IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


'ඔබට සතුටුයිද දැන්'

2016-06-10-ent-169

"ඔබට සතුටුයිද දැන්* මේ දවස්වල සමාජජාලා වෙබ් අඩවි අතර විශේෂයෙන් මුහුණු පොතේ ගැවසෙන අයට හොඳ පුරුදු වචනයක්, දුකක් දැනුණත්, සතුටක් දැනුණත් එය ප‍්‍රකාශ කරන්න ගොඩක් අය ඔබට සතුටුයි ද දැන් කියලා අහනවා. ඒ වචනය අපේ කට්ටිය අහුලගෙන තියෙන්නෙ ජනප‍්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි ගායනා කරන ‘‘වෙන්වීලා ගියදා පටන්’’ ගීතයෙන්.

2016-06-10-ent-168ඒ දේවල් එසේ සිදුවෙද්දි මේ කතාබහ ආරම්භයේදී නම් අපට දැනුණෙ සතුටක්. ඒ ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රියත්වය ආඩම්බරයක්, අභිමානයක් නොකරගෙන වර්තමාන ගීත ක්ෂේත‍්‍රයේ ඉදිරියටම යන රුවන්ගේ නිහතමානී බව නිසාවෙන්.

සොඳුරු සිනහවෙන් හා කතාවෙන් මුව සරසාගෙන සිටින තරුණ්‍යයේ සිත් දිනාගත් ඒ සොඳුරු ගායකයා වෙනුවෙනුයි මෙවර ‘ජීවිතේ මල්’ පිපෙන්නෙ.

පළමුවෙන්ම මගෙ පළවෙනි ගීතය ගායනා කරන්න ලැබුණ දවස මගෙ ජීවිතේ අමතක නොවනම දවසක් වුණා. ඒ දවසෙ මට ගොඩක්ම සතුටු හිතුණා.

පළමු ගීතයම මට ගායනා කරන්න ලැබුණෙ චිත‍්‍රපටයක් සඳහා. ඒ ‘‘සිංහාවලෝකන’’ චිත‍්‍රපටයට. මගෙ යාලූවෙකුගෙ මාර්ගයෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ. ඒ මොහොතෙ මට දැනුණ සතුට වචනවලින් කියන්න බැරි තරම්. ‘‘මතකද හැන්දෑවේ’’ තමයි මම ගායනා කරපු මුල්ම ගීතය. ඒ සඳහා හොඳ ප‍්‍රතිචාරත් ලැබුණා.

මම ගොඩක් අමාරුවෙන් දුක් විඳලා, සල්ලි හොයාගෙන උපරිම මහන්සියක් කැපවීමක් කරලා තමයි මගෙ දෙවනි ගීතය ‘‘නොදැක ඉන්න බෑ’’ නිර්මාණය කළේ. ඇත්තටම මට බයකුත් හිතුණා ගීතය ජනප‍්‍රිය වෙයිද? නැද්ද? කියලා. නමුත් ඒ සින්දුව එළිදැක්වූවට පස්සෙ හිතාගන්න බැරි තරමට ජනප‍්‍රියත්වයක් ලැබුණා. ඉතා ඉහළ ප‍්‍රතිචාර ගොඩක් ලැබෙන්න පටන්ගත්තා. ඒ ගීතය මගෙ ජීවිතේට ලොකු වාසනාවක් ගෙනාවා. ඒ ගැන හරිම සතුටුයි.

‘‘නොදැක ඉන්න බෑ’’ ගීතය ගායනා කිරීමත් එක්කම තමයි මට හිතාගන්නත් බැරි විදියට මගෙ සහකාරිය ලැබෙන්නෙ. ඒ තමයි ෂෙරිල්. මගෙ ගීතයට සුභ පතන්න ෂෙරිල් කතා කළේ. ඒ කතා කිරීමත් එක්ක අපි ගොඩක් දැන හඳුනගත්තා. එතනින් පසුව දිගින් දිගටම කතා කළා. පැය 7, 8 වගේ කෝල්ස්වල හිටියා. ඒ විදියට කතා කරලා තමයි අපි අතර ආදර සම්බන්ධයක් ඇතිවුණේ. ඉතින් ඒ ආදරේ අවසාන වුණේ විවාහය දක්වාම දුර ගිහින්. ඒකත් මගෙ ජීවිතේට අමතක නොවන ජීවිතේ මල් පිපුණු සොඳුරුම අවස්ථාවක්.

මගෙ ජීවිතේ මට ලොකු හීනයක් තිබුණා වාහනයක් ගන්න. ඒවා ලොකුම හීන බවට පත්වෙලා තිබුණෙ. මම හිතුවෙ නෑ ඒ හීනය කවදාවත් සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මට වාහනයක් ගන්න පුළුවන් වුණා. මම ඒ වාහනය ගන්න ගියෙත් ෂෙරිල් එක්ක. මැස්ඩා ඩෙමියර් කාර් එකක් තමයි ගත්තෙ. ඒ මගෙ ජීවිතේ සුන්දරම අවස්ථාවක්. මොකද මම හිතලා තියෙනවා ජීවිතේ කවදහරි මම ආදරේ කරන ගෑනු ළමයත් එක්ක මගෙම කියලා වාහනේක යන්න ඕනෑ කියලා. ඉතින් ඒ සිහිනය සැබෑ කරගන්න මට පුළුවන් වුණා. ඒ ගැන හරිම සතුටුයි.

