහස් (0)

එල්ලේ තෙවරක් ලන්ඩන් යයි

ඉසුරන්දි Wednesday, 10 September 2014 07:08 AM

සිරිලක දේ සිරිසැප දේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 10 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 252 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 560 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 411 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 315 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 215 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site