කසිප්පු ඇල්ලීමට හලාවත ආරච්චිකට්ටුවේ නිවසකට සාමාන්‍ය ඇඳුමින් සැරසී ගිය හලාවත පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු හා සැරයන් වරයෙකු ගස් බැඳ පහර දී ඇතැයි පොලීසිය කියයි.
මෙ දෙදෙනා මුදාගත් පොලීසිය ඔවුන් රෝහල් ගත කළ බවත් පවසයි.
පොලිසියෙන් පහර කෑ බව කියන ගැමියෝ දෙදෙනෙකුද රෝහල් ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම පොලිස් නිලධාරියෙකුට සිවිල් ඇඳුමෙන් වැටලීම් කරන්න නීතිමය බලයක් නැහැ.සිවිල් ඇඳුමෙන් යනවා නම් උසාවියෙන් හෝ ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍යයි. (නි)
අපි අපිටම ගහගන්නවා... කසිප්පු තිප්පොලත් දැන් "ට්‍රැක් එකට" හසුවෙලා වගෙයි (නි)
ආ .... සුරේන්, ඔයා දැන් ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)
නිල ඇදුම් නොමැතිව නිල රාජකාරි කළ නොහැක. නමුත් සිවිල් ඇඳුමින් සිට ඔත්තු බලමින් නිල ඇඳුමින් සිටින නිලධාරින්ව දැනුවත් කළ හැක. (නි)
පොලිසියට තිබුන අභිමානය නැතිවෙලා තියෙන්නේ සමහර පොලිස් නිලධාරීන් නිසාම තමයි.(හේ)
ස්වාධීන නැතිකමින් ව පොලිසියේ ගෞරවය නැතිවී ගිහින්. නැවත පොලිසිය ස්වාධීන ,නීතිගරුක ආයතනයක් බවට පත්කරමු. (නි)
කසිප්පු අල්ලන්න පුලුවන්ද දෙන්නෙකුට ගිහිල්ලා? (නි)
මෙවැනි අනාරක්ෂිත තැන්වලට සිවිල් ඇඳුමෙන් යනවද නිරායුධව? තවම මේ අය මට්ටුවෙලා නැති හැඩයි (නි)
කවදාවත් පොලිසියට පහරදෙනවට මම කැමති නැහැ. ඒ ගහන්නේ අපේ නීතියට.මොනවා වුණත් අපි නීතියට යටයි.ඒ මිනිස්සු රස්සාව කරන්නේ දත් 32 ක් මැද්දේ දිව තියනවා වගේ. (නි)
කසිප්පු නිපදවීම රජයට බදු නොගෙවා කරන සුළු කර්මාන්තයක්. සෞඛ්‍යමය අතින් ශරීරයට හානිදායක වෙන්නේ එහි අඩංගු ඇසිටෝන් නිසා. පරමායුෂ විඳින්න අකමැති අයට අඩු වියදමෙන් පරලෝකප්‍රාප්තිය ළඟාකරගන්නත් පුළුවන්. අනෙක් අතට කසිප්පු බීලා ලෙඩ හදාගත්ත අය සනීප කරගන්න යන වියදම හරි ඉහළයි. ඉතින් රජය පැත්තෙන් බැලුවාම "අඩු මිල සනීපය - වැඩි වියදම් ප්‍රතිකාර" වලට හේතුවීම වළක්වාගන්න පොලිසිය මඟින් කසිප්පු අල්ලන එක කන බොන අපිටත් තේරෙනවා සාධාරණ බව. (නි)
ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් සමීක්ෂණයක් කළා නම් හරියටම දැනගන්න තිබුනා. මොකද ඒ ගොල්ලෝ ගොඩක් වෙලාවට යන්නේ ත්‍රීරෝද රථ වල නිසා. (නි)
