අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එස්. එස්. සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් සමත්ව සිටියි. සිංහල ක‍්‍රීඩා සමාජය (එස්. එස්. සී.) තරග තුනකදී තරග දෙකක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 10 ක් හිමිකර ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණේ සිටියි. කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය සහභාගි වූ තරග තුනෙන්ම ජය ලබා ප‍්‍රසාද ලකුණු 12 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබේ. තරග ප‍්‍රතිඵල කෝල්ට්ස් පිල විසින් රාගම පිල ලකුණු 15 කින් පරාජය කරන ලදී කෝල්ට්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 4 ට 303 (ඩිල්රුවන් පෙරේරා 53, නිසල් රන්දික 37, කුසල් ජනිත් 31, මලින්ද වර්ණපුර නොදැවී 103, රොෂේන් සිල්වා 52)රාගම පිල ඕවර 50 යේදී 288 (ඉයන් ඩැනියල් 84, ඉන්දික ද සේරම් 21, සමීර ද සොයිසා 80, මාලිංග බණ්ඩාර 35, චතුර පීරිස් 43/4) බ්ලූම්ෆීල්ඞ් පිල විසින් ලකුණු 16 කින් මුවර්ස් පිල පරාජය කරන ලදී මුවර්ස් පිල ඕවර 49.3 කදී 253 (කසුන් බෝධිෂ 37, දිල්හාර ලොකුහෙට්ටිගේ 93, චතුරංග ද සිල්වා නොදැවී 77, සුරාජ් රන්දීව් 41/3)බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 47 කදී කඩුලූ 5 ට 242 (ඩිල්ෂාන් මුණවීර 80, චාමර සිල්වා 57, චින්තක ජයසිංහ 32) එස්. එස්. සී. පිල විසින් කඩුලූ 9 කින් බදුරලිය පිල පරාජය කරන ලදී බදුරලිය පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 230 (හාන්ස් ප‍්‍රනාන්දු 104, යශෝධ ලංකා 21, ශාලික කරුණානායක 31, සහන් විජේරත්න 27, රෝයි සිල්වා 29, චමින්ද බණ්ඩාර 52/3)එස්. එස්. සී. පිල ඕවර 37.3 කදී කඩුලූ 1 ට 231 (ධනුෂ්ක ගුණතිලක නොදැවී 101, සමීන් කදනාරච්චි 54, භානුක රාජපක්‍ෂ නොදැවී 57) ද්‍රවිඩ සංගම් පිල විසින් කඩුලූ 2 කින් ලන්කන් පිල පරාජය කරන ලදී ලන්කන් පිල ඕවර 48.2 කදී 230 (අෂේන් සිල්වා 38, ශෂ්රීක පුස්සගොල්ල 34, දමිත හුණුකුඹුර 79, රජීව් වීරසිංහ නොදැවී 20, මුතුමුදලිගේ පුෂ්පකුමාර 36/3) ද්‍රවිඩ සංගම් පිල ඕවර 49.4 කදී කඩුලූ 8 ට 231 (දෙනුවන් රාජකරුණා 22, සචිත‍්‍ර සේරසිංහ 104, ජීවන් මෙන්ඩිස් 24, ගයාන් සිරිසෝම 45/3, සාලිය සමන් 49/3)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
එස්.එස්.සී. කෝල්ට්ස් පෙරමුණ ගනිති