අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල (අපිකා) පනත සම්මත වීම පිළිබඳ ඒකාබඳ්ද විපක්ෂයෙන් මේ වෙන තුරු පක්ෂව හෝ විපක්ෂව කිසිදු පියවරක් ගෙන නොමැති අතර රටට පේන්න පමණක් බොරුවට විරුද්ධ බව පෙන්වමින් සද්දෙ දමන බවට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා කියා සිටියේය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ 15 දා වව්නියාව තේක්කවත් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් මාධ්‍යට අදහස් දක්වමිනි.
‘‘අද වෙනකම් මේ පනත සම්මත වීම ගැන ඒකාබද්ධ විපක්ෂය කිසිම සංසෝධනයක්වත් දීල නැහැ ඒ අය බොරුවක් මේ කරන්නේ ජනාධිපති තුමන් පැහැදිලිව කියලා තියනවා නැවත උතුරු නැගෙනහිර පලාත්වල සිංහල දෙමළ හෝ මුස්ලිම් වේවා ආගමික වශයෙන් හෝ කිසිම ගැටලුව ඇති නොවීමට වගබලා ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මේ අන්තවාදී කොටස්වල විතරයි මේ විරෝධය පාන්නේ නමුත් රටේ ජනතාවගේත් ජාත්‍යන්තරයෙත් ප්‍රසාදය හිමි වෙලා තියනවා ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් හැමදාමත් ඉන්නවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා දෙවියන් රැක දෙනවා. අපි වෙනුවෙන් කතාකරන එක හොඳයි (නි)
අපිට දැන් සිද්ධවෙන දේවල් ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ (නි)
මෙවුන් හිතන් ඉන්නවා ඇති අපි මෙවුන්ගේ බොරු කතා වලට හැමදාම රැවටෙයි කියල. අපි අපා දුක් විඳිනවා, අපි වෙනුවෙන් වියදම් කලයුතු මුදලින් මෙයාලා සුර සැප විඳිනවා.(ම)
අනේ එහෙනම් කලබලයේ සම්මත කළේ මොකද? (නි)
මේ කන්නේ වී ටිකත් සත්ව ආහාර වලට විකුණන්න බලාගෙන ඉන්නවා ඇති. පසුගිය කන්නේ වී ටිකෙන් ගොඩගියානේ. මෙයාලට ඡන්දෙ දීල පාර්ලිමේන්තු එවන්න තරම් මිනිස්සු මෝඩද? එහෙම නැත්නම් වෙන එවන්න මිනිස්සු ඇත්තෙම නැද්ද? (නි)
ඔයාලගේ කතා අහලා අපිට එපාවෙලා (නි)
ඔයාලා කරන්නේ එතකොට ඇත්ත දේවල්ද? (නි)
ඔය කියන මහ ලොකු යහපාලනයත් රටට කරන්නේ ලොකු බොරුවක් තමයි (නි)
පුරන් අප්පු වැනි වීරයන් අපිට නැතුව ගියේ මෙවන් පුද්ගලයන් නිසාය. එය මම එඩිතරව ප්‍රකාශ කරමි (නි)
ජනතාවට එපා වූ කණ්ඩායමක් (නි)
මෙයාටත් මොකක් හරි ඇදයක් හොයන්නේ නැතිව ඉන්න බැහැ,(බ)
බොරුව කරපු අය අපි දන්නවා. (නි)
ඔයාටත් එෆ්සීඅයිඩී එකේ වී කේස් එකක් තියෙනව නේද ? (බ)
මෙයත් වැඩ බැරි ටාසන් කෙනෙක් (හේ)
හැම එකකටම ඒකාබද්දේ අල්ලගන්නවට වැඩිය හොද නැද්ද කරන දේ හරියට කරොත් (හේ)
හැමෝගේම බොරු වලට අපි රැවටුනා. (හේ)
මේ ගොල්ලෝ බලයට ආවෙත් බොරු කියල දැන් කරන්නේ බොරුවෙන් ජන්ද දායකයා රවටන එකයි (බ)
මෙම පුද්ගලයන් රටට වැඩ කළ රාජපක්ෂලාට බැන බැන ඉන්නවා මිසක් කරන වැඩක් තිබේද ? කට විතර යි අපහාස විතර යි (බ)
කවුද ඇත්ත කරන්නේ? (බ)