ජංගම දුරකතනයට ලැබෙනා කෙටි පණිවුඩ කෙළින්ම ඇසට ලබා දිය හැකි සිවි කාච විශේෂයක් නිපදවීමට ඛෙල්ජියමේ ගෙහෙන්ට් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පරිසක් සමත් වෙති.
ඒ ජංගම දුරකතනය හා රැහැන් රහිත ‘වයර්ලස්‘ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමෙන් පණිවුඩය ඇසට ලැබෙයි. දියුණු රූපවාහිනී තිර මෙන් පැහැදිලිව ඇස මත පණිවුඩ ප්‍රක්ෂේපණය කිරීමේ හැකියාව මේ කාච සතුය. තවමත් පරික්ෂණ මට්ටමේ පැවැතිය ද දැන් මූලික පියවර ජය ගෙන ඇති බැවින් මෙය කෙටි පණිවුඩයේ සිට රූප ප්‍රක්ෂේපණය කර හැකි තරමට තවත් වැඩි දියුණු කර ඉදිරි වසර කිහිපය ඇතුළතදී වෙළද පොළට ඉදිරිපත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.
මෙම විශේෂ කාච තැනීමට යොදාගත් මාධ්‍යය භාවිතා කරමින් හිරුගේ කිරණ වල තීව්‍රතාවයට අනුව පෙනීමේ පරාසය වෙනස් කළ හැකි අව් කණ්නාඩි විශේෂයක් තැනීමටද සැළැසුම් කර ඇතැයි සදහන් වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගේ ඇති වැඩක්. හැබැයි වැරදි දේවලට යොදානොගන්න. (නි)
ඒවාට පිළිතුරු යවන්න සැම්සුන් ගැලැක්සියක් ගන්න. (නි)
ඇයි ඕනෑ කෙනා ළග නැහැයි කියන්නේ? ඇයි මේ මම ඉන්නේ. (නි)
ආසයි බයයි තිබෙන ඇසත් නැතිකරගන්න වෙයිද? තාක්ෂණය නම් දියුණුයි..!(නු)
ආසයි. බයත් තියෙනවා. (නි)
දැන් ඉතිං කාට එස්.එම්.එස්. යවන්නද? ඕනෑ කෙනා දැන් මගේ ළග නැහැ නොවැ. (නි)
පිළිතුරු යවන්න දතකුත් හද ගෙන යනවා ඇති දැන්. (නි)
ඕක බොරු වැඩක් (දී)
කරන දෙයක් පරිස්සමෙන් (දී)
එතකොට ඒවාට පිළිතුරු යවන්නේ කොහොමද ? (ස)
ඔයාලා ඔය මොනවා හැදුවත් ලෝකෙන්ම උසස් ජාතිය අපි තමයි. (නි)
පේනවා නේද දක්ෂයින්ගේ වැඩ? (නි)
මට පේන විදියට දියුණු වෙමින් පවතින මේ තාක්ෂණය හරහා කෙලින්ම ඇසට එස්එම්.එස් විතරක් නෙමෙයි තව බොහෝ දේ දුර සිට කළ හැකි වෙයි කියලායි..!(නු)
විභාග වලට පිළිතුරුටික ලැබුණොත් ඇති කොහොම හරි (ස)
නියමයි. එතකොට සැප අතේ (ස)
තාක්ෂණයේ පෙරලිය (දී)
මමනම් බයයි (දී)