පොලිසියෙන් කරන කෙනෙහිලිකම් මිනිස්සු හැමදාම ඉවසන්නේ නැහැ.අවස්ථාවක් ලැබුණුවිට පොලිසියට ගහන්න තමා මිනිස්සු බලා ඉන්නේ. (නි)
මෙය පොලීසියේ වැරැද්දක් නෙමෙයි. වැරැද්ද තියෙන්නේ දේශපාලන බලපෑම් වලින්. පොලීසිය ස්වාධීන ආයතනයක් බවට පත්කරමු. (නි)
කරාපිටියේ බන්දුල කියන බොරු? "මම ලංකාවේ ඉඳිද්දී දැකලා තියෙනවා"... අනේ මේ, ඔහේ ගිය රට අපි නොදන්නවායැ? (නි)
මෙතන පොලිසියත් ගුටිකාලා , තව ගැමියන් දෙදෙනෙකුත් ගුටි කාලා. අරය මට ගැහුවා, මම අරයට ගැහුවා වාගේ දෙයක් (නි)
මේ දෙන්නා ගිහින් තියෙන්නේ කසිප්පු අල්ලන්නම නෙමෙයි. (හේ)
නියම වැඩේ තමයි සිවිල් ඇඳුමින් ගිහිල්ලා කරගත්තේ (නි)
ඔය වගේ වැටලීම් වලට දෙන්නෙක් ගිහින් හරියනවාද?(හේ)
පොලීසියට නරක කාලයක් වගෙයි. මෙහෙන් ගස් බඳිනවා. තවත් තැනක කසිප්පු අල්ලන්න ගිය රාලහාමිලාට ගැහැණු ගහනවා.කෝ එතකොට රටේ නීතිය? එයාලාගේ ආරක්ෂාවට හමුදාවෙන් දාන්න වේවි වගේ නේද? තව කලක් යනවිට මහජනයාගේ ආරක්ෂාව අපි විසින්ම හොයාගන්න වේවි. (නි)
නොමිලේ කසිප්පු ගන්න ගියාවද්ද? අනික නිල ඇඳුමක් තියෙන්නේ ඒක අඳින්නනේ ? ඔයාලා කවදාකවත් දැකලා තියෙනවද මාර්ග නීති උල්ලංගනය කරන පුද්ගලික බසයක් පොලිසියෙන් අල්ලනවා? ඒත් වැඩියෙන්ම මාර්ග නීති කඩන කට්ටියක් එයාලා. රජයේම ආයතනයක් වන ලංගමට කරන කෙනහිලිකම් වලදී පොලිසිය නිශ්ශබ්දයි.ගොඩක් මිනිස්සු මේවා දන්නේ නැහැ . ඇත්තටම මෙයාලා තොරතුරු හොයන්න සිවිල්; ඇඳුමෙන් ගියා නම් නිල ඇඳුම් ඇඳගත් කට්ටිය එයාලට පිටිපස්සෙන් එන්න ඕනෑ. අනික රටේ ගොඩක් අපරාධ වල කොනක පොලිසියේ කෙනෙක් ගෑවිලා ඉඳීම අපේ පොලිසියේ කීර්තිනාමයට ලොකු හානියක් (නි)
දැන් ඉතින් පොතේ හැටියට වැඩකරන්නයි තියෙන්නේ. නැවතත් ගස් බඳින්න බැරිවෙන්න පළාතේ තිබෙන ගස් ඔක්කොම කපලා දැම්මත් කමක් නැහැ (නි)
කොට කලිසම ඇඳලා ආයුධ නැතුව ගියාම ඔහොම වෙනවා. හරියට ගියානම් කසිප්පුකාරයෝ අල්ලාගන්න තිබුනා. (නි)
ඒ මිනිස්සු ජීවිතේට ඔහොම දෙයක් කරන්නේ නැහැ පොලිසිය බව දන්නවා නම්. මේ අය ගිහින් සැර දානකොට සාමාන්‍ය චණ්ඩි දෙන්නෙක් කියලා අල්ලලා ගස් බඳින්න ඇති. (නි)
ගස් බැන්ඳේ කවුද දන්නෙ නැහැ නේද? අහවලාගේ ගෝලයින් වෙන්නත් පුලුවන්. අන්තිමට රාළහාමිලාම බැඳගත්තා කියයිද දන්නේ නැහැ? (නි)
