බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු බාර උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඩබ්ලිව්. පළිහවඩන මහතා පානදුර නිවසේදී මරා දැමීයැයි සැකපිට ඔහුගේ බිරිය තුප්පහි දෝන රත්නා රංජනී, ඇගේ නැන්දම්මා වන ටී.එම්.චන්ද්රවතී හා පානදුරේ කුකුළු මස් කඩකරුවකු වන ඉන්දික මදනායක ලබන 7 වැනිදා තෙක් පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
මිය ගිය උප පරීක්ෂකගේ බිරිය මනෝ වෛද්‍යවරයකුට පෙන්වන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය. සිව්වැනි සැකකරුවන කාලින්ද දාබරේ පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර දුන්නේය.
පොලිසිය අධිකරණයට පැවසූයේ එම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඡායාරූප - සිරි මහබෙල්ලන











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියමනක් තියෙනවා “ හදිසි වී කසාදයක් කරගෙන නිවිසැනසිල්ලේ විඳවන්න“ කියලා. අද සමාජයේ බොහෝ පවුල් ආරවුල් මිනි මැරුම් වලින් කෙලවර වෙන්නේ මේ නිසයි. ගැහැනුන්ගෙත් කිසිම සෞම්‍ය බවක් නැහැ. කැත්තට පොල්ල වගේ. සල්ලි මත්තෙම තමයි හැපෙන්නේ. ඒකත් එක හේතුවක් මේ වගේ දේවල් වලට. (ස)
රාගය මේකට මූළික වෙලා. (ස)
අනුර. . ඔයාට හිතෙන්නේ ඔයා හරි කියලද?. කරුණාකරලා විතාරණගේ කමෙන්ට් එක පස් වතාවක් වත් කියවලා තේරුම් ගන්න. ඔයත් මේ නෝනා එක්ක මනෝ වෛද්‍යවරයකුට පෙන්ව ගන්න. (ස)
පොලිසිය ගැන මොන කතාද ? (ස)
නැන්දම්මත් හවුල් වගේ (ස)
ඉස්සර හිටපු මිනිස්සු පෙළපත් නම් දුන්නේ ඒ ඒ මිනිසුන්ගේ කල්ක්රියාවන් අනුවනේ. දැන් පේනවනේ මතන වෙලා තියෙන දේ! හරිහම්බ කරලා කන්න දෙන මිනිහවනේ මරලා තියෙන්නේ ! (නි)
පුදුම ගැහැණු තමයි අපේ ධර්මද්වීපයෙත් ඉන්නේ. (නි)
ගැහැණිය හොඳ නම් පිරිමියා හොඳ නැහැ. පිරිමියා හොඳ තැන්වල ගැහැණිය හොඳ නැහැ. දෙන්නම නරක හරි දෙන්නම හොඳ හරි වෙන්නේ හරිම කලාතුරකින්. කාට කාටත් මොළය පෑදෙන්නෙ අවුරුදු 35 විතර පැන්නම. හැබැයි එතකොට හුඟක් අයට වෙන්න ඕනෑ හරිය වෙලා ඉවරයි. (නි)
මේකත් කරගෙන තියෙන්නේ පුදුම කාලයකනේ! (නි)
ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගහකට සමයි. බිඳුනු දා පූජාව ප්‍රේමයේ, ඇයගේ ආගම වෛරයයි (නි)
පවුල් ප්‍රශ්න හරිම භයානකයි. හැබැයි තාම සැකයක් විතරයි. අපිට තීන්දු දෙන්න බැහැ (නි)
තමන්ගෙම සැමියා මරන්නේ මොකටද? (නි)
ආවේගශීලි වුනාම මෙහෙම වෙනවා. ප්‍රශ්නයක් ආවම විසඳ ගන්න හුඟක් අය දන්නේ නැහැ. (ස)
මෙයා මැදිවියේ කාන්තාවක් නේද? දේපලද බලෙන් ලියා ගන්න තරම් නොදරුවෙක්ද? (ස)