මට විදේශගත වීමත් හීනයක්ම විතරක් වෙලා තිබුණෙ. පොඩි කාලෙ ඉඳන් ලොකු ආසාවක් තිබුණා කොහෙ හරි රටකට යන්න. ඒත් ලොකු බයකුත් තිබුණා. ලංකාවෙන් එහාට යන එක මොන වගේද කියන දේ. ඉතින් මම ඒ සිහිනය සැබෑ කරගෙන පළමුවෙන්ම ගියෙ කුවේට්වලට. ඒ ගමන හරිම සුන්දරයි. මොකද ඊට කලින් මට ඒ පිළිබඳ කිසිම අත්දැකීමක් තිබුණෙ නැති නිසා. ඒ ගමන මම ගියෙ තවත් කලාකරුවො කිහිපදෙනෙක් සමග. ඉතින් ඒ විදියට පිටරටක පළමු වතාවට සංචාරය කරන්න ලැබීමත් ඉතාමත් සුන්දර අවස්ථාවක්. හරිම සතුටුයි.

මම මේ වෙද්දි සම්මාන 4 ක්, 5 ක් පමණ ලබාගෙන තියෙනවා. ඒ පිළිබඳව මට හරිම සතුටක් හිතට දැනෙන්නෙ. මොකද ක්ෂේත‍්‍රයේ අවුරුදු ගණන් හිටියත් සම්මාන ලබාගන්න හරිම අමාරුයි. අවුරුදු 5, 6 හිටියත් සම්මාන නැති අය ඉන්නවා. ඒ තරමට සම්මාන ලබාගන්න හරිම අමාරුයි. ඒ සඳහා ප‍්‍රවීණත්වයක් ඕනෑ සහ කැපකිරීමක් කරන්න ඕන. ඒ වගේම මිනිසුන් අතරට යන්න අවශ්‍යයි ජනප‍්‍රියත්වයක් ලබාගන්න. ඉතින් මට ජීවිතේ ඉතා කෙටි කාලයක් තුළ සම්මාන රැසක් ලබාගන්න හැකි වුණා.

2013 වර්ෂයේ ‘‘මතකද හැන්දෑවේ’’ ගීතයට වසරේ හොඳම ගායකයාට හිමි සම්මානයත් ඒ වසරේම දෙරණ මියුසික් අවෝර්ඞ් හිදී ‘‘නොදැක ඉන්න බෑ’’ ගීතයටත්, 2014 රැුවටුනු තරම් ගීතයටත්, 2015 දුක වැඩි නෙතේ ගීතයටත් සම්මාන ලබාගන්න හැකි වුණා. ඒ වගේම මේ වසරේ ‘‘ස්ලිම් නිල්සන්’’ වසරේ හොඳම ගායකයාට හිමි ජනතා සම්මානයත් මට ලැබුණා. ඒ සඳහා තේරීපත් වුණේ මමත් එක්ක අමරදේව සර්. එවැනි දැවැන්තයෙකු සමග මම නොමිනේට් වෙලා ඒ සම්මානය ලැබීමම මට ලැබුණු සම්මානවලින් වටිනාම සම්මානය කියල මම හිතන්නෙ. එයම මම ලබපු ලොකු ජයග‍්‍රහණයක්.

මම සහ මගෙ බිරිඳ සාමාන්‍ය විදියට ජීවත්වෙනවා. අපි ජනතාව අතරට යනවා, සාමාන්‍ය විදියට හැසිරෙනවා. ඒක තමයි මගෙ ජීවිතේ මල් කියලා මම හිතන්නෙ. නැත්නම් මම වෙනම තැනක ඉන්න ඕනෑ. වෙනම මට්ටමක ඉන්න ඕනෑ කියලා නෑ. පක්ෂ භේදයක් නැතිව ඕනම තැනක ඕනම මනුස්සයෙක් එක්ක ඕනම සමාජයක මට ජීවත්වෙන්න පුළුවන්. ඒ දේ මම හදාගෙන ඉන්නෙ මගෙ පවුලෙන් සහ මා ලද ගුරුහරුකම්වලින්. මගෙ ජීවිතේ මම ගොඩක් මනුෂ්‍යයන්ගෙ හිත් දිනාගෙන තියෙනවා. ඒක මගෙ ජීවිතේට ලැබුණු ලොකු වටිනාකමක්. කෙනෙකුගෙ පේ‍්‍රමය, ආදරය හිත් දිනාගැනීම ලබාගන්න පුළුවන්කම ලැබෙනවා කියන්නෙ ඒ දේ තමයි මම හිතන්නෙ කි‍්‍රස්තියානි කෙනෙක් විදියට දෙවියන් වහන්සේගෙන් මා ලද උතුම්ම වස්තුව.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

'ඔබට සතුටුයිද දැන්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 952 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 141 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 136 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 420 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1076 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2123 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38765 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 294 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 995 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site