අඳුරන්නේ නැති අය කසිප්පු ගන්න ආවා කියලා හිතන්න ඇති (නි)
සුජානි, යසිත, යුනිෆෝම් ඇඳගෙන ගිහින් සමහර වැටළීම් කරන්න බැහැ. ඒකයි එයාලා සිවිල් ඇඳුමින් යන්නේ. බොහෝ තැන්වල මෙවැනි ජාවාරම්කරුවන් ඔහුන්ගේ ඔත්තුකරුවන් යොදාසිටින නිසා ඔවුන්ගෙන් වසන් වීයාමට අවශ්‍ය නිසයි මෙසේ යන්න ඇත්තේ. මා සිතන ආකාරයට මෙතැනදී යම් අතපසුවීමක් හෝ ගැටළුවක් වෙන්න ඇති. අනික අමතක කරන්න එපා බොහෝවිට මෙවැනි ජාවාරම් කරන්නේ අන්ත දාමරිකයන් සහ දේශපාලන ආධාරකරුවන්. ඒක නිසා තමයි වැටළීම් වඩා අපහසු. (නි)
පොලිසියට ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. නීතිය උපරිමව ක්‍රියාත්මක කර උපරිම දඩුවම් පැමිණවිය යුතුයි. මේවා පූර්වාදර්ශ කරගත්තොත් අනිත් අයත් මේ වගේ වැඩ කරන්න පටන්ගන්න පුලුවන් (නි)
ගස් බැඳපු එකේ වැරැද්ද මොකද්ද? ඉහළ සමහර තැන්වලින් එන ආදර්ශ නේද ඒවා? (නි)
මොකට සිවිල්පිට ගියාද දන්නෙ නැහැ (නි)
දේශපාලන බලවතෙකුගේ ගෝලයෙකුගේ තැනක්ද දන්නෙ නැහැ. එහෙම වුණොත් නම් අනේ! කතාකරලා වැඩක් නැහැ ඕක ගැන (නි)
පොලිසිය තමන්ට තිබුන මහජන ගෞරවය නැතිකරගත්තා. දැන් ඉතින් ගැමියෝ ගස් බැඳලා නවතින එකක් නැහැ. පොලිසිය දවසින් දවසම පහළට ගිහින්. අනේ අපේ පොලිසිය! අපිට නම් ඔහොම වුණේ නැහැ (නි)
පොලිසියට ප්‍රහාර එල්ල වුණු ප්‍රථම අවස්ථාව වගේ තමයි ගොඩක් දෙනෙක් කතා කරන්නේ. කොච්චර නම් පොලිසිය ගුටි කෑවද? පොලිසියේ ගරුත්වය පිළිගැනීම නැතිවුණේ කොහොමද කියලා කවුරුවත් කතාකරන්නේ නැහැ. (නි)
මම ලංකාවේ ඉද්දි දැකල තියෙනවා මෙවැනි ජාවාරම් කාරයන්ගේ හැසිරීම් සහ අපේ පොලිස් නිලධාරී මහත්වරු ඔවුන් ඇල්ලීමට දරන කැපකිරීම්. ජාවාරම් කාරයන්ගේ උපක්‍රම අභිබවා ඔවුන් කොටුකර ගැනීමට පොලිසිය කොපමණ වෙහෙසෙනවද කියා(හේ)
හංගපු කසිප්පු පෙන්වන්න අරගෙන ගියා නම් හරි. (නි)
අවේලාවේ සිවිල්පිට ගිය නිසා මිනිස්සු ගහන්න ඇති (නි)
පොලීසියේ අයට සටන් පුහුණුවකුත් දෙනවා නේද? (නි)
දැන් පොලිසිය රාජකාරි කරන්නේ කොහොමද කියලා රටම දන්නවනේ. ඉතින් මේ නිලධාරීන්ව ගස් බඳින්න තරම් ගමේ මිනිස්සු ශක්තිමත් වෙලා ඇත්තෙත් ඒ ගොල්ලන්ට දේශපාලක කෙනෙකුගේ ශක්තිය තිබෙන නිසා වෙන්න පුළුවන්. (නි)