පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා හැරීමේ අදහසක් නැතැයි නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පැවසීය.
ඊට පෙරදින ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එවැනි තොරතුරක් ඇතැයි කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස ඔහු ඒ බව කීවේය.
එෆ්සීඅයිඩිය තවත් ශක්තිමත් කර වත්මන් ආණ්ඩුවේ කවුරුන් හෝ හොරුන් සිටීනම් ඒ අයටද දඬුවම් කිරීමට එහි රැගෙන ආ යුතු බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබුනත් වැඩක් නැහැ. මිනිස්සු රවට්ටන්න හදපු එක්කක්නේ. හරියට හොරු ඇල්ලුවොත් පාර්ලිමේන්තුවට යන්න ඉතුරු වෙන්නේ කිහිප දෙනයි (බ)
ඔවු ඔවු නොවැරදීම ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් දෙයි පහුගිය අය කළා වගේ නේ දීකිරට බළල්ලුත් සාක්කියි කීවාලු. (බ)
දැන් ගෙදර ටොමියා බිරුවට මිනිස්සුනට ගානක් නැහැ (බ)
මේ වනතුරු කී දෙනෙකුට එෆ්සීඅයිඩිය දඬුවම් කළාද? (නි)
අපේ රටේ හොරු වර්ග දෙකකි. එය උගත් සහ නූගත් හොරු වශයෙනි. නූගත් හොරුන්ට සංදර්ශන නොපවත්වා නීතිය ක්‍රියාත්මකවීම සතුටට කරුණකි. උගත් හොරු සඳහා සංදර්ශන පවත්වා හෝ නීතියක් ක්‍රියාත්මක වෙනතෙක් අපි බලා සිටින්නෙමු. ණය බරින් මිරිකෙන රටක, කැපකිරීමකින් ජීවත්වෙන බහුතර ජනතාව මෙම ආයතන නඩත්තු කරන්නේ දේශපාලකයන්ගේ පැවැත්ම ගෙනයාමටම නොවන බවට කව්රුත් තේරුම් ගතයුතුව ඇත. (නි)
මේකට ඒකාබද්ධ විපක්ෂයේ අය මෙච්චර අකමැති ඇයි? (නි)
ඔබතුමා නම් හොඳ අදහස් තිබෙන දේශපාලකයෙක් බව අපි දන්නවා. එ්ත් ඉතින් බලවත් ප්‍රසිද්ධ හොරු ආණ්ඩුවේත් ඉන්නවනේ. (නි)
දැන් මිනිසුන්ට තිබෙන ප්රශ්නය ඇත්ත මොකක්ද කියලා තේරුම් ගන්න එක නොවෙයි, කවුද ඇත්ත කියන්නේ කියන එක. (නි)
අයියෝ! අපිට නම් මේවා ගැන ලැජ්ජයි (නි)
එ්කත් මහජන මුදල් කාබාසිනියා කරයිද? අපි බලමු (නි)
දැන් ඉතින් ඔක්කොම ඉන්නේ ආණ්ඩුවෙනේ. මොනවටද දැන් එෆ්සීඅයිඩී ? කාව අල්ලනද ? (බ)
ඒ කොටසට විතරක් පිලිතුරු දීලා මදි නේ. ඒ අයගේ හැඳුනුම් පත් නිකුත් කරනවා කියලත් කිව යුතුයි.අනික හඳුන්හෙට්ටි මහතා මේ වෙලාවේ හෝ බොරුවක් නම් කියන්නේ,ඒ බොරුව ඔහුට දුන් කෙනාව සොයා ඒකටත් නිවැරදි පිළිතුරක් දිය යුතුයි නේ.(බ)
අනේ මන්දා මෙතුමලා මේ කාවද රවටන්න හදන්නේ. (බ)
බොරු නම් කියන්න එපා.(හේ)
මන් මේ කල්පනා කලේ අපි මේවා කොහොම පිලිගන්නද කියලා.? (ර)
නැහැ කියන වැඩ තමා පස්සේ කරන තරමක් කලේ. (ර)