මෝඩ ගැහැණුනේ/මිනිසුනේ, තමන්ගෙ කැමැත්තෙන් බැන්දා වගේම එකට ඉන්න බැරිනම් සමගියෙන් වෙන් වෙයල්ලා. මිනි මරාගෙන රටටත් කැලලක් කරලා යන තැනටත් පව් පුරවා ගන්නේ නැතුව. (ස)
පොඩ්ඩක් ඉන්න තාම නඩුනෙ සමහර විට වෙන අයකු වෙන්නත් පුළුවන් (ස)
තුප්පහි බිරිඳ තුප්පහි වැඩක් කරලා වගේ (ස)
අනුර කියනවා මැය මේ තත්වයට පත් උනේ පුරුෂය නිසා කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් පුරුෂයා ඒ තත්වයට පත් උනේ මේ කාන්තාව නිසා කියලා. හැම කතාවෙම දෙපැත්තක් ඇති බවයි මම නම් හිතන්නේ. එක් අයෙකු 100% වැරදි නොවන බවත් අඩු වැඩි වශයෙන් දෙපැත්තම වැරදි ඇති. නමුත් මිනි මැරිම එයට විසඳම නොවන බව ලංකාවේ බහුතර මෝඩ දනන් නොදැනිමයි කනගාටුව. (ස)
කාගෙ කාගෙත් දේපොල තන්හාව තමයි මේ සේරටම මුල. මැරැනු කෙනාගෙන් සාක්කි අහන්න බැහැනේ. ගැහැනුත් නරකම නැහැ බලාගෙන යනකොට. (ස)
දියුණු රටවල අය සමාදානෙන් වෙන්වෙනවා . ලංකාව වගේ රටවල අය මිනි මරාගෙන වෙන් වෙනවා. දියුණු නොදියුණු රටවල් වල හා උගත් නූගත් අයෙග් වෙනස ඒකයි. (ම)
දියුනු රටවල දික්කසාද ගන්න ලෙහෙසියි. ඒ නිසා එකට ඉන්න බැරිනම් වෙන් වෙනවා මිනිමරාගන්නෙ නැතුව. අපි සුද්දගෙ කාලේ යල් පැනපු නිතියක් තියාගෙන ඒක තව තවත් තද කරලා නිසා ගැහැනු මිනිස්සු අසහනයෙන් ඉන්නේ. ඒ නිසයි මේවගේ දේවල් වෙන්නේ. නොකෙරෙන දිග අපහසුවෙන් මූට්ටු කරන්න යාමේ ප්‍රතිපල තමයි මේ. (ස)
වෙන ගෑණියෙක් ගෙනාව නම් දික්කසාද නඩුවක් දාන්නනේ තිබුනේ. මිනි මරලා හරියනවද අනුර මහත්තයෝ? (ස)
එකට ඉන්න බැරිනම් දික්කසාද වෙන්නේ නැතුව මිනි මරනවා. අනේ මෙහෙමත් ගැහැනු? දික්කසාද වෙන්නත් ලේසි නැහැනේ අපේ රටේ. ඉතිං නූගත්තු කරන්නෙ මිනි මරාගන්න එක. (ස)
කසාදයක් කරගන්නා කොට හදිසි නොවි තමන්ට ගැලපෙන හා නියම ආදරයක් ඇති කෙනෙකු තෝරා නොගතහොත් වන්දි ගෙවන්න වෙන්නේ ජීවිතයෙනි. සල්ලි වලට නොකරන දෙයක් නැත. එය වත්මන් ගැහැනුන්ටද පොදුය. (ස)
මේකෙ ඇත්ත නැත්ත තාම ඔප්පු වෙලා නැහැ. සැකයක් විතරයි. නමුත් අදකාලේ බොහෝ ගැහැණූන් ඉතා දරදඩු බවත් පිරිමින්ට නොදෙවෙනි බවත්, සල්ලි හා දේපොළ වෙනුවෙන් නොකරන දෙයක් නැති බවත් නොකියාම බැරිය. (ස)
ඔබල වැරදිය ඇය මේ තත්වයට පත් උනේ පුරුෂය නිසා ලු .වෙනත් කන්තාවන් නිවසට ගෙනෙනවා මැයට කියල කෑම උයවල දෙන බවක් කියවෙනවා දේපලද බලෙන් ලියා ගෙන සත්‍ය එළිවේවි (බ)
තහනම් ගහේ ගෙඩි කාල කොල නැති ගහේ යන්න වේවි වගේ ඕකට තමා කියන්නේ කළකම් පළ දෙනව කියල (බ)
තුප්පහි වූ පමණින් නරක වැඩ නොකළ යුතුය. (ර)
ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස්ගහකට නොවේ. (ර)
කසාදයක් කරන කොට ජාතකේ මොකක්ද කියල බලන්න කියන්නේ ඕක තමා (අ)
නැන්දම්මත් හවුල්ද ? (බ)