IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


එස්.අයි - සැරයන් ගස් බැඳලා

කසිප්පු ඇල්ලීමට හලාවත ආරච්චිකට්ටුවේ නිවසකට සාමාන්‍ය ඇඳුමින් සැරසී ගිය හලාවත පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු හා සැරයන් වරයෙකු ගස් බැඳ පහර දී ඇතැයි පොලීසිය කියයි.

මෙ දෙදෙනා මුදාගත් පොලීසිය ඔවුන් රෝහල් ගත කළ බවත් පවසයි.

පොලිසියෙන් පහර කෑ බව කියන ගැමියෝ දෙදෙනෙකුද රෝහල් ගත කර ඇත.

 



අදහස් (0)

එස්.අයි - සැරයන් ගස් බැඳලා

පිටිගල Monday, 13 October 2014 03:11 AM

පොලිසිය තමන්ට තිබුන මහජන ගෞරවය නැතිකරගත්තා. දැන් ඉතින් ගැමියෝ ගස් බැඳලා නවතින එකක් නැහැ. පොලිසිය දවසින් දවසම පහළට ගිහින්. අනේ අපේ පොලිසිය! අපිට නම් ඔහොම වුණේ නැහැ (නි)

:       0       0

දයාන් Monday, 13 October 2014 03:14 AM

පොලිසියට ප්‍රහාර එල්ල වුණු ප්‍රථම අවස්ථාව වගේ තමයි ගොඩක් දෙනෙක් කතා කරන්නේ. කොච්චර නම් පොලිසිය ගුටි කෑවද? පොලිසියේ ගරුත්වය පිළිගැනීම නැතිවුණේ කොහොමද කියලා කවුරුවත් කතාකරන්නේ නැහැ. (නි)

:       0       0

සුරේන් Monday, 13 October 2014 03:40 AM

මම ලංකාවේ ඉද්දි දැකල තියෙනවා මෙවැනි ජාවාරම් කාරයන්ගේ හැසිරීම් සහ අපේ පොලිස් නිලධාරී මහත්වරු ඔවුන් ඇල්ලීමට දරන කැපකිරීම්. ජාවාරම් කාරයන්ගේ උපක්‍රම අභිබවා ඔවුන් කොටුකර ගැනීමට පොලිසිය කොපමණ වෙහෙසෙනවද කියා(හේ)

:       0       0

රුවන් Monday, 13 October 2014 03:46 AM

හංගපු කසිප්පු පෙන්වන්න අරගෙන ගියා නම් හරි. (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 13 October 2014 03:56 AM

අවේලාවේ සිවිල්පිට ගිය නිසා මිනිස්සු ගහන්න ඇති (නි)

:       0       0

රසික කටාර් Monday, 13 October 2014 10:56 AM

පොලීසියට නරක කාලයක් වගෙයි. මෙහෙන් ගස් බඳිනවා. තවත් තැනක කසිප්පු අල්ලන්න ගිය රාලහාමිලාට ගැහැණු ගහනවා.කෝ එතකොට රටේ නීතිය? එයාලාගේ ආරක්ෂාවට හමුදාවෙන් දාන්න වේවි වගේ නේද? තව කලක් යනවිට මහජනයාගේ ආරක්ෂාව අපි විසින්ම හොයාගන්න වේවි. (නි)

:       0       0

ධම්ම Monday, 13 October 2014 03:59 AM

පොලීසියේ අයට සටන් පුහුණුවකුත් දෙනවා නේද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 13 October 2014 04:03 AM

දැන් පොලිසිය රාජකාරි කරන්නේ කොහොමද කියලා රටම දන්නවනේ. ඉතින් මේ නිලධාරීන්ව ගස් බඳින්න තරම් ගමේ මිනිස්සු ශක්තිමත් වෙලා ඇත්තෙත් ඒ ගොල්ලන්ට දේශපාලක කෙනෙකුගේ ශක්තිය තිබෙන නිසා වෙන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 13 October 2014 04:05 AM

ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් සමීක්ෂණයක් කළා නම් හරියටම දැනගන්න තිබුනා. මොකද ඒ ගොල්ලෝ ගොඩක් වෙලාවට යන්නේ ත්‍රීරෝද රථ වල නිසා. (නි)

:       0       0

පද්මිණි Monday, 13 October 2014 04:35 AM

අපි අපිටම ගහගන්නවා... කසිප්පු තිප්පොලත් දැන් "ට්‍රැක් එකට" හසුවෙලා වගෙයි (නි)

:       0       0

සනත් Monday, 13 October 2014 04:36 AM

ආ .... සුරේන්, ඔයා දැන් ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)

:       0       0

ගුණේරත්න Monday, 13 October 2014 04:47 AM

නිල ඇදුම් නොමැතිව නිල රාජකාරි කළ නොහැක. නමුත් සිවිල් ඇඳුමින් සිට ඔත්තු බලමින් නිල ඇඳුමින් සිටින නිලධාරින්ව දැනුවත් කළ හැක. (නි)

:       0       0

ආනන්ද Monday, 13 October 2014 04:56 AM

පොලිසියට තිබුන අභිමානය නැතිවෙලා තියෙන්නේ සමහර පොලිස් නිලධාරීන් නිසාම තමයි.(හේ)

:       0       0

වසන්ත Monday, 13 October 2014 05:01 AM

ස්වාධීන නැතිකමින් ව පොලිසියේ ගෞරවය නැතිවී ගිහින්. නැවත පොලිසිය ස්වාධීන ,නීතිගරුක ආයතනයක් බවට පත්කරමු. (නි)

:       0       0

සංජය Monday, 13 October 2014 05:09 AM

කසිප්පු අල්ලන්න පුලුවන්ද දෙන්නෙකුට ගිහිල්ලා? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 13 October 2014 05:23 AM

මෙවැනි අනාරක්ෂිත තැන්වලට සිවිල් ඇඳුමෙන් යනවද නිරායුධව? තවම මේ අය මට්ටුවෙලා නැති හැඩයි (නි)

:       0       0

සමන්ත Monday, 13 October 2014 05:41 AM

කවදාවත් පොලිසියට පහරදෙනවට මම කැමති නැහැ. ඒ ගහන්නේ අපේ නීතියට.මොනවා වුණත් අපි නීතියට යටයි.ඒ මිනිස්සු රස්සාව ක‍රන්නේ දත් 32 ක් මැද්දේ දිව තියනවා වගේ. (නි)

:       0       0

ගමගේ Monday, 13 October 2014 06:06 AM

කසිප්පු නිපදවීම රජයට බදු නොගෙවා කරන සුළු කර්මාන්තයක්. සෞඛ්‍යමය අතින් ශරීරයට හානිදායක වෙන්නේ එහි අඩංගු ඇසිටෝන් නිසා. පරමායුෂ විඳින්න අකමැති අයට අඩු වියදමෙන් පරලෝකප්‍රාප්තිය ළඟාකරගන්නත් පුළුවන්. අනෙක් අතට කසිප්පු බීලා ලෙඩ හදාගත්ත අය සනීප කරගන්න යන වියදම හරි ඉහළයි. ඉතින් රජය පැත්තෙන් බැලුවාම "අඩු මිල සනීපය - වැඩි වියදම් ප්‍රතිකාර" වලට හේතුවීම වළක්වාගන්න පොලිසිය මඟින් කසිප්පු අල්ලන එක කන බොන අපිටත් තේරෙනවා සාධාරණ බව. (නි)

:       0       0

රුවන් Monday, 13 October 2014 06:14 AM

කිසිම පොලිස් නිලධාරියෙකුට සිවිල් ඇඳුමෙන් වැටලීම් කරන්න නීතිමය බලයක් නැහැ.සිවිල් ඇඳුමෙන් යනවා නම් උසාවියෙන් හෝ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍යයි. (නි)

:       0       0

රුවන් Monday, 13 October 2014 06:17 AM

පොලිසියෙන් කරන කෙනෙහිලිකම් මිනිස්සු හැමදාම ඉවසන්නේ නැහැ.අවස්ථාවක් ලැබුණුවිට පොලිසියට ගහන්න තමා මිනිස්සු බලා ඉන්නේ. (නි)

:       0       0

ඩයස් Monday, 13 October 2014 07:16 AM

මෙය පොලීසියේ වැරැද්දක් නෙමෙයි. වැරැද්ද තියෙන්නේ දේශපාලන බලපෑම් වලින්. පොලීසිය ස්වාධීන ආයතනයක් බවට පත්කරමු. (නි)

:       0       0

කරුණාජීව Monday, 13 October 2014 07:28 AM

කරාපිටියේ බන්දුල කියන බොරු? "මම ලංකාවේ ඉඳිද්දී දැකලා තියෙනවා"... අනේ මේ, ඔහේ ගිය රට අපි නොදන්නවායැ? (නි)

:       0       0

බණ්ඩාර සරත් Monday, 13 October 2014 07:51 AM

මෙතන පොලිසියත් ගුටිකාලා , තව ගැමියන් දෙදෙනෙකුත් ගුටි කාලා. අරය මට ගැහුවා, මම අරයට ගැහුවා වාගේ දෙයක් (නි)

:       0       0

දයාන් Monday, 13 October 2014 08:12 AM

මේ දෙන්නා ගිහින් තියෙන්නේ කසිප්පු අල්ලන්නම නෙමෙයි. (හේ)

:       0       0

අමරදත්ත Monday, 13 October 2014 08:21 AM

නියම වැඩේ තමයි සිවිල් ඇඳුමින් ගිහිල්ලා කරගත්තේ (නි)

:       0       0

අමර Monday, 13 October 2014 08:35 AM

ඔය වගේ වැටලීම් වලට දෙන්නෙක් ගිහින් හරියනවාද?(හේ)

:       0       0

යසිත Monday, 13 October 2014 01:25 AM

මොකට සිවිල්පිට ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

රොකී Monday, 13 October 2014 01:42 AM

දැන් ඉතින් පොතේ හැටියට වැඩකරන්නයි තියෙන්නේ. නැවතත් ගස් බඳින්න බැරිවෙන්න පළාතේ තිබෙන ගස් ඔක්කොම කපලා දැම්මත් කමක් නැහැ (නි)

:       0       0

සුජානි Monday, 13 October 2014 02:00 AM

කොට කලිසම ඇඳලා ආයුධ නැතුව ගියාම ඔහොම වෙනවා. හරියට ගියානම් කසිප්පුකාරයෝ අල්ලාගන්න තිබුනා. (නි)

:       0       0

උපාලි Monday, 13 October 2014 02:06 AM

ඒ මිනිස්සු ජීවිතේට ඔහොම දෙයක් කරන්නේ නැහැ පොලිසිය බව දන්නවා නම්. මේ අය ගිහින් සැර දානකොට සාමාන්‍ය චණ්ඩි දෙන්නෙක් කියලා අල්ලලා ගස් බඳින්න ඇති. (නි)

:       0       0

විරාජ් Monday, 13 October 2014 02:14 AM

ගස් බැන්ඳේ කවුද දන්නෙ නැහැ නේද? අහවලාගේ ගෝලයින් වෙන්නත් පුලුවන්. අන්තිමට රාළහාමිලාම බැඳගත්තා කියයිද දන්නේ නැහැ? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 13 October 2014 02:14 AM

අඳුරන්නේ නැති අය කසිප්පු ගන්න ආවා කියලා හිතන්න ඇති (නි)

:       0       0

සමන් Monday, 13 October 2014 02:21 AM

සුජානි, යසිත, යුනිෆෝම් ඇඳගෙන ගිහින් සමහර වැටළීම් කරන්න බැහැ. ඒකයි එයාලා සිවිල් ඇඳුමින් යන්නේ. බොහෝ තැන්වල මෙවැනි ජාවාරම්කරුවන් ඔහුන්ගේ ඔත්තුකරුවන් යොදාසිටින නිසා ඔවුන්ගෙන් වසන් වීයාමට අවශ්‍ය නිසයි මෙසේ යන්න ඇත්තේ. මා සිතන ආකාරයට මෙතැනදී යම් අතපසුවීමක් හෝ ගැටළුවක් වෙන්න ඇති. අනික අමතක කරන්න එපා බොහෝවිට මෙවැනි ජාවාරම් කරන්නේ අන්ත දාමරිකයන් සහ දේශපාලන ආධාරකරුවන්. ඒක නිසා තමයි වැටළීම් වඩා අපහසු. (නි)

:       0       0

ජයලාල් Monday, 13 October 2014 02:41 AM

පොලිසියට ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. නීතිය උපරිමව ක්‍රියාත්මක කර උපරිම දඩුවම් පැමිණවිය යුතුයි. මේවා පූර්වාදර්ශ කරගත්තොත් අනිත් අයත් මේ වගේ වැඩ කරන්න පටන්ගන්න පුලුවන් (නි)

:       0       0

ජෙහාන් Monday, 13 October 2014 02:50 AM

ගස් බැඳපු එකේ වැරැද්ද මොකද්ද? ඉහළ සමහර තැන්වලින් එන ආදර්ශ නේද ඒවා? (නි)

:       0       0

සරත්චන්ද්‍ර Monday, 13 October 2014 02:57 AM

නොමිලේ කසිප්පු ගන්න ගියාවද්ද? අනික නිල ඇඳුමක් තියෙන්නේ ඒක අඳින්නනේ ? ඔයාලා කවදාකවත් දැකලා තියෙනවද මාර්ග නීති උල්ලංගනය කරන පුද්ගලික බසයක් පොලිසියෙන් අල්ලනවා? ඒත් වැඩියෙන්ම මාර්ග නීති කඩන කට්ටියක් එයාලා. රජයේම ආයතනයක් වන ලංගමට කරන කෙනහිලිකම් වලදී පොලිසිය නිශ්ශබ්දයි.ගොඩක් මිනිස්සු මේවා දන්නේ නැහැ . ඇත්තටම මෙයාලා තොරතුරු හොයන්න සිවිල්; ඇඳුමෙන් ගියා නම් නිල ඇඳුම් ඇඳගත් කට්ටිය එයාලට පිටිපස්සෙන් එන්න ඕනෑ. අනික රටේ ගොඩක් අපරාධ වල කොනක පොලිසියේ කෙනෙක් ගෑවිලා ඉඳීම අපේ පොලිසියේ කීර්තිනාමයට ලොකු හානියක් (නි)

:       0       0

රවී - ඕමාන් Monday, 13 October 2014 02:57 AM

දේශපාලන බලවතෙකුගේ ගෝලයෙකුගේ තැනක්ද දන්නෙ නැහැ. එහෙම වුණොත් නම් අනේ! කතාකරලා වැඩක් නැහැ ඕක ගැන (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 6 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 138 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 365 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 459 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 276 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 160 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site